Friday, May 25, 2018

හැංගි විහංගි - දිලීප ජයකොඩි මහතා


ජනප්‍රිය ඉන්දියානු ලේඛක චේතාන් බගත් විසින් රචිත Half  girl Friend නමැති නව කතාව ,සම්ප්‍රදායික ඉන්දියානු සමාජයේ සම්ප්‍රදායන් , පැරණි සිරිත් විරිත් අගයන  ජන සමාජයේ කඩතුරාවට යටින් ක්‍රියාත්මක වන ළමා අපචාර,  කාන්තා අපයෝජන ආදිය නිසා නිවසේ පරිසරයෙන් ඉවත්වී සැනසුම සහ නිදහස සොයා යන තරුණියක් පිලිබඳව  ලියැවී ඇත.2017 වසරේදී ඉන්දීය චිත්‍රපට නිෂ්පාදකවරයකු වූ මෝහිට් සූරී විසින් මෙය Half Girl Friend යන නමින් චිත්‍රපටයට නගන ලදී.

කුඩා කල සිදුවන සංසිද්ධීන් වැඩි වියට පත්වූ පසුත් යටි සිත තුල ක්‍රියාත්මක වීමේ මනෝ විද්‍යාත්මක සංසිද්ධිය මෙම කතාවට පාදක වී ඇත. සැප සම්පත් වලින් පිරි පවුලක හැදී වැඩුණු රියා ඉගෙනුමට මෙන්ම ක්‍රීඩාවට දක්ෂ  රූමත් දැරියක් වන අතර උසස් අධ්‍යාපනය ලබන කාලයේදී  ඇයට ගැලපෙන චරිතයක් වන මාධව් හා මිත්‍රත්වයක් ඇති කර ගනී. මෙම සම්බන්දතාවය ප්‍රේමයකින් අවසන් නුවුවත් ඔවුනතර ඇති වන්නේ දැඩි මිතුරුදමකි.මිත්‍රත්වයක් පමණක් වන ,වසර  ගණනාවක් පැවති මෙම සමීප සම්බන්දතාවය බිඳ වැටෙන්නේ ඔවුනතර ඇතිවූ වචන හුවමරුවකිනි.මෙවැනි වචන හුවමාරු කොතරම් දුර දිග යන්නේද යත් ජිවිත අවුල් වී දුර්විපාක ගෙන දීමට පවා සමත් වේ.මේ අතර දෙමව්පියෝ රියා , ධනවත් සල්ලාල තරුණයකුට විවාහ කර දෙයි.

ඇය මින්පසු මුහුණ දෙන්නේ කුමන ජිවිත අරගලයකටද?

සම්ප්‍රදායික ,ගතානුගතික අදහස් සහ දෙමවුපිය බලපෑම්  නිසා ප්‍රශ්න වලට මුහුණ දෙන රියා සහ මාධව්  අවසානයේදී අභියෝග ජය ගනී.ඉන්දියනු ධනවත් පංතිය සිය ගෞරවය සහ සමාජ තත්වය රැක ගැනීමට මිස දරුවන්ගේ සිතුම් පැතුම් සහ රැකවරණය පිළිබඳව අවධානය යොමු නොකරන ආකාරයක් මෙම කතාවෙන් පැහැදිලි වේ.

මාධව්ගේ පසුබිම බැලුව හොත් ඈත ගම්බද සමාජයේ පැරණි සම්ප්‍රධායන් තව දුරටත් ඉතිරි වී ඇති ආකාරයක් දැකිය හැක.තම තරුණ දියණිය කුමන රටක ජිවත් වනවාද , කුමක් කරනවද කියා වත් පවුලේ සාමාජිකයින්  නොදනී. පවුල සමග සමීප සම්බන්ධතාවයක් නොපවත්වන ඇයටද පවුලේ අය පිළිබඳව හැඟීමක් නැත.ඉන්දීය සමාජය විවරණය කරන නවකතාවක් ලෙස හැංගි විහංගි හැඳින්විය හැක.සරල බසින් ලියවී ඇති මෙම කතාවෙහි තරුණිය මුහුණ පාන විවිධාකාර සිදුවීම් පෙළ ගස්වා ඇති ආකාරය අවසානය දක්වා කියවීමට පාඨක සිත ඇඳ බැඳ තබා ගනී.

ළමා වියේ ලිංගික අපචාරයන්ට ලක්වන දරුවන්ට පහසුවෙන් දෙමව්පියන් සහ පවුලේ සාමාජිකයින් හැර දමා දුරස්වන ආකාරය මනෝ විද්‍යාත්මක සංසිද්ධියක් ලෙස ලේඛකයා විස්තර කරයි.එමෙන්ම මාධව් ගේ හා රියාගේ චරිතයන් තුලින් ඔවුන්ගේ පෞර්ශත්වයන් පැහැදිලි කරන අතර එය කතුවරයා විසින් මනාව ප්‍රකාශ කර ඇත.එමෙන්ම ඉන්දීය ග්‍රාමීය සමාජයේ මිනිසුන්ගේ මානසික තත්වය ,ළමා ශ්‍රමය භාවිතයට ගැනීම යන කරුණු මේ තුළින් අනාවරණය වේ.

එමෙන්ම සරල සහ සංකීර්ණ බව මිශ්‍රිත වූ අනුභුතියකින් මෙම නව කතාව රචනා කර ඇති අතර පාඨකයාට තෙරුම්  ගැනීමට පහසු සරල බස් වහරක් චේතන් යොදාගෙන ඇත.අනිකුත් නව කතා වල මෙන්ම මෙතනදීත් චේතන් මෙම නව කතාවට අනුභූතිය කරගෙන තිබෙන්නේ ඉන්දියානු  තරුණ පරපුර මුහුණ දෙන සමාජ ගැටලුය.එමෙන්ම හැංගි විහංගි කතාවෙන් අපට සදාචාරාත්මක වටිනාකමක් පෙන්වා දෙන අතර මුදල් සහ රැකියාව යනු ජිවිතයම නොවන බව එම පණිවිඩයයි.

විවිධ කරදර බාධක අතරින් තමන්ගේ හැකියාවන් ප්‍රයෝජනයට ගෙන ඉදිරියට යාමට රියා ගන්නා උත්සාහය ප්‍රසංශනිය වේ.එමෙන්ම  ඇයගේ ජිවිතයේ ගැටළු හඳුනාගෙන තමාගේ සෙනෙහස තුළින් ඇයගේ ජීවිතය ප්‍රීතිමත් කිරීමට මාධව් ගන්නා උත්සාහයද  අගය කල යුතුය.ඇත්තෙන්ම සමාජයේ සිදුවිය යුත්තේ කාන්තාවක විපතකට පත්වූ විට ඇයගේ දුර්වලතා වලින් අයුතු ප්‍රයෝජන ගැනීම හෝ ඇයව කොන් කර දැමීම නොව මනුෂ්‍යත්වය යනු ඇය දිරි ගැන්වීමක් බව මාධව් හැංගි විහංගි ඔස්සේ උපයුක්ත කරයි.

කතාව පුරා සරල හාස්‍ය  සහ උත්ප්‍රසයෙන් යුතුවන නිසා නීරස බවකින් තොරව රස විඳිය හැකි වීම විශේෂත්වයකි. මෙම නව කතාව ඔස්සේ ග්‍රාමීය අධ්‍යාපනය, තරුණ පරපුරේ  ඉංග්‍රීසි භාෂා  සංවර්ධනය , රටේ දේශපාලන තත්වය මෙන්ම ප්‍රේමය පිළිබඳව සවිස්තරාත්මක ව විස්තර කරයි.එමෙන්ම ඉන්දීය සමාජයේ සම්ප්‍රධායන්, සහ සිතුම් පැතුම් , ජිවන රටාව පිලිබඳ මනාවූ අවබෝධයකින් යුතුව හැංගි විහංගි නව කතාව පරිවර්තනයට ලක් කිරීමට දිලීප ජයකොඩි මහතා විසින් ගෙන ඇති උත්සාහය ප්‍රසංශනිය වේ.


Wednesday, May 9, 2018

එන්න සියැටල් විගස

අප උපන් පරිසරය , අප වසන පරිසරය
එපා වනසාලන්න
ලක්වෙය දඬුවමට .

සියැටල් ..... ඔබ එන්න
පවසන්න ......රකින හැටි .... පරිසරය
මිනිස් අපි එන්න පෙර
පරිසරය තිබු බව.
වන සතුන් සිටිය බව

ඩෝසරෙන් , බෝරයෙන්
පුපුරවා කඳු ශිඛර
තුනී කර පස් කන්ද
වනසලා දිය කඳුර

නාය යන කඳු වැටිය
දෝරේ යන ගංගාව
කියා දෙන පණිවිඩය
අනන්තයි අහස ලෙස

අප රකී පරිසරය.
සොයමු විසදුම් විගස
උඩ බලා සියහොත්
ලඟට එයි විනාසය