Monday, July 30, 2018

ඉබ්බන් කටුව මහා ශිලා සුසානය

මානව ශිෂ්ටාචාරයේ දියුණුව විමසීමේදී මිනිසා ඈත අතීතයේ සිටම විවිධ අවමංගල චාරිත්‍ර ඉටු කළ අන්දම විවිධ ශිෂ්ටාචාර ඇසුරින් අධ්‍යයනය කළ හැකිය. නයිල් නිම්න ශිෂ්ඨාචාරයේ  අද්විතීය නිර්මාණයක් මෙන්ම සංකීර්ණ ලක්ෂණ පිළිඹිඹු කරන පිරමිඩ මෙන්ම විවිධාකාරයේ  සුසාන භුමි හමුවී ඇත.

ප්‍රාග් ඓතිහාසික යුගයේ ආයතනයේ සිට ඓතිහාසික යුගයේ ආරම්භය දක්වා කාල පරිච්ජේදය පුරවා ඓතිහාසික යුගය , ප්‍රොටෝ ඓතිහාසික යුගය , මුල ඓතිහාසික යුගය , ප්‍රථමික යකඩ යුගය යන විවිධාකාර වූ නම් වලින් හඳුන්වනු ලැබිය. සකපෝරුවේ සදා පිළිස්සු මැටි වලං හා ලෝහ මෙවලම් භාවිතයද කෘෂිකාර්මික ජන ජීවිතය තාක්ෂණික සහ සංස්කෘතික වශයෙන් විසල් වෙනසකට ලක්වීමද  මෙම යුගයේ පැවති විශේෂ ලක්ෂණයක් විය.

මධ්‍යම පළාතේ , මාතලේ දිස්ත්‍රික්කයේ ගලේවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ පිහිටි ඉබ්බන්කටුව , කළා ඔයේ පෝෂක ශාඛාවක් වූ  දඹුලු ඔයේ වම් ඉවුරේ පිහිටා ඇත.මෙම සුසානය අසල පැරණි ජනාවාස වල නටඹුන් හමුවී ඇත.මෙම සුසාන මෙගතිලික සුසාන ලෙසද හඳුන්වනු ලැබේ. මෙම සුසාන භුමිය මහා ශිලා සම්ප්‍රදායේ ශිලා මංජුසා සුසාන වර්ගයට අයත් සුසාන ගර්භ වලින් සමන්විතය.මෙගතිලික යුගය ලෙස හඳුන් වන්නේ මිනිසා යකඩ භාවිතය ආරම්භ කළ කාල වකවානුවයි.මෙම සොහොන් බිමට සමාන සොහොන් බිම් අනුරාධපුර ගෙඩිගේ , කන්දරෝන්දේ , පොන්පරිප්පු යන ස්ථාන වලින්ද හමු වී තිබේ.


1970- 1980 දශක වලදී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, මධ්‍යම සංස්කෘතික අරමුදල, පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනය , ජර්මනියේ කාවා (KAVA)  ආයතනය හා එක්ව සිදු කළ පරීක්ෂණ වලදී සොහොන් කොත් 21 කින් සමන්විත සමන්විත පොකුරක් සොයා ගන්නා ලදී.

මෙහිදී සොයා ගත් අඟුරු නියැදි කාල නිර්ණ අනුව ක්‍රි.පු 600 ට පෙර මෙම සුසානය නිර්මාණය කර ඇති බව පුරාවිද්‍යාඥයන්ගේ මතයයි.

මෑතකදී එම ස්ථානයට නුදුරෙන් තවත් සොහොන් කොත් 47ක්  සොයා ගන්න ලදී. හෙක්ටයාර් 13 ක් පුරා පැතිරෙන මෙම සුසාන භුමියේ දැනට පවුල් ගණනාවක් පදිංචිව සිටින නිසා භුමි භාගය මීටර් 700 * 400 කට සීමාවී ඇත.

මෙහි සොහොන් කොත් තුළ මැටි භරණි , ගල් පතුරු 7කින් වටකර තවත් ගල් පතුරකින් වසා භෂ්මාවශේෂ තැන්පත් කළ  කොටසක් දක්නට ලැබේ.මෙම ක්‍රමය ලංකාවට පමණක් ආවේණික වුවක් නොව  , සමකාලින යුරෝපය ,අග්නි දිග ආසියාව හා දකුණු ඉන්දීය කලාපයන්හි ද  බහුලව දක්නට ලැබේ.


මෙම බරණි කුඩා හා වියලි ප්‍රමාණයන්ගෙන් දක්නට ලැබෙන අතර බරණි කුඩා හා විශාල ප්‍රමාණයන්ගෙන් දක්නට ලැබෙන අතර බරණි ඇතුලත තවත් කුඩා බරණි ද තැන්පත් කර ඇත.

එකල මැටි බඳුන් කර්මාන්තය  කෙතෙක් දියුණුව පැවතියේද යන්න මින් හෙළිවන අතර , සමහර බඳුන් නිමැවුම අතින් වත්මන් උද්‍යාන අලංකරණය ( Landscaping) සඳහා යොදා ගන්නා බඳුන් වලට සමාන වේ. මෙම මැටි බඳුන් විවිධ හැඩවලින් යුක්ත වණ අතර කළු හා රතු වර්ණ වලින් මැටි බඳුන් වර්ග 2ක්  දැකිය හැකි අතර මිට මිට අමතරව තඹ හා යකඩ ලෝහයෙන් කළ මෙවලම් හා විවිධ අමුද්‍රව්‍යයන්ගෙන් හා හැඩ වලින් යුක්ත පබළු වර්ගද මේ තුළින් හමු වී තිබේ.














මෙහිදී සිදු කරනු ලැබූ චාරිත්‍රයක් වණ මිය ගිය පුද්ගලයා සමගින් ඔහු පරිහරණය කරන ලද  භාණ්ඩ සොහොන් ගැන තුළ තැබීමෙන් අපට සිතා ගත හැකි වන්නේ මිය ගිය පුද්ගලයා නැවත පුනර්ජීවනයක් අපේක්ෂා කළ භවි.ඉන්පසු මෙම භාණ්ඩ නැවත මේ පරිහරණයට ගනු ලබන බවයි.මේ අනුව අපට පිළිගත හැකි කරුණක් වන්නේ මෙම ජනයා මරණින් පසු නැවත ආත්මයක ඉපදෙන බව විශ්වාස කරනු ලද බවට තැබූ විශ්වාසයයි.මෙම චාරිත්‍රය මුලින්ම දක්නට ලැබෙනුයේ නියන්ඩතාල් මානව ශිෂ්ටාචාරයේදිය.පසුකාලීනව මෙම චාරිත්‍රය ඊජිප්තු ශිෂ්ටාචාරය දක්වා ව්‍යාප්ත වුනි.

මෙම ඓතිහාසික සුසාන භූමියෙන් සොයා ගත් තොරතුරු අනුව  ලාංකිකයන් පුර්ව ඓතිහාසික යුගයේ දියුණු තාක්ෂණයකින් හෙබි සංස්කෘතියකට නෑකම් කි බව තහවුරු වේ.
මෙම සොහොන් බිම පිළිබඳව ආචාර්ය මිරැන්ඩෝ ඔබේසේකර මහතා ශ්‍රී ලංකාවේ ප්‍රාග් ඓතිහාසික උරුමය පොතේ මෙලෙසින් සඳහන් කර ඇත.

"කාමර සහිත සොහොන් ගෙවල් පිළිබඳව ඉතිහාසය ආරම්භ වනුයේ ඉබ්බන්කටුවසොහොන් බිමෙනි.එකම පවුලක හෝ එකම කුලයක කිහිපදෙනෙකුගේ භාෂ්මාවසේෂ තැන්පත් කර ඇති ආකාරය ආදර්ශවත්ය.මෙම භාෂ්මාවසේෂ තැන්පත් කර ඇත්තේ ඒ සඳහාම විසේශයෙන් නිපදවා ඇති සොහොන් කළගෙඩි භාවිතා කරමිනි.එක් කාමරයක් ඇති සොහොන්, කාමර දෙකක් ඇති සොහොන්  මෙන්ම කාමර කිහිපයක් ඇති සොහොන් ද මෙහි දැකිය හැක.කාමර කිහිපයක් සහිත සුසාන ගෙවල් ඉහල පන්තියේ ඒවා විය හැකිය ".

මෙම භුමියේ සඳහන් අක්ෂර පරික්ෂා කරන ලද මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතා සඳහන් කරනු ලැබුවේ මෙම අක්ෂර මොහොන්දොජාරෝ හරප්පා ශිෂ්ටාචාරයෙන් සොයා ගනු ලබු අක්ෂර වලට සමනා කමක් දක්වන ලද බවයි.


ඉබ්බන්කටුව භුමිය මෙරටින් සොයා ගත් මෙවැනි සම්ප්‍රදායේ සුසාන භුමි අතුරින් විශාලතම සුසාන භුමිය වණ අතර.ඉබ්බන්කටුව පොල්වත්ත නම් ප්‍රදේශයෙන් සොයා ගත් ජනාවාසය මෙරට මුල් යකඩ යුගයට අයත් ජන්වසයක් හා සොහොන් ගර්භයක් එකට හඳුනා ගත් ප්‍රථම අවස්ථාව වේ.



Saturday, July 14, 2018

පිළිකා රෝගය ඇතුළු රෝග රැසකට සුවය සාදන තෙබු


 Costasspesiosus යන උද්හිද විද්‍යාත්මක නාමයෙන් හඳුන්වනු ලබන තෙබු ශාකය , අග්නි දිග ආසියාව නිජ බිම කර ගත්  , රෝග ගණනකවටම ගුණ දෙන ආයුර්වේදීය ශාකයක් මෙන්ම ආහාරයකි. ඉන්දුනීසියාවේ සුන්ඩා දුපතේ බහුලව ව්‍යාප්තියක් දක්නට ලැබෙන මෙම ශාකය කුක්, ෆිජි, හවායි වැනි ෆැසිෆික් දුපත් වලද ශ්‍රී ලංකාවේ ගම්බද ප්‍රදේශ වලද දක්නට හැකිය.

ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට අනුව මෙම ශාකය දියවැඩියාව සඳහා ප්‍රත්‍යක්ෂ ඖෂධයකි.එමෙන්ම රුධිරගත කොලොස්ටරෝල් පාලනය කරන සමේ ඇති වන බිබිලි සුව කරන ප්‍රධාහය සහ බඩේ ආම්ලික ගතිය ( ගැස්ට්‍රයිටිස් ) , ලාදුරු , උණ බ්‍රොන්කයිටිස් හෙවත් ශ්වසනාල ප්‍රධාහය සුව කරන බඩවැල් වල පනුවන් නසන, හදවත් රෝග සඳහා  අගනා ඖෂධයකි.

අතීතයේ සිටම ශ්‍රී ලංකාවේ ගැමි ජනතාව තෙබු කොළ විවිධාකාරයේ අහාර වශයෙන් සකසා පාරිබෝජනයට ගෙන ඇත .නොමේරු තෙබු කොළ රසවත් මැල්ලුමක් වන අතර , කලවම් මැල්ලුම් , සලාද , හෝ ව්‍යන්ජනයක් වශයෙන් පිළියෙළ කර ගත හැක. අල හෝ පරිප්පු මිශ්‍ර කිරීමෙන් , තෙබු ව්‍යංජනය වඩාත් රසවත් වේ. නමුත් දිනපතා ආහාරයට ගැනීම සුදුසු නැත.මන්ද රුධිරයේ සිනි මට්ටම අඩු කරන නිසාය.

2012 වර්ෂයේදී වෛද්‍ය කල්ප සමරකෝන් , චමින්ද ලක්මාල් , ප්‍රසාද් ජයසුරිය තෙබු ශාකය පිළිබඳව පර්යේෂණ පවත්වා ගුණ රාශියක් අනාවරණය කර ඇත.

මෙහි ඇති වැදගත්ම සොයා ගැනීම පිළිකා නසන ගුණයක් , තෙබු ශාකයෙහි අඩංගු බවයි . තෙබු ශාකයෙහි ඇති පිළිකා මර්ධන ගුණ පිළිබඳව දකුණු කොරියාවේ Jeju ජාතික සරසවියේ ජීව වෛද්‍ය විද්‍යාඥයෙකු වූ  මහාචාර්ය  You-Jiujoon  ( Professor You- Juijoon of Jeju National University of South Korea) කළ පරීක්ෂණ අනුව  පිළිකා සෛල මර්ධනය කිරීමේ ශක්තිය තහවුරු වී ඇත.මේ පිළිබඳව වැඩි දුර පරීක්ෂණ සිදු වෙමින් පැවති.

නාගරික වෙළඳ පලට ගෙන එන තෙබු කොළ සීග්‍රයෙන් විකිණෙන්නේ නාගරික ජනතාව මෙහි ඇති ගුණය වඩාත් අවබෝධ කරගෙන ඇති නිසාය. අප ආවට පරිසරයේ ඇති ගස් වැල් වලින් නිසි ප්‍රයෝජන ගෙන  ලෙඩ රෝග වලින් තොර සමාජයක් බිහි කිරීමට මෙම ලිපිය උපකාරී වේවා .

අන්තර්ජාලය සහ ඩේලි නිව්ස් - විද්‍යා  (2016/05/25 )අතිරේකය ඇසුරෙනි.

Tuesday, July 10, 2018

රත්නපුර රමණිය පෙත්තරේ කළු ගල් ජලාශය සොයා ගියෙමි

රත්නපුර නගරය ආසන්නයේ පිහිටි , රත්නපුර පානදුර මහා මාර්ගයට මායිම්ව ඓතිහාසික ශ්‍රී සුමන සමන් දේවාලය පිහිටා ඇත.මෙම දේවාලයේ ඉතිහාසය 4 වන පරාක්‍රමබාහු රජුගේ රාජ්‍ය සමය දක්වා දිව යන අතර නිල් මැණික් සොයා රුවන් පුරයට පැමිණි  කාමදේව නමැති ඇමති විසින් නිල් මැණික් ලබා දෙන ලෙස  භාරයක් වී ඇත.ඔහු විසින් බාරයෙන්  පසුව මැණික් ගැරීම ආරම්භ කර ඇති අතර එම පත්ලෙන් නිල් මැණික් හමුවී ,පසුව  රාජ්‍ය අනුග්‍රහය ඇතිව ඔහු විසින් පැරණි සමන් දේවාලය  තෙමහල් මන්දිරයක් සහිතව ඉදි  කරන ලදී.මේ පිළිබඳව ඓතිහාසික පුවත සමන් සිරිත නම් කාව්‍ය  සංග්‍රහයේ ඇතුලත් වී ඇත.

                                                   


පැරැන්නන්ගේ මතය අනුව ප්‍රධාන දේව මැදුර ඉඳි කර ඇත්තේ පිරිසිඳු කරන ලද ගම් මැටි කිතුල් පැණි යොදා පල්පයක් ලෙස සකසා ගැනීමෙනි.මෙය දේවාලයේ දිගුකාලින පැවැත්මට හේතු වී ඇත.

සමන් දේවාලයේ පිටුපසින් වක්කලමක් සාදමින් කළු ගඟ ගලා බසින අතර අනික් පසින් පොත්ගුල් කන්ද පිහිටා ඇත.පොත්ගුල් රජමහා විහාරය වළගම්බා රජු සැඟවී සිටි ස්ථානයක් වන අතර , භූගත ලෙනක් සහිත මෙම විහාරය පැරණි ලෙන් විහාරයකි.

සමන් දේවල භුමියේ දෙවොලට ආසන්නයේ පැරණි ගැඹුරු ලිඳක් පිහිටා ඇති අතර ,මෙම ලිඳට මලක් දැමු විට පොත්ගුල් විහාර භුමියේ ඇති ලිඳෙන් මතුවන බවට පුරාවෘතයක්  පවතී. මේ අනුව සමන් දේවාලය  වළගම්බා රජ සමයටද සම්බන්ධ වන්නට ඇත.පෘතුග්‍රීසි සමයේදී සමන් දේවල භුමිය පෘතුග්‍රීසි බලකොටුවක් වූ අතර මේ පිලිබඳ ඇති  සෙල් ලිපි අද පවා දක්නට ලැබේ.

පැරණි ගල් උළුවස්ස


පැලවෙන ගල් පැලය



අතීතයේ සිටම පැවැත්වූ සමන් දේවාලයේ ඇසල පෙරහැරෙහි මුතුකුඩය ගෙන යන්නාගේ සිට සඳුන් කුඩු දල්වන අඟුරු කබල ගෙන යන්නා දක්වා රාජකාරියෙහි නියුතු පවුල් රාශියක් දේවාලය අවට ගම් වල පදිංචි වී ඇත. පෙත්තරේ යනු මින් සුවිශේෂී ගම්මානයකි.රෙදි පිලි සේදීම රැකියාව කර ගත් මෙම ගම් වාසින් ජලය ලබා ගන්නේ කළු ගලින් නිම වුන විශාල ගල් බේසමිකිනි.මෙය සොබාදමේ අපුර්වතම නිර්මාණයකි.


දෙකෙළවර සිහින්ව මැදින් තරමක් පළල් ව ගල් ඔරුවක් මෙන් නිර්මාණය වී ඇති මෙම කළුගල් බේසම එක් කෙළවරකින් ගල් කුළු  සහිත තරමක් උස කන්දකට සම්බන්ධ වේ. ගල් කුළු දෙකක් මැදින් ගලා හැලෙන දිය පාරක් බේසමට ජලය සපයන අතර අනික් කෙළවරින් ජලය පිටවී යයි. ගල් බේසමේ ගැටිය මත රෙදි තබා සබන් ගා පිරිසිදු කර ගත හැකි පරිදි සමතලාව පිහිටා ඇත. රාජක පවුල් රාශියක් මෙම ස්ථානයේ රෙදි සේදිමෙහි යෙදෙති.


වසර 10 කට පමණ පෙර මා, මෙම ජලාශය දකින විට මිනිසාගේ කිසිඳු සහභාගිත්වයකින් තොරව පැවති සුන්දරත්වය ගල් වල අද්දරින් පාරක් දැමීම නිසා තරමක් අඩු වී ඇත.ගල් වලේ පළල පටු වී ඇති අතර කඩතොළු සහිත ස්වභාවිකත්වය පාර සහිත කොටසින් ඉවත් වී ඇත.මෙම පාර නිම කර ඇත්තේ අසල පිහිටි නිවාස වලට යාමටය.