Monday, March 25, 2019
Wednesday, March 20, 2019
"එරික් සීගල් ගේ ආදර කතාව - Love story by Erich segal
" .. ආදරය කියන්නේ කවදාවත්ම කණගාටුයි " කියලා කියන්න වෙන දෙයක් නෙමෙයි.
"Love means never having to say you're sorry".
මාරාන්තික ලියුකේමියා රෝගයෙන් පෙලෙන විසිපස් හැවිරිදි ජෙනි මෙසේ ආදරය පිළිබඳව සදාතනික සටහනක් තබා තම තරුණ සැමියාගෙන් සදටහම සමු ගනී.
මෙම වාක්‍ය ඛණ්ඩය අපට හමුවන්නේ ඇමරිකාවේ යේල් සරසවියේ මහාචාර්ය වරයකු, අධ්‍යාපන විසේසඥයකු , ග්‍රන්ථ රචකයකු සහ තිර රචකයකු වන එරික් සීගල්ස් විසින් 1970 දී රචනා කරන ලද ආදර කතාව ( Loves Story ) නව කතාවෙ තුලිනි.
කුඩා නව කතාවක් වන මේ ග්‍රන්ථය පිලිබඳ තියුණු විවේචන එල්ල වුවද , එම වසරෙහි පමණක් එහි අලෙවිය පිටපත් මිලියන 22 ඉක්මවිය. එම වසරේදීම චිත්‍රපටයකට නැගු මෙම කතාව සඳහා හොඳම තිර රචනය ඇතුළු Golden Globe " ගෝල්ඩන් ග්ලෝබ් " සම්මාන 5ක් සහ ඇකඩමි සම්මානයද හිමි විය.භාෂා රාශියකට පරිවර්තනය කරන ලද මෙම නව කතාව අලෙවිය අතින් 80 දක්ෂකයේද "Box Office වාර්තා තැබීමට සමත්විය.මෙම නව කතාව ප්‍රවීණ පරිඝනක ග්‍රන්ථ රචක එන්.පී විජේරත්න මහතා විසින් 2011 වසරේදී සිංහලයට පරිවර්තනය කර ඇත.
පියා සමග අමනාපයෙන් සිටින , හාවඩ් විශ්ව විද්‍යාලයේ නීති ශිෂ්‍යයකු වන 20 හැවිරිදි , ධනවත් ඔලිවර් බැරට් සහ අඩු පහසුකම් සහිත පවුලක සංගීත උපාධි අපේක්ෂිකාවක වන ජෙනිෆර් කැවිලරි අතර ඇතිවන මුහුකුරා ගිය ආදර සම්බන්ධතාවය පාදක කර ගෙන මෙම වෘතන්ත්තය රචනා කර ඇත.
පියාගේ විරෝධතවයද නොතකා ජෙනි විවහා කර ගන්න ඔලිවර් , අපහසුතා මැද තම අධ්‍යාපනික කටයුතු අවසන් කර ගනී. අදර සම්බන්ධතාවයෙන් පසු පියාගෙන් උපකාර බලාපොරොත්තු නොවන ඔලිවර්ට සංගීත ගුරුවරියක වශයෙන් රැකියා වක නියුතු වෙමින් ජෙනි පහසුකම් සපයයි.අඟහිග කම් මැද පහසුකම් අඩු නිවසක දිවි ගෙවන ජෙනි පිය - පුතු ගැටුම සමථයකට පත් කිරීමට නැණවත් බිරිඳක් වශයෙන් කටයුතු කරයි.
උපාධිය ලබා ගැනීමෙන් පසු නිව්යෝර්ක් නගරය කරා සංක්‍රමණය වන ඔලිවර්ට උසස් රැකියාවක් ලැබේ.විවාහයෙන් වසර තුනකට පසු දරුවකු ලබා ගැනීමට වෛද්‍ය උපදෙස් පතා වෛද්‍යවරයකු වෙත යන ඔවුනට , වෛද්‍ය පරීක්ෂණ වලින් පසු හෙළිවන්නේ ජෙනි ලියුකේමියා රෝගයෙන් පෙලෙන බවයි .
" ... ඔබේ බිරිඳ මැරෙන්නයි යන්නේ ..." වෛද්‍යවරයා පවසයි.
ඔවුන්ගේ ආදර ලෝකය දෙදරා යන බව අසන පාඨක ඇසට කඳුලක් නැගෙන්නේ නිතැතිනි. වැඩිපුර වෙලාවක් සේවය කර රැකියාවෙන් මුදල් උපයා ගන්න ඔලිවර් ජෙනි ජිවත් කරවීමට උත්සහ දරයි.මිලාධික පිළිකා ඖෂධ මිලට ගැනීමේ ආර්ථික දුෂ්කරතා වලට මුහුණ දෙන ඔහු , අවසානයේදී පියාගෙන් මුදල් ඉල්ලා ගැනීමට සිත හදා ගනී.
පුතුගේ අකිකරුකම් අමතක කර, ඔහුගේ බිරිඳ බැලීමට රෝහලට එන පියාට අවසානයේදී දක්නට ලැබෙන්නේ මියගිය ජෙනීගේ සිරුරයි. මෙම අවස්ථාවේදී පියා බදාගෙන වැළපෙන ඔලිවර් පිලිබඳ පුවත ලේඛකයා පවසන්නේ දරුවන්ට ලොවම අහිමිවන මොහොතක දෙමව්පිය සෙනෙහස ජිවත් වීමට වාරුවක් වන ආකාරයයි.
මෙහිදී සමාව දීම සහ අමතක කිරීම යන ලෝදහම ලේඛකයා ඉතාමත් අපුරුවට පාඨකයාගේ මනසට ඇතුලත් කරන අතර "දරුවන් හැර නොයන මා පිය සෙනෙහස " පිලිබඳ පණිවිඩයක් එරික්ස් සිගල් අවසානයේදී පාඨක හද තුල කම්පනයක් ඇති කරමින් සනිටුහන් කරයි.
සරල ඉංග්‍රීසි බසින් රචනා කර ඇති මෙම කතාව අවසානය දක්වා පාඨක සිත් ඇඳබැඳ තබා ගනී.විශේෂයෙන්ම 70 දශකයේ විශ්ව විද්‍යාල ඇතුළු උසස් අධ්‍යාපනික ආයතන වල තරුණ පිරිස අතර මෙම නවකතාව අතිශයින් ජනප්‍රිය විය.
ඇත්තටම.... ආදර කතාව කියවන පාඨකයා එම කතාවට ආදරය කිරීමට පටන් ගනී. එරික්ස් සීගල් " ජෙනීගේ චරිතය මරා දැමීම , පාඨක හද තුල අතිශය කම්පනයක් ඇති කරයි.ජෙනි යනු මධ්‍යම පන්තික ජිවිතයේ අත්දැකීම් තුලින් පන්නරය ලැබූ, සකසුරුවම්කමින් පිරි , මාපිය සෙනෙහස ,යුතුකම් සහ ආදරය හඳුනන දයාබරිත චරිතයකි. එමෙන්ම දක්ෂ හොකි ක්‍රීඩකයකු වන ඔලිවර් බැරට් ඉතාමත් ධනවත් පවුලකට හිමිකම් කියන පුද්ගලයෙකු වුවද ඔහුගේ චරිතය මුල සිටම ධනපති පංතිය සහ නිර්ධන පන්තිය අතර දෝලනය වන චරිතයක් ලෙස කතුවරයා විසින් හසුරවයි.සැබෑ ආදරය හඳුනන ඔහු කෙටි කාලයක් තුළ වුවද ජෙනි සමගින් සතුටින් දිවි ගෙවයි.ඇය ආදරයෙන් රැක බලා ගනියි.
70 දශකයේ රෝමියෝ ජුලියට් ආදර අන්දරය ලෙස එරික්ස් සිගල්ගේ ලවුස්ටෝරි නව කතාව සුප්‍රසිද්ධ විය.
Wednesday, March 13, 2019
කන්දක් සේමා
කන්දක් සේමා කෘතිය 70 දශකයේ සන්සිදුවීම් ස්පර්ශ කරමින් එලි දක්නා ලද කෘතියකි.මෙහිදී එලි දක්වන සමාජීය ලක්ෂණයක් ලෙස එහි නිරූපිත ප්‍රේමය පෙන්වාදිය හැකිය.ප්‍රේමය මෙලොව සැමදෙනාටම පොදුවූ ධර්මතාවයකි.එය සමාජීය සත්වයාගේ උපතේ සිටම මෙලොව ආරම්භවූ දෙයකි.නමුදු ප්‍රේමය විදින තැනැත්තාගේ සිතේ ස්වභාවය , ප්‍රේමය දෙනු ලබන සහ ප්‍රේමය ලබන තැනැත්තා අනුව වෙනස් වන අතර සෑම යුවලකම පරමාදර්ශී චරිතයක් දක්නට ලැබේ.
කන්දක් සේමා නව කතාවේදී ප්‍රධාන චරිතයන් යුගලයක් දකින්නට ලැබෙන අතර ඒ නම් නූපා සහ මසයා සං ය.මොවුන් දෙදෙනාටද පරමාදර්ශී ප්‍රේමයක් සිතෙහි දක්නට ලැබේ, නුපාගේ පෙම්වතා පරමාදර්ශී චරිතයක් වන අතර නුපා යනු පරමාදර්ශී සිහිවටනයකි.යථෝක්ත චරිතයක් හරහා ප්‍රේමය සහ යථාර්තය අතර දෝලනය වන ඉච්චභාන්ගත්වය කතුවරිය විසින් ඉතාමත් අපුරුවට පාඨක මනස වෙත කන්දක් සේමා නව කතාව හරහා ගලාගෙන යාමට ඉඩ සලස්වයි.
නුපා යනු ලාංකීය පහල පන්තික ජන කොට්ටාශයක දිළිඳු පවුලක ඉපිද හැදී වැඩෙන 1990 ගණන් වල තරුණියක් වන අතර සියලු දුක් දෝමනස්සයන් ඉවසා දරා ගෙන ජිවිතයට මුහුණ දෙන ධෛර්යමත් කාන්තාවකි.වියපත් ජපන් ජාතිකයකු වූ මසයා සං හා විවහා වන නුපා විවාහයෙන් පසුව ජපානයේ නිගතා නුවර සන්ජෝ නගරයට වාසයට යයි. එසේ යාමට හේතු වන්න පුරවා ලිංගික ක්‍රියාවලියක ට මුහුණ දී එහි අනිසි ප්‍රතිපලයක් ලෙසය. දුගී දුප්පත්බව හේතු කොටගෙන ප්‍රේමය සහ පිරිමියා හරහා තම ජීවිතය සැපවත් කර ගැනීමේ අරමුණින් 15 වැනි වියේදී 25හැවිරිදි ජයනාත හා හා ඇති කර ගනු ලබන ප්‍රේමනීය සන්සිදුවිම හේතුකොටගෙන ඇතිවන දරු ගැබ ගබ්සාවකට ලක් වේ. වත්මන් තරුන්‍යයේදී ආදරයට සෙනෙහසට මුලික ස්ථානය යොමු වන්නේ ලිංගිකත්වය ටය. නුපා යනු එකී තාරුණ්‍යය ගැබ් කරන්නාවූ සංකේතයයි.
නිගතාවේ වයසක මිනිසුන් හා ජීවත්වීමට එහි කාන්තාවන් කැමති වුයේ නැත.මන්ද එහිදී ඔවුනට අත්විඳීමට ලැබෙන ෂිනනෝ ගංගාව පිටාර ගැලීමයි.මෙයට හේතුව වුනේ එහි පිහිටි විසල් කන්දයි. එය බාධකයක් ලෙසින් පැන නැගුනු අතර එය මුහුද ට ගලාගෙන යාමට බාධකයක් ලෙස ගොඩ නැගුණි.මේ කන්ද කැපීමට අවශ්‍ය වූ අතර පිරිමින් එම කන්ද කපන අතරතුර පස් කරමත තබාගෙන කාන්තාවන් කිලෝමීටර් ගණන් දුර දුක්විඳිමින් යාමට නිගතාවේ කාන්තාවන්ට සිදුවිය.මේ හේතුකොට ගෙන මෙම කතුන් නිගතාව අතහැර තෝකියෝ නුවර පැමිණ එහි පුරුෂයින් සොයාගෙන විවහා වුහ.මෙම කරුණු හේතු කොටගෙන ශ්‍රීලංකාව , පිලිපීනය වැනි රටවලින් කාන්තාවන් විවහා කරගෙන ජපානයට ගෙන ගියහ.මෙම සිදුවීමට මුහුණ දුන් බොහෝ කාන්තාවන් ලාබාල වයස් සීමාවල පසුවූවන් වේ.
කන්දක් සේමා කතාවට මුළ පාදක වුයේ මෙම කතාවයි.
ආසියාතික කාන්තාවන් මුහුණ පාන දුක් කම්කටොලු, සමාජ සම්මතයන් අභිබවා යාමට තැත් කිරීමේදී කාන්තාවන් මුණ දෙන ගැටළු සහ සමජෙය්දී මුහුණ දෙන අපවාද පුරුෂ මුලික සමාජයේදී අත්විඳින්නට වන සංසිදුවීම් මෙම කෘතියට හේතු පාදක වී ඇත. විදේශයන්ගේ සේවයට යන ලාංකිකයන් දෙස මෙරට ජිවත් වන්නන් හෙලන දෘෂ්ටිකෝණය ඉතාමත් අපුරුවට අන්තර්ගත කර ඇති අතර පිටරට සේවයට යාමේදී මුහුණ දෙන ගැටළු, නන්න්දදුනන රටකදී භාෂාව නොදත්කම , නුහුරු නුපුරුදු සමාජයක් , සංස්කෘතියක් ඔස්සේ මොවුන් අතරමන් වන ආකාරය අපිට මෙම කෘතිය ඔස්සේ අත්විඳින්නට ලැබෙන කටුක අත්දැකීම් වේ.
බටහිර සංස්කෘතියේ දක්නට ලැබෙන ඒක පුද්ගල බව, එකිනෙකා ප්‍රර්ථනා කරන නිදහස පතන මිනිසුන්ට දේශීය මිනිසුන්ගේ අන්‍යොන්‍ය සම්බන්ධතාවය, ආදරය සෙනෙහස පිලිබඳ හැඟීමක් දැනෙන්නේ නැත.ඒ බව හොඳින්ම වැටහෙන්න පිටු අංක 56 ඇති
මසයා සං වැඩට යනවා.එනවා කොහෙද වැඩට යන්නේ කියලා කියන්න ගැලපෙන ඉංග්‍රීසි වචන එයා දැනගෙන හිටියේ නැහැ.කොහෙද වැඩට යන්නේ කියලා අහන්න ජපන් වචන මම දැන ගෙන හිටියේ නැහැ යන වැකි පෙලෙන් ඉතා ගැඹුරින් තිව්‍ර වේ.
සුමිත්‍රා රාහුබද්දයන් කතාව පුරාවටම සරල භාෂා අඛ්යානයක් භාවිතා කරන අතර සොබා දහමේ දකිනට ලැබෙන සිදුවීම් මෙහිදී සිදුවන සංසිදුවීම් පාඨකයා වෙත ලං කිරීමට භාවිතා කරයි.නුපා විසින් ඇයගේ ජපන් සැමියාගේ නිවසට ඇතුලත් විමේදීම ඇයගේ සිතෙවූ බලාපොරොත්තු සියල්ලම ගඟේ ගසාගෙන ඉනි මෙන් කඩා වැටේ.එය සුමිත්‍රා රාහුබද්ධයන් විසින් නිර්මාණය කරන්නේ
"පිටු 193 දී දක්නට ලැබෙන "ගේ වටේ තියෙන සකුරා ගස් පේලියේ මල් පිපිලා.පිච් ගහෙත් මල් පිපිලා . මුළු සන්ජෝ නගරයේම මල් පිපිලා.කුරුල්ලොත් නොනවත්වා ගායනා කරනවා.සන්ජෝ නගරය චිත්‍රයක් නම් ,කුරුල්ලෝයි, ගහකොළ මල් වැල ඒ චිත්‍රයට දර්ශනීය ජීවයක් දෙනවා.මේ දර්ශනීය ජිවය හිත උමුතු කරනවා.ඔය අහසේ පාවෙවී ඉන්නේ නැතුව පොලවට බහින්න පෙම්බරා "
මෙම කතාව ඔස්සේ විවාහය පිළිබඳව සමාජ යථාර්තවාදී කියවීමක් දක්නට ලැබේ. විවාහය යනු සමාජ යුතුකම් ඉටු කරමින් පරම්පරාව ඉදිරියට ගෙන යාමේ ක්‍රියාවලිය ලෙස මිනිසුන් සලකන අතර,ඒ සඳහා අයිතිය ලබා දෙනු ලබන ලියවිල්ල අතීතයේදී වැදගත් නුවුවත් වර්තමානයේදී වැදගත්ම සාධකයක් ලෙස සැලකේ.මෙම ලක්ෂණය මනාව පෙන්නුම් කරන්නේ තාත්තාගේ සහ පොඩි ප්‍රේමා ගේ විවාහයයි. විවාහයේ විවිධ ප්‍රබෙධයන් දක්නට ලැබෙන අතර ආගම් අතර , එකම ජාතින් සහ කුලයන් අතර වන විවාහ ලෙස වර්ගීකරණයට ලක් කෙරේ.මෙම කතාවේ අන්තර්ගතය වන්නේ අන්තර් වාර්ගික විවාහයක් පිලිබඳවය.එනම් ජාතින් දෙකක් අතර වන විවාහයයි.
මුදල් මත යැපෙන සමාජයේ ධනේශ්වර පන්තිය විසින් දිළිඳු පන්තිකයින් පාගා දමන්නට තැත් කරයි.නුපාගේ කතාව මගින් ප්නේන්නුම් කරන්නේද මෙම සමාජ යථාර්තයයි.ඇයගේ දිළිඳු බව මෙන්ම අඩු අධ්‍යාපන මට්ටම මෙම ධනේශ්වර පන්තියේ අතකොළුවක් බවට පත්වීම මෙහිදී කතුවරිය විසින් සමාජයට පෙන්නුම් කරන ලද සුවිශේෂී කරුණයි.තම විදෙස්ගත සැමියාගේ මුහුණ පවා නොදකිමින්ම විවාහයට පත්වීමට සිදුවන්නේ මෙම හේතු මුලය නිසාය.
ප්‍රේමය සෙනෙහස ,ගබ්සාව , දේශපාලනික ක්‍රියාදාමය, තාරුණ්‍ය මුහුණ දෙන විවිධ සමාජ ගැටළු ගලාගෙන යන මෙම නව කතාව සාර්ථක නව කතාවක් ලෙස පැවසිය හැකිය.
Thursday, March 7, 2019
'මුහුද යට දිවයින'
ඉසෙබෙලා අයියන්දේ 1942 වසරේදී පේරු රාජ්‍යයේදී උපත ලබන අතර චිලි දේශයේ හැදී වැඩුණු කාන්තාවක් විය. ඇය චිලි රාජ්‍යයේ හිටපු ජනාධිපති සැල්වදෝර් අයියන්දෙගේ ඥාති දියණියක වූ අතර ඇය ස්පාඤ්ඤ බසින් නිර්මාණකරණයේ යෙදෙන්නෙකි. ඇයගේ මුල්ම කෘතිය වන්නේ 1982 දී රචිත THe House of the Spirits නම් කෘතියයි.එම කතාව සාහිත්‍ය සහ මිත්‍යාව අඛ්‍යනගත කරමින් රචිත කෘතියක් වන අතර එම පළමු කතාවෙන්ම ඇය ලොව මහත් ජනාදරයට පත්විය.ඇය විසින් රචිත කෘතීන් විදේශ භාෂා 35කට අධික සංඛ්‍යාවකට පරිවර්තනය විය. ඇය නව කතා 19ක් සහ වෙනත් කෘතීන් 6ක් රචනා කර ඇති අතර ඇය දේශීය විදේශීය සම්මාන 35ක් මේ වන විට දිනාගෙන ඇත. මේ වන විට ඇය ලොව වඩාත්ම සංවේදී නිර්මාණකරණයේ යෙදෙන ලේඛිකාවන්ගේ වඩාත්ම ඉදිරියෙන් සිටින කතෘවරියකි .ඇයගේ කෘතීන් වල සුවිශේෂිත්වය වනුයේ සැමවිටම ප්‍රධාන චරිතය කාන්තාවක් වීමත් එම චරිතාංග වන නිදහස් හා නිර්භීත භාවයත් ,අසාධාරණයට එරෙහි වීමත්ය.
සාහිත්‍ය කළා කෘතීන් ලෙස ගත් කල ඒ තුලදී ඇති වන ජනප්‍රියත්වය මිනිසා විසින් පාලනයකට ලක් කර ඇත.ඉසේබෙල් අයියන්දෙගේ කෘතීන් සඳහා එම නිසා විචාරකයින් විසින් අපුර්වතම ස්ත්රිවදිනියක ඇතුලත් කෘතීන් ලෙස ලේබලයක් ගසන ලදී.මන්ද ඉසේබෙල් යනු ශක්තිමත් සහ වංශවත් පවුලකට හිමිකම් පෑ කාන්තාවක් වූ හෙයිනි. ඇය යුද්ධයේ සහ දේශපාලන නැගීම් සිටීම වලට එරෙහි සිදුවීම් වලට ඇය පෙනීසිටි කාන්තාවකි. මෙම සෑම කරුණක්ම ඇයගේ අයිස්ලන්ඩ් බිනිත් ද සි (මුහුද යට දිවයින ) පොතේ අන්තර්ගතවී ඇති අතර මෙම කතාවට සම්බන්ධ වන්නේ 18 වැනි සියවසෙහි අගභාගයේදී හයිටි ජනපදයේදී සිදුවූ සංසිදුවිම්ය.
මෙහි කතා නායකයා වන තෙතේ අප්‍රිකාවේ සිට වහල් සේවයට ගෙන එන ලද වහල් තරුණියකගේ දියනියක්ය.එම වහල් තරුණිය නැවේදී සුදු නාවිකයකු අතින් දුෂණයට ලක් වන අතර දෝමා දිවයිනේදී උපන් මෙම බිලිඳිය තෙතේ හෙවත් සරිතේ නමින් නම විය.සරිතේ මෙම දිවයිනේදී උක් වගා කරන්නකුගේ උන්මාදත්වයෙන් පෙලෙන බිරිඳක ගේ වහලිය විදියට සේවය කරන්නට පටන් ගත්තාය.ඇයගේ ස්වාමිදුවගේ මරණයෙන් පසු ඇය තුලුස් වල්මොරෑන් ගේ උප බිරිඳ බවට පත්වේ.ඔහු සිය තරුණ වියේදීම ප්‍රංශයේ පැරිස් නුවර සිට ප්‍රංශ යටත් විජිතයක් වූ සැන් දොමෑන් වලට පැමිණෙන්නේ සිය පියා විසින් පවත්වගෙනු යන ලබන උක් වතු යායේ පාලනය බාර ගැනීමටය.යොවුන් වියේදී තුලුස් තම පරමාදර්ශී සහ ප්‍රගතශීලි අදහස් පසෙක ලා ජිවිතයේ යථාර්තය තේරුම් ගෙන එය අත්විඳීමට පටන් ගනී.
මෙම කතාව ප්‍රංශ සහ අප්‍රිකානු වහල් ඝට්ඨනය පිළිබඳවූ අපුරුම කතා පුවතක් විය.එලෙසින්ම මේ තුලින් ලොව පුරා රටවල් අක්‍රමණය කරමින් ලන්දේසින් , පෘතුග්‍රීසීන් සහ ඉංග්‍රීසි ජාතිකයින් ගෙන ගිය වහල් සේවය පිළිබඳව ත් එම මිනිසුන්ගේ කෘර භාවයත් පසුකාලීනව ඔවුන් හා ජාතින් වශයෙන් සම්මිශ්‍රණය වන කළු ජාතිකයින් හා ඔවුන් මුහුණ දෙන සන්සිදුවීම් පිළිබඳවත් ඒ හා ඇතිවන ආගමික සහ ආර්ථික මෙන්ම සංස්කෘතික සම්මිශ්‍රණය සහ අරගලයන් පිළිබඳව මනා අවබෝධයක් මෙම කෘතියෙන් පාඨකයාට ලබා ගත හැකිය. එමෙන්ම රාගය කුතුහලා , ම්ලේචච්ත්වය කෘරරත්වය මනාව ගැබ්වූ සාර්ථකම කෘතියක් බව මෙය සඳහන් කල හැක.
එමෙන්ම ප්‍රංශ ජාතිකයින් විසින් යටත්විජිත වාදී සංස්කෘතිය මෙහිදී ආරෝපණය කල ආකාරය, වහලුන්ට කෘර අන්දමින් සැලකීමට ලක් කල ආකාරය , ඔවුන්ව පීඩනය ලක් කරන ලද ආකාරය මෙම කෘතිය හරහා දැකිය හැකි ලක්ෂණයකි.යුරෝපිය යටත් විජිත අක්‍රමණය මුලින්ම ඇතිවන්නේ හයිඩියෙනි .ප්‍රංශ ජාතිකයින් මෙම දුපතට යන්නේ උක් වගාව සිදුකර අදායම් ලැබීමේ අරමුණින් වන අතර ඒ සඳහා අවශ්‍ය මිනිස් දායකත්වය ලබා ගැනීමට අප්‍රිකානු වහලුන් සිය දහස් ගණනක් නැව් ඔස්සේ ප්‍රවාහනය කරන ලදී.ඉන්පසු මෙහි ජීවත්වූ ස්වෙදෙශිකයින් වූ අරාවැක් ජාතිකයින් සහමුලින්ම ඝාතනයට ලක් කරති.මෙහි එන තුලුස් වල්මොරාන් ප්‍රංශ ජාතිකයකු වේ.
මෙම කෘතිය තුලින් මෙම ජාතීන්ගේ සංස්කෘතිකමය ලක්ෂණයන් , භාෂාවන් පිලිබඳ අවබෝධය, ජාතින් අතර ඇතිවන ඝට්ටනයන් මෙන්ම ඔවුන්ගේ සිතුවිලි තුල ඇතිවන විපර්යාසයන් පිලිබඳ අවබෝධයක් ලබාගැනීමට පාඨකයාට අවස්තාව ලැබෙන අතර මෙම කෘතිය දෘෂ්ටිකෝණයන් ගේ සංකලනයක් සහිත කෘතියක් වීම තවත් විශේෂත්වයකි.ප්‍රථම පුරුෂ දෘෂ්ටි කෝණය සහ උත්තම පුරුෂ දෘෂ්ටි කෝණය මාරු වෙමින් මෙම කෘතියට එළඹෙන අතර සරිතා යන චරිතය උත්තම පුරුෂ දෘෂ්ටි කෝණයෙන් මෙම නව කතාවේදී විටින් විට ප්‍රවේශ වේ.එලෙසම කෘතිය පුරාවටම අධියාතර්තාවාදී සිදුවීම් දකින්නට ලැබීම මේ ආකෘතියේ එන විශේෂ ලක්ෂණයක් වන අතර මෙම කෘතිය ඉසේබෙල් අයියන්දේ විසින් රචිත සාර්ථකම කෘතියක් බව මනාව ඔප්පුවන සාධකයකි.
මෙම කෘතිය 2018 වසරේදී හොඳම සාහිත්‍ය සම්මාන කෘතීන් හොඳම පරිවර්තිත නව කතාව ලෙස සම්මානයට පාත්‍ර වූ අතර මෙය නිලුක කදුරුගමුව මහතා විසින් පරිවර්තනයට ලක් කරන ලදී.
Saturday, March 2, 2019
කුරුලු හදවත
කුරුළු හදවත නව කතාව ලාංකීය කුල ක්‍රමය හේතු කොටගෙන පිඩා විදින මිනිසුන් පිලිබඳ වත් ඔවුන් එතනින් ඉහලට පැමිණීමට ගන්නා උත්සාහයත් පිලිබඳ ලියවුනු අපුරුම කෘතියකි.මෙම ප්‍රබන්ධය තුලින් යථාර්තය පිළිඹිබු කිරීමට කතුවරයා ගත උත්සාහය මනා සේ ඇගයීමකට ලක්විය යුතුය.ඔහු මෙය හඳුන්වා දෙන්නෙම " මගේම පරම්පරාව වටහා ගැනීම පිණිස මා ලියන ලද ප්‍රබන්ධ මාලාවක අසම්බන්ධ දිගුවක් සේ සැලකිය හැකියි මෙම කතාව ලෙස 07 වැනි පිටුවේ සඳහන් කර ඇත. මෙම කෘතිය 2013 වසරේ නිකුත්වූ කෘතීන් අතරින් වඩාත්ම විචාරයට ලක්වුණු කෘතියද විය.
මෙම කෘතියේ අන්තර්ගතය වනුයේ කුරුණෑගල පුරවරයේ කුලයට මුල් තැන දුන් සමාජයක ,කුලපිඩන යෙන් පෙලෙන සමාජයක ගොදුරට ලක්වුණු තරුණයෙක් ඉන් මිදීමේ ක්‍රමයක් ලෙස ගුවන් විදුලි මාධ්‍ය භාවිතා කරමින් එහි ප්‍රතිපලයක් ලෙස තම ජීවිතය විනාශයට පත් කර ගැනීම පිළිබඳවයි.වලංගන්ගොඩ යනු සම්ප්‍රධායික කුඹල් ගම්මානයකි.ඔවුන් ධනපති කුලවතුන්ගේ නිග්‍රහයට පත්වෙන ආකාරය ඉතාමත් අපුරුවට මෙම කෘතියෙන් දක්වා ඇත.
බෞද්ධාගමික රටක් වුවත් මෙහිදී කුල ක්‍රමය හේතු කොට ගෙන මිනිසුන් පහතට හෙලීම පිළිබඳව කතුවරයා උපහාසාත්මකව සඳහන් කර තිබීම මෙහි සුවිශේෂී ලක්ෂණයකි.මෙහිදී දිනසිරි ට ගුවන් විදුලියේ තරඟයකට ඉදිරිපත් වී ලැබෙන ත්‍යාගය ලබා ගැනීමට යැමේදී නමෙහි ඇතිවන ගැටළුවක් හේතු කොටගෙන ත්‍යාගය හිමි කර ගැනීමේ භාග්‍යය අහමි වේ. මෙහිදී දිනසිරිගේ සිතේ ඇතිවන ඝට්ඨනය ඔස්සේ අපේ රටේ පැන නැග ඇති කුල බේදය ආගමික නායකයන් ද ඔස්සේ ගලාගෙන යන ආකාරය උපහාසාත්මකව කතාවෙන් පාඨකයා වෙතට ලංකර ඇත්තේ පිටු 45 ඇති දිනසිරි දන්නවා උන්වහන්සේගේ හැටි.ඉඩම් වතුපිටි තියෙන උදවියගේ හිත නොරිදෙන විදියටයි උන් වහන්සේ බණ කියන්නේ.අනික ඔය වාසගමට ගෙන තියෙන නමත් තමුසෙලගෙ නොවේනේ උන්වහන්සේ වදාරණ බව ඔහුට සහතිකයි. යන වැකි පෙලෙනි.
කුලින යන අය අතින් නිග්‍රහයට පත්වන බවේ සංකේතය වන්නේ සිරිමලී මැණිකේ ය.දිනසිරි ගුවන් විදුලිය හරහා ඔහුගේ නම සේම ගමේ නමත් වෙනස් කර ගම රටේම ප්‍රසිද්ධියට පත් කරයි.ඉන් ඔහු මානසිකව මහත් සතුටක් ලබන අතර ඔහු පෙම් කරන්නේ රන්දිමා නම් කුළින කාන්තාවටය. ගුවන් විදුලිය හරහා නාමකරණය ලක් කලත් ගම්මානයේ මිනිසුන් සුපුරුදු පරිදිම දිළිඳු බැවින් පිඩා විඳියි.පෙර පරිදිම සමාජ ආර්ථික මට්ටමින් පහතට වැටි සිටින ගම්මානයේ මිනිසුන්ගේ ජිවන රටාව වෙනස් නොවේ.
කතාවේ මුල් භාගයේ දී අපිට දිනසිරි ව පෙන්නුම් කරන්නේ ගැමි අහිංසක චරිතයක් ලෙසය. ඉන්පසු දෙවන අවධියේදී පෙන්නුම් කරන දිනසිරි නව මාධ්‍යකරණයේ ගොදුරක් බවට පත් වූ තැනැත්තෙකු ලෙස කතාව මගින් පෙන්නුම් කරයි.එම මාධ්‍ය හරහා මොහුව මුදල් පෙන්නා ගමේ කම අලෙවි කරවන්නේ විවිධ ක්‍රමයන් හරහාය.ඔහුව මුදලට ගන්නා එෆ්එම් අධ්‍යක්ෂක වරයා විසින් සුක්ෂම ලෙසින් ඔහුගේ අහිංසකත්වය ග්‍රාමය බව අලෙවි කරවයි.
ඔහුගේ පෙම්වතිය වන්නේ විශ්ව විද්‍යාලයේ ඉලංගරත්න නම් කුලින තරුණියකි.ඔහුගේ පාර්ශවයෙන් එල්ල වන ප්‍රහාරයට එදිරිව ඔහු දියවන්නාවේ (The Nest ) නමින් කුරුළු කුඩුවක හැඩය ගත් සුන්දර නිවසක් තනයි.
කුරුළු ගේ අධ්‍යාපනික සුදුසුකම් මදකම සහ ඔහුගේ ජිවිතයේ අඩුපාඩු මකාගැනීමට ඔහු භාග්‍යා ව විවාහ කර ගැනීමට තීරණය කරයි.මෙම නව කතාවේ අවසන් පරිච්චේද තුලින් කුරුළු මානසිකව මිය ගිය පුද්ගලයකු බවට පත්වේ.
මොහුට දේශපාලනය පිලිබඳ දැනුමක් නොමැති අතර ඉතාමත් කුඩා ලොවක ජිවත් වන පුද්ගලයෙකි. ඔහුගේ එම කුඩා ලෝකයෙන් ඔහුව එලියට ගන්නේ ඔහුගේ මිතුරු සරත්ය .ඔහු දේශපාලනික වශයෙන් දැඩි විඥානයකින් යුතු පුද්ගලයෙකි. ඔහුගේ තේරුම් කිරීම් වලින් සසල සිතකින් පසුවන කුරුළු ගංගොඩ පසුව දියවන්නාවේදී ඔරුවකින් ගඟට පැන මිය යයි.
මෙහිදී කුරුළු අතීත ගුවන් විදුලි මාධ්‍යයේත් නුතන නවීන ගුවන් විදුලි මාධ්‍යයේත් සංකේතයක් ලෙසින් කතුවරයා දක්වයි.නුතන මාධ්‍ය විකාශනයට ගොදුරුවන්නන් පිලිබඳ ඉතාමත් අපුරුවට මෙම නව කතාව ඔස්සේ පෙළ ගස්වන කතුවරයා අප සියලුම දෙනාව නුතන ගෝලීයකරණ යට ගොදුරු වූ ආකාරය පාඨකයාට මනාව වටහා දීමට මෙම කෘතිය උදාරණයක් ලෙස ගනී. 1988 - 89 තරුණ අරගලය තුලින් කුරුළු ලබා ගත්තේ මොනවාද , රටට ඉන් ලැබුනේ මොනවාද යන්න මින් පිළිඹිබු කරන අතර දිනසිරි පොස්ට් කාර්ඩ් යැවීම තුලින් ගමේ නම වෙනස් කරවා ඒ හා බැඳුණු කුල නාමය ඉවත් කිරීම හරහා ඔහු දිනා ගත දෙය මෙම කැරලිකාරි පුද්ගලයින්ට තෙරුන් නොයයි. ඒ බව 128 පිටුවේ සඳහන්
" වලන්ගංගොඩ ,බඩහැලගංගොඩ යනාදියෙන් හඳුන්වා කොන්කරන ලද ගමක් කවුරුවත් ආඩම්බරයෙන් සිහි කරන ගමක් බවට පත්කළ දිනසිරිගේ විප්ලවීය කාර්යය අගය කිරීමට සරත්ට වත් ලලිත්ට වත් නොහැකි බව දිනසිරිට පේනවා "
යන්නනෙන් මනාව පාඨකයා වෙතට ගෙන එන ලද කරුණකි.
තමා සිටි සමාජය තමන්ගේ ජිවිතයේ දියුණුව ඔස්සේ උසස් තැනකට නොයා තව තවත් පිඩිත බවේ පහලට යෑම නිසා කලකිරීමට පත්වූ කුරුළු තමන් ගොඩ නගා ගත විප්ලවීය ගමන් මගේම ගොදුරක්වී තම ජිවිතයෙන් පලා යයි.මෙලෙස වෙනස්ම වූ අවසානයකින් කතුවරයා විසින් මෙම නව කතාව අවසන් කරයි.එය ඉතාමත් අලංකාරව දැක්වීම මගින් කතුවරයාගේ පරිණත බව දැක්වේ. මෙහිදී "
365 වැනි පිටුවේ සඳහන් වන "
අපි ඔක්කොම විශාල නූල් ගෙත්තමක් අස්සේ තමයි මල්ලි ඉන්නේ.කොහේ බැලුවත් ඇතුලෙම තමයි.පිටක් නැහැ.ගෙත්තමෙන් පිට දෙයක් නැහැ කියලා නේද ඩෙරිඩා නේද කිව්වේ? යන විග්‍රහය තුලින් මෙම කතාව යථාර්තයක් බවට පාඨකයා වෙත කතෘ විසින් ගෙන එනු ලබන ආකාරය ඉතාමත් සාර්ථකය. මෙහිදී කතුවරයා විසින් එළිදක්වන්නේ ප්‍රතිනිර්මාණය කරන්නේ ලාංකීය මිනිසුන් අත්විදිනා දේවල්ය.මෙම නව කතාව පාඨකයාගේ ආකර්ෂණයට ලක් කරන ලද රුපත්මක බසක් බව මනාව පෙන්නුම් කරන ලැබීම මෙහි සුවිශේෂිත්වය බව අවසානයට සඳහන් කිරීමට කැමැත්තෙමි.

Subscribe to:
Posts (Atom)