Tuesday, May 26, 2020

බෙංගාල බොක්ක ... මෙතරම් බිහිසුණු ඇයි ?


මැයි සහ ඔක්තෝම්බර් මාස වලදී ශ්‍රී ලංකාවට මුහුණ දීමට ස්වභාවික විපත් අතරින් මුල් තැනක් ගන්නේ තද සුළං ,අකුණු කුණාටු වැසි සහ නාය යාම්ය.තාවකාලිකව සහ වාර්ෂිකව ඇති වන කාලගුණික වෙනස්වීම්  මෙම තත්වයට බලපාන අතර මෝසම් සුළඟ සහ බෙංගාල බොක්කේ ඇතිවන වාසුළි වායු ගෝලීය ප්‍රධාන සංසිද්ධින්ය.මිනිස් ජිවිත වලට සහ ගෙවල් දොරවල් සහ වගාවන්ට මෙම විපත් වලින් ඇතිවන බලපෑම අසීමිතය.

උත්තර අක්ෂාංශ 5 -22 අතරද , නැ:දේ 80-90ද  අතර බටහිර ඉන්දියාව ,ඉන්දුනීසියාව ,ශ්‍රී ලංකාව ,බංගලා දේශය ,මියන්මාරය ,යන රටවලට මායිම්ව පිහිටි , වර්ග කිමි :2173000ක් පුරා පැතිරුණ කිමි 1600 ක් පුළුල් වූ ,අඩි 8500ක පමණ ගැඹුරින් යුත් බෙංගාල බොක්කේ භෞතික පිහිටීම මෙයට හේතුවයි.බෙංගාල බොක්ක ලොව විශාලතම මුහුදු බොක්ක වන අතර ,අන්තර්  නිවර්තන අභිසාරී  කලාපයේ උණුසුම් වේදිකාව ලෙස හඳුන්වයි.එමෙන්ම මෙය නිවර්තන කලාපයේ ඇති මාරාන්තික සුලිසුලන් ජනිත කරවන කලාපයයි.

මෙම ප්‍රදේශය මේ නමින් හඳුන්වන්නේ උතුරු අර්ධ ගෝලයේ මෙන්ම  දකුණු අර්ධ ගෝලයේ සිට හමා එන අධික සුළං ධාරාවන් එකිනෙක කේන්ද්‍රගත වන ස්ථානය නම් කරුණ පදනම් කරගෙනයි.මෙහිදී දෙපසින්ම හමා එන සුළං ප්‍රවාහන වල ඝට්ටනය හේතු කොටගෙන මෙම කැළඹිලි තත්වයන් ඇතිවේ.එලෙසම සමහර අවස්තාවන් වල හමා එන සුළං වල දිශානති වල වර්තනය වීම් නැතහොත් හැරවීම්  හේතු කොටගෙනත් මෙම කැළඹිලි තත්වයන් ඇති වන බව දැන් හොයාගෙන තිබේ.


                                                         http://www.gujaratweather.com/

ඉන්දියාවේ විශාලතම ගංගාව වන ගංගා නදී , ගොධාවරී, ක්‍රිෂ්ණා ,මේඝ්නා ,කාවේරි ,බ්‍රහ්මපුත්‍ර බෙංගාල බොක්කට ගලා බසී.ප්ලේටෝ සීන යුගයේ මහද්වීප නිර්මාණයේදී මහද්වීප වල බෑවුම් බෙංගාල බොක්ක දෙසට බෑවුම් වී තිබේ.

බෙංගාල බොක්කේ දේශගුණය ,බොහෝ දුරට මෝසම් සුළං මත තීරණය වේ.උත්තර අර්ධ ගෝලයට උෂ්ණ සාමය උදා වන ජුනි ,සැප්තැම්බර් කාල වලදී බෙංගාල බොක්කේ අඩු පීඩන මධ්‍යස්ථානයක් හට ගනී.තුන්පැත්තකින් ගොඩබිමින් වටවී තිබෙන නිසා උෂ්ණ සමයේදී රත්වන බෙංගාල බොක්කේ මාධ්යේ ඇති වායුව ඉහල නැගීමට පටන් ගනී.මේ නිසා ඇතිවන හිඩැස පිරවීමට බෙංගාල බොක්ක අවට පිහිටි උස්බිම් වලින් සුළං හැමීමට පටන් ගනී.මීළඟ අවස්ථාවේදී අඩු වායු පීඩන කලාපය වැඩි වායු පීඩන කලාපයක් බවට පත්ව ,කැරකෙමින් වාසුලියක් බවට පත්ව ගමන් කිරීමට පටන් ගනී. බෙංගාල බොක්කට නිරිත දිගින් පිහිටි ශ්‍රී ලංකාවට වාසුළි වල බලපෑම කෙලින්ම පතිත නොවුවත් බලපෑම් ඇති කරයි.අඩු වායු පීඩන කලාපය වෙත , ඉන්දියන් සාගරය හරහා ඇදී එන වායු දහරා ශ්‍රී ලංකාවට ඉහලින් ගමන් කරයි. මෙවර ඇති වූ සුළි කුණාටු සමයේදීද ලංකාවේ බටහිර ,නිරිත ,දකුණ සහ මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් වලට, අධික වර්ෂාවක් පතිත වූයේ මේ නිසාය .


සුළි කුණාටු නිසා දැඩි බලපෑමක් ලැබෙන්නේ බටහිර ඉන්දියාව ,සහ බංගලාදේශයයි.සුළගින් සහ ගංවතුරින් මෙම ප්‍රදේශ වල සමහර අවස්ථා වලදී දහස් ගණනක් අසරණ වේ.බෙංගාල බොක්ක වටා පිහිටි ගොඩබිම් ප්‍රදේශය සහ ඉන්දියාවේ බටහිර ඝාර්ඩ්ස් කඳුවැටි ,හිමාලයා වැනි උස්බිම් නිසා අඩු දින ප්‍රමාණයකින් සුළගේ බලය අක්‍රිය කරවයි.

දිවයින අවට මුහුදු ප්‍රදේශවල තරමක් තද ...


1970,1999 වර්ෂ වලදී මෙලෙස ඇතිවූ සුළි කුණාටු වලින් ඉන්දියාවේ හා බංගලාදේශයේ විශාල සංඛ්‍යාවක් මරණයට පවා පත්විය.මෙයට හොඳම නිදසුනක් වන්නේ 2011 වසරේදී බෙංගාල බොක්කේ ඇතිවූ අවපීඩන තත්වය හේතු කොටගෙන ඇතිවූ කැළඹිලි ස්වභාවයයි.ඒ අවපීඩන තත්වය හේතුවෙන් ඒ දිනවලදී කොලබ ප්‍රදේශයට අසමාන වර්ශාපතනයක් ඇද හැලි ඇති අතර අධික සිතලකින් සහ මිදුමකින් වැසි ගොස් ඇත.වසර 100ක ඉතිහාසය තුළ නැගෙනහිර ප්‍රදේශයට  ඇදහැළුණු වැඩිම වර්ෂාපතන වාර්තා වී ඇත්තේ ද  ඒ දිනවලයි.එමෙන්ම වසර 61 ඉතිහාසයේ කොලබ දිස්ත්‍රික්කයේ අඩුම උෂ්ණත්වය ද වාර්තාවීම විශේෂත්වයකි.එම තත්වයන්ට බලපෑ කරුණ වුයේ ලානිනා නමැති තත්වයයි.ලානිනා යනු කුඩා දැරිය යන්නයි.මේ හේතුවෙන් සාගර උෂ්ණත්වය එම සමයේදී වැඩි වී ඇති අතර ඒ නිසා ඕස්ට්‍රේලියා සහ ආසියා මහද්වීප වලට අධික වැසි හලිමත්,උතුරු ඇමරිකාවට අධික හිම පතනයක් සහ දකුණු ඇමරිකාවට දැඩි නියන් තත්වයක් ඇතිවීමද සිදු වී තිබේ.

Sri Lanka flood levels begin to reduce, more rain expected – Lanka ...

මෙතරම් විනාශයකට තුඩු දුන්නත් බෙංගාල බොක්ක යනු විශාල සමුද්‍රික පරිසරයකින් මෙන්ම ජෛව විවිධත්වය අතින් පොහොසත් කලාපයකි.කඩොලාන, හිරිගල් පර සහ මුහුදු ජීවින්ගෙන්  යුක්ත මෙය ලොව විශාලතම සමුද්‍රික පරිසර පද්ධතීන් 64න් එකක් වීම සුවිශේෂිය.















Friday, May 22, 2020

අනුරාගයේ මුල් පොත - කමලා දාස්

කමල දාස්ගේ : අනුරාගයේ මුල් පොත ...

"පිරිමි ප්‍රේමයේ නොව අනුරාගයේ බැඳෙති

ගැහැණු තමන්ගේ විනාශය කැඳවන ප්‍රේමයෙහි බැඳෙති
වෙනස ඇත්තේ එතනය - කමලා දාස් "

තරුණ රැඩිකල්වාදී , භාරතීය සාහිත්‍ය ලෝලීන් අතර ඉතා ජනප්‍රිය කිවිඳියක, කතුවරියක හා දේශපාලන නායිකාවක වන මලයාලි ජාතික කමලා දාස්  විසින් ඉංග්‍රීසි බසින් රචනා කරන ලද " Alphabet of Lust " නමැති ග්‍රන්ථය ඉන්දියානු සාහිත්‍යයේ විප්ලවයක් සිදුකල නවකතාවක් ලෙස හැඳින්විය හැකිය.මෙම කෘතිය ප්‍රවීණ ගත්කතුවර ඩබ්ලිව් ඒ අබේසිංහ මහතා විසින් "අනුරාගයේ මුල් පොත නමින් සිංහලයට පරිවර්තනය කර ඇත.එකල අභ්‍යන්තරයෙන් ඔද්දල්ව පවතින භාරතීය දේශපාලනය, ගැහැණු මිනිසුන්ගේ කුහකකම් , එම සමාජ ,දේශපාලන අක්‍රමිකතාවට විරුද්ධව නැගී සිටින අරාජිකවාදී ගති ලක්ෂණ පල කරන රැඩිකල් ව්‍යාප්තිය , කාන්තා විමුක්තිය ,ස්ත්‍රීවාදය යන කරුණු අඩුවැඩි වශයෙන් මෙම ග්‍රන්ථයෙහි චරිත මගින් නිරුපනය කරයි.

බල ලෝභය සහ ධනය හඹා යන මානවි නමැති තරුණ කිවිඳිය තරුණයකු හා ප්‍රේම සම්බන්ධතාවයක් ඇති කර ගන්නා අතර , ඔහු ගුවන් අනතුරකින් මිය යයි.මේ වන විට ගැබිනියක්ව සිටි ඇය මාපියන් විසින් ඇයට වඩා වැඩිමහල් රාජ්‍ය නිලධාරියෙකුට විවහා කර දෙයි.ඔවුන්ගේ අදහස් නොගැලපීම නිසා ඇතිවන ඝට්ටනයන් ඇය දේශපාලනයට පිවිසීමෙන් පසු  රාජ්‍ය නායකයින් පවා ඇයගේ අතේ නැටවෙන රුකඩ බවට පත්වනන් වන ආකාරය කමලා දාස් විස්තර කරයි.විජායි රජේ නමැති තරුණ සල්ලාල ඇමතිවරයා විෂමාචාර චරිතයකින්යුක්ත වන අතර මනාසි ට දියමන්හි කරාබු යුවලක් තෑගී දෙන බව පවසා සිම්ලාවේ නිවාඩුවක් ගත කිරීමට ඇරයුම් කරයි.ඇත්ත වශයෙන්ම මෙම කිවිඳිය තම ආත්ම ගෞරවය සහ පතිවුර්තාව පාවා දෙන්නේ දියමන්ති වලට ඇති ආශාව නිසාමද ? නැතහොත් වැඩි වයස් සැමියකු හා විවහා වූ සිටින ඇය තරුණයින් කෙරෙහි ඇතිවන ආකර්ෂණය නිසාද ?මෙහෙදී කතුවරිය මනෝ විශ්ලේෂණයක යෙදේ.සමාජයේ සිදුවන නොගැලපෙන විවාහ බොහෝ විට අවසන් වන්නේ මහා ඛේදවාචකයකිනි.

"මවක් වරදෙහි බැඳෙන විට විශේෂයෙන්ම ගැහැණු දරුවන්,අනාරක්ෂිත තත්වයට පත් වෙන අතර, ජිවිත ගැටළු වලට පවා ලක්වේ.කමලා දාස් කතුවරිය ඇයගේ නව කතාව ඔස්සේ එම ප්‍රශ්නය කෙලින්ම සාකච්ජා කරයි.මනාසිගේ පෙම්වතා ඇයගේ දියණියව ද වරදට පොළඹවයි.රැකියාව දේශපාලනය වැනි හේතුන් මත මවුවරුන් දරුවන්ගෙන් ඈත් වීම ඉතාමත් ඛේදජනක ලෙස ළමා ජිවිත විනාශයට ඇද දමයි.මනාසි මන්ත්‍රිවරියට ඇයගේ දියණියගේ උපන් දිනයදා පවා  ඇය සමග සිටීමට කාලවේලාවක් නොමැති වේ.මා පිය සම්බන්ධතාවයන්ගෙන් ඈත් වීම ළමා ජිවිත පරිහානියට පත්වීමට  හේතුවන ප්‍රධාන මානසික සාධකයක් බව ලොව පුරා මනෝ විද්‍යාඥයින්ගේ සැලකිල්ලට ලක් වූ කරුණකි.

එමෙන්ම හුදෙක් අනුරාගය පදනම් කරගත් කතාවක් පමණක්ම නොවන මෙය සිංහ වෙස් ගත්  වෘකයින් වැනිවූ කපටි දේශපාලනඥයින් ගේ දුෂිත නිරුවන හෙළිදරව් කරන අපුරුම වෘතාන්තයකි.මිතුරු වෙසින් සිට ඔවුන් සිදුකරන මිනීමැරුම් සාපරාධි ක්‍රියා, කුළල් කා ගැනීම් මෙන්ම කාන්තා චරිත සහ ඔවුන්ගේ දක්ෂතාවයන් දේශපාලකයින්ගේ ඉහල නැගීමට ඉණිමගක් ලෙස යොදාගන්නා ආකාරයද පැහැදිලි කරයි.ඔවුන් ජනප්‍රිය වන්නේ තම දක්ෂතාවයෙන් පමණක් නොව අනුන්ගේ උගත් කම, බුද්ධිමත් බව සහ නිර්මාණශිලිත්වය ප්‍රයෝජනයට ගැනීමෙනි. කාන්තාවන්ගේ දුර්වල චරිත වලින් ප්‍රයෝජන ගන්නා පිරිමින් මෙන්ම ඔවුන්ට පිහිට වන උතුම් පුගලයින්ද සමාජයේ නැතුවා නොවෙයි.මනාසිගේ දරුවාව පියකු ලෙස බාර ගන්නා අමෝල් මිත්‍ර මෙවැනි චරිතයකි.ඔහු සිය දරුවකු මෙන් මෙම දැරිය රැක බලා ගනී.රැඩිකල් වාදී දේශපාලන අදහස් දරණ ,සුපර්ණාගේ හොදම මිතුරා වූ සයිරස් , වරදෙහි බැඳුණු ඇයගේ ජීවිතය ගොඩ ගැනීමට ඉදිරිපත් වීම තවත් නිදසුනකි.ඔවුන් තුල ඇත්තේ කායික බැඳීමෙන් ඔබ්බට ගිය අධ්‍යාත්මික ආදරයකි.හින්දු දහමේ සහ බෞද්ධාගමේ සඳහන් කරුණාව , මෛත්‍රිය පෙරදැරි කොටගත් අදහස් කමලා දාස් ට ද බලපා ඇත.දිට්ඨ ධම්ම වේදනීය කර්ම නියමය බලපාන ආකාරය තරුණ වීජායිගේ දේශපාලන ලෝකය අවසානයේදී දෙදරා යාමෙන් මනාව පැහැදිලි වේ.

ආදරය සහ අනුරාගය අතර දෝලනය වන කාන්තා චරිතයක් ඔස්සේ  සමස්ත කාන්තා සමාජයටම බලපාන   මනෝවිද්‍යාත්මක විමසුමක්  අනුරාගයේ මුල් පොත ඇසුරින් ගැඹුරින් විවරණය කර ඇත.එමෙන්ම මනුෂ්‍ය ආත්මයේ සහ හදවතේ ගැඹුරුතම ස්ථානයන් පිළිබඳව මනා හෙළිදරව්වක් මේ ග්‍රන්ථය  ඔස්සේ රසිකයා වෙත ලං කිරීමට කතුවරිය ගත් උත්සාහය විශිෂ්ට වේ.









Monday, May 11, 2020

කොලරාඩෝ ගංගා නිම්නය

උතුරු ඇමරිකාවේ ප්‍රධානම ගංගාව වන්නේ රොකි ගංගාවෙන් ඇරඹෙන කොලරාඩෝ ගංගාවයි.මෙය එක්සත් ජනපදයේ සිට වයඹ දිග මෙක්සිකෝවේ කැලිෆෝනියා බොක්ක වෙත ගලා යයි.එහි ජාල ප්‍රවාහන ද්‍රෝණියේ සිට වර්ග කිලෝමීටර් 637000ක් ඇතුලත ප්‍රදේශය ආවරණය වන අතර වයෝමින් ,කොලරාඩෝ ටා ,නව මෙක්සිකෝ නෙවාඩා, ඇරිසෝනා සහ කැලිෆෝනියා යන ප්‍රාන්ත හත ආවරණය වේ.ගංගාවේ සිට සැතපුම් 17ක දුරින් ඇරිසෝනා ව සහ මෙක්සිකෝව අතර ඇති ජාත්‍යන්තර මායිම දක්නට ලැබීම සුවිශේෂිත්වයයි.

කොලරාඩෝ ගංගාව ඇමරිකානු මහද්වීපයේ පැතිර ඇති විශාල ශුෂ්ක ප්‍රදේශයක් හරහා ගලාගෙන යන අතර එහි කඩිනම් සංවර්ධනය හේතු කොටගෙන එය Lifeline of the Southwest (නිරිත දිග ජිවන මාර්ගය) නමින් හැඳින්වේ. හුදකලාවූ ගංගාව පිලිබඳ නැවතත් ලොවට අනාවරණය වීමට පටන් ගත්තේ හයිඩ්‍රෝලීක් ඉංජිනේරු ව්‍යාපෘති මාලාවක් ද්‍රෝණියට අවධානය යොමු වීමෙන් පසුවය.මෙම ගංගාවේ ජාල සැපයුම ඩෙන්වර් සිට ටිජුවානා දක්වා ව්‍යාප්තව ඇති කෘෂිකර්මාන්තය ,කාර්මාන්ත සඳහා ජල සැපයුම් ලබා දෙන අතර වාර්ෂික ආර්ථික කටයුතු සඳහා ඩොලර් ත්‍රිලියන 1.4කට ඉන්ධන සපයනු ලබයි.මසුන් ඇල්ලීම ,වයිට් වෝටර් පැඩ්ලින්ග් ,බැක් පැකින්ග් ,වනජීවී නැරඹුම් මෙන්ම කඳු නැගීම වැනි විනෝදාත්මක ඉසව් සඳහා පමණක් ඩොලර් බිලියන 26කින් දායක වේ.

වර්තමානය වන විට කොලරාඩෝ ගංගාව ලාස් වේගාස් , ලොස් ඇන්ජලිස් ,සැන් ඩියාගෝ ,ෆීනික්ස් සහ ටක්සන් යන නගර වලට ජලය සපයන අතර ඉල්ලුමට වඩා සැපයුම ලබා දෙන අතර අක්කර මිලියන ගණනක ජාල හිඟයකට මුහුණ පා ඇති අතර විද්‍යාඥයින්ට අනුව ෆැසිෆික් සාගරයට පෙර කොලරාඩෝ ගංගාව වියළි යාමේ අවධානමකට ලක්ව ඇත.දැනට පවතින දේශගුණික විපර්‍යාස හේතුවෙන් 2050 වන විට ගංගාවේ ගලායාම 10% - 30% දක්වා අඩු වේ යයි අපේක්ෂා කෙරේ.2015ඇමරිකානු ජනපදයේ වඳවීගෙන යන ගංගා වාර්තාවට අනුව අංක 1ට වාර්තාවී ඇත්තේද කොලරාඩෝ ගංගාව වීම කණගාටුදායක තත්වයකි.

කැනියොන් වල පුජනිය හදවතෙහි ස්ථාපිත කිරීමට නියමිත වූ පරිමාණ කාර්මික ව්‍යාපෘතිය යුරේනියම් කැණීම් ඇතුලත් පතල් සමුහය ඔස්සේ සිදුවන විකිරනශීලි දුෂණය සහ දකුණු මායිමේ ඇතිවන භූගත ජලය පොම්ප කිරීම පුළුල් කිරීමත් හේතුවෙන් දැවැන්ත විභව සංවර්ධනයක්  සිදුවන බව පැවසේ.
බටහිර සම්පත් උපදේශකයින් ට අනුව කොලරාඩෝ නිම්නය පිලිබඳ තවමත් බලාපොරොත්තු තබාගත හැකිය.ඔවුන්ට අනුව කොලරාඩෝ ගංගා ද්‍රෝණියේ අක්කර  අඩි මිලියන 4.4ක ජාල ප්‍රමාණයක් ඉතිරි කර ගත හැකි ක්‍රම 5ක් සොයාගෙන ඇත.

මෙම මිටියාවත් අතුරින් දර්ශනියතම නිම්නය වන්නේ ග්‍රෑන්ඩ් කැනියොන් නිම්නයයි.එය පාරියා මුවේ සිට ග්‍රෑන්ඩ් වොෂ් ඇළ දක්වා විහිදේ.ගිනිකොන දිග ටා හි පිහිටා ඇති Green සහ Colorado ගංගා හා කැනියොන්ඩ්ල්ස් ජාතික වනෝද්‍යානය මගින් මෙහි තවත් ප්‍රදේශයක් ආවරණය කරනු ලබයි.

පහල කොලරෝඩාව මොජාවේ සහ සොනොරන් යන කාන්තාර දෙකෙන් වටවී ඇති අතර සොනොරන් කාන්තාරයේ උප කොටසක Salton (සැල්ටෝන් ද්‍රෝණිය )පිහිටා ඇත.එය විශාල ව්‍යුහාත්මක අවපාතයක් වන අතර වයඹ දිගින් කැලිෆෝනියා බොක්කෙහි සිට සැතපුම් 150ක් දුරින් විහිදී ඇත.එක කාලයකදී බොක්ක කොලරාඩෝව ඇතුළු වන ස්ථානයට ඉහලින් වයඹ දෙසට පැතිරී ගිය  අතර ගංගාවේ රොන්මඩ කඳුකරයටත් කඳුකරයෙන් ගල්ෆ් වෙතත් පැතිර ආහ.ක්‍රමයෙන් එහි විශාල වේල්ලක් නිර්මාණය කරනු ලද අතර ජලය උතුරෙන් දකුණට වෙන් විය.පසුව කොලරාඩෝ බොක්ක වෙත ඇළ මාර්ගයක් නිර්මාණය කල අතර මුහුදෙන් වෙන් කල ජලය ක්‍රමයෙන් වාෂ්ප වී මුහුදු මට්ටමේ සිට අඩි 235ක් ආවරණය වන පරිදි කාන්තාරයේ විශාල ප්‍රදේශයක් වෙත විහිදේ.

1905දී කැලිෆෝනියා - මෙක්සිකෝ දේශ සිමාවට සැතපුම් 3ක් දකුණු දෙසින් ගංවතුර ගලා බැස්මක් ඇති විය.එහි ප්‍රතිපලයක් ලෙස කොලරාඩෝ හි ජලය සොල්ටන් බැස්මට ගලා යන්නට වුයේ අඩි 70ක් පමණ ගැඹුරු සැතපුම් 50ක් දිග සැතපුම් 10ක් පළලකින් යුතු සොල්ටන් මුහුද නිර්මාණය වූ අතර එහි වර්ග ප්‍රමාණය වර්ග සැතපුම් 300කින් යුක්ත වේ.පසුව කෘෂිකර්මිකව පොහොසත් වූ ඉම්පීරියල් නිම්නය මේ හේතුවෙන් ජලයෙන් යටවීමේ තර්ජනයට මුහුණ පෑ අතර ප්‍රධාන දුම්රිය මාර්ගයක් ස්ථිරව  වසා දැමීමේ තර්ජනයක් පැමිණියේය.

අද සොල්ටන් මුහුද ඉම්පීරියල් සහ කොචේල්ලා නිම්නවල වාරිමාර්ග ව්‍යාපෘති වලින් අපද්‍රව්‍ය ලබා ගැනීමේ ද්‍රෝණියක් ලෙස භාවිත වන අතර එමගින් කොලරාඩෝ ඇමරිකා ඇළ ඔස්සේ ජලය ලබා ගනී. කොලරාඩෝ ජලවාහන ප්‍රදේශය පුළුල් වූ ස්වභාවික පරිසර පද්ධතියකින් යුක්ත වේ.මේ පෙදෙස ඇල්පයින් ට්‍රුන්ඩා සහ කේතුධර වනාන්තර තුල පැවති උඩු ගංගා සහ ඉහල උන්නතාංශ වල පිහිටි උස් සානු  හරහා පිහිටා ඇති පීනොන් පයින් ශාඛ, ජුනිපර් සහ Sagebrush වලින් මෙන්ම කැනියොන් හරහා ඇති අර්ධ සානු සහ ඩෙල්ටාව ක්‍රියෝසොට් පඳුරු සහ වෙනත් ශුෂ්ක වූ කාන්තාර පැළෑටි වලින් සමන්විත වේ.

එමෙන්ම මෙම ප්‍රදේශය විවිධ වූ සත්ව වර්ගයන්ගෙන් යුතු විභජනයකට ලක්ව ඇති වාස භූමියක් වී ඇති අතර එල්ක්,කඳුකර බැටළුවන්,,කොටළුවන්, මුවන් ,සිංහයන් ,බොබ්කැට්ස් ,කොයෙට්ස් ,ග්‍රීස්ලි වලසුන් සහ අළු වෘකයන් වැනි ක්ෂීරපායි මෙහි වෙසෙති.එලෙසින්ම බීවර්,කස්තුරි සහ මුඩු රාජාලින් වැනි කුරුල්ලන්ද විලෝ,කපු පුළුන් සහ සියඹලා වැනි ශාඛ වලින්ද මෙම ද්‍රෝණිය නිර්මාණය වී ඇත.

වත්මන් ගංගා ආශ්‍රිත සංවර්ධනය හේතුකොටගෙන  කොලරාඩෝ ද්‍රෝණිය වටා පැතිර ඇති ස්වදේශීය ඒකදේශික සතුන්ගේ සහ පක්ෂීන්ගේ වාසස්ථාන රැසක් විනාශ වෙමින් පවතින අතර 19 වන ශතවර්ෂයේදී අහම්බයකින් හඳුන්වා දුන් සියඹලා පඳුරු ගං ඉවුරේ ව්‍යාප්ත වෙමින් පවතින අතර ගංගාවේ පතුලටම මේවයේ මුල් බැසීම නිසා කොළවල අඩංගු වූ අධික පාරදුශ්‍ය අනුපාතය හේතුකොටගෙන විශාල ජල පරිමාණයක් උරා ගනී.එමෙන්ම විශාල ගොවිපල වල ගොවි ආර්ථිකයට උපකාර වූ විලෝපිකයින් විශාල වශයෙන් තුරන් කරවන ලද්දේ ක්‍රමනුකුලවය.එයට එක් නිදසුනක් වන්නේ මෙහි විශාල වශයෙන් ගොවි ආර්ථිකයට සහ සමෞර්ධියට හේතුවක් වූ  දිය බල්ලන් විනාශ වීමය.20වන ශතවර්ෂය මැද භාගයේදී තුරන් කරන ලද ඒකදේශික මත්ස්‍ය වර්ගයන් 4ක් වූ හම්ප්ක් බැක් චබ් ,බෝනිටෙල් චබ්,කොලරාඩෝ ස්කොව්ෆිෂ් ,සහ රේසර් බැක් සුකර් මත්සයන් වඳවීමේ තර්ජනයට මුහුණ පෑ හෙයින් ඔවුන්ව විශාල මුදලක් වියදම් කරමින් විශේෂ පනතක් යටතේ ආරක්ෂණයට බඳුන් කර ඇත.

කොලරාඩෝ නිම්නයේ ඉතිහාසය ගෙන බලන විට ඌට් සහ පයුට් ඉන්දියන් ගෝත්‍රිකයින් සියවස් ගණනාවක සිට ඉහළ කොලරාඩෝ ද්‍රෝණියේ සානුවල සහ කැනියොන් වල දඩයම් කිරීමට එකතු වුහ.පහල ද්‍රෝණියේ ඇති ගිලා සහ ලුණු ගංගා වල හොහාකම් ඉන්දියානුවෝ විසින් ඇමරිකානු බටහිර විශාලතම ප්‍රාග් ඓතිහාසික ඇළ මාර්ග පද්ධතිය ගොඩ නගන ලද්දාහ.යුමාන් ගෝත්‍රිකයෝ ගොවිතැන් කිරීමේදී හා දඩයම් කිරීමේදී වඩාත් පුළුල් ක්‍රමයන් අනුගමනය කරන ලද අතර එහි ගලා යාම වාරිමාර්ග සඳහාද පරිවර්තනය විය.

සුදු ජාතිකයින් විසින් කල ආර්ථික සුරාකෑම් වල ප්‍රතිපලයක් ලෙස එම ප්රෙදේශයෙහි ඇතිව වූ පාරිසරික වෙනස්වීම් හමුවේ පාරම්පරික ඉන්දියානුවන් විසින් ගංගාව හා බැඳුනු සම්ප්‍රධායික ජිවන මාර්ගයන් තව දුරටත් පවත්වා ගැනීමට අරගල කළහ.

කොලරාඩෝ ගංගා නිම්නයේ නුතනය ආරම්භ වුයේ 16වන සියවසේ මැද භාගයේ සහ ස්පාඥ ගවේෂණයන්ගෙන් හා ජනාවාසයන්ගෙන් වේ.ඇමරිකානු මිනින්දෝරුවන් විසින් සිවිල් යුද්ධයට පෙර මාර්ග ගමන් බලපත්‍ර සහ භෞමික සිමාවන් කෙරෙහි අවධානය යොමු කරන ලදී.ඉන්දියානු චර පුරුෂයන්ගේ උදව් ඇතිව ඔවුන් ගංගා සහ අතු ගංගා වල පිහිටීම් අවශ්‍ය පරිදි සිතියම් ගත කරන ලදී.

1847දී මෝමන්වරු ට්ටාහි ද්‍රෝණියේ පදිංචි වූ අතර ඇරිසෝනා දක්වා ඇති කොලොරාඩෝ හි අතු ගංගා නිම්න කරා සංක්‍රමණය වී ඇති අතර විද්‍යාත්මක පරීක්ෂණ සඳහා අවැසි දැනුම ලබා ගත්හ.අභ්‍යන්තර නාවික ව්‍යවස්තදයකයින් වූ ජෝසප් ක්‍රිස්මස් ,අයිව්ස් වැන්නන් ගංගාවේ යාත්‍රා කිරීමේ හැකියාව ගණනය කරන ලදී.ෆෙඩරල් රජය මගින්  1870දී ප්‍රධාන විද්‍යාත්මක සමීක්ෂණ සඳහා අනුග්‍රහය දක්වන ලද අතර ,ජෝන් වෙස්ලි පාවෙල් විසින් සිදුකල විශිෂ්ඨ ගවේෂණය බෙහෙවින් ජනප්‍රිය වූ අතර එය ඉතාමත් භයංකාර අත්දැකීමක් විය.මෙහිදී පවේල්ගේ පර්යේෂණ පැහැදිලි වූ විස්තරයන්ගෙන්, භූ විද්‍යාත්මක සැකස්මන්ගෙන් සහ ඉන් ඉන්දියානු සංස්කෘතිය පිලිබඳ විචිත්‍රවත් විස්තර රැසක් අනාවරණය කරනු ලබයි.