හැරී පොටර් විසින් ජිවිතයේ සමහර දේවල් අපි මැරෙනවට වඩා හොඳ බව මට ඉගැන්නුවා .
රෝන් වීස්ලි වාසනාවට වඩා සියදහස් ගුණයක් , තමන්ගේ සිතේ තමන් පිලිබඳ ඇතිවන ආත්ම විශ්වාසය බලවත් බව මට ඉගැන්නුවා.
හමය්නි ග්‍රේන්ජර් ගැහැණු ළමයකුගේ වටිනාම සම්පත තමන් ලබන ඉගෙනුම බව මට ඉගැන්නුවා .
සවර්ස් ස්නේප් මට පැවසුවේ කිසිදිනක, කිසිවෙක්ව විනිශ්ෂය නොකරන ලෙසයි.
රුබියස් හැග්රිඩ් සෑම දෙයක්ම යම් කිසි දෘෂ්ටි කෝණයකින්, සුන්දර විය හැකි බව මට පැවසුවේය.
ජිනි වෙස්ලි මට පහදා දුන්නේ එක්වරම ඔබට එක්වරම නිර්භීත බව හා සුන්දර බව ලබා ගත හැකි බවයි.
ලිලි පොටර් විසින් මාතෘ ආදරය පෘතුවියේ බලවත්ම ආයුධය සහ ශක්තිය බව මට ඉගැන්වුවාය.
රීමිස් ලුපින් විසින් මා බිය යුතු එකම දෙය බිය බව පහදා දුන්නේය.
අපි ඇත්තටම ආදරය කරන අය, අපව කිසිදිනෙක හැර නොයන බව මට පහදා දුන්නේ සීරියස් බ්ලැක් විසිනි.
ඇල්බස් ඩම්බ්ල්ඩොර් සිතින් සහ අධ්‍යාත්මයෙන් යහපත් මිනිසුන්ට යථාර්තයේදී යහපත් විය නොහැකි බව මට කියා දුන්නේය.
ඩ්රැකෝ මැල්ෆොයි මට ඉගැන්නුවේ අයහපත් මිනිසුන්ට යථාර්තයේදී සැමවිටම අයහපත් විය නොහැකි බවයි.
නෙවිල් ලෝන්ග්බොටම් ධෛර්ය යනු ඔබේ ආත්මයේ ගැඹුරුම තැනකට ඔබ බියවුවද ,නිවැරදි දේ පිළිගත යුතු බව පහදා දුන්නේය.
ලුනා ලවුගුඩ් විසින් අත්භුත වීම පුදුමසහගත බව පෙන්වා දුන්නාය.
ඩොබි විසින් නිදහස ත්යාගයයක් බව ඉගැන්වූයේය.
ලුසියස් මැල්ෆෝයි විසින් මුදල් හෝ සම්බන්දතා සඳහා සැබෑ මිතුරන් මිලදී ගත නොහැකි බව කියා දුන්නේය.
ෆ්‍රෙඩ් සහ ජෝර්ජ වීස්ලි නිරතුරුවම මට පෙන්වා දුන්නේ ,සමහර විටක අපට අවශ්‍ය වන්නේ සුන්දර සිනහවක් පමණක් බවයි.
ඩර්ස්ලිස් මට පෙන්වා දුන්නේ පරිකල්පනයෙන් තොර ලෝකය නීරස සහ අඳුරු තැනක් බවයි.
ආතර් වීස්ලි මට ඉගැන්වූයේ කුතුහලය මිශ්‍රිත සුළු බිය සාමාන්‍ය දෙයක් බවයි.
මොලී වෙස්ලි විසින් ප්‍රීතිමත් පවුලක් රත්රන් වලින් මැනීමට නොහැකි බව කීවාය.
බෙලාට්‍රික්ස් ලෙස්ට්රෙන්ජ් මට හොදින්ම පහදා දුන්නේ වෛරය සහ ක්‍රෝධය නිසා ඔබ උමතු වන අතර සුන්දර සිතක් ඇති පුද්ගලයකු රාක්ෂයකු බවට පත් කිරීමටද හැකි බවයි.
ක්රිචර් මට ඉගැන්වූයේ යම් පුද්ගලයකු පිළිබඳව අවබෝධ කර ගැනීමට නම් ,ඔහු ඔහු යටතේ සිටින නිලධාරීන් හා ගණුදෙනු කරන ආකාරය සොයා බලන ලෙසයි.
නිම්ෆඩෝරා ටොන්ක්ස් ඉගැන්නුවේ ,මගේ පෙනුම කුමක් වුවත් තමන්ටම ආදරය කරන ලෙසයි.
සිබිල්ලා ට්රේලවිනි පැවසුවේ අපිට අපේ අනාගතය මිසක් අතීතය වෙනස් කල නොහැකි බවයි.
මිනර්වා මැක්නොගල් ඉගැන්වූයේ ඕනිම වයසකදී සටන් කිරීම අගනා හේතුවක් බවයි.
හෙඩ්විග් විසින් අප ඇතිදැඩි කරන සුරතල් සතුන් ගැන අපේ හිතේ ඇතිවන ආදරය අවංක විය යුතු බවයි.
වෝල්ඩමෝට් සාමිවරයා මට පහදා දුන්නේ ආදරයක් අහිමි ජීවිතය ජිවිතයක් නොවන බවයි.
එලෙසින්ම
ජෝන් රෝව්ලින්ග් විසින් මට ඉගැන්වූයේ අපි ආදරය කරන කතන්දර සදාකාලිකවම අප වටා අප සමගින් මතකයේ රැඳෙන බවයි.
නිලක්ෂි බණ්ඩාර
06/06/2020