Tuesday, March 25, 2025

මහාචාර්ය ගණනාත් ඔබේසේකර මහතා සිය දිවි සැරිය නිම කරයි.




ගනනාථ ඔබේසේකර මහතා ඇමරිකාවේ ප්‍රින්ස්ටන් විශ්වවිද්‍යාලයේ මානව විද්‍යාව පිලිබඳ සම්මානිත මහාචාර්යවරයෙකි.

ඔහු ශ්‍රීලංකාවේ බුදුදහම, ජනවාර්ගික ගැටලුව වැනි ප්‍රධාන තේමාවන් ඉතාම විසල් අධ්‍යයනයකින් යුතුව සිදුකල මහාචාර්යවරයෙකි.

1995 දී ලංකා විශ්ව විද්‍යාලයෙන් ඉංග්‍රීසි භාෂාව පිලිබඳ BA උපාධිය ලබාගෙන 1958 දී ශ්‍රාස්ත්‍රපති උපාධිය ලබාගන්නා ලදී.1964 දී වොෂින්ටන් විශ්වවිද්‍යාලයෙන් සිය ආචාර්ය උපාධිය ලබාගත් අතර ලංකා විශ්ව විද්‍යාලයේ සහ වොෂින්ටන් විශ්වවිද්‍යාලය සහ කැලිෆෝනියාවේ සැන්දියාගෝ යන විද්ව විද්‍යාල වල කථිකාචාර්යවරයකු ලෙස සේවය කරන ලදී.

1990 දී ඔහු මාර්ෂල් සහලින්ග්ස් සමගින් ස්වදේශික ජනයාගේ තර්කනය උදෙසා බුද්ධිමය විවාදයක් ගෙන ගියේය.1779 දී හවායි දුපත් හිදී සිදුවූ ජේම්ස් කුක්ගේ මරණයෙන් පසු එහි ජයනා ඔහුව දේවත්වයෙන් පිදීම පිලිබඳ මෙම සුප්‍රසිද්ධ විවාදය ඇති විය,. 


මහචාර්ය ඔබේසේකරයන් පොත් 11ක් ලිවූ ලේඛකයෙක්ද වන අතර විත්ති පොත්, කඩයිම් පොත් වැනි නුවර යුගය හා සම්බන්ධ වෙලුම් ගණනාවක් සංස්කරණය කල සංස්කාරකවරයෙක් ලෙසද ප්‍රසිද්ධියට පත්ව ඇත.ලොහු ඉංග්‍රීසි අධ්‍යනයෙන් මානව අධ්‍යනයට පැමිණීම සහ එංගලන්තයට උසස් අධ්‍යනය උදෙසා බොහෝ පිරිසක් ගිය අවධියක එක්සත් ජනපදයට යාම ජිවිතේ ගත් එඩිතර තීරණයන් ලෙස බොහෝ දෙනා සලකති.එමෙන්ම බුද්ධාගම පිලිබඳ අධ්‍යයනය සමාජීය විද්‍යා කේන්ද්‍රයට මුලින්ම රැගෙන ආවේද මහාචාර්ය ඔබේසේකරයන් විසිනි.එමෙන්ම සිංහල බුද්ධාගම පිළිබඳව මෙන්ම ප්රෙන්තකොස්ත බුද්ධාගම පිලිබඳ සංකල්පයද ඔප්නැංවූවේ ඔබේසේකරයන් විසිනි.ඔහු මානවවංශ ලේඛකයෙකු වන අතර එම ලේඛනය සිදු කිරීමේදී වෙනස් සංස්කෘතීන් අධ්‍යනයට ල;ලක් කරන විට පරිස්සම්සහගත විය යුතු බවද ඔහු විශේෂයෙන් සඳහන් කරන ලදී.ඔහුගේ ලියමන් තුළ දක්නට ලැබෙන සුවිශේෂීම කරුණ වන්නේ මානවවංශ ලේඛනය මනෝවිද්‍යාව සමග සංයෝජනය කරමින් ලිවීමයි.බුද්ධාගම පිළිබඳව විශ්ලේෂණය කිරීමට ඔහු වෙබර්ගේ අදහස් මුලික කරගැනීමද විශේෂත්වයකි.


2004 වසරේදී ආචාර්ය නීලන් තිරුවෙල්වම් අනුස්මරණය වෙනුවෙන් ජුලි 29 වැනි දින ජනවාර්ගික අධ්යනන කේන්ද්‍රයේදී සිදුකල දේශනය The Matrilineal East Coast Circa 1968 :Nostlagia in Our Troubled Time වශයෙන් 2004 දී පලවිය.

ඔහු රචිත කෘති අතර දුටුගැමුණුගේ හර්ද ශාක්ෂිය ,ප්‍රොතෙස්තන්ත බුදු දහම සහ පත්තිනි ඇදහිල්ල ප්‍රධාන වේ. එමෙන්ම  Guggenheim for Social Sciences, US & Canada ආදී සම්මාන රැසකින්ද මෙතුමන් පිදුම් ලබා ඇත.




මෙවන් මහා සේවයක් රට වෙනුවෙන් සිදුකල ඔබට නිවන් සුව ලැබේවා !

අන්තර්ජාලය,කතිකා  වෙබ් අඩවිය සහ විකිපීඩියා ඇසුරෙන්.


Friday, March 21, 2025

අපේ කාලයේ පිය සටහන් - කර්තෘ පන්තක භාතිය සිරිවර්ධන

 



වත්මන් සමාජයේ අපට අසන්නට දකින්නට ලැබෙන සමාජීය ගැටළු සහ අත්දකින දේ ඇසුරින් රචිත දිගු කෙටි කතා පෙළක් වන අපේ කාලයේ පිය සටහන් කෘතිය මානව සම්බන්ධතා , සමාජයේ අත්දකින විෂමතා මනාව එළිදරව් කරන නිර්මාණයකි.


කැසිනෝවේ මරණය ගතහොත් වත්මන් සමාජයේ පවතින විෂමතාවයන් මනාව එළිදැක්වුණ කෙටි කතාවකි.සමාජය පිලිබඳ අත්දැකීම් අඩු තරුණියන් මුලා කර අනීතික ක්‍රියාවන්හි යොදවන ආකාරය මනා හැදෑරීමකින් යුතුව රචනා කර ඇත. රටේ ප්‍රභලතම මිනිසුන්ගේ සහය ඇතුව සිදුවන ක්‍රියාකාරකම් රැසක් මේ ඔස්සේ හෙළිදරව් වෙයි. සමාජය ආරක්ෂා කිරීමට බැඳී සිටින පොලිස් නිලධාරීන්ට පවා ඇතිවන තර්ජනයන් , ඔවුන් සහ අනීතික ක්‍රියාවන් සිදු කරන පිරිස හා සිදුවන ඝට්ටනයන් පිළිබඳව මනා හැඳින්වීමක් අපට ලබාගත හැකිය. මෙම කෙටි කතාව කියවාගෙන යාමේදී මට සිහිපත් වුයේ ප්‍රදීපා ධර්මදාස මහත්මිය ගයන 

කොලොම් තොටින් නැව් නැග්ගේ අපේ රටේ මනුස්සකම.....

 කොළොම්තොටට ගොඩ බැස්සේ අමනකමයි ඒ වෙනුවට......... ගීතයයි. 

විවුර්ත ආර්ථිකයත් සමගින් මත්ද්‍රව්‍ය, කැසිනෝ ඇතුළු අනීතික බොහෝ දේවල් වලට රට විවුර්ත වීමේ ප්‍රතිපල අපුරුවට මෙම කෙටි කතාව ඔස්සේ පෙන්නුම් කරයි.


පිතෘත්වය.

උගත් බුද්ධිමත් මිනිසුන්ටත් ජිවිතයේ තමන් ගන්නා සමහර තීරණ නිසා අසරණවීම් වලට ලක්වනවාද යන්න මනාව තීව්ර වන කතාවකි.සැමවිටම කෙලින් තීරණයක් ගැනීමට තරම් ආත්ම විශ්වාසයක් ඕනෑම කෙනෙකුට තිබීම වැදගත්ය. කාංචනාගේ පියා ඉදිරියේදී පාලිත නොසැලී සිටියා නම් කාන්චනා සමගින් ඔහුට සතුටින් ජිවත් වීමට  අවස්තාව තිබුණි. බිරිඳගේ සංකර ජීවිතය නිහඩ චරිතයක් වූ උපාලිගේ ගතිගුණ සහ හැසිරීම් සමගින් ගැටෙන විට දෙලොවක් අතරට මැදිවන ඔහුගේ මානසිකත්වය අපට හොදින් දැකගත හැකිය. දරු සෙනෙහස ඉදිරියේදී ඔහු අසරණත්වයට පත් වුනත් , ඔහු නිවැරදි තීරණයක් ගනී යයි කතාවේ ගලායාම ඔස්සේ අපට සිතිය හැකිය.

කොවිඩ් 19 

පුජිත යනු සුරන්ජිත් මහාචාර්යවරයා පිලිබඳ හොඳින්ම දැන සිටි පුද්ගලයාය.සුරන්ජිත් යනු තම දැනුමෙන් ඉමහත් සේවයක් කල තැනැත්තෙකි. ඔහුගේ මරණය අභිරහසකි. එය පාඨකයාට ඇඟවීමට කතාව ආරම්භයේදීම කතුවරයා අපුරු පරිසර වර්ණනාවකින් සිදුවුණු අභාග්‍යසම්පන්න සිදුවීම හඳුන්වා ඇත.නිසැකවම ඔහු කොවිඩ් වසංගතයට එරෙහිව ප්‍රතිකර්මයක් සොයා ගන්නට ඇත. එය දැනගත් ඖෂධ සමාගමට අයත් පිරිසක් ඔහුව මරා මෙම ඖෂධය පහර ගන්නට ඇත. මෙවන් සිදුවීම් ලංකාවේ මිට පෙරද සිදුවුණු බව ඔබට මතකයට නැගේවි. වෛද්‍ය සේනක බිබිලේ මහතාටද මෙවැනි ඉරණමක් අත් විය.

කොවිඩ් වැනි වසංගත අතීතයේදී පවතී බවත් පුරාණ වෛද්‍යවරුන් ඒවාට පිළියම් යොදා සුවපත් කළහ. මෙතැනදී මරණ බිය පුජිතටද දැනුන බව අපට දැනෙන දෙයකි. ඔහුගේ මානසිකත්වය ඔහුගේ හැසිරීමෙන් පිළිඹිබු වේ,.

විප්ලවය

ලාංකීය දේශපාලනයේ ජාගර බව අපුරුවට වටහා දෙන විප්ලවය කතාව ඔස්සේ පරම්පරාවෙන් පරම්පරාවට උරුම වන දේශපාලනයේ ඇති විෂමබව මනාව පෙන්වා දෙන්නේ හින් බන්ඩා ගේ සහ නිහාල්ගේ ක්‍රියාවන් ඔස්සේය. නමුත් විශ්වජිත් එම චක්‍රය කඩා දමමින් සාමාන්‍ය ජනතාව හා එකතුවන්නේ හින්බන්ගෙඩා කල්ක්රියාවට මරු පහරක් එක කරමිනි. ඔහු මෙම රට වෙනස් කිරීමේ ව්‍යාපාරයට එකතු වන්නේ අධ්‍යාපනයෙන් ලත් දැනුමද සමගය.ඔහු පළමුව නවීන තාක්ෂනය ඔස්සේ ප්‍රදේශය තුළ පවතින ක්‍රමය වෙනස් කිරීමේ ව්‍යාපාරයක් ආරම්භ කරන අතර ටික කලකින් ඒ සඳහා විදේශගතව සිටින ශ්‍රීලංකිකයින්ගේද සහ ලබා ගනී.පවතින අසාධාරණ පාලන ක්‍රමය   විප්ලවයකින් තොරව වෙනස් කල හැකි බව මෙම කතාවෙන් පවසයි. 

රටේ ණය බර තරුණ ප්‍රශ්න රැකි රක්ෂා ගැටළු ව ,අඩියට විසඳුම් සෙවීමට විශ්වගේ ව්‍යාපාරය කටයුතු කරන අතර මෙම දියුණුවත් සමගම එය දේශපාලන ව්‍යාපාරයක් බවට පත් වෙයි. මේ අතර ප්‍රදේශයේ සිටින රජයේ ඇමතිවරයා වන නිහාල් සහ ජනාධිපතිවරයා අතර මතබේද ඇති වන්නේ විශ්වජිත් ගේ වැඩ කටයුතු අනාවරණය කර ගැනීමට නොහැකි වූ හෙයිනි. දේශපාලනයෙහි අරමුණ විය යුත්තේ සාධාරණ දේශයක් නිර්මාණය කිරීම මිස , පාලකයින් අසාධාරණ ක්‍රියා මාර්ග මගින් මුදල් ඉපයීම නොවේ.එවන් අයට වැඩි ආයුෂක් නැත. මෙවන් පුළුල් පරාසයක් තුළ දේශපාලන සිද්ධි දාමයක් පනතක මහතා විසින් මෙම කතාව ඔඅස්සේ නිරාවරණය කරයි.

මෙම කෙටි කතා තුලින් සමාජයේ සිදුවන අකටයුතුකම් මනාව විවරණය කරන අතරම විවිධ සමාජ පැතිකඩ ඔස්සේ පාඨකයින්ව සමාජය දෙස නවමු ඇසකින් බැලීමට ලේඛකයා ඔවුන්ව පොළඹවයි,. මෙවන් තවත් අපූරු  නිර්මාණයන් කිසිමට ශක්තිය ලැබෙන්නට  පන්ථක මහතාට සුබ පැතුම් එක කරමි!!!

නිලක්ෂි බණ්ඩාර

21/03/2025.