Thursday, June 28, 2018

හරි පුදුම ඉස්කෝලේ





1981 වර්ෂයේදී  ජපන් ජාතික ටෙට්සුකෝ කුරයනාගී විසින් ජපන් බසින් රචනා කරන ලද " මදොගිවා  නො ටෝට්ටෝ චන් " නමැති කෘතිය ලෝක වාර්තා තබමින්  මාස 16 ක් තුල පිටපත් ලක්ෂ 50 ඉක්මවා අලෙවි වූ ලොව පුරා අධ්‍යාපන වේදීන්ගේ නොමද අවධානයට පාත්‍ර වූ ග්‍රන්ථයකි.අධ්‍යාපනඥයකු වූ ලීලානන්ද  ගමාච්චි මහතා විසින් මෙය සිංහලයට පරිවර්තනය කර ඇත.

මෙම පොතෙහි ඇත්තේ දෙවන ලෝක සංග්‍රාමය සිදුවූ අවධියේදී ටෝකියෝ නගරය ආශ්‍රිතව පිහිටා තිබු අසිරිමත් පර්යේෂණ පාසලක් පිලිබඳ තොරතුරු ය .එහි සිසුවියක විසින් තමා එහෙදි ලද අත්දැකීම් පිළිබඳව සිදු කරන විස්තරයකි. පන්ති කාමර , පුස්තකාල ලෙස දුම්රිය මැදිරි කිහිපයක් උපයෝගී කරගෙන සැලසුම් කර තිබු මෙම පාසල ස්වභාව ධර්මයා හා වඩාත් සම්බන්ධව ඇති අතර සොසොකු කොබයාශි නමැති සුවිසේෂි අධ්‍යාපනඥයකු විසින්  පවත්වාගෙන යනු ලැබිය.

කොච්චි පෙට්ටි තුල තිබු පන්ති කාමරවල සිසුන් වැඩි කැමැත්තක් දැක්වූ අතර නිදහස, විනෝදය සහ ආදරය මැද ළමෝ ඉගෙනුම ලැබුහ.
" ළමයින්ගේ උතුම් බලාපොරොත්තු නොනසන්න .ඔවුන්ගේ සිහින ඔබගේ සිහිනවලට වඩා විශාලය" යන්න කොබයාශි  මහතාගේ අවවාදයයි. දඟකාර දැරියක ලෙස අවුරුදු හතේදී  පළමුවන ශ්‍රේණියෙන් නෙරපා හරිනු ලැබූ ටෙට්සුකෝ කුරයනාගී මෙම පාසලට බැඳුනු අතර පසු කාලීනව ජපානයේ සුපතල , ජනප්‍රියතම රුපවාහිනී ශිල්පිනියක් බවට පත් වුවාය.

 සිය අධ්‍යාපනයෙන් පසු ඉතිරි කාලය ළමුන් කැමති ක්‍රියාවක යෙදීමට ඉඩ දීම ඉතාමත් සාර්ථක වූ බව ලේඛිකාව පවසයි. ළමා නිදහස් චින්තනය සංකල්පය තුලින් අධ්‍යාපනයේ සාර්ථකත්වය මේ යයි  හඬගා කියන මෙම නවකතාව අධ්‍යාපනික මෙන්ම මනෝවිද්‍යාත්මකව ද වැදගත් වන  සියලුම වයස් කාණ්ඩ වල සහ අධ්‍යාපන ක්ෂේත්‍රයේ රැකියාවල නියුතු සැමටම  බැලිය යුතු වටිනා කෘතියකි.

Thursday, June 14, 2018

පුංචි දුවේ

වෙරළ ඉමේ රළු මුහුදු කොණේ
බෙලි කටු අහුලන පුංචි දුවේ
නොහදන් වැලි මාලිගා තවත්
රළු රළ පෙරලන සයුරු තෙරේ

පෙණ පිඩු නගනා මුදු රළ සොඳුරුයි
පියඹයි වැහි ලිහිණින් අහසේ
පාවෙන රතු , වළා පෙළින්
මවයි රූප නිල් අහස් ගැබේ

රළ පෙළ දරුණුයි සැරින් සැරේ
කඩා දමයි මාලිගා අපේ
වැටෙයි කඳුළු බිඳු නුඹේ නෙතින්
ඈතට දුවපන් නොයිද තවත්

ඈත එපිට ගම්මාන මැදින්
පාරක් අත නුඹ පැමිණෙන තෙක්
තෝරාගෙන මග නුඹ ගියෝතින්
හමුවනු අත කෙම්බිම නිසැකින්


Monday, June 4, 2018

කාෆිර් ජනයාට ජන්ම භුමිය වූ පුත්තලමේ සිරම්බි අඩිය


කෆීර් ජනයා යනු අප්‍රිකානු ජනයාගේ සම්මිශ්‍රිත වූ ශ්‍රී ලංකික ජනසම්භාවයකින් යුතු පුත්තලමේ සිරම්බි අඩිය ප්‍රදේශයෙහි ජිවත් වන සාමකාමී ජන කොට්ටශයකි මොවුන් මොසැම්බික් ,මැඩගස්කාර් , උගන්ඩා වැනි රට වලින් පිරිස 2000ක් පමණ හමුදා සේවයටත් ප්‍රභූ ජනයාගේ පවුල් වල මෙහෙකාර සේවයටත් කැඳවා ගෙන තිබේ.වැඩි වශයෙන්ම පැමිණ ඇත්තේ 1 වන ලෝක යුද්ධ සමයේදීය .පෘතුගීසින් , යුරෝපා ජාතිකයින්ද මොවුන්ව මේ යුදයේදී වහල් සේවයේ නිරතවූ බව පිළිගැනේ,
ලංකාවේ බලය අල්ලා ගත පෘතුග්‍රීසීන් 1630 දී ගෝවේ සිට මෙරටට මොවුන්ව ගෙන ආ බවත් කියවෙනවා. 1807 දී කාපිරි ජාතික සෙබළුන් 300ක් පමණ සිට ඇති අතර ඉංග්‍රීසින් යටතේ කාපිරි ජාතිකයින් 300ක් කොලබ ආශ්‍රිතව සිට ඇත. මොවුන් කොණ්ඩය බොකුටු ,තියුණු ඇස් සහ තොල් සහිත නිග්‍රෝ කාණ්ඩයට අයත් වුවන් වේ.

මොවුන් රජයෙන් හදා දුන් නිවාස වල ජිවත් වන අතර රැකියාව ලෙස පෙදරේරු කර්මාන්තය කුලී වැඩ සහ ගොවිතැනෙන් ජිවත් වෙති.මොවුන්ගේ දරුවන් පුත්තලම සිරම්බි අඩි මහා විද්‍යාලයේ ඉගෙනුම ලබයි.

මොවුන් සිලෝන් කැෆර් ජන සමුහයට අයත් වන අතර මොවුන් අදහන්නේ රෝමානු කතෝලික ආගමයි.සිරම්බි අඩි ගම්මානයේ දැනට මොවුන්ගේ පවුල් 40ක් පමණ වාසය කරනවා.මොසැම්බික් රට පෘතුගීසින් විසින් බොහෝ කාලයක් යටත් කරන සිටි බවයි මුලාශ්‍ර වලින් හෙලිවෙන්නේ.

ලන්දේසින් ගේ යටතට ශ්‍රීලංකාව පත්වූ පසු මොවුන් බන්ධනාගාර වල සිරකරුවන් බලා ගැනීම කච්චේරි වල ප්‍රථමික ගනයේ රැකියා වලට ආදී රැකියාවන් වල යෙදිමට පටන් ගත්හ.එමෙන්ම පුත්තම ලුණු ලේවයේ ,කොලබ කොම්පැනි වීදියේද සේවය කල බවත් බොහෝ දෙනෙකු
ඉංග‍්‍රීසි ආණ්ඩුව කාලේ තුන්වැනි ලංකා රෙජිමේන්තුවේ සේවය කල බවත් පොත පතෙහි අඩංගු වන කරුණක්.ඉංග්‍රීසි ආණ්ඩු කාලයේ ‘සෙල්ල කණ්ඩල්’ නමින් කාපිරි කොලනියක් තිබූ බව සේනානායක මුදියන්සේ විසින් රචනා කරන ලද ‘සැඟවුණු සුවඳ’ කෘතියේ සඳහන් වේ.

මොවුන් පිළිබඳව පර්යේෂණ කල ආචාර්ය එම් ගුණතිලක මහතා පවසන ආකාරයට මෙම භාෂාව කතා කිරීමට පමණක් ඇති අක්ෂර මාලාවක් නොමැති භාෂාවකි.එමෙන්ම ඉන්දු පෘතුග්‍රීසි භාෂාවට සමානත්වයක් ඇති බවත් එතුමා විසින් පවසා ඇත.

එතුමාට අනුව සිරම්බි අඩි යන වචනය දෙමල භාෂාවෙන් ගස උඩ පැලක් යන අර්ථය ලබා දෙන්නකි.මොවුන්ට විශේෂිත වූ භාෂාවක් සහ සංස්කෘතියක් ඇති අතර එය ලන්දේසි ඉංග්‍රීසි ප්තුගිසි සහ සිංහල සංස්කෘතීන් වල මිශ්‍රණයකි.
මොවුන්ගේ පරම්පරාවෙන් පැවතගෙන ආ අපුරු ගීත කොටසක් ඇති අතර එමෙන්ම ඔවුන්ගේ ආවේණික වූ රඟන විලසයක්ද එහි යන්නවුන්ට දැකිය හැක.මෙම කපිරිඥ ගීත විවාහා මංගල උත්සව වලදී, ක්‍රිස්තියානි නම් ගත කිරීම් වලදී භාවිතා කරයි.

සිංහල නෝනා
එයූ කරේනසා
පොරතාන්තරේ පුර්තාන්තරේ පියානමස්‌දා
පියා නමන්දා
පියා නමස්‌දා.
මෙය පෘතුගීසි තරුණයෙක්‌ සිංහල තරුණියකට විවාහය සඳහා ආරාධනා කරන ආකාරයක්‌ ගැන්වේන ගීතයකි.
මොවුන් භාවිතා කරන සංගීතය මාඤ්ජ ලෙස හඳුන්වනු ලබන අතර ඒ සඳහා මොවුන් පොල් කටු දෙකයි, ඩෝලයයි, රබාන, බෝතලය සල්ලි හැඳි දෙකයි භාවිතා කරනු ලබයි. ආචාර්ය එම් ගුණතිලක මහතාට අනුව මාඤ්ජ යන වචනය පෘතුග්‍රීසි භාෂාවේදී මර්චස් යනුවෙන් හඳුන්වනු ලබයි .ඒ සංගීතය විසේශයෙන්ම මංගල උත්සව වලදී වාදනය සහ ගායනය කරනු ලබයි.

බ්‍රෝහියර් දුටු ලංකාව පොතේ මොහු කෆීර් වරුන්ගේ සාදයක් දුටු ආකාරය මෙසේ විස්තර කරයි .
සති අන්තයක ඉර බැසයන ගොම්මන් යාමයේ ඔවුහු ඒ සඳහා සූදානම් වූහ. පොල්තෙල් පහන්ද දර කොටන්ද දල්වන ලදි. නරඹන්නෝ පැදුරුවල දිගාවී සිටියහ. ඔවුන්ගේ පන් මලූවල පවුලටම සෑහෙන්න කැවිලි පෙවිලි විය. සමහරු කේක් වර්ගද තවත් සමහරු උකු හොදිවල පෙඟවූ ආප්ප සහ ඉඳිආප්පද ගිල දැමූහ. සමහරු ලබුකැටවලින් ගෙන එන ලද රා පානය කළහ. එහි කුකුළන් කෙටවීමද විය. එහෙත් වැඩිදෙනා ප‍්‍රිය කළේ සංගීතයටය. නැටුමටය. සංගීත සහ නැටුම් උත්සව පැවැත්වීමට ඔවුන්ට ඕනෑතරම් නිමිති විය. උපන් දිනයක්, සංවත්සරයක්, දරුවකු ක‍්‍රිස්තියානි කිරීමක් මතු නොව හොඳට හඳ පායා තිබීමත් ඊට හේතුවිය.’

Photos from Rawaya NEws PAper