වෙරළ ඉමේ රළු මුහුදු කොණේ
බෙලි කටු අහුලන පුංචි දුවේ
නොහදන් වැලි මාලිගා තවත්
රළු රළ පෙරලන සයුරු තෙරේ
පෙණ පිඩු නගනා මුදු රළ සොඳුරුයි
පියඹයි වැහි ලිහිණින් අහසේ
පාවෙන රතු , වළා පෙළින්
මවයි රූප නිල් අහස් ගැබේ
රළ පෙළ දරුණුයි සැරින් සැරේ
කඩා දමයි මාලිගා අපේ
වැටෙයි කඳුළු බිඳු නුඹේ නෙතින්
ඈතට දුවපන් නොයිද තවත්
ඈත එපිට ගම්මාන මැදින්
පාරක් අත නුඹ පැමිණෙන තෙක්
තෝරාගෙන මග නුඹ ගියෝතින්
හමුවනු අත කෙම්බිම නිසැකින්
දුවට කියවන්න දෙන්න පුළුවන්.. ස්තුතියි!
ReplyDeleteස්තුතියි අයියේ.එය සතුටක්
Deleteඇතුලේ වෙන අදහසක් තියනවා වගේ. මේක කියවද්දී නන්දා මාලිනීගේ "ගෙඩි සියයක් බිම හෙලුවත්- අප්පච්චිට එක ගෙඩියයි" සිංදුව මතක් උනා.
ReplyDeleteස්තුතියි අයියේ. :)
Deleteනිලක්ෂි ,
ReplyDeleteමම ලබන අවුරුද්දේ මුලදී සවන අන්තර්ජාල රේඩියෝවට කවි ගැන වැඩසටහනක් කරන්න ඉන්නවා . ඔබේ කවි එමගින් ඉදිරිපත් කිරීමටත් , සංවර්ධනාත්මක ප්රතිචාරයක් ( Constructive Feedback )සම්පත් දායකයින් මගින් ලබා දෙන්නත් පුළුවන් . ඔබේ කැමැත්ත සහ අවසරය මගේ විද්යුත් ලිපිනයට එවන්න . වැඩසටහන් ආකෘතිය සහ ඔබේ පුර්ව පිටපත සහ අවසන් පිටපත විද්යුත් තැපෑල හරහා බෙදා ගන්නම් . අනුරුද්ධ ......ahasgawwa1@gmail.com