චිංගිස් අයිත්මාව් විසින් රචනා කරන ලද වේලාසන කොක්කු සරති කෘතිය 1941 - 1945 දෙවන ලෝක යුධ සමයේ කිරිකිස්තානයේ පිහිටි කුඩා ගම්මානයක ළමුන් පිරිසකගේ සන්සිදුවීම් රැසක් ගැන අන්තර්ගත කෘතියකි. මේ මගින් දෙවන ලෝක යුධ සමයේ කිරික්ස්තාන් ගම්මානය පිළිබඳව විස්තර කරයි. එකල තිබුණු යුධමය තත්වය හේතු කොට ගෙන අවි දැරීමට හැකි ශක්තිමත් සියලුම පිරිමින් පිරිස යුධ අණින් යුධ හමුදා පෙරමුණට කැඳවා ගෙන යති.කාන්තාවන් සහ දරුවන් නිවෙස්වල වැඩ කටයුතු කරගෙන සිටිති. මෙහිදී අයිත්මාව් විසින් එම ගම්මානයේ සාමාන්‍ය ජනතාවගේ ක්‍රියාකාරකම් හා ඔවුන්ගේ නිර්භීත බවත් ඔවුන් යුධ පෙරමුණට ගිය තම ඥාතීන් පිළිබඳව දුක් වෙන අකරයටැහැ ප්‍රබල භාෂා ශෛලියකින් මනාව විස්තර කර ඇත.
වැඩිහිටි මැදිවියේ පිරිමින් කරන වැඩ කටයුතු සියල්ලම තරුණ වියේ සිටි යොවුන් තරුණයින් වෙත පැවැරිණි. මොවුන් මේ අවධියේදී ගොවිතැන් කරමින් හාමින් ගොවිපල වැඩ කටයුතු කරමින් දුෂ්කරවූ යුධ වාතාවරණය යටතේ පළමු වතාවට වගා කිරීමට අක්සායි පෙදෙසට යවයි. මෙම තරුණ පිරිසේ සිටි දක්ෂතම තරුණයා වූ සුල්තාන්මුරත් ගේ සිතේ ඇති වන ප්‍රේමය මුල් අද්දන අයුරු ඉතාමත් අපුරුවට මෙම කතාව හරහා අයිත්මාව් රසිකයාගේ සිතේ චිත්‍රණය කරයි.
එලෙසම තරුණ පරපුරේ සිහින සහ බලාපොරොත්තු යුද්ධය විසින් පැහැර ගන්නා ආකාරය මනාව මෙම කෘතිය තුලින් විවරණය කරයි.පාසලින් පිට කර ගොවිබිමේ වැඩට දරුවන් යැවීම, නිවෙස්වෛන් ඈත් කිරීම වැනි ක්‍රියාකාරකම් නිසා දරුවන්ගේ මනස මානසිකව ඇදහැලීමකට පත්වේ.
චිංගිස් අයිත්මාව් යනු විශිෂ්ට ඝණයේ කතුවරයකු බව මෙම චරිතයන් ජීවමානව පාඨක මනසේ ඇඳ දැක්වීම සහ ඔවුන්ගේ හැඟීම් පොත කියවන පතක මනසේ ලැගුම් ගන්නා අකාරය යන කරුණු මගින් මනාව පෙන්නුම් කරයි.

+++++++
ReplyDeleteස්තුතියි ඉයන් අයියේ
Delete