Sunday, January 6, 2019

Dame Daphne du Maurier, Lady Browning dem

Dame Daphne Du Maurier, Lady Browning යනු 1907 -1989 අතර කාලයේ එනම් 20 වැනි සියවසේ සිටි ඉංග්‍රීසි රචිකාවියක් සේම නාට්‍ය පිටපත් රචිකාවියකි. ඇයව ප්‍රචලිත වුයේ ආදරණිය රෝමාන්තික නව කතා ලියන්නියක් ලෙසය. සම්මත විද්‍යා ගවේෂණ වලට පරිබාහිර වූ චිත්ත ස්වභාවය ඉස්මතු කර පෙන්වන නව කතා ලෙසය. අයගේ මුල්ම කතාව විචාරකයින් ගේ සැලකිල්ලට බඳුන් නොවූ අතර ඒ හරහා නිපදවූ නාට්‍ය හේතුකොටගෙන විසල් අදායමක් උපදවා ඒ පිළිබඳව මැය නමක් දිනා ගත්තාය. මැයගේ නව කතා චිත්‍රපට වලටද අනුවර්තනය වූ අතර  ඒ කෘතීන් අතර Rebecca, My cousin Rachel,   Jamaica Inn යන නව කතාද The Birds සහ Don't Look Now යන කෙටි කතාද වේ. මැයගේ කෘතීන්  විචාරශීලි වූ යුගයක පුළුල් පරාසයකින් පිළිගැනීමට ලක්විය.

ඇය 1907 මැයි 13 උපත ලද අතර මෙතුමිය ජිවිත කාලයෙන් බොහෝ කලක් කොන්වෝල්  Cornwall වල ගත කල අතර මේ සාමය තුල ඇය ගේ නම නව කතා සාහිත්‍ය තුල විසල් ලෙස ප්‍රසිද්ධ වන්නට විය.ඒ සමගම ඇය සමාජයෙන් වෙන්ව හුදකලාව ජිවත් වන්නට පටන් ගත්තාය.

ඇයගේ පියා නළුවකු සහ කළමනාකරුවකු වූ ශ්‍රීමත්  ජෙරල්ඩ් ඩියු මොරිර්  වූ අතර මව  නිළියකු සහ ජනමාධ්‍යවේදිනියක් වූ  මුරියෙල් බෝමන් විය.ඇයගේ සියා ප්‍රසිද්ධ කාටුන් චිත්‍ර ශිල්පියකු සහ ලේඛකයකු  වූ ජෝර්ජ් ඩියු මොරිර් විය.මැයගේ පවුලේ උදවියගේ සාහිත්‍ය මාධ්‍යයට තිබු සම්බන්දතා මැයගේ ලේඛන දිවියට මහත් සේ උපකාරී වූ බව නොරහසකි.

මැයගේ සාහිත්‍ය ලිපි ලේඛන මුලින්ම පත්තර වල පළවූ අතර Beaumont's Bystander පුවත්පත මැයගේ ජනප්‍රියත්වය රඳවා ගැනීමට බෙහෙවින් උපකාරී විය.ඇයගේ පළමු නව කතාව වුයේ 1931 දී පළවූ  The Loving spirit කෘතියයි.1938 දී රචනා කල The  Rebecca  කෘතිය මැයගේ ජනප්‍රියත්වයට බෙහෙවින් මග පෑදු කෘතියක් අතර 1935 -1965 කාල සීමාව අතර තුරදී මෙම කෘතියෙහි  පිටපත් මිලියන 3කට අධික සංඛ්‍යාවක් විකිණුනි. එලෙසින්ම මෙම කෘතිය ජනප්‍රියත්වයේ ඉහලම ස්ථානය්යේ පිහිටි අතර මෙය බොහෝ ලෙස වේදිකා නාට්‍යයක් ලෙස බොහෝ ස්ථානවල දර්ශනයට බඳුන් වන්නට වුහ.ඇමරිකාවේදී  Dame Daphne du Maurier,  ඇමරිකානු පොත් ප්‍රකාශකයින්ගේ සංගමයේ ජාතික පුස්තක සම්මානයෙන් පිදුම් ලබන ලදී. The Rebecca කෘතිය  BBC හි 2003 සංඝනනයට  අනුව අංක 14 වැනි ජාතියේ හොඳම ආදරණිය නව කතාව ලෙසට නම් ලද්දේය. මෙම කෘතිය රචනා කලේ ඊජිප්තුවේදී හමුදා බිරිඳක් ලෙස කටුක ජිවිතයක් ගත කල අවදියේදීය.මෙය කාන්තාවන්ගේ සිත තුල ඇතිවන අධික චිත්තවේගයන්  ගේ හැදෑරීමක් ලෙස සිදුකල පර්යේෂණාත්මක කෘතියක් ලෙසද ගත හැකිය.

මැයගේ  අනිකුත් කෘතීන් අතර අර්ථවත් කෘතීන් ලෙස The scapegoat , The House on the Strand සහ The Kings General කෘතීන් නම් කල හැකිය. වේදිකාවේ රඟදක්වන ලද නාට්‍ය පිටපත් අතරට  Jamaica InnFrenchman's CreekHungry Hill, and My Cousin Rachel ගැනේ. ඇයගේ කෙටිකතා වලින්  1963 වසරේ රචිත The  Hitchcock  සහ The  Birds යන කෙටිකතා නාට්‍ය බවට අනුවර්තනය වන ලදී.1963 දී The  Don't  Look  Now  කෘතිය චිත්‍රපටයක් ලෙස සිනමාවට එක්  විය. Jamaica  inn  චිත්‍රපටිය ත්‍රාසජනක කතාවක් වූ අතර බොහෝ චිත්‍රපට නිෂ්පාදකයින්ගේ අවධානයට ලක්වුවක් විය.

ඇයගේ නව කතා සැමවිටම අවසන්වුයේ සතුටකින් වීම නිසා ඇයව ආදරණිය කතා රචිකාවක් ලෙස නම්විම පිළිබඳව ඇය සිටියේ පසුතැවිමකින් සහ කලකිරීමකිනි. ඇයව අගය කල විලියම් විල් කි කොල්කින්සන්  සහ අනික් රචකයින්ගේ ගේ කෘති හා සසඳද්දී  මැය බොහෝවිට සංවේදී බව දනවන පොත් ලියා ඇත. 1965 ඇයගේ  සැමියාගේ මරණින් පසු සිතේ ඇතිවූ ගැඹුරු සන්තාපය නිසා ඇයගේ සහජ කුසලතාවයන් පිරිහීමේ අවධානමකට ලක්වුණි. ඇයගේ  පාරම්පරික නිවසෙහි බද්ද  කල්දමා ගැනීමට නොහැකි වුනි. පසුව ඇය පාර්  වල කිලිමාත් වලට යන ලදී. 1969 වසරේදී එහිදී  ඇයගේ වඩාත්ම පිළිගැනීමට ලක්වුණ ට The House on the Strand කෘතිය රචනා කරන ලදී. පසුකාලීනව ඇය නිර්මාණාත්මක ලිවීමෙහි දීමට නොහැකි වූ පුද්ගල පිරිහීමට  කාලය පැමිණි අතර  වයස 81 වුනු 1989 දී කොන්වොල්  වල පිහිටි  නිවසේදී මෙලොවින් සමුගන්නා ලද්දය.





2 comments:

ඔබෙ දිය පොදත් එක් කරන්න.........