Wednesday, March 13, 2019

කන්දක් සේමා


කන්දක් සේමා යනු සුමිත්‍රා රාහුබද්දයන්ගේ 2010 වසරේදී හොඳම රාජ්‍ය සම්මානයට පාත්‍ර වූ නව කතාවයි.මෙයට රාජ්‍ය සම්මාන පමණක් නොව විද්‍යෝදය සම්මාන, ගොඩගේ සම්මාන සේම පුස්තක සම්මානයද හිමිවිය.

කන්දක් සේමා කෘතිය 70 දශකයේ සන්සිදුවීම් ස්පර්ශ කරමින් එලි දක්නා ලද කෘතියකි.මෙහිදී එලි දක්වන සමාජීය ලක්ෂණයක් ලෙස එහි නිරූපිත ප්‍රේමය පෙන්වාදිය හැකිය.ප්‍රේමය මෙලොව සැමදෙනාටම පොදුවූ ධර්මතාවයකි.එය සමාජීය සත්වයාගේ උපතේ සිටම මෙලොව ආරම්භවූ දෙයකි.නමුදු ප්‍රේමය විදින තැනැත්තාගේ සිතේ ස්වභාවය , ප්‍රේමය දෙනු ලබන සහ ප්‍රේමය ලබන තැනැත්තා අනුව වෙනස් වන අතර සෑම යුවලකම පරමාදර්ශී චරිතයක් දක්නට ලැබේ.

කන්දක් සේමා නව කතාවේදී ප්‍රධාන චරිතයන් යුගලයක් දකින්නට ලැබෙන අතර ඒ නම් නූපා සහ මසයා සං ය.මොවුන් දෙදෙනාටද පරමාදර්ශී ප්‍රේමයක් සිතෙහි දක්නට ලැබේ, නුපාගේ පෙම්වතා පරමාදර්ශී චරිතයක් වන අතර නුපා යනු පරමාදර්ශී සිහිවටනයකි.යථෝක්ත චරිතයක් හරහා ප්‍රේමය සහ යථාර්තය අතර දෝලනය වන ඉච්චභාන්ගත්වය කතුවරිය විසින් ඉතාමත් අපුරුවට පාඨක මනස වෙත කන්දක් සේමා නව කතාව හරහා ගලාගෙන යාමට ඉඩ සලස්වයි.

නුපා යනු ලාංකීය පහල පන්තික ජන කොට්ටාශයක දිළිඳු පවුලක ඉපිද හැදී වැඩෙන 1990 ගණන් වල තරුණියක් වන අතර සියලු දුක් දෝමනස්සයන් ඉවසා දරා ගෙන ජිවිතයට මුහුණ දෙන ධෛර්යමත් කාන්තාවකි.වියපත් ජපන් ජාතිකයකු වූ මසයා සං හා විවහා වන නුපා විවාහයෙන් පසුව ජපානයේ නිගතා නුවර සන්ජෝ නගරයට වාසයට යයි. එසේ යාමට හේතු වන්න පුරවා ලිංගික ක්‍රියාවලියක ට මුහුණ දී එහි අනිසි ප්‍රතිපලයක් ලෙසය. දුගී දුප්පත්බව හේතු කොටගෙන ප්‍රේමය සහ පිරිමියා හරහා තම ජීවිතය සැපවත් කර ගැනීමේ අරමුණින්  15 වැනි වියේදී 25හැවිරිදි ජයනාත හා හා ඇති කර ගනු ලබන ප්‍රේමනීය සන්සිදුවිම හේතුකොටගෙන ඇතිවන දරු ගැබ ගබ්සාවකට ලක් වේ. වත්මන් තරුන්‍යයේදී ආදරයට සෙනෙහසට මුලික ස්ථානය  යොමු වන්නේ ලිංගිකත්වය ටය. නුපා යනු එකී තාරුණ්‍යය ගැබ් කරන්නාවූ සංකේතයයි.

නිගතාවේ වයසක මිනිසුන් හා ජීවත්වීමට එහි කාන්තාවන් කැමති වුයේ නැත.මන්ද එහිදී ඔවුනට අත්විඳීමට ලැබෙන ෂිනනෝ ගංගාව පිටාර ගැලීමයි.මෙයට හේතුව වුනේ එහි පිහිටි විසල් කන්දයි. එය බාධකයක් ලෙසින් පැන නැගුනු අතර එය මුහුද ට ගලාගෙන යාමට බාධකයක් ලෙස ගොඩ නැගුණි.මේ කන්ද කැපීමට අවශ්‍ය වූ අතර පිරිමින් එම කන්ද කපන අතරතුර පස් කරමත තබාගෙන කාන්තාවන්  කිලෝමීටර් ගණන් දුර දුක්විඳිමින් යාමට නිගතාවේ කාන්තාවන්ට සිදුවිය.මේ හේතුකොට ගෙන මෙම කතුන් නිගතාව අතහැර තෝකියෝ නුවර පැමිණ එහි පුරුෂයින් සොයාගෙන විවහා වුහ.මෙම කරුණු හේතු කොටගෙන ශ්‍රීලංකාව , පිලිපීනය වැනි රටවලින් කාන්තාවන් විවහා කරගෙන ජපානයට ගෙන ගියහ.මෙම සිදුවීමට මුහුණ දුන් බොහෝ කාන්තාවන් ලාබාල වයස් සීමාවල පසුවූවන් වේ.
කන්දක් සේමා කතාවට මුළ පාදක වුයේ මෙම කතාවයි.

ආසියාතික කාන්තාවන් මුහුණ පාන දුක් කම්කටොලු, සමාජ සම්මතයන් අභිබවා යාමට තැත් කිරීමේදී කාන්තාවන් මුණ දෙන ගැටළු සහ සමජෙය්දී මුහුණ දෙන අපවාද  පුරුෂ මුලික සමාජයේදී අත්විඳින්නට වන සංසිදුවීම් මෙම කෘතියට හේතු පාදක වී ඇත. විදේශයන්ගේ සේවයට යන ලාංකිකයන් දෙස මෙරට ජිවත් වන්නන් හෙලන දෘෂ්ටිකෝණය ඉතාමත් අපුරුවට අන්තර්ගත කර ඇති අතර පිටරට සේවයට යාමේදී මුහුණ දෙන ගැටළු, නන්න්දදුනන රටකදී භාෂාව නොදත්කම , නුහුරු නුපුරුදු සමාජයක් , සංස්කෘතියක් ඔස්සේ මොවුන් අතරමන් වන ආකාරය අපිට මෙම කෘතිය ඔස්සේ අත්විඳින්නට ලැබෙන කටුක අත්දැකීම් වේ.

බටහිර සංස්කෘතියේ දක්නට ලැබෙන ඒක පුද්ගල බව, එකිනෙකා ප්‍රර්ථනා කරන නිදහස පතන මිනිසුන්ට දේශීය මිනිසුන්ගේ අන්‍යොන්‍ය සම්බන්ධතාවය, ආදරය සෙනෙහස පිලිබඳ හැඟීමක් දැනෙන්නේ නැත.ඒ බව හොඳින්ම වැටහෙන්න පිටු අංක 56 ඇති

මසයා සං වැඩට යනවා.එනවා කොහෙද වැඩට යන්නේ කියලා කියන්න ගැලපෙන ඉංග්‍රීසි වචන එයා දැනගෙන හිටියේ නැහැ.කොහෙද වැඩට යන්නේ කියලා අහන්න ජපන් වචන මම දැන ගෙන හිටියේ නැහැ  යන වැකි පෙලෙන් ඉතා ගැඹුරින් තිව්‍ර වේ.

සුමිත්‍රා රාහුබද්දයන් කතාව පුරාවටම සරල භාෂා අඛ්යානයක් භාවිතා කරන අතර සොබා දහමේ දකිනට ලැබෙන සිදුවීම් මෙහිදී සිදුවන සංසිදුවීම් පාඨකයා වෙත ලං කිරීමට භාවිතා කරයි.නුපා විසින් ඇයගේ ජපන් සැමියාගේ නිවසට ඇතුලත් විමේදීම ඇයගේ සිතෙවූ බලාපොරොත්තු සියල්ලම ගඟේ ගසාගෙන ඉනි මෙන් කඩා වැටේ.එය සුමිත්‍රා රාහුබද්ධයන් විසින් නිර්මාණය කරන්නේ

"පිටු 193 දී දක්නට ලැබෙන "ගේ වටේ තියෙන සකුරා ගස් පේලියේ  මල් පිපිලා.පිච් ගහෙත් මල් පිපිලා . මුළු සන්ජෝ නගරයේම මල් පිපිලා.කුරුල්ලොත් නොනවත්වා ගායනා කරනවා.සන්ජෝ නගරය චිත්‍රයක් නම් ,කුරුල්ලෝයි, ගහකොළ මල් වැල ඒ චිත්‍රයට දර්ශනීය  ජීවයක් දෙනවා.මේ දර්ශනීය ජිවය හිත උමුතු කරනවා.ඔය අහසේ පාවෙවී ඉන්නේ නැතුව පොලවට බහින්න පෙම්බරා "

මෙම කතාව ඔස්සේ විවාහය පිළිබඳව සමාජ යථාර්තවාදී කියවීමක් දක්නට ලැබේ. විවාහය යනු සමාජ යුතුකම් ඉටු කරමින් පරම්පරාව ඉදිරියට ගෙන යාමේ ක්‍රියාවලිය ලෙස මිනිසුන් සලකන අතර,ඒ සඳහා අයිතිය ලබා දෙනු ලබන ලියවිල්ල අතීතයේදී වැදගත් නුවුවත් වර්තමානයේදී වැදගත්ම සාධකයක් ලෙස සැලකේ.මෙම ලක්ෂණය මනාව පෙන්නුම් කරන්නේ තාත්තාගේ සහ පොඩි ප්‍රේමා ගේ විවාහයයි. විවාහයේ විවිධ ප්‍රබෙධයන් දක්නට ලැබෙන අතර ආගම් අතර , එකම ජාතින් සහ කුලයන් අතර වන විවාහ ලෙස වර්ගීකරණයට ලක් කෙරේ.මෙම කතාවේ අන්තර්ගතය වන්නේ අන්තර් වාර්ගික විවාහයක් පිලිබඳවය.එනම් ජාතින් දෙකක් අතර වන විවාහයයි.

මුදල් මත යැපෙන සමාජයේ ධනේශ්වර පන්තිය විසින් දිළිඳු පන්තිකයින් පාගා දමන්නට තැත් කරයි.නුපාගේ කතාව මගින් ප්නේන්නුම් කරන්නේද මෙම සමාජ යථාර්තයයි.ඇයගේ දිළිඳු බව මෙන්ම අඩු අධ්‍යාපන මට්ටම මෙම ධනේශ්වර පන්තියේ අතකොළුවක් බවට පත්වීම මෙහිදී කතුවරිය විසින් සමාජයට පෙන්නුම් කරන ලද සුවිශේෂී කරුණයි.තම විදෙස්ගත සැමියාගේ මුහුණ පවා නොදකිමින්ම විවාහයට පත්වීමට සිදුවන්නේ මෙම හේතු මුලය නිසාය.

ප්‍රේමය සෙනෙහස ,ගබ්සාව , දේශපාලනික ක්‍රියාදාමය, තාරුණ්‍ය මුහුණ දෙන විවිධ සමාජ ගැටළු  ගලාගෙන යන මෙම නව කතාව සාර්ථක නව කතාවක් ලෙස පැවසිය හැකිය.






2 comments:

  1. පොත කියවීමෙන් පසුව තාමත් ගොලුවෙච්ච ගමන්මයි! ඒ නිසා මේ ලෙස ඔබ ලියු එක හොඳයි. මට ලියාගන්න බැරි උනා

    ReplyDelete

ඔබෙ දිය පොදත් එක් කරන්න.........