Friday, April 3, 2020

ලෝක ළමා පොත් දිනය - ICBD

ලෝක ළමා පොත් දිනය සෑම වසරකම අප්‍රේල් 2වෙනි දින සමරන අතර එයට අනුග්‍රහය ලබා දෙන්නේ IBBY සංවිධානය මගිනි.(International Board on Books For Young People)මෙම සංවිධානය ලාබ නොලබන ජාත්‍යන්තර සංවිධානයක් වන අතර මහා කතුවර හාන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන් මහතා උපන් දින  එනම් 1967 අප්‍රේල් 02 දින යොදා ගැනුණි.මන්ද එතුමා ළමා සාහිත්‍ය වෙනුවෙන් සුවිශේෂී කර්යභාර්යයක් සිදුකල බැවිනි.සෑම වසරකම මෙම දිනයේදී දරුවන් වෙනුවෙන් විවිධ ලිඛිත තරඟාවලි ,පොත් සඳහා ත්‍යාගයන් සහ සම්මාන පිළිගැන්වීම යනාදී ක්‍රියාකාරකම් ලොව වටා සිදුවේ.

සෑම වසරකම IBBYහි එකිනෙකට වෙනස් වූ ජාතික අංශයකට ICBDහි ජාත්‍යන්තර අනුග්‍රාහකයා වීමේ අවස්තාව ලැබේ.එය දිනයේ තේමාවට අනුව ඔවුන් සකසන ලද අතර ආගන්තුක රටවල සිටින විශිෂ්ඨ ලේඛක ලේඛකකාවියන් රැසකට ආරාධනා කෙරේ.ඒ අතරම ඔවුන්ගෙන් ලොව වටා සිටින සියලුම දරුවන්ට පණිවිඩයක් යවන අතර ඔවුන් සඳහා යම්කිසි පණිවිඩයක් ලබා දෙමින් සුන්දර සහ අරුතවත් දැන්වීමක් ඉලස්ට්‍රේටර් එනම් චිත්‍රයක් ලෙසින් සැකසීම සිදු කරයි.මෙම ද්‍රව්‍ය පොත් පත් අලෙවි කිරීමේ සහ දැනුවත් කිරීමේ  තවත් මාර්ගයක් ලෙස  භාවිතා කරන අතර පොත් ප්‍රකාශකයින් සඳහාද වෙනම අවස්ථා
වන් ලබා දේ.

Thursday, April 2, 2020

Josh චිත්‍රපටයේ Hum To Dil Se Haare ගීතයේ සිංහල පරිවර්තනය

💝[Short] Hum To Dil Se Haare - Lyrics and Music by Josh Movie ...ඔබව සිහිපත් කරමින්
හදවත නිරතුරුවම
ඉකිබිඳියි .
තනිකමින්  සිටින  විට
හද පාලනය කරගත නොහැකි ලෙස
ඔබේ මතකයන් සිත වෙලා ගනියි
මට මගේ හද අහිමිවී ඇත .

හදවතට දැඩි වේදනාවක් දෙන
ආදරය කුමක්දැයි මම දැන් දනිමි
එම වේදනාව මට ඇහුම්කන් දෙන්නේ නැත .
මා හද මුරණ්ඩු ය.
සබඳ මා එය තේරුම් ගන්නේ කෙසේද ?

මා හදවත නිසාම මට මා අහිමිව ඇත
මා අසල ඇති සෑම කැඩපතක්ම
කැඩී ඇති බවක් මට දැනේ.
සත්‍ය ද මා හට බොරු කරන බවක්
ලෙස හැඟෙ.

මා කොහේ සිට මේ ලොවට පැමිණියේද
මා නොදනී.
මුළු ලොවම මා වටා වේගයෙන් පරිභ්‍රමණය වන බවක්
මට දැනේ.
මා කොතරම් වේදනාවකින් පෙලේද යන්න හදවත
තේරුම් නොගන්නේ මන්ද
?
ඔබව සිහිපත් කරමින්
හදවත නිරතුරුවම
ඉකිබිඳියි .
තනිකමින්  සිටින  විට
හද පාලනය කරගත නොහැකි ලෙස
ඔබේ මතකයන් සිත වෙලා ගනියි
මට මගේ හද අහිමිවී ඇත .

Josh චිත්‍රපටයේ Hum To Dil Se Haare ගීතයේ සිංහල පරිවර්තනය
 https://youtu.be/X7YF-D0CQ4k