Sunday, June 7, 2020

රුසියානු ශ්‍රේෂ්ඨ සාහිත්‍යධර ඇලෙක්සැන්ඩර් පුෂ්කින්ට උපහාරයක් පිණිස

Alexander Pushkin and Natalia Goncharova. Love story

ඊයේට යෙදුනු ඇලෙක්සැන්ඩර් පුෂ්කින්ගේ 221 වැනි ජන්ම දින සංවත්සරය වෙනුවෙන් ඔහුට උපහාරයක් ලෙස 
එතුමන් විසින් රචිත The Wish නමැති කාව්‍යයත් එහි මා විසින් කරන ලද  සිංහල අනුවාදයත්  මෙසේ පල කරමි.

The Wish

The days drag on,each moment multiplies
within my wounded heart the pain and the sadness 
of an unhappy love and, dark, give rise.
To sleepless dreams,the haunting dreams of madness .

But i do not complain - instead ,i weep ;
Tears bring me Solace ,comforted they leave me.
My spirit ,captive held by grief, a deep.
And bitter rapture - finds in them, believe me

Pass life! come empty phantom ,onward fly.
And in the silent void of the darkness vanish .
Dear it to me my love's unending anguish ;
if as i die, i love , pray let me die.

මා විසින් කල අනුවාදය 

පැතුමක් 

මගේ වේදනාබර හදවත පාරවමින් 
දින ගත වන්නේ 
සිත තුළ දුකක්, වේදනාවක් මෙන්ම 
අසතුටක්ද ඇතිකරවමිනි.

දිගු රෑ පුරා නිදි නැති සිහින 
මා සිත තුළ හොල්මන් කරමින් මනස  අවිනිශ්ෂිත කරවයි 
නමුදු 
මම පැමිණිලි නොකරමි.
කඳුළු සලමින් සිත සනස ගමි.
මන්ද 
කඳුළු මා  පෑරුණු සිතට සැනසීමක් දී
නිදි බිඳින සිහින 
මවෙතින් පලවා හරින නිසාවෙනි.

මගේ ආත්මය ගැඹුරු වේදනාවකින් පෙළුනත් 
කටුක බව තුලින් ඔවුන් මා සොයා ගනීවි.
මා විශ්වාස කරන්න.
අතීතය ගෙවුණි 
සිහින ඔබ පැමිණෙන්න 
මා හා ඉදිරියටම පියා සලන්න 

නිහඬ අන්ධකාරය පලා යයි 
මා ප්‍රේමයේ සදාතනික වේදනාව 
ඔබ මට ප්‍රේම කරයි නම් 
මට මියදෙන්න ඉඩ දෙන්න

අප්‍රිකානු ලේඛක චිනුවා ඇචබේ

Chinua Achebe. Reproduced by permission of AP/Wide World Photos.

අප්‍රිකානු ලේඛන සාහිත්‍යට ඉමහත් සේවයක් සිදු කල සාහිත්‍යධරයන් අතර නයිජිරියානු ජාතික චිනුවා ඇචබේ ප්‍රධාන වේ. නවකතාකරුවකු ලෙස ඔහු ජනප්‍රිය වූ අතර ඔහු සැමවිටම තම පන්හිඳ හැසිරුවේ අප්‍රිකානු ජනයා උදෙසා වුවත් ලෝකයේ විවිධ භාෂාවන් 40 කට වැඩි ප්‍රමාණයකට පරිවර්තනය වී ඇත.

1930 නොවැම්බර් 15 ඔහු නැගෙනහිර නයිජීරියාවේ ඔගිඩි වල උපත ලැබූ අතර ඉග්‍රෝ ගෝත්‍රයට අයිතිවුවකු විය.
යෙසායා ඔක්ස්වර් අචබේ සහ ජැනට් ඉලියෝග්බුනම් වූ  ඔහුගේ දෙමව්පියන් බ්‍රිතාන්‍ය රාජ්‍යයේ නියෝජිතයින් වූ අතර තම සම්ප්‍රධායික අගමැ අතහැර ක්‍රිස්තියානු ආගමට බැඳුනු  නමුදු චිනුවා නයිජීරියාවේ සම්ප්‍රධායික විශ්වාසයන් පිලිබඳ කුතුහලයෙන් සිටියේය.උමුවියාහි රජයේ විද්‍යාලයක තම අධ්‍යාපනය ලැබූ ඔහු පසුකාලීනව 1954 ඩි නයිජීරියාවේ ඉබදාන් විශ්ව විද්‍යාලයේ උසස් අධ්‍යාපනය ලැබිය.

නයිජිරියානු ගුවන් විදුලි සේවයේ සේවය කරන කාලයේදී ඔහු තම ප්‍රථම නවකතාව වූ Things Fall Apart කෘතිය 1959 දී රචනා කළේය.එහි අන්තර්ගතය වන්නේ බ්‍රිතාන්‍ය පාලනයේ මුල් අවධියේදී සිදුවූ වෙනස්වීම් වලට අනුගත වීමට අපෝසත් වූ සම්ප්‍රධායික  රණශුරයකුගේ කතාවකි.මෙම කතාව සැමගේ පිළිගැනීමට ලක්වූ අතර Biyi Ban-dale විසින් නාට්‍යයකට ද යොදා ගත්තේය.පසුව එය 1997 දී නයිජිරියානු කාර්ය සාධක චිත්‍රාගාර වැඩමුළුවේදී නාට්‍ය රඟදැක්වූ අතර 1999 දී කෙනඩි මධ්‍යස්ථානයේදී අප්‍රිකානු ඔඩිසි නාට්‍ය මාලාවේ කොටස ලෙස එක්සත් ජනපදයේදී එළිදක්වන ලදී.

ඔහු බ්‍රිතාන්‍ය කතෘවරුන් වූ ජෝසෆ් කොන්රාඩ් සහ ජෝන් බුකන් විසින් අප්‍රිකාව පිලිබඳ රචනා කරන ලද කෘතීන් පිලිබඳ විරෝධය පල කලේ අප්‍රිකානු සමාජ සංස්ථාව සහ මිනිසුන් පිලිබඳ සාවද්‍ය තොරතුරු පල කල නිසාය.

1960 දශකයේ අග භාගය වන විට දේශපාලන සිදුවීම් හේතුවෙන්  නයිජීරියාවේ නිදහස කෙමෙන් අහිමිවන්නට විය.ඒ වන විට නයිජිරියානු දේශපාලනයේ ප්‍රමුඛ පුරෝගාමිකයකු වූ ඉග්බෝට දැනුනේ නයිජීරියාවේ මුස්ලිම් හවුස් ජාතිකයින් ඉග්බෝස් දෙවන පන්තියේ පුරවැසියන් ලෙස සලකන බවයි.මේ ඔස්සේ අචබේ විසින් A Man of the People කෘතිය 1966 දී ගොඩ නැගීමට පාදක විය.මෙය වංචනික දේශපාලනික නායකයකු වටා ගෙතුණු කතාවක් වන අතර පැරණි දේශපාලනය ඉවත්වී මිලිටරි පාලනයකට රට පත්වූ අවස්ථාවේදී මෙම පොත ප්‍රකාශනයට පත් කළේය.

1967 -70 වකවානුවේදී බ්‍රයෆා රාජ්‍ය නයිජීරියාවෙන් වෙන් වුන අතර අචබේ බ්‍රයෆා හි තානාපතිවරයකු ලෙස ක්‍රියා කළේය.ඔහු විවිධ රටවලට ගොස් සාගින්නෙන් සිටි මිනිසුන් සහ දරුවන් පිලිබඳ සොයා බැලු අතර විශේෂයෙන් මරා දමන අද ඉග්බෝ දරුවන් වෙනුවෙන් සාකච්ජා දියත් කළේය.ඔහු බ්‍රයෆන් අරගලය පිලිබඳ පුවත්පත්වලට  සහ සඟරා වලට කවි සහ ලිපි ලියු අතර පසුව නයිජිරියානු කවියකු වන ක්‍රිස්ටෝපර් ඔකිග්බෝ හා එක්වී සයිටඩෙල් මුද්‍රණාලය ආරම්භ කළේය.

එම අවස්ථාවේදී (1969) ඔහු මාධ්‍යයට පැවසුවේ "මේ අවස්ථාවේ නවකතාවක් ලිවිම ප්‍රශ්නයක් නොවන බවයි.
"මට දැන් නවකතාවක් ලිවිය නොහැක.මට අවශ්‍ය නැත.මට අවශ්‍ය වුවද ලිවිය නොහැකි විය.මට පුළුවන් කවි ලියන්න මගේ මනෝභාවයට අනුකුලව කෙටි තිවර හෑ වැඩි යමක් ඒ ඔස්සේ කිරීමට මට මේ අවස්තාව ලබා ගත හැකිය."  ඒ ඔස්සේ එම කාලය තුළ කවි වෙළුම් තුනක්, කෙටි කතා හා ළමා කතා එකතුවක් ද ලේඛන සාහිත්‍යයට දයාද විය.

බ්‍රියාෆා ජනරජයේ බිඳ වැටීමෙන් පසු අචබේ නුසුකාහි විශ්ව විද්‍යාලයේ දිගටම වැඩ කල අතර හයිමන් ජාතික අධ්‍යාපනික පොත් ලේඛකයින්ගේ ශ්‍රේණියට තම රචනා ඔස්සේ සේවය කළේය.මන්ද එය තරුණ අප්‍රිකානු ලේඛකයින්ගේ වෘත්තීය ප්‍රවර්ධනය කිරීමේ ව්‍යාපෘතියක් වූ නිසාය.1972 දී එක්සත් ජනපදයේ ඇමර්හාස්ට් හි විශ්ව විද්‍යාලයේ ඉංග්‍රීසි ආචාර්යවරයකු ලෙස පත්වීම් ලදහ.1975 ඩි කනෙක්ටිකට් විශ්වවිද්‍යාලයේ ආචාර්යවරයකු වී නැවතත් 1967 ඩි නයිජිරියානු විශ්වවිද්‍යාලයට අනුගත විය. 1987 දී Anthills of Savanna කෘතිය රචනා කල අතර එයට පාදක වී ඇත්තේ බටහිර අප්‍රිකානු රටක ළමාවියේ පටන් ජිවත් වූ මිතුරන් තිදෙනෙකු ගේ කතාවකි.එය ප්‍රකාශයට පත්කිරීමෙන් පසු ඔහු නැවත එක්සත් ජනපදයේ ස්ටෑන්ෆර්ඩ් විශ්ව විද්‍යාලය ,ඩාර්ට්මුත් විද්‍යාලය ,සහ වෙනත් විශ්ව විද්‍යාල කිහිපයකම ආචාර්ය තනතුර දැරිය.

1990 දීසිය 60 වන උපන් දිනය සැමරීමට නයිජීරියාවට පැමිණි ගමනේදී රිය අනතුරකට පත්වී අංශබාග රෝගයට පත්විය.පසුව නැවත එක්සත් ජනපදයට ගොස් සුවවී 1999 දී නයිජීරියාවට පැමිණි ඔහුට මුතුන්මිත්තන්ගේ මිත්‍යා කතා සහ ජනප්‍රවාද යන් ලොවටම පෙන්වා දීම හේතුකොට ගෙන ඔහුගේ උපන් ගම වූ ඔගිඩියෙන් උපහාර ලැබිය.ඔහු විසින් රචිත වෙළුම් තුනකින් යුක්ත වූ Home and Exile කෘතිය ඔක්ස්වාර්ඩ් විශ්වවිද්‍යාලය මගින් ප්‍රකාශනයට පත්විය.








Saturday, June 6, 2020

අප්‍රිකාවේ ජාතික පුෂ්පය - ප්‍රෝටියා සයිනරෝයිඩ්ස් ( Protea cynaroides)

Protea cynaroides









ප්‍රොටේෂියා මලෙහි ඇති අනෙක් සුවිශේෂීත්වය වන්නේ ලැව්ගිනි වලින් බේරීමට අනුවර්තනය වී නිර්මාණය වී තිබීමයි.එයට හේතු වන්නේ එහෙ ඝනවූ කඳ වන අතර ඒ තුළ අක්‍රිය වූ මල් පොහොට්ටු පිරි ඇති නිසාවෙනි.ගින්නකින් පසුව මෙම මල්තුළ නව වර්ධනයක් ඇති වී නව මල් පිබිදේ,
අප්‍රිකා මහද්වීපය පුදුමාකාරවූ ස්වභාවික සම්පත් වලින් ගහන වූ විශ්මිත මහද්විපයකි.මෙය විවිධාකාරවූ සත්ව සහ ශාඛ පද්ධතීන්ට මෙන්ම වැසි වනාන්තර වලට උරුමකම් කි සොඳුරු වන නිවහනකි.එමෙන්ම ලෝකයේ දෙවන විශාලතම මහාද්වීපය සහ දෙවන ජනගහණයෙන් පිරි මහාද්විපයයි.පෘතුවි පෘෂ්ඨයෙන් 6%ක් සහ මුළු භුමි ප්‍රමාණයෙන් 20.04% අප්‍රිකාවට අයිතිය.උතුරෙන් මධ්‍යදරණී මහද්වීපය ද ඊසාන දෙසින් රතු මුහුදද ගිනිකොණින් ඉන්දීය සාගරයටද , බටහිරින් අත්ලාන්තික්  සාගරයටද මායිම් වේ. එමෙන්ම එහි ප්‍රාන්ත 54න් නයිජීරියාව විශාලතම ප්‍රාන්තය වේ.

ප්‍රෝටියා සයිනරෝයිඩ්ස් සුන්දර මලක් වන අතර එය අප්‍රිකාවේ ජාතික පුෂ්පයයි.මේ මල ප්‍රොටේෂියා කුලයේ සාමාජිකයෙකි.දකුණු අප්‍රිකාවේ දකුණු හෑ නිරිතදිග ප්‍රදේශ වල මෙය බහුලව දක්නට ලැබෙන අතර මේ කුලය යෝධ ප්‍රොටේෂියා ,Honeypot, King sugar Bush නමින්ද හඳුන්වයි.එමෙන්ම මෙම මල දකුණු අප්‍රිකානු ජාතික උද්හිද ආයතනය මගින් පවත්වාගෙන යන ප්‍රෝටියා ඇට්ලස් ව්‍යාපෘතියේ ප්‍රමුඛස්තනයයි.

යෝධ ප්‍රොටේෂියා මල විවිධ වර්ණ වලින් දක්නට ලැබෙන අතර උද්‍යාන විද්‍යාඥයින්ට අනුව ප්‍රභේද 84 කින් සහ විශේෂ 1600 කින්  යුක්ත වේ.මින් සමහරක් ස්වභාවික පරාසය තුළ අවිචාරී ලෙස  වගා කිරීම හේතුවෙන් ස්වාභාවිකත්වයට හානි වෙමින් පවතී. මෙම ප්‍රභේදයට අයත් සමහර  මලේ පෙති රෝස පාටින්ද කොළවල රතු පාටින් සහ ක්‍රීම් කහ පාටින්ද පිහිටා ඇති නිසා මල් සැකසුම් වලදී  සොඳුරු හා නිර්මාණාත්මකව භාවිතා කරයි.


මෙම මල විවිධ හැඩයන් ගෙන් යුක්ත වන නිසා තම හැඩය ස්වකිය අභිමතයට අනුව වෙනස් කල බව කියවෙන ග්‍රීක දෙවි ප්‍රෝටියස්ගේ නමින් නම් කර ඇත,පඳුරු වලින් යුක්ත වන මෙහි ශක්තිමත් කඳන් සහ කොළ පැහැති පත්‍ර වලින් යුක්ත වේ.ලා රෝස පැහැයට සහ ලා රතු පැහැයට හුරු වර්ණවත් අතුවලින් පිරි ඇත.

ප්‍රෝටියා සයිනරොයිඩ් උණුසුම් වියළි වූ කටුක පරිසරයන්ට අනුවර්තනය වී පිපෙන අතර මෙහි ඝන කොළ අධික තෙතමනය නැතිවීම වලක්වන අතර ,භූගත ජලය සොයමින් පසේ ගැඹුරට විහිදෙන මුදුන් මුලකින් යුත්ක වේ,මෙහිද අනිකුත් විශේෂ වල මෙන් ප්‍රොටෝයිඩ් මුලයන්  ඇති අතර පෝෂ්‍ය පදාර්ථ වල ද්‍රව්‍යකරණය වැඩි කරමින් ස්වදේශික ෆින්බොස් ප්‍රදේශයේ පොස්පරස් පසට අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ ලබා ගැනීමට ඉඩ සලස්වයි.


මලෙහි පැණි සොයාගෙන sun Birds, sugar birds, Malachite sun birds කුරුල්ලන් පැමිණෙන අතර මල් පැණි කරා ලඟා වීමට නම් තම හොට පුෂ්ප මංජරිය තුලට ඇතුල් කර යුතුය.එසේ කල විට මලෙහි පරාගනය සිදුවේ.

















Friday, June 5, 2020

පාට වේල්පට (Painted Veil by W. Somerset Maugham)

පාට වේල්පට 


පාට වේල්පට කෘතිය වනාහි විශ්ව සාහිත්‍යවේදී සමර්සෙට් මෝම් ගේ පේන්ටඩ් වේල් කෘතියෙහි සිංහල අනුවාදය වන අතර එය අසෝක නිශ්ශංක මහතා විසින් අනුවාදයට ලක් කරන ලදී.එය විවාහක තරුණියක් සහ සළෙලු තරුණ පියෙකු මෙන්ම දේශපාලඥයකු   අතර ඇතිවන රහස් ප්‍රේමයක් වටා ගෙතුණු කතාවකි.මෙම කතාවට උපයුක්ත වන්නේ 1952 දී චීනයේ පැවති යුධ සමයක් තුලදී එහි වාසයට පැමිණෙන සිවිල් බ්‍රිතාන්‍ය ජාතික රාජ්‍ය සේවකයන් ය.මෙහි ප්‍රධාන චරිතයන් කිටි වෝල්ටර් සහ චාලි ටවුන්ස් එන්ඩ් යන චරිතයන් වේ.මෙම කතාව ඔස්සේ පෙන්වන යථානුරුපි සමාජ සංසිද්ධිය වර්තමානයටත් ගැලපෙන බව කිව යුතුය/

කිටි යනු උසස් මධ්‍යම පාන්තික තරුණියක් වන අතර විනිශ්චයකරුවකුගේ දියණියක්ද වේ. ඇය වෝල්ටර් නම් බැක්ටීරියා වේදියකු හා විවාහපත් වේ.ඔවුන් අදහස් සහ හැගීම් අතින් වෙනස් ස්ථර වල ජිවත් වන අතර කිටී  තරුණ කෙළිලොල් විනෝදයට බර සමාජශීලි  තරුණියකි.
නමුදු වෝල්ටර් ඉතාමත් නිහඬ ව ජීවිතය ගෙනයන පොතට ඇළුණු ප්‍රියසම්බශනයන් නොරිස්සු පුද්ගලයෙකි.ජිවිතයේ යම් යම් අවස්තාවන් වලදී වෝල්ටර් ශක්තිමත් බුද්ධිමත් පුද්ගලයකු වුවත් ,ඉදිරිපත්වීමට මැලිකමක් දක්වයි.ඔහුගේ මෙම ස්වභාවය පසුකලකදී කිටීට හමුවන චාල්ස් නමැති කඩවසම් පුද්ගලයා සමග සංසන්දනය කිරීමට පෙළඹේ. චාල්ස් සමග කිටී  අනියම් සම්බන්ධතාවයක් ඇති කර ගැනීමට මෙම හේතුව පාදක වේ.එමෙන්ම කිටිගේ මව හා පියා අතර සම්බන්ධතාවය අඹු සැමි ආදරයකට වඩා විනිශ්චයකරුවකු වන පියාගේ සමාජ තත්වය මත ගලා යන සම්බන්ධතාවයකි.මවගේ මෙම ගතිපැවතුම් ද තමාට ගැලපෙන පුද්ගලයකු සොයනවාට වඩා ඉහළ සමාජ තලයක සිටින පුද්ගලයකු විවාහය සඳහා තෝරා ගැනීමට කිටි කෙරෙහි බලපායි.

කිටිත්  සමගින් අනියම් සම්බන්ධතාවය පටන් ගැනීමට පෙර චාලි හොංකො න්  නුවර තානාපති ධුරයක් ලැබූ  වොල්ටර්ගේ ප්‍රධානියා ද වේ.දිනක් මෙම රහස් සම්බන්ධතාවය වෝල්ටර් දැන ගන්නා අතර ඔහු නිහඬව කිටීට පවසන්නේ ඔහුට චීනයේ  කොලරා වසංගතයෙන් පෙලෙන  ප්‍රදේශයකට යාමට අවස්තාවක්  ලැබී තිබෙන බවයි.එම ගමනට කිටිද ඔහුත් සමගින් පැමිණිය යුතු බව ඔහු තරයේ පවසයි.

මේ වන විට හොංකොං   නගරයේ යටත් විජිත ලේකම්වරයා වන ටවුන්එන්ඩ් හට ඔහුගේ ජනප්‍රියභාවය සහ සමාජ තත්වය රැක ගැනීමට බිරිඳගෙන් විසල් පිටුවහලක් ලැබේ.වැඩුණු දරුවන් දෙදෙනෙකු සහිත පවුල් සංස්ථාව ඔහු අගය කරයි.ඒ බව

"මගේ බිරිඳගෙන් දික්කසාද වෙලා ,ඔයාව කසාද බැඳලා මගේ ජිවිතේ විනාස කරගෙන ඔයාව විතරක් බේරා ගන්න කියලා කියන එක හරි දෙයක්ද?
මම කරන්න කැමති ප්‍රමාණයට වැඩියෙන් දෙයක් මට කරන්න බැහැ."
කිටි සම්පුර්ණයෙන්ම රැවටීමකට ලක්වූ ආකාරය මින් අදහස් වේ.
"ඇය උමුතුවෙන් මන් වැලපෙන්නට වුවාය.

වසංගතය  සහිත මෙයි -ටුං-  ෆූ පෙදෙසට යාම කිටි ප්‍රතික්ෂේප කරන විට වෝල්ටර් අසන්නේ
" චාල්ස් ඔබ භාර ගැනීමට සුදානම්ද?     යනුවෙනි.අවසානයේදී සැමියා සමග යාමට තීරණය කළ කිටී ටුන් ෆු පෙදෙසේ ගත කළ මාස කීපය හුදකලාව ජිවත් වෙයි.


.මෙම කතාව ඔස්සේ සමර්සෙට් විසින් ගැහැණුන් සහ පිරිමින් අතර ඇති වන්නාවූ සමාජ ගැටළු ආලය සහ රාගයෙහි වෙනස හඳුනා ගත නොහැකි වූ විට ඇතිවන්නාවූ සමාජ ඝට්ටනයන් මෙන්ම ස්ත්‍රී පුරුෂ යථාර්තයන් චිත්‍රණය කරමින් පාඨක මනසට කතාව රස විඳීමට අවස්තාව උදා කොට ඇත.

නව කතාවකට බොහෝ විට හේතු පාඨ කරගන්නාවූ සමාජ සිද්ධීන් කවර සමාජයකට වුවද පොදු ඝට්ටනයන් වේ.කතාවෙහි එන චරිතයන් තමන් මුහුණ දෙන ගැටළු ඔස්සේ එම සමාජ සංසිද්ධීන් වලට මුහුණදෙන අකාරය ඉතාමත් ගැඹුරු ව නමුත් රසවිඳින්නාට තේරුම් ගත හැකි අයුරින් කතාවට බාධාවක් ඇති නොවන පරිද්දෙන් ඉදිරිපත් කිරීම කතුවරයා සතු සුවිශේෂී ලක්ෂණයකි.මෙම නව කතාව කියවාගෙන යාමේදී අපට දකින්නට ලැබෙන  විශේෂ ලක්ෂණයක් නම් චරිතයන් ඔප්නැංවීමෙහි ලා පරිසර වර්ණනයන් භාවිත කර තිබීම.ඒ මගින් චරිතය වටා ඇති පරිසරය ඉතාමත් සරලව දැක්වේ.ඔහුටම අවේණික වූ නිර්මිත ශෛලියකින් ඉතා කෙටි ව මෙම පරිසර වර්ණනා ගෙන එන ලද අතර

ඒ බව
”ඒ කුඩා ගොඩනැඟිල්ලේ පිය ගැට මත හිඳගෙන ඔවුහු පහතින් පිහිටි වසංගතය බිලිගෙන තිබූ නගරය දෙසට සෙමින් ගලා බසින ගඟ දෙස බලා සිටියෝය. ඒ නගරය වටා ඉදිකොට තිබූ තාප්පය ඔවුන් සිටි තැනට මනාව දිස්විය. එහි වූ දැඩි උෂ්ණය ඝන කළු රෙද්දක් ඇඟලාගත් විටෙක මෙන් දැඩිවිය. ජීවිතයේ අනියත බව පිළිබඳව කියා පාමින් ගඟ සෙමෙන් ගලා ගියේය. සියලු දේවල් ගලා ගොස් නැතිවී යයි. මුළු මිනිස් සංහතියම ගඟේ වතුර බිංදු වැනි යැයි කිටීට සිතුණි. වතුර බිංදු එකිනෙකට ළංව නිමක් නැති ගංවතුරක් සේ මුහුදට ගලායයි. සියලු දේ ඉතා ඉක්මනින් නැතිවී යන මුත් මිනිස්සු ඉතා සුළු දේ මහත් කොට සලකමින් තෘප්තියෙන් තොර ජීවිත ගත කරති.”
( 155) පිටුවේ සඳහන් ඉහත ජේදයෙන් අපිට හඳුනා ගත හැක.

කිටි දරුවකු ලැබීමට සිටින බව පැවසු විට වෝල්ටර් අසන්නේ තාත්තා මමද ? යනුවෙනි.නිහඬ ව සිටි ඇයගේ චරිතය මෙතැනදී පවසන්නේ දැඩි ආත්මාර්ථකාමී ස්වභාවයකි.කිටි වෝල්ටර් නමැති වෛද්‍යවරයාව අගය නොකළත් ඔහු කළ විශාල සමාජ මෙහෙවර  පල්ලියේ ප්‍රධාන මවුතුමිය දකින්නේ 

" එතරම්  හොඳ , නිර්භීත නුවණැති ස්වාමිපුර්ෂයකු ලබන්නට කිටි කෙතරම් වාසනාවන්ත වී ඇත්දැයි යනුවෙනි.

දෙදරා ගිය ජීවිතය සමාජ සේවයට කැප කළ වෝල්ටර් වෛද්‍යවරයා කොළරාව සෑදී මිය යන අවස්ථාවේ පවසන දේ පාඨක හදවත් වේදනාවකට පත් කරයි.චාල්ස් හමුවූ පසු සිය සැමියාව සිප ගැනීම පවා ප්‍රතික්ෂේප කල කිටි වෝල්ටර් ව සිප ගනී.ඔහුගෙන් සමාව අයදී.
"ඒ බල්ලා දැන් මැරිලා " සැමියා පවසයි.

ජිවන මගේ වැරදි මාවතක ගොස් ව්‍යාකුල කර ගත් සිද්ධීන් අත්දැකීම් කර ගෙන තමාට ලැබෙ යයි අපේක්ෂා කරන දියණිය ලෝකය තේරුම් ගත් දරුවකු සේ හදා වඩා ගැනීමට කිටි තීරණය කරයි. 

වෝල්ටර් යනු මනුෂ්‍ය ගුණාංගයන් ගෙන් පිරි ශ්‍රේෂ්ට මනුෂ්‍යයෙකි.එය කිටිට අනුව නම් ව්‍යාජ ප්‍රතිරුපයකි.මෙහිදී ඇත්තෙන්ම දකින්නට ලැබෙන්නේ ඒකපාර්ශවික ප්‍රේමයක් වන අතර , වෛරයක් ඇති වුවත් , කිටිට අනුකම්පා කර ඇය  මෙයි -ටුං-  ෆූ පෙදෙසට කැටුව යාමට ඔහු කල්පනා කරයි.
ඔහුගේ සිතේ ඇතිවුණු ආදරය ඉතාමත් පිරිසිදු පෙමක් වන අතර ආත්ම පරිත්‍යාගය සහ හික්මීම මගින් සිතේ ඇතිවන්නාවූ ක්‍රෝදය  වලක්වනු ලබයි.නමුදු අවසානයේදී  ඔහු විසින් ඔහුටම දඩුවම් කර ගැනීමට තරම් මුරණ්ඩු චරිතයක් වේ.

මෙම කතාව කියවීමේදී කිටි සහ වෝල්ටර්ගේ නැවත එකතුවීම හේතුකොටගෙන  මම වික්ටෝරියානු සම්භවය ඇති සතුටින් නිමවන අවසානයක් බලාපොරත්තු වුන නමුදු එය ඛේදාන්තයකින් අවසන් වීම ඉතාමත් දුක් මුසුය.
මෙම කතාවේ ප්‍රධාන තේමාවන් ලෙස නිදහස සොයා යාම ,ආදරණිය විවාහයක සොඳුරු බව විඳීමට උරුමකම් නොපෑ කිටිගේ බලාපොරොත්තු කඩවීම ,විවාහය ඔස්සේ විඳින්නාවූ චිත්ත පීඩාවන් නිසා ඇය ඇතුල්වන්නාවූ සරාගී අනියම් ප්‍රේමය ,චාලිගේ කෙළිලොල් බව හා මුසුවුන ස්ත්‍රී ලෝලිත්වය සහ ආත්මාර්ථකාමී බව පෙන්වා දිය හැකිය.

පාට වේල්පට කතාව කාම මිත්‍යාචාරය සහ නිදහස ඔස්සේ ගලායන ශෝඛන්තයකි.කෙළිලොල් චරිතයක් වූ කිටී තමන් පත්වන අභාග්‍යසම්පන්න සිද්ධිය නිසාවෙන් ඇයගේ සිත තුල මෙන්ම බාහිර ව ඇතිවන්නාවූ භයානක චිත්ත පෙරළිය සහ රූපාන්තරණය ඉතාමත් සරල භාෂාවක් ඔස්සේ පාඨක සිතට සමීප කරවයි.කතාවේ පසුතලය ඉතාමත් පැහැදිලිව රචනයට ලක් කර ඇති අතර සිත්ගන්නා සුළු අන්දමින් චරිතාංග එක්තැන් කොට තිබේ.

මෙම කතාව සම්භාව්‍ය ඉංග්‍රීසි සාහිත්‍ය කලාවේ ලියැවුණු ශ්‍රේෂ්ට කෘතියක් බව මගේ හැඟීමයි .සම්භාව්‍ය ඉංග්‍රීසි භාෂාව භාවිතා කලත් එය සරලව පාඨකයාට තෙරුම් ගත  හැකි අන්තර්ගතයක් ඇතුලත් වන ලෙස රචනා කිරීම මෙම කතාවේ ඇති සුවිශේෂිත්වයයි.මෙහිදී සමර්සෙට් මෝගම් විසින් කිටීගේ අනියම් ප්‍රේමය නිසාවෙන්ම වෙනස් වන  ඇය තම ජීවිතය යහපත් අතට පරිවර්තනය කර ගන්නා ආකාරය ඉතාමත් ලගග්නා සුළු අයුරින් පාඨක මනසට ඇතුලත් කර ඇත.එමෙන්ම පැරණි චීනයේ සිදුවන සංස්කෘතික විප්ලවය ඉතාමත් අපුරුවට මෙම කතාවට අන්තර්ගත කර ඇත. කිරීම තුලින්.මෙම කතාව සංස්කෘතිකමය, සාහිත්‍යමය ,භාවාත්මක වශයෙන් මෙන්ම භාවිත කරන ලද ලිවීමේ ශෛලිය අතින්ද සාර්ථක කෘතියක් බව මට හැඟෙ.මෙහි යොදාගෙන ඇති පරිච්ජේද කෙටි වන අතර කියවාගෙන යාමේදී අවශ්‍ය විටෙක කියවීම නැවත්වීමට හැකි වීම මෙම ලේඛන රටාවේ ඇති සුවිශේෂිත්වයයි.

සමර් සෙට් මෝම්  මෙම කතාව ඉතාමත් සුන්දරව ගෙත්තම් කොට ඇති අතර ජිවිත වල අපිළිවෙල , සිදුවන පාවා දීම්, මනසේ ඇතිවන විශාදය ,මානසික ඝට්ටනය, ඉච්ජාභාන්ගත්වය, ජාතින් අතර ඇතිවන වියවුල් මෙම කතාව ඔස්සේ දැකිය හැකි තේමාවන් වේ.පුද්ගලයන් අතර මානසිකව සහ කායිකව ඇති වන වෙනස්වීම් සහ නොගැලපීම් ඔස්සේ සිතෙහි ඇතිවන වේදනාව හොදින්ම මතු කළ කතාවක් ලෙස පාට වේල්පට කෘතිය නම් කළ හැක.






Monday, June 1, 2020

කාන්තාරයෙ කුසුම - රංජිත් කුරුප්පු මහතා -Desert Flower by Waris Diary

Image result for kantharaye kusuma"වාරිස් ඩයරි "යන නමේ අරුත කාන්තාරයේ කුසුම යන්නයි.නැගෙනහිර අප්‍රිකාවේ පිහිටි සෝමාලියාවේ පරක් තෙරක් නොමැති කාන්තාරයේ වෙසෙන එඬේර පවුලකට අයත් වාරිස් ඩයරි අසමසම ආත්ම ශක්තියෙන් ජීවිතය ජයගෙන ඇය විසින් කියන ඇයගේම කතාව    "කාන්තාරයේ කුසුමයි".

අප්‍රිකානු කාන්තාරයේ හිංසාකාරී ජිවිතයෙන් ගැලවීම සඳහා හිරිමල් වියේදීම පලා යන විට වාරිස් ට උරුමවී තිබුනේ දිළිඳු කමේ සංකේතයක් වන ඇඟ දැවටුණු සාළු කඩමාල්ල සහ නුගත්කම පමණි.අද ඇය නිව්යෝර්ක් නුවර සුපිරි පෙලේ මෝස්‌තර නිරූපිකාවක් වන අතර අප්‍රිකානු රටවල කාන්තාවන් අත්විඳින ජනේන්ද්‍ර කොටස් සුන්නත් කිරීමේ ම්ලේජත්වයට මුහුණ දී ඊට එරෙහිව, එක්සත් ජාතීන්ගේ ජනගහණ අරමුදලේ තානාපතිවරියක ලෙස කටයුතු කරන්නීය..ලොව පුරා කාන්තාවන්ගේ අතිශය ගෞරවාදරයට පත්වූ මෙම කෘතිය සිංහලට පරිවර්තනය කිරීමේ ගෞරවය රන්ජිත් කුරුප්පු මහතාට හිමි වන අතර, මෙහි මුල් කෘතිය "Deseret Flower " නමින්  1999 වසරේ දී අන්තර්ජාතික අලෙවි වාර්තාවක් තබන ලදී.. 2002 වසරේදී "වාරිස් ඩයරි පදනම විසින් චිත්‍රපටයට නගන ලද ඇගේ කතාව 2010දී පීටර් හර්මන් විසින් නැවත ඉදිරිපත් කරයි.

පියා විසින් ඔටුවන් පස් දෙනෙකු ලබා ගැනීමට  ඒ සඳහා හැටපස් හැවිරිදි මහලු පුද්ගලයකුට ඇය විවහා කරදීමට පොරොන්දු වෙයි.මේ නිසා විෂගොර සර්පයින් සිංහයින් ගහන කාන්තාරය මැදින් පුංචි වාරිස් සිය පුංචි අම්මා ජිවත් වන මොගඩිෂු කරා පලා යන්නීය.ඉන්පසු ලන්ඩන් නගරයටත්, නිව්යෝර්ක් නගරයටත් අනේකවිධ බාධක ,පිරිමින්ගේ අතවර, ඇඳිවත පමණක්ව පැමිණෙන ආකාරය ලොමු දැහැගන්වන සුළුය.ස්ත්‍රිත්වයේ  ගරුත්වය රැකගෙන ජිවත් වන ඇය මුදල් සඳහා කුමන හෝ පහත්  ක්‍රියාවක් කිරීමට පෙළඹෙන , ඉන් පාතාලයට ඇදවැටෙන කාන්තාවන්ට කදිම පාඩමක් කියා දෙයි. 

නවාතැන් ගත් නෑදා නිවෙස්වලදී වහල් සේවයේ යෙදෙමින් ඉතා අසීරුවෙන් අධ්‍යාපනය ලබන ඇය ලේඛිකාවක් ලෙස තම දේශයේ කුරිරු ස්ත්‍රී වදහිංසාව ලෝකය හමුවේ තබනුයේ අපේ කාලයේ වීරවරියක් ලෙසිනි. 

"මගේ සිරුර දුටු මිතුරියගේ මුහුණේ ඇතිවූ බියකරු පෙනුම මට කිසි දිනෙක අමතක නොවේ.ඇයගේ දෙනෙතින් උතුරා ගිය  කඳුළු දෙකොපුල් මත රුරා හැලෙනු මම දුටුවෙමි.

... මේක මොනතරම් කෘර වැඩක්ද ? වාරිස් ..මට විශ්වාස කරන්නත් බෑ.හිත්පිත් ඇති  කෙනෙක් මෙහෙම දෙයක් ඔයාට කරයි කියලා. චර්මජේදනයෙන් පසු ඇතිවන දැඩි ශාරීරික අපහසුතා නිසා ඇය  පසුකලෙකදී ශල්‍යකර්මයකින් වේදනාව සමනය කර ගනී.

එවිට වෛද්‍ය මැක්රේ පවසන්නේ ඔහු මෙවැනි ශල්‍යකර්ම රාශියක් සුඩාන් , සෝමාලියා ,ඊජිප්තු වැනි රටවලින් පැමිණි කාන්තාවන්ට කර ඇති අතර සමහරුන් දරු ප්‍රසුතියට පවා ලංව සිටි ය බවයි.දරු ප්‍රසුතියේදී දරුවන් හුස්ම හිරවී මිය යාම පවා මේ නිසා සිදුවිය හැකිය.

සෑම සමාජ ක්‍රමයක්ම ඊට ආවේණික වූ සංස්කෘතියකින් යුක්ත වන අතර මේ බොහෝ සංස්කෘතීන් පුරුෂාධිපත්යට යටත්වූ පුරුෂාධිපති පාලනයකට අනුබද්ධිත සමාජ වේ.එයට කැමැත්තෙන් හෝ අකමැත්තෙන් ස්ත්‍රියට එකඟ වීමට සිදු වේ.

පුරුෂයින් පවා අභිබවා යමින් පැමිණෙන අභියෝගයන්ට අප්‍රතිහත ධෛර්යකින් යුතුව මුහුණ දෙමින් ඉදිරියට ගමන් කරන ඇය කාන්තාවන්ගේ ජීවිතය නවමු මාවතකට පෙරලීමට උත්සහ කරයි .නිවසකට සීමාවී සැමියාගේ සහ දරුවන්ගේ නියමයන්ට යටත්විය යුතුයි යන සම්මතය බිඳ හෙලමින් සංස්කෘතික රාමුවෙන් එලියට පැමිණීම කාන්තාවන් ලැබූ ජයග්‍රහණයක් ලෙස අපට දැකිය හැකිය.එමෙන්ම  තම සිතැඟි ලොවට බියෙන් සඟවා ගෙන නොයිඳ ඒවා හෙලිකිරීම මෙහි ඇති සුවිශේෂීත්වයයි.

"චර්මජේදනය නොකළ ස්ත්‍රියකට විවහා වීමට කිසිසේත්ම ඉඩක් නොමැති බව දැනසිටි පියා මා වින්ද වේදනාව තඹ දොයිතුවකටවත් නොසලකා සිටියේ  එබැවිනි.එමෙන්ම ස්ත්‍රිය වනාහි කාමයෙන් රත්ව සිටින සතකු නොවන බවද අප දනිමු.ඔවුන්ගේ ආදරය අප ලබා ගත යුතුව ඇත්තේ විශ්වාසය සහ කරුණාවෙන් මිස ම්ලේච්ජ සම්ප්‍රධායන් මගින් නම් නොවේ."

සර්වබලධාරී දෙවියන් වහන්සේ අංග සම්පුර්ණ ගැහැනියක් ලෙස මා මෙලොවට කැඳවා ගෙන ඇතැයි මම හඟිමි.එතෙකුදු අධම මිනිසුන් මගේ ශක්තිය විනාශ කර දමා මා බෙලහිනයකු කර ඇත,ඔවුන් මගේ ස්ත්‍රී භාවය සොරාගෙන ඇත.

කිසිම ගැහැනියකට මෙම වේදනාව විඳින්නට සිදු නොවන දිනක් උදාවේවායි මම යාඥා කරමි.
ඒ වාරිස්ගේ පරම පැතුමයි.

දයාබර වාරිස් ඩයරි ... ඔබේ පැතුම අපගේද පැතුමයි.

















.