Tuesday, November 3, 2020

ජේන් අයර්

 


"... ජීවිතයේ පරාජයක් පසුතැවිල්ලක් ඇතිවුනාම , මට පාඩම් කරන්න අපහසුයි.හැමදෙයක්ම එපා වෙනවා වගේ දැනෙනවා.මම එතකොට ජේන් අයර් කියවනවා..."

මේ දිනක් මගේ හොදම මිතුරියක් කියපු කතාවක්..

ජේන් අයර්  යනු විශ්ව සාහිත්‍යධර චාලට් බ්‍රොන්ටේ විසින් 1847 දි රචනයට පාත්‍ර කරන ලද අපුර්වතම කෘතියකි වේ.මෙම පොත සමාජ විවේචනයට ලක් වුන  කෘතියක් වන අතර චාලට් බ්‍රොන්ටේ ජිවත් වූ සමාජීය පසුබිම  මෙන්ම ඇය මුහුණ දුන්  සමාජ ගැටළු සහ පීඩනය ජේන් අයර් නම් චරිතය ඔස්සේ ලොවට හෙළිදරව් කල බව විචාරකයින්ගේ මතයයි.මෙම කෘතිය විශ්ව සම්මානයට පාත්‍රිත  කෘතීන් අතරට ගැනෙන අතර කාන්තාවක තම ජිවිතයේ ළමා අවධියේදී, යොවුන් අවධියේදී මෙන්ම තරුණ අවධියේදී මුහුණ දෙන සමාජීය පීඩනය හමුවේදී වෛරය , පලිගැනීම් වැනි සිතුවිලි වලින් බැහැරව මානව දයාව සහ කරුණාව වැනි උත්තුංග ගුණ වලින් යුතුව ජිවිතයට මුහුණ දෙන ආකාරය ඉතාමත් අපුරුවට අන්තර්ගත කර ඇත.

මෙය ගොතික් සම්ප්‍රධායට අයත් කෘතියක් වන අතර මෙම කතාව ප්‍රභේදයන් පහක් ඔස්සේ ගලාගෙන යයි.මෙම කොටස් ඔස්සේ කතාව අපට දකින්නට ලැබෙන විවිධ සමාජ චෛතිසිකයන් සහ ගැටළු වඩාත් හොදින් නිරුපණය  කර දක්වයි.

මාපියන් මියගොස් අනාථ  දරුවකු බවට පත්වන ජේන් අයර්ව රැකබලාගන්නේ ඇයගේ මාමා විසිනි. ඇයගේ අවාසනාවට මෙන් මාමා ද මිය යන අතර , මියයාමට පෙර ජේන්ව රැක බලා ගන්නා ලෙස ඔහු තම බිරිඳ සපථ කරවා ගනියි.නමුත් , කෙටි කලකින්ම නැන්දා ගේ සහ දරුවන්ගේ වෙනස්කම් වලට තාඩන පීඩන වලට ලක්වන ඇය අනාථ දරුවන් සඳහා වූ පාසලකට ඇතුලත් වේ.එහි  ශිෂ්‍යාවක, ගුරුවරියක ලෙස  වසර හයක කාලයකින් පසු ළමා නේවාසිකාගාරයක සහයිකාවක් ලෙස රැකියාවකට යොමුවෙන ඇයගේ ජීවිතය විවිධ වෙනස්කම් වලට භාජනය වේ.

මෙය උත්තම පුරුෂ දෘෂ්ටි කෝණයෙන් රචනා වී ඇති අතර  ජේන් යනු 19 වැනි සියවසේ අසම්ප්‍රධායික වීරවරියක්  ලෙස දක්වයි.ඇය ජිවිතයේ මුහුණදෙන ගැටළු ජය ගන්නා ස්වාධින, ආත්ම විශ්වාසයෙන් යුතු කාන්තාවක් බව වැටහේ.මෙම කතාව  රසවත්,ප්‍රේමාන්විත වන  වන අතර ඇය සරාගී  බැවින් යුක්ත ස්ථිර ප්‍රතිපත්ති ඇති නිදහස අගයන, නොසැලෙන යුවතියකි.එමෙන්ම ස්ථිර අධිෂ්ඨානයකින් යුතු පැහැදිලි හර්ද සාක්ෂියකින්  හෙබි නිහතමානි තරුණියකි. ඇය වික්ටෝරියානු යුගයේ රැඩිකල්, ගැඹුරු, ස්ත්‍රීවාදී ගති ලක්ෂණ වලින් යුක්තය..

 ඇය පවසන පරිදි

" කාන්තාව සන්සුන්ව සිටිය යුතුය නමුදු පිරිමියාට දැනෙන ආකාරයටම ගැහැණියටද දැනේ.ඇයට  හැකියාවන් වැඩි දියුණු කර ගැනීමට අවශ්‍ය වන අතර එම විෂයේදී ඔවුන්ගේ සොයුරන් මෙන්ම ක්ෂේත්යෙන් ඉහලට යෑමට උත්සුක වේ."

මෙම  ප්‍රකාශය කාන්තාවන්ට  පිරිමින්ගේ සමතැන ලැබිය යුතු බවත්  සමාජ ආර්ථිකමය අතින් සමාන විය යුතු බවත් චාලට් බ්‍රොන්ටේ ගේ  ප්‍රධාන තේමාවයි.මෙයට නිදසුනක් නම් ඇය ආදරය කරන මෙම මිනිසා සමග ජිවත් විය යුතුද ? ඇය හැර දමා ගොස් කිසියම් තැනක වැදගත් ජිවිතයක් පටන් ගත යුතුද යන උභතෝකෝටික ප්‍රශ්නයටද ඇය මුහුණදෙන ආකාරයයි.

උදාහරණයක් ලෙස මෙහිදී  පාර්තා මේසන් ජේන් සහ රෝචෙස්ටර් ගේ ජිවිත අතරට තුන්වැන්නකු ලෙස පැමිණීම ගත හැකිය.පාර්තා විසින් රෝචේස්ටර්ව ගිනි තබා මරණයට පත්කිරීමට තැත් කිරීම එක් අවස්ථාවක් වේ.එමෙන්ම මානසික රෝගියකු වූ පාර්තා රෝචෙස්ටර් මැදුරේ කෙළවරක ජිවත් වීම  කතාවේ අවසාන භාගයේදී හෙළි කිරීම නිසා මෙය රහස් පරීක්ෂක කතාවක ස්වරුපයක් ගනී.

ජේන්ගේ ජීවිතය යථාර්තවාදී දැක්මකින් යුතුව දක්ෂ ලෙස කතුවරිය විසින් හසුරුවා ඇති ආකාරය සුවිශේෂිය.ආගමට සහ රාගයට එරෙහිව තර්කානුකුල බුද්ධිමය විචාරශීලි බව ඇය විසින් විවිධ අවස්ථාවල යොදාගන්නා ආකාරය දක්නට ලැබේ.එමෙන්ම ආදරය සහ රාගය නිසි පරිදි පාලනය කර නොගැනීම විවිධ ගැටලුකාරී තත්වයන් පැන නැගීමට හේතුවක් බවද කතුවරිය විසින් මේ ඔස්සේ පෙන්වා දේ.

ඇයගෙන් ආදරය සංකේතවත් කරන අතරම රාගය සහ විචාරය අතර භාවාත්මක ඝට්ටනය පිළිඹිබු කරයි.ජේන් අයර් යනු කලනුක්‍රමික මතකයක් අවදි කිරීමකි.ඇයගේ ජිවිතයේ ගෙවුණු අවධීන් දෙස හැරී බලද්දී සමාජීය,අධ්‍යාත්මික සහ  ආදරය සෙවීමක් දක්නට ලැබේ.මෙහිදී රාගයට එරෙහිව සොබාදහම ගැටෙන අතර ජේන් ඇගේ සදාචාරාත්මක හැඟීම් සහ නිවුණු බව වර්ධනය කර ගනියි,අවසානයේදී ජේන්ගේ අභිමතය පරිදි පවුල,ගෘන්ගාරය භක්තිමත් බව ස්වාර්ථය යන තේමා   ඔස්සේ  කතාව අවසානයට ලඟා වේ.

වික්ටෝරියා විල

IMG-20161222-WA0051-01_large.jpg - Picture of Lake Victoria Safari ...

අප්‍රිකාවේ විල් අතර ප්‍රධාන තැනක් ගන්නා වික්ටෝරියා විල ලොව විශාලතම නිවර්තන කලාපිය විල වන අතරම විශාලතම මිරිදිය විල් අතරින් දෙවන ස්ථානය ගනී.ටැන්සානියා ,කෙන්යා සහ උගන්ඩා ප්‍රාන්ත අතර මෙම විල බෙදී යන අතර සමකයට උතුරු දෙසින් ලංවේ.මුළු භූමියෙන් වර්ග කිලෝමීටර් 68,800ක ප්‍රමාණයක් විල මගින් ආවරණය වන අතර මීටර් 80ක් දුරට ගැඹුරු වේ,මෙම ද්‍රෝණිය අවට ජනගහනය මිලියන 30 කට අධික සංඛ්‍යාවක් ජිවත් වේ.

වික්ටෝරියා විලේ මත්සය වර්ග 200 කට අධික සංඛ්‍යාවක් සිටින මුත් ආර්ථික වශයෙන් වැඩි වටිනාකමක් ලැබී ඇත්තේ තිලාපි මත්ස්‍ය වර්ගයටයි.

වික්ටෝරියා විල ගංගා හා ඇලදොළ රාශියක එකතුවෙන් නිර්මාණය වී ඇති අතර වැදගත්ම වන්නේ කගේරා ගංගාවයි.1858 දී  වික්ටෝරියානු විල පළමුව සොයා ගත්තේ යුරෝපිය ජාතික ජෝන් හැනින් ස්පෙක්ය .1875 දී බ්‍රිතාන්‍ය ජාතිකයකු මෙන්ම ගවේෂකයකු වූ  මෝර්ටන් ස්ටැන්ලි විල වටා ගමන් කළේය.

වේගයෙන් ව්‍යාප්ත වන ජනගහනය ,වෙරල තීරුවේ ඇති ස්වභාවික වෘක්ෂලතා ඉවත් කිරීම ,වේගයෙන් වර්ධනය  වන මත්ස්‍ය අපනයන කර්මාන්තයන් මෙන්ම විදේශීය ශාක සහ සත්ව කොට්ටාස  හඳුන්වා දීම,විලේ ඇල්ගී වර්ධනය බහුල වීම හා ද්‍රෝණිය වටා ඇති කර්මාන්ත සහ ජනාවාස වලින් පිට කරන අපද්‍රව්‍ය  හේතු කොටගෙන වික්ටෝරියා විලේ පාරිසරික සෞඛ්‍ය තත්වය සේම ස්වභාවික සුන්දරත්වයද විනාශවීමට පටන් ගෙන ඇත.විලේ සිටිනා මත්ස්‍ය වර්ධනය වැඩි කිරීම උදෙසා නයිල් පර්චසය හඳුන්වා දුන් නමුත් ,එයම විලේ සිටින බොහෝ දේශීය මත්ස්‍ය වර්ගයාගේ විනාශයට හේතුවක් වී ඇත.

හයසින්ත් යනු මිරිදිය ශාකයක් වන අතර ,20 වන සියවසේ මුල් භාගයේදී අප්‍රිකානු මහද්වීපයේ විසිතුරු ශාකයක් ලෙසින් හඳුන්වා දීම නිසා වේගයෙන් මිනිසුන් අතර පතල වුනි.නමුදු එම ශාකය විසින් විලේ ඇති යුට්‍රොෆිකේෂන් සහ පෝෂ්‍ය පදාර්ථ උරා ගැනීම හේතුවෙන් විලට තර්ජනයක් වී ඇත.එමෙන්ම එම ශාකයේ ව්‍යාප්තිය හේතුවෙන් වැව තුලට හා පිටතට ගලා යාම අවහිර වීමේ ප්‍රවණතාවයක් ඇතිවී තිබේ.එමෙන්ම 1990 දි මෙම ශාකයේ ව්‍යාප්තිය හේතුවෙන් ධිවර ව්‍යාපාරය හා විලේ සිදුවන ප්‍රවාහන කටයුතු අඩාල වීමටද හේතුවක් විය.

එමෙන්ම මෙම විල වටා ඇති අධික සුළං තත්වය ,විලේ අධික රල පහර මෙන්ම විල වටා නිතර පවතින ධික ගිගුරුම් සහිත වැසි හේතුවෙන් එම පෙදෙස තරමක භයානක බවක් ගෙන දෙන අතර බොහෝ දෙනෙක් අනතුරුවලට මුහුණ පානු ලබති.

The Living Lakes Partner Organization යනු කෙන්යාවේ ලියාපදිංචි වූ ලැබ නොලබන ආයතනයක් වන අතර, උගන්ඩාවේ සහ ටැන්සානියාවේ ද මෙහි අනු කොටස් ඇත.සාමාජිකයින් සහ සාමාජිකාවන්  150 කින් යුක්ත මෙම සංවිධානයට ගොවි සමාජ ,ධිවර ජන ප්‍රජාවන් ,සමුපකාර සමිති,පාරිසරික සමාජ , රාජ්‍ය සහ රාජ්‍ය නොවන ආයතන හා කලාපයේ පර්යේෂණ ආයතන වලින්ද යුක්ත වේ.