Tuesday, December 22, 2020

ලොව වඩාත්ම හුදකලා පුස්තකාලය

 



ලොව හුදකලාම පුස්තකාලය වනුයේ උතුරු චීනයේ හෙබෙයි පළාතේ මුහුදු තිරයේ ඉදිකොට ඇති සැන්ලියන් පුස්තකාලයයි.මේ ඔස්සේ කියවීමේ හුරුව පාඨකයින්ට ලබා දේ.
එහි ඇති එක පොතක Andrew wraith ගේ සිතුවමක් දක්නට ඇති අතර එය මහලු මිනිසෙකු මුහුද අසබඩ ගල් පර්වතයක් මත හිඳ මුහුද දෙස බලාගෙන ඉන්නකි.ඉන් ඔහුගේ මෙන්ම මෙම පුස්තකාලය හුදකලාවී ඇති බව පෙන්නුම් කරන බව ඉඟියක් දෙනවා විය හැකිය.පුස්තකාලයේ නිර්මාතෘ වූ ගෘහ නිර්මාණශිල්පී ඩොන්ග් ඩොන්ග් පවසන්නේ එම සිතුවම මෙම නිර්මාණය ගොඩ නැගීමට ශක්තියක් වූ බවයි.එමෙන්මා ඔහුට අනුව මේ පුස්තකාලය මිනිසුන්ට මුහුද හා සම්බන්දතාවයක් ගොඩ නගා ගැනීමට ඉවහල් වන බවයි.
පුස්තකාලයේ පිටත කොන්ක්රීට් තට්ටුවක් වන අතර ඇතුලතඅලංකරණය ලි වලින් නිර්මාණය කර ඇත.
ගොඩනැගිල්ලේ ඇතුලත පඩිපෙලක ආකාරයෙන් සකසා ඇති.එමගින් මුහුද දෙස බලා සිටිමින් තම රසවින්දනය ලබාගත හැකි වීම පුස්තකාලයේ විශේෂත්වයකි.
2015දි අරඹන ලද මෙම පුස්තකාලය මේ වන විට පාඨකයින් 160,000ක් පැමිණ පොත් කියවා ඇත.වර්ග මීටර් 500 ක වපසරියකුන් යුක්ත වන මෙම පුස්තකාලය තුල පොත් මිලියන 10කට වඩා ඇති අතර පහෙන් දෙකක්ම පරිත්යාග කර ඇත්තේ.
පාඨකයින් විසිනි.Gorge Luis Borges වරක් පවසා ඇත්තේ
"මෙවන් පාරාදීසයක කෙදිනක හෝ පුස්තකාලයක් ඉදිවනු ඇතැයි මම සිතුවෙමි යන්නයි."
පොතක් කියවන අතරතුර මිනිසුන්ට මෘදු හිරු එලිය සේම මුහුදේ සුන්දරත්වයත්, හමා එන මුහුදු හුළගේ සිසිලසත් විදීමට මෙය අපුරු තෝතැන්නකි.එය Luis Borges ගේ කීම යථාර්තයක් බව ඔප්පු කිරීමකි.

මෙය මුහුද අසබඩ පිහිටා ඇති නිසා නරබන්නන්ට පැමිණීමට පහසුය.එම නිසාම ගිම්හාන නිවාඩුවේදී නරබන්නන් 600-7000 අතර ප්රමාණයක් පැමිණේ.නමුදු සීත කාලයේදී 70-80 අතර ප්රමාණයක්ද සති අන්තයේදී 300ක පමණ ප්රමාණයක් පැමිණෙන බව පුස්තකාල කාර්ය මණ්ඩල සාමාජිකයකු වන වෑන්ග් සිංග් පවසා ඇත.
අතීතයේ මෙන් නොව පාඨකයින්ට පොත් කියවීමට සහ ලබා ගැනීමට විවිධ ක්රම ඇත.අන්තර්ජාලය ඔස්සේ කියවීම්, අන්තර්ජාලය ඔස්සේ මුදල් ගෙවා පොත් ගෙන්වා ගැනීම් , E books කියවීම ආදිය හේතු කොට ගෙන පුස්තකාල වලට පාඨකයින් නොයෑමේ අවධානමක් පවතී.එම නිසා පුස්තකාලය යන්න ගිලි යන කෞතුක වස්තුවක් බවට පත්වන වාතාවරණයක පැවතීම කනගාටුදායක කරුණක් වේ.
මෙම පුස්තකාලය හරහා විවිධ කියවන්නන්ට අදාලව ක්රියාකාරකම් සිදුවන අතර සංස්කෘතික මන්ගල්ලයක්ද වසරකට සැරයක් සිදු කරයි.වසර පුර පොත් කියවීම, නාට්ය, නර්තනාංග පැරණි සහ වර්තමානයේ පවතින සංස්කෘතිකාංග
වැනි ක්රියාකාරකම් රැසක් මෙහිදී දකින්නට අවස්තාව ලැබේ.
නිලක්ෂි බණ්ඩාර
18/12/2020

No comments:

Post a Comment

ඔබෙ දිය පොදත් එක් කරන්න.........