එමෙන්ම මෙහි සුවිශේෂිත්වය වන්නේ මෙම පිපිරුම නිසාවෙන් ලෝක සිතියමේ එම ප්‍රදේශයද වෙනස්වීම් වලට බඳුන් කිරීමට සිදුවීමයි.පොම්පෙහි විසුවියස් පිපුරුමට පසු සිදුවූ විශාලතම ගිණි කඳු විදාරණය වන්නේ ක්‍රැකටෝවා විදාරණයයි.
එමෙන්ම මෙම පිපිරිම නිසා ඇතිවූ කම්පන තරංග මාපක උපකරණ වල දින කීපයක් යන තුරුම සටහන්ව පැවතුනු බවත් සඳහන් වෙනවා.
මෙම ප්‍රදේශය වැඩි වශයෙන් යමහල් සහ ගිනි කඳු බහුලව පවතින ප්‍රදේශයක් බැවින් ගිනිකඳු ක්‍රියාකාරිත්වය පවතින ප්‍රදේශයක් ලෙසට ගණන් ගැනේ.
ක්‍රැකටෝවා දුපත සුන්ඩා සමුද්‍ර තිරය අසලජාවා සහ සුමාත්‍රා දුපතට මැදිව පිහිටා ඇති අතර ,ඕස්ට්‍රේලියානු ඉන්දු භුතැටිය අසලින් පිහිටා තිබීම නිසා භූකම්පන ආදියට නිතර මුහුණ දීමට සිදුවන ප්‍රදේශයක් යයි සැලකේ.
1883 ට පෙර ක්‍රැකටෝවා දිවයිනක්ව පැවති අවදියේදී එකිනෙකට සම්බන්ධ වූ යමහල් ද්වාර තුනක් පැවතුනි.පර්බෝවටාන් ,රකාටා ,දනාන් නම් වූ මෙම යමහල් ද්වාර තුන ට අමතරව දිවයිනේ දෙපසට වන්නට පැරණි පිපුරුමක ප්‍රතිපලයක් ලෙස ඇතිවූ ලන්ග් සහා වර්ලටාන් යමහල් ඇති වී තිබේ.මෙම පිපිරුම නිසා එම ස්ථානයේ විශාල කල්දේරමක් ආකාරයේ ගැඹුරු නිම්නයක්ද නිර්මාණය වී තිබීම සුවිශේෂිත්වයකි.
මෙම යමහල් විදාරණයෙන් ඇතිවූ විෂ අළුපතනයෙන්සහ දුම් විසිරිමෙන් සහ විෂ වායුන්ට ගොදුරුවීමෙන් ගම් 163ක් විනාස වී මිනිසුන් 36417 කට අධික සංඛ්‍යාවක් මිය ගිය බව වාර්තාවල සඳහන් වේ.ඉන්පසු 1930 දී මෙමෙ ස්ථානයේදීම තවත් දුපතක් මතු වෙන අතරම එය ක්රැකටෝවාගේ දරුවා (අනන් ක්‍රැකටෝවා )ලෙස හඳුන්වයි.වසරකට මීටර් 7ක වේගයකින් වර්ධනය වන මෙම දුව 1994 සිට මේ දක්වාම සක්‍රිය යමහලකි.
1883 අගෝස්තු 26 වැනි දින පර්බෝවටාන් ගිනිනි කන්ද සක්‍රිය වූ අතර පළමු පිපිරුමෙන් විසිරුණ ලාවා හා සුන්බුන් කිලෝමීටර් 24ක් පමණ දුරට විසිරුණ බව කියවේ.කලකට ඉහත සිදුවූ පිපිරුමක් නිසාවෙන් සිරවිමකට ලක්වූ මෙය මෙම පිපිරිම නිසා එහි මැග්මා කුටීරයේ කම්පනයක් ඇතිවී විසල් පිපිරීමක් ඇතිවිය.එහිදී ඇතිවූ පීඩනයෙන් ඇතිවූ ශබ්දය ඔස්ට්‍රේලියාවේ පර්ත් නුවරටත් මොරිෂ් නගරයද දක්වා දුරට ඇසුණු බව කියවේ.එය මිනිස් ඉතිහාසයේ ඇසුණු විශාලතම ශබ්දය බවද කියවේ,
මෙම පිපිරුම මුලින්ම දැක ඇති බව කියන්නේ ඉන්දුනීසියාව අසබඩ මුහුදේ ගමන් කල එලිසබෙත් නම් ජර්මන් යුධනෞකාවේ කපිතාන්වරයකුය. ඔහු නැවට ඉහල අහසේ අඳුරු වලාවන් පාවෙනවා දුටු අතර ඒවා සැතපුම් 7ක් පමණ අහසේ ඉහලට විසිර යන බව වාර්තා කර ඇත.අගෝස්තු 27 වන තුරුම මේ සන්සිදුවිම සිදුවී තිබෙන අතර අවට දුපත්වාසින් ස්වභාවික ගිණි කෙලි යයි සිතමින් ප්රිතිගෝෂා කරමින් විනෝද වී තිබුණි.
මෙම පිපිරුම සමහ ඇතිවුන ලාවා පර්බෝවටාන් කුටීරයේ උණු ලාවා මුහුදු ජලයට එකතු වීම හේතු කොට ගෙන ජලය උණු විය.එක්වරම සිදුවූ මෙම හදිසි වෙනස්වීම හේතුවෙන් සාගරයේ පැයට කිලෝමීටර් 100ක වේගයෙන් රළ පහරවල් හටගෙන තිබුණි.එම ජාල පහරවල් වල වේගය ටි එන් ටී මෙගා ටොන් 200 ක වේගයක් බව පැවසෙන අතර පරමාණු බෝම්බයක පිටවන ටි එන් ටි ශක්තියට සමාන බව පැවසේ.
මෙම විදාරණයෙන් පසු ක්‍රැකටෝවා දිවයිනේ 23%ක් හැර අනික් කොටස් මුහුදු බත්වුන අතර වසර ගණනාවක් යන තුරු මුහුදු පතුලේ කල්දේරම තුල සැගව පැවතියේය.
++++++++++
ReplyDeleteස්තුති අයියේ
Delete