Thursday, April 22, 2021

ඇමරිකාවේ ප්‍රථම ජාතික උද්‍යානයක් වූ Yellow Stone උද්‍යානය

පෘතුවි අභ්‍යන්තරයේ ඇති ලාවා ගැලීම් මිනිස් සංහතියට මෙන්ම පරිසරයටද හානි කරනවාක් මෙන්ම අයස්කාන්ත නිර්මාණයන් ද මිනිසාට දායාද කරයි.උතුරු ඇමරිකාවේ පිහිටි යෙලෝ ස්ටෝන් උද්‍යානයද ගීසරයක් හේතුවෙන් ඉදි වූ අසාමාන්‍ය නිර්මාණයකි. 

වයොමින්ග් ,මොන්ටානා ,අයිඩොහෝ යන ප්‍රාන්ත පුරා පැතිරෙන Yellow Stone උද්‍යානය 1872 දී ඇමරිකාවේ ජනාධිපති ග්‍රාන්ට් ගේ අදහසකට අනුව  නිර්මිත ප්‍රථම ජාතික උද්‍යානය වේ. මෙය වර්ග සැතපුම් 3472ක්  ආවරණය කරන අතර එයින් 96%ක ප්‍රමාණයක් වයොමින්ග් ප්‍රන්තයටද ,3%ක ප්‍රමාණයක් උතුරු හා වයඹ මොන්ටානා වලටද ,1%ක ප්‍රමාණයක්  අයිඩහෝ ප්‍රන්තයටද බෙදී යයි. යෙලෝස්ටෝන් සානුවේ පිහිටා ඇති මෙම උද්‍යානය මුහුදු මට්ටමේ සිට මීටර් 2400ක උන්නතාංශයක පිහිටා ඇත.සානුවේ බොහෝ පැතිවල කඳු පංති ඇති අතර ඒවා බොහෝ විට මීටර් 2700 ක මීටර් 3000 දක්වා උසින් දක්නට ලැබේ.

භූ විද්‍යාවට අදාළ වන ජීවින් ,ශාක විශේෂ, කෘමි, කුරුළු ආදී විශේෂයින්ගෙන් සමන්විත මේ උද්‍යානය ෆොමරල්ස් සහ මැමත් උණුදිය උල්පත්,උණු ජලය ඉහලට විදිනා  ගිසර් නමැති උණුදිය උල්පත් ,රුස්වෙල්ට්  කැනියන් ගංගා සහ කඳු වැටි ,ධිවර පාලම මෙන්ම ලැමර් සහ හේඩ්න් නිම්න   ආදියෙන්ද සමන්විත වූ සොබාදහමට අනුබද්ධ වූ අසාමාන්‍ය වූ සුන්දර නිර්මාණයකි.එමෙන්ම රතු දත්ත පොතට ඇතුළත්වීමට නියමිත ලොව දුර්ලබ සතුන් වූ ග්‍රීස්ලි වලහා, බයිසන් ගවයා ,කළු වලසුන්, එළුවන් එල්ක්, මුස් කොටළුවන්  සහ වෘක වර්ගයන් උරගයින් ,ක්ෂීරපායින්  උභය ජීව විශේෂ මෙන්ම  ආදී සත්වයින් රැසකට නිජබිම වී ඇත. එමෙන්ම නරඹන්නන්ට කෞතුකාගාරයක්, නැරඹීම් කුළුණු යනාදියෙන්ද සමන්විත අතර මෙය දකුණු රොකි වනාන්තර පරිසර කලාපයටද  අයත්වේ,

යෙලෝස්ටෝන් විල ඇමරිකාවේ උසම විල් වලින් එකක්  වන අතර  අක්‍රිය ගිනිකන්දක් වූ කැල්ඩෙරා කේන්ද්‍ර කොට ගෙන පිහිටා ඇත.මෙය පසුගිය වසර මිලියන දෙක තුල කිහිප වතාවක්ම අනතුරුදායි ලෙස පුපුරා ගොස් ඇත. එහි නටඹුන් යෙලෝස්ටෝන් කැන්ඩෙරා නමින් හඳුන්වන අතර එම ගිණි කන්දෙන් පිට වූ ලාවා වලින් yellow Stone උද්‍යානයේ බොහෝ ස්ථාන ආවරණය වී ඇත.මෙම උද්‍යානය උතුරු සෞම්‍ය කලාපයේ ඉතිරිව ඇති විශාලතම ජෛව පාරිසරික පද්ධතියයි.1978 දී මෙය යුනෙස්කෝ ලෝක උරුමයක් ලෙසද නම් කරන ලදී.

සෑම වසරකම මෙම උද්‍යානයේ ලැව් ගින්නක් ඇතිවන අතර 1988 දී ඇතිවූ ලැව් ගින්නෙන් උද්‍යානයෙන් තුනෙන් එකක පමණ ප්‍රමාණයක් විනාශ විය.යෙලෝස්ටෝන් නැරඹීමට පැමිණෙන නරඹන්නන්ට කඳු නැගීමට,බෝට්ටු පැදීමට මසුන් ඇල්ලීම ආදී බොහෝ විනෝදාංශ වල යෙදීමට ඉඩ හසර ලැබී ඇත.

මෙහි ඉතිහාසය ගත් කල ,18 වන ශතවර්ෂයේ අග භාගයේදී ප්‍රංශ උගුල් අටවන්නන් විසින් යෙලෝස්ටෝන් ගංගාව හඳුන්වා   ඇත්තේ Roche Jaune ලෙසය.පසුකාලීනව ඇමරිකානු උගුල් අටවන්නන් විසින් මෙය යෙලෝස්ටෝන් ගංගාව ලෙස නම් කරන ලදී.මෙයට හේතුව ගංගාව අසබඩ සහ ගංගා පත්ලේ ඇති කහ පැහැති පාෂාණ බවද කියවේ.

මෙහි ඇති බ්ලැක් ග්ලාස් කන්ද ඔබ්ඩිසියන් පාෂාණයෙන් ගොඩනැගී ඇති අතරඇමරිකානු ස්වදේශික වර්ගයක් වූ ෂෝශේණි ජාතිකයින් තමන්ගේ ඊතල වල හිස් නිර්මාණයට යොදාගත් බව කියවේ.උතුරා යන ලාවා ඝනීභවනය වීමෙන් මෙම කන්ද නිර්මාණය වී ඇත.වසර 11000 කට පමණ පෙර විසු ස්වදේශික ඉන්දියානුවන් මෙවලම් සහ යුධ නිර්මාණය කිරීමට  භාවිතා කල ඇබ්සිඩියන් මෙහි දක්නට ලැබේ.මේවයින්  තැනු ඊතල මිසිසිපි නිම්නයෙන්ද සොයාගෙන තිබුණි.එයින් වැටහෙන්නේ දෙරටේ ගෝත්‍රිකයින් අතර  ඇබ්සිඩියන් වෙළඳ හුවමාරුවක් පවතින්නට ඇති බවයි.  

1806 දී ලුවිස් සහ ක්ලාක් යන ගවේශකයින් මේ ප්‍රදේශයේ ගවේෂණයෙහි යෙදුනහ.ඒ සතුන්ගේ ලොම් ලබා ගැනීම සඳහා උගුල් අටවන්නන්ගේ කණ්ඩායමකට සම්බන්ධ විම සඳහාය .1856 දී කඳුකර මිනිසා යන අන්වරත නාමයෙන් හඳුන්වන ජිමි බ්‍රිජර් (මහා ලුණු විල දුටු ප්‍රථම යුරෝපිය ඇමරිකානුවා  ලෙස හඳුන්වයි.)පසුව ඔහු 1859 දී හමුදා මිනින්දෝරුවකු වූ කපිතාන් විලියම් එෆ් රෙනොල්ඩ්ස් සමග උතුරු රොකි කඳුකර ප්‍රදේශය පිලිබඳ ව අවුරුදු දෙකක නිරීක්ෂණයක් කරන ලදී.මොහු ඇතුළු කණ්ඩායම විසින් වයඹ දිග වයෝයිම් හි සුළං ගංගා ජල ප්‍රවාහයෙහි සිට සාගර සානුව හරහා මහාද්වීපය තරණය කිරීමට උත්සහ කරන ලදි.

උද්‍යානය නිල වශයෙන් විවුර්ත වුන දා සිට උද්‍යානයේ පළමු පාලක සහ අධිකාරි වරයා ලෙස අභ්‍යන්තර ලේකම් කොලම්බස් ඩෙලනෝ විසින් නතානියෙල් ලාන්ග්ෆර්ඩ් ව පත් කරන ලදී.නමුදු ඔහුගේ පරිපාලනයේ සිදුවූ අඩුපාඩු හේතුවෙන් උද්‍යානයේ යම් යම් ප්‍රයෝගික ප්‍රශ්න ඇතිවීමට හේතු විය.1875 දී ජෝර්ජ් ආම්ස්ට්‍රෝන් කස්ටර්ගේ අනුමැතිය මත විලියම් ලුඩ්ලෝට ගවේෂණයක් සිදු කිරීමට අණ ලැබුණ අතර ඔහුගේ වාර්තාවට අනුව උද්‍යානයේ සිදුවූ උද්‍යාන සම්පත් අවනීතිය සහ සුරා කෑම පිළිබඳව ඇතුලත් විය.

රිවර් සයිඩ් ගීසර් උණුදිය උල්පත ෆයර් හෝල් නදිය අසබඩ පිහිටා ඇත.මෙහි අඩි 75-80 අතර උසැති ජල හා වාෂ්ප කඳක්පැය 7 කට 8 කට සැරයක් අහසට විදී.හිරු එළිය වැටි ඇති විටෙක මෙහිදී දේදුනු පැහැයෙන් දක්නට ලැබෙන දසුන ඉතාමත් සුන්දරය.පොළව යට තිබෙන කිලෝමීටර් 5ක් පමණ ගැඹුරු වූ පාෂාණ ගුලියකින් සැදී ඇති විවරයකින් මෙම උල්පත් වල ජලය උණු වීමට සහ ඉහලට විදීමට අවශ්‍ය ශක්තිය ලැබේ.මෙයින් නිර්මාණය වුන යෙලෝස්ටෝන් ගිණි කන්ද උතුරු ඇමරිකාවේ භයානකම ගිණි කඳු විවරය වේ.එම නිසාම මෙය සුපිරි යමහලක් ලෙස හැඳින්වේ.

මෙම උද්‍යානයේ ඇති අලංකාරවත්ම ස්ථානය වන්නේ යෙලෝස්ටෝන් විල වන අතර එය අක්කර 87040 ක බිම් පෙදෙසක් ආවරණය කරනු ලබයි.අඩි 400ක ගැඹුරකින් මෙය යුක්තවන අතර උතුරු ඇමරිකාවේ මුහුදු මට්ටමින් පිහිටි උසම විල වේ.20% ක ප්‍රමාණයක් තණබිම් වලින් සමන්විත මෙම උද්‍යානය 80%ක් වනාන්තරයෙන් සමන්විත වේ.

යෙලෝස්ටෝන් හි අසමානය දේශගුණයට හේතුව වී ඇත්තේ පාෂාණ කඳුකරයක පිහිටීම බව භූ වියාඥයින්ගේ මතයයි.නමුදු මෙහි සුන්දරත්වය විඳීමට වසරකට නරඹන්නන් මිලියන 2කක ට අධික ප්‍රමාණයක් පැමිණෙන බව පාලකයින්ගේ අදහසයි.උද්‍යානයේ පිවිසුම් මාර්ග 5කි.

1.උතුරේ සිට ලිවින්ස්ටන් හා ගාඩිනර් හරහා 

2.ඊසාන දෙසින් බේයර් - ටුත්(වයමින්ග් ) හරහා 

3.නැගෙනහිරින් කොඩි හරහා 

4.දකුණින් ජැක්සන් හරහා 

5.ග්‍රෑන්ඩ් ටෙටෝන්  හරහා විත් බටහිරින් ඉඩහෝ දිය ඇල්ල හරහා විත්ය.

පරිසර සහ සත්ව ජිවිත සංරක්ෂණය කිරීම මෙවැනි උද්‍යාන නිර්මාණයේ ප්‍රධාන අරමුණ වේ.යෙලෝස්ටෝන් නිර්මාණයට පෙර ස්වභාවික විද්‍යාඥ හෙන්රි ඩේවිඩ් ත්රෝ සහ ආධාරකරුවන් එම ප්‍රදේශයේ සොභාදහම ආරක්ෂා කර දෙන මෙන් රජයෙන් ඉල්ලීම් කළහ.පසුකාලීනව 1841 දී ජාතික වනයෝද්‍යාන පනත නමින් පනතක් ගෙනා අතර එක්සත් ජනපද කොන්ග්‍රසය මගින් වන ජීවින් සහ අනිකුත් ස්වභාවික වන සම්පත් ආරක්ෂා කළේය. 





Wednesday, April 14, 2021

ඇමස්ට්‍රඩාමයේ ටියුලිප් මල් වසන්තය

ලොව මල් වෙළඳාමේ හදවත නෙදර්ලන්තය බව ඔබ දන්නෙහිද ?එම කාල පරාසය වසර 200 කටත් වඩා ඈතට  විහිදී ඇත. ලන්දේසී ජාතිකයින්  ආරම්භයේ පටන් ටියුලිප්  මලට බෙහෙවින් ප්‍රිය කල අතර ටියුලිප් මල් වගාව ධනවතුන්ගේ ප්‍රියතම විනෝදාංශයක් ද විය. එම හේතුව නිසාම මෙම මල ධනයේ සහ සමුර්ද්ධියේ සංකේතය ලෙස හැඳින්විය.එමෙන්ම ටියුලිප් යනු නෙදර්ලන්තයේ ජාතික පුෂ්පයද වේ. ඓතිහාසික වශයෙන් මිල අධිකම ටියුලිප් මල වන්නේ Augustus Tulip මලයි.


මල් වෙළඳපල යනු ලොව වේගයෙන් වර්ධනය වන ප්‍රධාන කොටස් තුනකින් යුක්ත වන ගෝලීය කර්තමාන්තයකි.මෙය වෙන් කෙරන කොටස් තුන නම් වගා කරුවන්, තොග වෙළඳුන් සහ සිල්ලර වෙළඳුන්ය.නෙදර්ලන්තය මල් නිෂපාදකයකු සේම සංවර්ධිත රටවල ප්‍රධාන ආනයනකරුවකුද වේ.එමෙන්ම යුරෝපයේ වෙළඳ මධ්‍යස්ථානයක්ද වීම විශේෂතවයකි.විශේෂයෙන්ම ඇල්ස්මීර් ප්‍රදේශය තුල යුරෝපයේ ප්‍රවර්ධන ස්ථාවරය මෙන්ම මල් කර්මාන්තය හරහා සකස් කරගන්නා ලද ජාත්‍යන්තර වෙළඳපල  සම්බන්ධතා නිසාවෙන්ම යුරෝපයේ හරය බවට පත්වීමට නෙදර්ලන්තයට කෙටිකලකින්ම හැකිවිය.

දළ වශයෙන් ගත් කල යුරෝපය පුරාවට  සෑම වසරකම මිලියන 1200 -1500 අතර මල් ප්‍රමාණයක් වගාකොට කපනු ලැබේ. කපන ලද මෙම මල් වෙළඳ පලට විශාල සක්‍රිය දායකත්වයක් ලබා දෙන ලදී. කෙසේ වුවද නෙදර්ලන්තයේ පසුගිය වසර කීපයේදී මල් වගා කරන සමාගම් සංඛ්‍යාවේ අඩුවීමක් දක්නට ලැබුන අතර 2017 දී  970 ක් තිබුන අතර ඊට   සාපේක්ෂව 2017 දී  2100 වී තිබුණි,මෙයට හේතුව වුයේ නැගී එන අනික් රටවල් සමග තිබු තරඟකාරීත්වයයි.ඉක්වදෝරය .කෙන්යාව, කොලොම්බියාව ,ඉතියෝපියාව වැනි රටවල් මල් වගා කිරීම සම්බන්ධව නෙදර්ලන්තයට විසල් තරඟයක් දෙමින් ඉදිරියට පැමිණෙමින් තිබේ.ඔවුන් නෙදර්ලන්තයට ප්‍රමුඛ පෙලේ ශාක, මල් සහ පැළෑටි සපයමින් සිටින අතර කෙන්යාව ආනයන අංශයේ දෙවෙනි තැන ගනිමින් ආනයන වටිනාකම දළ වශයෙන් 2018 දී යුරෝ මිලියන 345 ක් උපයාගෙන තිබුණි.

ජර්මනිය,ප්‍රංශය සහ එක්සත් රාජධානිය, ජපානය, ඉතාලිය,  නෙදර්ලන්තයෙන් මල් ආනයනය කරන ප්‍රධාන ගැනුම්කරුවන් වන අතර 2008-2018 කාලය අතරතුර නෙදර්ලන්තයෙන් ආනයනය කරන ලද සජීවී ශාක සහ මල් සංඛ්‍යාවේ වටිනාකම යුරෝ බිලියන  2.9 කින් ඉහල ගියේය. යුරෝපයේ ඇති ලොව විශාලතම වෙන්දේසි සමාගමක් වන Royal Flora Holland රෝස මල් විකිණු ප්‍රමාණයේ පරිමාව දළ වශයෙන් බිලියන 3.3 ක් වූ අතර ටියුලිප් මල් වල විකුණුම් ආදායම දළ වශයෙන් බිලියන 1.77ක් විය.එමෙන්ම මෙම මල් ජාන විද්‍යාවේ දියුණුව කෙරෙහිද ඉතා වැදගත් කාර්යභාරයක් ඉටු කරයි.

වර්තමානය වන විට මල් වගාකරුවන් ලෙස නැගීසිටින රටවල මිනිසුන්  සහ තොග වෙළඳුන්  මෙම රටවලට සංක්‍රමණය වීම නෙදර්ලන්තයේ මල් වෙළඳපලට මෙන්ම දේශීය ආර්ථිකයට ද තරමක  අභියෝගයක් වී තිබේ.

බ්‍රිතාන්‍ය මල් සංගමයේ වාර්තා වලට අනුව එක්සත් රාජධානියේ කපන ලද මල් වලින් 80%ක් පමණ නෙදර්ලන්තය හරහා පැමිණේ.සමහර කෙන්යානු මල් වර්ග කෙලින්ම එක්සත් රාජධානියට නයිරෝබි සිට ගුවන් යානා ඔස්සේ ගෙනෙන අතර සමහර ගුවන් තොටුපල පර්යන්ත මේ සඳහා පමණක්ම වෙන්කොට ඇත.

ටියුලිප් මධ්‍යම ආසියාවේ  වැවෙන වල් පැලෑටියක් විය.එය මුලින්ම වගා කලේ තුර්කි ජාතිකයින් වන අතර 16 වන සියවසේදී තුර්කියේ ඔටෝමාන්  රාජ්‍යයේ විසු සුල්තාන් තම අධිරාජ්‍යයේ මල් වගා කරන ලෙස ඉල්ලා සිටියේය.තුර්කි සංස්කෘතියට අනුව ටියුලිප් යනු පෘතුවිය නම් පරාදීසයේ සංකේතය වූ අතර නෙදර්ලන්තයේ පුරාවෘත වලට අනුව එය ජීවිතයේ කෙටි කතාව විය.

Keukenhof යනු ඕලන්දයේ ඇමස්ටර්ඩාම් හි ටියුලිප් උත්සවයේ නිවහන වන අතර ලොව වඩාත්ම ප්‍රසිද්ධ ටියුලිප් මල් ප්‍රදර්ශන උත්සවය සහ උද්‍යානය ද මෙය වේ.ඇමස්ට්‍රඩාමයේ සිට දකුණට කිලෝමීටර් 35ක් පමණ දුරින් ලිස් නම් කුඩා නගරයේ පිහිටා ඇත.සෑම වසන්තයකම  ලොව පුරා බොහෝ ජනයා ක්යුකින්හොෆ් ටියුලිප් උද්‍යානය නැරඹීමට පැමිණේ.එමෙන්ම මෙම උද්‍යානය ලොව විශාලතම උද්‍යානය වීමද තවත් සුවිශේෂී කරුණකි.මෙහි ටියුලිප් ශාක මිලියන 7 කට වඩා වසරකට රෝපණය කෙරේ.

මෙම දිනවල නෙදර්ලන්තයේ ,ඇමස්ට්‍රාඩ්ම් නගරය ටියුලිප් මල් ප්‍රදර්ශනය නිසා පාරාදීසයක ස්වරුපය ගෙන ඇත.එමෙන්ම කොවිඩ් වසංගතය නිසා විදේශිකයින්ගේ පැමිණීමෙහි අඩුවක් තිබුනද ජනාකීර්ණ නගරයක් බවට පත්ව ඇත.


Monday, April 5, 2021

දිනෙන් දියවන ග්‍රීන්ලන්තය

 ලෝකයේ විශාලතම දුපත වන ග්‍රීන්ලන්තය බටහිර දේශාංශ 14- 75 අතර සහ උතුරු අක්ෂාංශ 60 සිට අක්ෂාංශ වනතෙක දළ වශයෙන් පැතිරුණ වර්ග කිලෝ මීටර් දශ ලක්ෂ 2,1666ක් විශාල භුමි ප්‍රදේශයක් වන අතර ආක්ටික් මුහුද සහ උතුරු අත්ලාන්තික් මුහුද අතර පිහිටා ඇත. ග්‍රීන්ලන්තයේ අධික ශිත දේශගුණයක් පවතින අතර ,උණුසුම් සතුවේ පවා සාමාන්‍ය උෂ්ණත්වය 10 c  පමණ වේ.

 ග්‍රීන්ලන්තය ඩෙන්මාර්කයට අයත්වන අතර උතුරු ඇමරිකාවේ ඊසාන දෙසින් පිහිටා ඇත.මෙය ඩෙන්මාර්ක් භාෂාවෙන් හරිත රට යන තේරුම දේ.මන්ද මන්ද වර්තමානයේදී අයිස් වලින් පිරි දිවයිනක් වුවද මෙය 1982 කාලයේදී වෘක්ෂලතදියෙන් පිරි දිවයිනක්ව පැවතීමයි. ග්‍රීන්ලන්තය කැනඩාවේ එලස්මියර් දුපත හා සම්බන්ධිත සමුද්‍ර තිරයෙන් වෙන් වන අතර ගිනිකොණ වෙරල තිරය අසල ඩෙන්මාර්ක් සමුද්‍ර සන්ධිය පිහිටා ඇත,ග්‍රීන්ලන්ත මුහුද පිහිටා ඇත්තේ ධ්‍රැවීය දූපත් සහ ග්‍රීන්ලන්ත දූපත් අතරය.  

 ග්‍රීන්ලන්තය හිම වලින් වැසි ආකර්ශනීය රටක් වන අතර මෙහි දක්නට ලැබෙන හිම කුට්ටි ග්ලැසියර් නමින් හැඳින්වේ .මේවයේ වර්ණ වෙනස්වන අතර එය දවසේ වෙලාව අනුව පැවතීම විශේෂත්වයයි.මෙහි දක්නට ලැබෙන අනික් විශේෂත්වය වන්නේ ජල උෂ්ණත්වය අංශක 360 ට වඩා වැඩි වූ විට ඇතිවන තාප උල්පත්ය.

වසර 26 ක් පුරාවට ඇමරිකාවේ ඔහොයෝ විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයින්  පිරිසක් සිදුකල පර්යේෂණ අනුව දේශගුණික විපර්යාසයන් හේතුවෙන් ග්‍රීන්ලන්තයේ අයිස්  දියවීම 1990 දශකයට වඩා හත් ගුණයකින් වැඩිවී ඇති බව සොයාගෙන ඇත.ඒ අනුව අයිස් ටොන් බිලියන 600ක් පමණ ප්‍රමාණයක් දියවී ඇති බව මොවුන්ගේ අධ්‍යනයන්ට අනුව සොයාගෙන ඇත.

  2012 සිට ග්‍රීන්ලන්තයේ ප්‍රථම වතාවට හිම දියවීම පටන් ගත් අතර වෙනස් වන දේශගුණය කෙරෙහි ඇති විද්‍යාත්මක හේතු සාධක  අවිනිශ්ෂිත වන අතර එහි ප්‍රතිපල කෙසේ කෙලෙසක වනවද යන්න පිළිබඳව නුතන තාක්ෂණයට වත් සොයාගැනීමට හැකියාවක් ලැබී නැත.මන්ද කාලගුණය සහ දේශගුණය යනු සංකීර්ණ ක්‍රියාදාමයක් වන බැවිනි.මෙම කාලගුණික විපර්යාසවලට සහ පෘතුවි ගෝලීය උෂ්ණත්වය වැඩිවීම කෙරෙහි මිනිස් අන්තනෝමතික ක්‍රියාවන් හේතු වන බවද වර්තමානය වන විට නොරහසකි.එයට හොඳම නිදසුනක් වන්නේ ග්‍රීන්ලන්තයේ අයිස් කඳු දියවී යාමයි.

                              මෙම සුවිශාල ග්ලැසියර්ස් හෙවත් හිම කුට්ටි දියවී යාමත් සමග මුහුදු මට්ටම ඉහල යාමේ අවධානමක් දැනට වසර කිහිපයක සිට විද්‍යාඥයින්ගේ අවධානයට යොමුවූ කරුණකි.St Lewis හි පැවති ඇමරිකානු විද්‍යභිවර්ධන සංගම් සමුළුවේ ප්‍රධාන අධ්‍යයන වාර්තාකරුවකු වූ නාසා ආයතනයේ ජෙට් ප්‍රචාලන විද්‍යාගාරයේ එරික් රිග්නොට් ට අනුව 1999 වසරේදී ග්‍රීන්ලන්තයේන් දියවී මුහුදට මුසුවූ අයිස් ප්‍රමාණය කියුබික්  කි.මි.100 ක් පමණ විශාලය.ඔහුගේ වාර්තා වලට අනුව 1999 වසර හා සමානව දෙගුණයක වැඩි ජාල ස්කන්ධයක් ඉහල යෑමට ඉඩ ඇත.1996 දී  එම ප්‍රමාණය 299 වරකින් වැඩිවූ අතර  එලෙසම මීළඟ වසර 10 තුල එය දෙගුණයකින් වැඩි නොවුනහොත් පුදුමයක් බව රිග්නොට්ගේ අදහසයි.

කි.මි.මිලියන 1.68 ක ප්‍රමාණයක අයිස් ප්‍රමාණයකින් ග්‍රීන්ලන්තය වැසි ඇති අතර ඇතැම් ස්ථාන වල ඝනකම කි.මි.3ක් පමණ වේ.ඒවා දියවුවහොත් මුහුදු මට්ටම මීටර් 6ක් හෝ අධික සංඛ්‍යාවකින් ඉහල නගින බව ප්‍රින්සේටන් හි භූ විද්‍යා  ජාත්‍යන්තර සම්බන්ධතා මහාචාර්ය Michel Openhaimarගේ අදහසයි.එමෙන්ම වර්තමානය වන විට සාමාන්‍ය ප්‍රමාණයට වඩා 2000 Km පමණ දුරකට පැතිර ගිය අයිස් තට්ටු පවා කැබලි වී මුහුදට කඩා වැටේ.විද්‍යාඥයින් සොයාගත් පරිදි ග්‍රීන්ලන්තයේ සේර්මිලික් ග්ලැසියර්ය ගෙවුණු වසර 15 තුළ  මීටර් 150කින් අඩුවී ඇත.


ඇන්ටාටිකාවේද මෙවැනි තත්වයක් උද්ගත වෙමින් පවතින අතර එහි ප්‍රතිපලය ග්‍රීන්ලන්තයට වඩා භයානක විය හැක.මන්ද අයිස් ස්ථර තුනී වීම නිසා ධ්‍රැවය ට පතිත වන සුර්ය ශක්තිය අවශෝෂණය කරගැනීම පරිවර්තනය කර ගැනීමට වඩා බයානක වන බැවිනි. Social Polar පර්යේෂණ මධ්‍යස්ථානයේ විද්‍යාඥ Julian Dawutswell ට අනුව  ග්ලැසියර් වල ආරම්භක කෙලවර වූ අයිස් බිඳ වැටීම සහ ග්ලැසියර් මතුපිට වූ අයිස් තට්ටු වාර්තා වන වේගය මෙන් හතර පස් ගුණයෙන් දියවී මුහුදට ගලායමයි. 

ග්‍රීන්ලන්තය අයිස්තට්ටුවක් ලෙස පෙනුනත් එය, 80%කම හිම කැට වැනි නැවුම් පතනයකින් සහ දුවිලි තට්ටු වලින් වූ ආවරණයකි.එය Firn නමින් හැඳින්වේ.විද්‍යාඥයින්ට අනුව 2100 වන විට අයිස්තට්ටුවේ ව්‍යාප්තිය අඟල් තුනක් පමණ ඝනවී ඉහල යා හැකි බව කියවේ.එවිට අයිස් මට්ටමේ සමස්ත මුහුදු මට්ටමේ ඉහල යාමේ ප්‍රමාණය තුනෙන් එකක් වැඩිවේ.ඔවුන්ට අනුව වායු විමෝචනය ඉහල මට්ටමක පවතිද්දී  ග්‍රීන්ලන්තයෙ අභ්‍යන්තරයෙන් පිටවන ප්‍රමාණය සියවස අග වන විටදී දළ වශයෙන් දෙගුණයක් විය හැකිය. නමුත් හිම දියවී ගලායාම යනු ග්‍රීන්ලන්තයේ අයිස්වල සිදුවන පරිවර්තන වල එක් විභව වෙනසක් පමණි.අයිස් තට්ටු වල පහල උන්නතාංශ වල ඇති විශාල කුහරවලට ජලය කාන්දුවීමෙන් සිදුවන්නේ පිටාර ගැලීම, අයිස් තට්ටු සා සම්බන්ධිත කලාපය  දියවී යාම පෘතුවියේ උණුසුම් වීම සමග අනාගතයේදී ඉතාමත් අයහපත් ප්‍රතිපල ගෙන දිය හැකි බව පාරිසරික විද්‍යාඥයින්ගේ මතයයි.










Thursday, April 1, 2021

වන විනාශය සේම කොරෝනාවටද යටත් වූ ඇමසන් වනය

මෙම මස එනම් මාර්තු 21 වන  දිනට ජාත්‍යන්තර වනාන්තර දිනය යෙදී තිබුණි.මේ පිළිබඳව විමසීමේදී ලොවට ඔක්සිජන් වායුව සපයන ඔක්සිජන් ආකරය ලෙස හඳුන්වන දකුණු ඇමරිකාවේ ඇමේසන් වනාන්තරයේ සිදුවන වන විනාශය පිළිබඳව අවධානය යොමු කිරීම වැදගත් යයි සිතේ. ඇමසන් වනාන්තරය ලෝකයේ දේශගුණය සමතුලිත කිරීම සහ ගෝලීය උෂ්ණත්වය ඉහල යෑමට එරෙහිව ක්‍රියා කිරීම  උදෙසා වැදගත් කාර්ය භාරයක් ඉටු කරන අතර මෙම වනාන්තරයද අද වන විට කොරෝනා වෛරසයෙන් බරපතල ලෙස පිඩා විඳියි.

ලෝකයේ විශාලතම ගංගාවන්ගෙන් එකක් වන ඇමේසන් නදිය මෙම වනාන්තරය මැදින් ගලා බසින බ්‍රසීලය ,බොලිවියා ,පේරු ,ඉක්වදෝර් ,කොලොම්බියා , වෙනිසියුලා, ඝානා ,සුරිනාම් ෆ්‍රෙන්ච් ගුවානා යන රටවල් මෙම කලාපයේ පිහිටා ඇත. දක්ෂිණ අක්ෂාංශ 2.9 - 47.1 දක්වාද බටහිර දේශාංශ 35.9 - 55.7 අතර දළ වශයෙන් පිහිටා ඇත.ඇමසන් වනාන්තරය ලොව විශාලතම සහ වෙනස්ම නිවර්තන  වැසි වනාන්තරය වන අතර එහි මිලියන 33 ක ජනතාවක් සහ සතුන් ජිවත් වේ.එමෙන්ම විවිධ වර්ගයේ ශාක වර්ගද මිලියන ගණනකට හිමිකම් කි වන පෙදෙසක් වීමද සුවිශේෂී වේ

2019 වසරට සාපේක්ෂව 2020 වසරේ මුල් මාස 4 තුල මෙම වන විනාශය 55%කින් ඉහල ගොස් ඇති බව පරිසරවේදීන්ගේ අදහසයි. අවුරුදු 11 ක පමන කාලයක සිට වනාන්තර ගිණි තැබීම , නීති විරෝධී ගස් කැපීම් ඉඩම් වල නිෂ්පාදන, නීති විරෝධී  පතල්  කැනීම් යනාදිය ඉහල යමින් තිබෙන අතර එය නැවත්වීමට නොහැකි අයුරින් වේගවත්ව වැඩිවන ප්‍රතිශතයකට ඉහල යන බව පරිසරවේදීහු පවසති.

කොරෝනා වෛරසය බ්‍රසීලයට ව්‍යප්තවුදා පටන් මාර්තු මාසයේ බ්‍රසීලයේ වැඩිම ආසාදිතයින් අනුපාතය සඳහන් කල රට ඇමානස් රාජ්‍ය වේ.අනිකුත් රටවල සේම මෙහිද වෛරසය පැතිරීම සිමා කිරීම උදෙසා සමාජ දුරස්ථභාවය සහ ගමන් සිමාවන් පනවා ඇත.

අභ්‍යවකාශ පර්යේෂණ ඒජන්ත්සියක් වන INPE සංවිධානය මගින් ලබා දුන් මුලික චන්ද්‍රිකා  දත්ත අනුව අප්‍රේල් මාසයේදී රෝගීන් සංඛ්‍යාව ඉහල ගොස් රජයයන් හුදකලා කිරීමට පියවර ගන්නා විට වනාන්තර විනාශය 2019 වසරදී එම ප්‍රමාණයට වඩා   64 % කින් ඉහල ගොස් තිබී ඇත. පසුගිය වසරේ ඇමසන් වනන්තරේ සිදුවූ විසල් ලැවූ ගින්නකින් වනාන්තරයෙන්  විශාල ප්‍රමානයක් විනාශ විය.වැඩියෙන්ම ලැවූ ගිණි ඇතිවන්නේ ජුලි මාසයේ සිට වන අතර විසේසඥයින්ට අනුව කොරෝනා සමයේ උච්චතම අවස්තාව  ඊට සමපාත විය හැකිය.

වැසි වනාන්තර ආරක්ෂා කිරීමට නීති විරෝධී වන විනාශය නැවත්වීමට  ,ලැවූ ගිණි මැඩ පැවැත්වීමට බ්‍රසීල හමුදා නිලධාරින් විසින් ඇමසන් කලාපයේ හමුදාව යොදවා ඇත.මෙම වසරේ වන විනාශය ඉහල යෑමට පෙර පවා ඇමසන් රටවල් නමය පුරා අනුපාතය අඛණ්ඩව  ඉහල ගොස් ඇත.2019 දී ප්‍රාථමික  වනාන්තර අහිමිවූ රටවල් 5 අතරට බ්‍රසීලය ,බොලිවියාව සහ පේරු යන රාජ්‍යයන් අයිතිවූ අතර බොලිවියාවේ ඇතිවූ ලැවූ ගිණි හේතුවෙන් වාර්තාගත ගස් ආවරණයක් එරටට අහිමි විය.

දේශගුණ විද්‍යාඥ ඇන්ටෝනියෝ ඩොනාටෝ නොබ්‍රේ ට අනුව මාධ්‍ය වල කරන කතාබහ වලට වඩා 20% කට වැඩි ප්‍රමාණයක් ඇමසන් වනාන්තරය විනාශ වී ඇති බව කියවේ. එම නිසා විද්‍යාඥයින් පවසන්නේ අප විසින් වනාන්තර විනාශය හා වර්තමානයේ වන පරිහානිය  නවත්වාලීමට කටයුතු නොකළහොත් සිදුවන දේශගුණික විපර්යාසයන්ගේ ප්‍රතිවිපාක දිනෙන් දින වේගවත් විය හැකි බවයි.

Global Forest Watch සඟරාවට අනුව 2019 දී පමණක් ඇමසන් වනාන්තරයේ ගස් ආවරණ අලාභය හෙක්ටර් මිලියන 2.4 ක් වී ඇත.මින් අඩක් ප්‍රථමික වනාන්තර මට්ටමේ පැවති අතර ජෛව විවිධත්වයෙන් පරිනත  විය.2019 දී එහි සිදුවී ඇති විනාශය ප්‍රථමික වනාන්තරයේ සිට පාපන්දු පිටි තුනක ප්‍රමාණයක විනාශය  හා සමානව සිදුවී ඇත. 

සමස්ත ඇමසන් වනාන්තරයේ ප්‍රමාණය යනු ජෛව විද්‍යා වනාන්තර ප්‍රමාණයෙන් 0.32 ක් පමණි.නමුදු එය ගුණාත්මකභාවය පිලිබඳ පැනයකි.ඔක්ස්වර්ඩ් සරසවියේ පාරිසරික විද්‍යාඥ  Erika Berenger ට අනුව සෑම හෙක්ටයරයකම පරිසර විනාශයක් යනු පරිසර පද්ධතියේ කොටසක් ක්‍රියාවිරහිත වන අතර මෙය සෙසු අයටද බලපායි."


ප්‍රථමික වනාන්තරයක් යනු අවුරුදු සිය ගණනක් හෝ දහස් ගණනක් පැරණි ගස්වල වාසස්ථානයකි.එය දැවැන්ත කාබන්ඩයොක්සයිඩ් ගබඩාවක් ලෙස ක්‍රියාකරන බැවින් දේශගුණික විපර්යාසයන්ගේ බලපෑම් අවම කිරීම උදෙසා කරන කාර්යභාරය ප්‍රභලය.ප්‍රභාසංස්ලේෂණයේදී ගස් මගින් අවශෝෂණය කරන CCO2හි කුඩා කොටසක් ශ්වසනය අතරතුර වායුගෝලයට මුදා හැරේ.ඉතිරිය කාබන් බවට පරිවර්තනය වන අතර එහි පරිවෘත්තිය ක්‍රියාවලියට අවශ්‍ය සිනි නිපදවීමට ගස් භාවිතා කරයි.ගසක් පැරණි සහ විශාල වන තරමට එහි අඩංගු කාබන් ප්‍රමාණය වැඩි වේ. ආචාර්ය බෙරෙන්ගුවෙර් ට අනුව විශාල ගසක මීටර තුනක වට ප්‍රමාණයකින් යුතු කාබන් ටොන් තුනක් අඩංගු විය හැක,මෙය CO2 ටොන් 10 - 12 ත් අතර ප්‍රමාණයකට සමාන වේ.

මේ අනුව ඇමසන් වනාන්තරයේ විනාශ වීම නතර කිරීමට පියවර නොගතහොත් ලෝ වාසීන්ට මීට වඩා ස්වභාවික ආපදා වලට මුහුණ දීමට සිදුවන වනු ඇත.

" මිනිසා පරිසරය වෙනස් කිරීමට හෝ විනාශ කිරීමට උත්සහ ගන්නා සෑම අවස්තාවකදීම පරිසරය ඊට වඩා දෙගුණයකින් මිනිසාට දඬුවම් දෙනු ඇත."