ලොව මල් වෙළඳාමේ හදවත නෙදර්ලන්තය බව ඔබ දන්නෙහිද ?එම කාල පරාසය වසර 200 කටත් වඩා ඈතට විහිදී ඇත. ලන්දේසී ජාතිකයින් ආරම්භයේ පටන් ටියුලිප් මලට බෙහෙවින් ප්‍රිය කල අතර ටියුලිප් මල් වගාව ධනවතුන්ගේ ප්‍රියතම විනෝදාංශයක් ද විය. එම හේතුව නිසාම මෙම මල ධනයේ සහ සමුර්ද්ධියේ සංකේතය ලෙස හැඳින්විය.එමෙන්ම ටියුලිප් යනු නෙදර්ලන්තයේ ජාතික පුෂ්පයද වේ. ඓතිහාසික වශයෙන් මිල අධිකම ටියුලිප් මල වන්නේ Augustus Tulip මලයි.
මල් වෙළඳපල යනු ලොව වේගයෙන් වර්ධනය වන ප්‍රධාන කොටස් තුනකින් යුක්ත වන ගෝලීය කර්තමාන්තයකි.මෙය වෙන් කෙරන කොටස් තුන නම් වගා කරුවන්, තොග වෙළඳුන් සහ සිල්ලර වෙළඳුන්ය.නෙදර්ලන්තය මල් නිෂපාදකයකු සේම සංවර්ධිත රටවල ප්‍රධාන ආනයනකරුවකුද වේ.එමෙන්ම යුරෝපයේ වෙළඳ මධ්‍යස්ථානයක්ද වීම විශේෂතවයකි.විශේෂයෙන්ම ඇල්ස්මීර් ප්‍රදේශය තුල යුරෝපයේ ප්‍රවර්ධන ස්ථාවරය මෙන්ම මල් කර්මාන්තය හරහා සකස් කරගන්නා ලද ජාත්‍යන්තර වෙළඳපල සම්බන්ධතා නිසාවෙන්ම යුරෝපයේ හරය බවට පත්වීමට නෙදර්ලන්තයට කෙටිකලකින්ම හැකිවිය.
දළ වශයෙන් ගත් කල යුරෝපය පුරාවට සෑම වසරකම මිලියන 1200 -1500 අතර මල් ප්‍රමාණයක් වගාකොට කපනු ලැබේ. කපන ලද මෙම මල් වෙළඳ පලට විශාල සක්‍රිය දායකත්වයක් ලබා දෙන ලදී. කෙසේ වුවද නෙදර්ලන්තයේ පසුගිය වසර කීපයේදී මල් වගා කරන සමාගම් සංඛ්‍යාවේ අඩුවීමක් දක්නට ලැබුන අතර 2017 දී 970 ක් තිබුන අතර ඊට සාපේක්ෂව 2017 දී 2100 වී තිබුණි,මෙයට හේතුව වුයේ නැගී එන අනික් රටවල් සමග තිබු තරඟකාරීත්වයයි.ඉක්වදෝරය .කෙන්යාව, කොලොම්බියාව ,ඉතියෝපියාව වැනි රටවල් මල් වගා කිරීම සම්බන්ධව නෙදර්ලන්තයට විසල් තරඟයක් දෙමින් ඉදිරියට පැමිණෙමින් තිබේ.ඔවුන් නෙදර්ලන්තයට ප්‍රමුඛ පෙලේ ශාක, මල් සහ පැළෑටි සපයමින් සිටින අතර කෙන්යාව ආනයන අංශයේ දෙවෙනි තැන ගනිමින් ආනයන වටිනාකම දළ වශයෙන් 2018 දී යුරෝ මිලියන 345 ක් උපයාගෙන තිබුණි.
ජර්මනිය,ප්‍රංශය සහ එක්සත් රාජධානිය, ජපානය, ඉතාලිය, නෙදර්ලන්තයෙන් මල් ආනයනය කරන ප්‍රධාන ගැනුම්කරුවන් වන අතර 2008-2018 කාලය අතරතුර නෙදර්ලන්තයෙන් ආනයනය කරන ලද සජීවී ශාක සහ මල් සංඛ්‍යාවේ වටිනාකම යුරෝ බිලියන 2.9 කින් ඉහල ගියේය. යුරෝපයේ ඇති ලොව විශාලතම වෙන්දේසි සමාගමක් වන Royal Flora Holland රෝස මල් විකිණු ප්‍රමාණයේ පරිමාව දළ වශයෙන් බිලියන 3.3 ක් වූ අතර ටියුලිප් මල් වල විකුණුම් ආදායම දළ වශයෙන් බිලියන 1.77ක් විය.එමෙන්ම මෙම මල් ජාන විද්‍යාවේ දියුණුව කෙරෙහිද ඉතා වැදගත් කාර්යභාරයක් ඉටු කරයි.වර්තමානය වන විට මල් වගාකරුවන් ලෙස නැගීසිටින රටවල මිනිසුන් සහ තොග වෙළඳුන් මෙම රටවලට සංක්‍රමණය වීම නෙදර්ලන්තයේ මල් වෙළඳපලට මෙන්ම දේශීය ආර්ථිකයට ද තරමක අභියෝගයක් වී තිබේ.
බ්‍රිතාන්‍ය මල් සංගමයේ වාර්තා වලට අනුව එක්සත් රාජධානියේ කපන ලද මල් වලින් 80%ක් පමණ නෙදර්ලන්තය හරහා පැමිණේ.සමහර කෙන්යානු මල් වර්ග කෙලින්ම එක්සත් රාජධානියට නයිරෝබි සිට ගුවන් යානා ඔස්සේ ගෙනෙන අතර සමහර ගුවන් තොටුපල පර්යන්ත මේ සඳහා පමණක්ම වෙන්කොට ඇත.
ටියුලිප් මධ්‍යම ආසියාවේ වැවෙන වල් පැලෑටියක් විය.එය මුලින්ම වගා කලේ තුර්කි ජාතිකයින් වන අතර 16 වන සියවසේදී තුර්කියේ ඔටෝමාන් රාජ්‍යයේ විසු සුල්තාන් තම අධිරාජ්‍යයේ මල් වගා කරන ලෙස ඉල්ලා සිටියේය.තුර්කි සංස්කෘතියට අනුව ටියුලිප් යනු පෘතුවිය නම් පරාදීසයේ සංකේතය වූ අතර නෙදර්ලන්තයේ පුරාවෘත වලට අනුව එය ජීවිතයේ කෙටි කතාව විය.
Keukenhof යනු ඕලන්දයේ ඇමස්ටර්ඩාම් හි ටියුලිප් උත්සවයේ නිවහන වන අතර ලොව වඩාත්ම ප්‍රසිද්ධ ටියුලිප් මල් ප්‍රදර්ශන උත්සවය සහ උද්‍යානය ද මෙය වේ.ඇමස්ට්‍රඩාමයේ සිට දකුණට කිලෝමීටර් 35ක් පමණ දුරින් ලිස් නම් කුඩා නගරයේ පිහිටා ඇත.සෑම වසන්තයකම ලොව පුරා බොහෝ ජනයා ක්යුකින්හොෆ් ටියුලිප් උද්‍යානය නැරඹීමට පැමිණේ.එමෙන්ම මෙම උද්‍යානය ලොව විශාලතම උද්‍යානය වීමද තවත් සුවිශේෂී කරුණකි.මෙහි ටියුලිප් ශාක මිලියන 7 කට වඩා වසරකට රෝපණය කෙරේ.මෙම දිනවල නෙදර්ලන්තයේ ,ඇමස්ට්‍රාඩ්ම් නගරය ටියුලිප් මල් ප්‍රදර්ශනය නිසා පාරාදීසයක ස්වරුපය ගෙන ඇත.එමෙන්ම කොවිඩ් වසංගතය නිසා විදේශිකයින්ගේ පැමිණීමෙහි අඩුවක් තිබුනද ජනාකීර්ණ නගරයක් බවට පත්ව ඇත.
No comments:
Post a Comment
ඔබෙ දිය පොදත් එක් කරන්න.........