Friday, May 14, 2021

ඇමරිකානු කවි වෝල්ට් විට්මන් (American Poet Walt Whitman 1819–1892)



වෝල්ට් විට්මන්  1819 මැයි 31 වෙනි දින නිව්යෝර්ක්හි ලෝන්ග් අයිස්ලන්ඩ් හි වෙස්ට් හිල්ස්හි උපත ලද අතර නිවාස ඉදිකරන්නකු වූ Walter Whitman හා Louisa Van Velsor ගේ දෙවන පුත්‍රයා විය.1820-1830 කාලය ඇතුලත බ්‍රුක්ලන් හි ඔවුන් වාසය කල අතර මොහු එම ප්‍රාන්තයේ බ්‍රුක්ලන් පාසලෙන් තම අධ්‍යාපනය ලැබිය.ඉන් පසුව අවුරුදු 12 දී මුද්‍රණ යාන්ත්‍රනය පිළිබඳව වෝල්ට් ඉගෙනීම ආරම්භ කල අතර බොහෝ දුරට ස්වයං අධ්‍යනය සිදුකරනු ලැබිය.මොහු සාහිත්‍යයට බෙහෙවින් ප්‍රිය කල අතර හෝමර් , දාන්තේ මෙන්ම විලියම් ශේක්ස්පියර් වැනි කවියන්ව අධ්‍යනය කල අතර බයිබලය කෙරෙහිද විශේෂිත අවධානයක් යොමු කර ඇත.

1836  දී  ගුරු වෘත්තීය ආරම්භ කල වෝල්ට් 1841 දී පුර්ණකාලිනව පුවත්පත් කලාවට යොමුවන තෙක්ම ගුරුවරයකු ලෙස තම දැනුම බෙදා දුන්නේය.පසුව ඔහු Long-Islander පුවත් පත ආරම්භ කර පසුව Brooklyn සහ  New York යන පුවත් පත් වලසංස්කාරක ලෙස කටයුතු කළේය.1848 දී වෝල්ට් Brooklyn පුවත්පතින් ඉවත්ව මාස තුනක ගිවිසුම් කාලයකට New Orleans Crescent හි කතෘ ධුරය භාර ගන්නා ලදී. නමුදු  නිව් ඔර්ලියන්ස්හි වහල් වෙළදාමේ සහ වහල් සේවයෙහි යෙදුණු මිනිසුන්ගේ ඉරණම දැක කණගාටු වූ ඔහු නැවත බ්‍රුක්ලින් වෙත පැමිණ free soil පුවත්පතේ සමකතෘ ලෙස ධුරය භාරගන්නා ලදී.ජාතිය සහ වර්ගවාදය පිලිබඳ මොහුගේ අදහස් ආකල්ප සහ මතවාද පරස්පර විරෝධී වුවත් මානව ගරුත්වයට මුලික තැනක් දුන් පුද්ගලයකු විය.

බ්රුක්ලින්හිදී ඔහු unique style of poetry එනම් අද්විතීය කාව්‍ය ශෛලීන් වර්ධනය කරගනිමින් අධ්‍යයනය කරන්නට පටන් ගත්තේය.වොල්ට්ගේ නිර්මාණ කෙරෙහි එරට කවියකු වූ රැල්ෆ් වෝල්ඩො මවිතයට පත්වුයේ එම නිර්මාණ වල වූ ප්‍රතිභාව දැකයි.මොහුගේ ප්‍රථම කාව්‍ය කෘතිය වුයේ Leaves of Grass කාව්‍ය සංග්‍රහයයි.1855 දී ඔහු Leaves of Grass හි පළමු සංස්කරණයේ ප්‍රකාශන අයිතිය රැගෙන පෙර නිර්මාණ නව්‍යකරණයට ලක් කරමින් එය නම් නොකළ  නිර්මාණ 12 ක් හා පෙරවදනක් සහිතව ලෙස එළිදක්වා පළමු පිටපත එමර්සන් වෙත යැවිය.

1856 දී Leaves of Grass හි දෙවන මුද්‍රණය සිදුකල අතර කවි 32ක් සහ පළමු කාව්‍ය සංග්‍රහය පිලිබඳ එමර්සන්ගේ විමසුම ඇතුලත් ලිපියද විට්මන් එයට දැක්වූ ප්‍රතිචාර ලිපියද ඇතුලත් විය.

පසුකාලීනව විට්මන් පිළිබඳව M. Jimmie Killingsworth පැවසුවේ විට්මන්ට අනුව ඒකාබද්ධ කිරීම යනු ඔහු විසින් සිතෙහි පිළිසිඳ ගත් මානසික, සදාචාරාත්මක හා දේශපාලන සීමාවන් ඉක්මවා යාමට තනි පුද්ගලයෙකුට ඇති හැකියාවයි.පසුව 1855 දී Leaves of Grass  යන තනි මාතෘකාව යටතේ ‘I Sing the Body Electric,' ‘The Sleepers,' and ‘Song of Myself,' යන කව්‍යයයන් ඇතුලත් කරන ලදී.

සිවිල් යුද්ධය ආරම්භ කරන විට මොහු නිදහස් මාධ්‍යවේදියකු ලෙස කටයුතු කල අතර යුද්ධයෙන් තුවාල වුවන් පිලිබඳ සොයා බැලීමට නගරය වටා රෝහල් වල කාලය ගත කළේය.පසුව යුද්ධයෙන් තුවාල ලැබූ තම සොයුරා රැක බලාගැනීම උදෙසා වෝල්ට් 1862 දී වොෂින්ටනයට ගියේය.

1873 දී ශරීරයේ ඇතිවූ හදිසි රුදිර නාල වල ඇතිවූ හිරවීමක් හේතුවෙන් ශරීරයෙන් පැත්තක් පණ නැතිවී අර්ධ වශයෙන් අංශභාග තත්වයට පත්විය. මාස කිහිපයකට පසුව ඔහු තම අසනීපයෙන් සිටින මව බැලීමට කැම්ඩන් වෙත ගොස් තම සොයුරාගේ නිවසට ගියේය. Leaves of Grass කෘතිය ප්‍රකාශයට පත් කරන තෙක් ඔහු එහි විසුවේය.

1891 -1892 කාලයේදී ඔහු තම කෘතීන් වල සංශෝදන කරමින් තම අවසන් කාලය ගත කල අතර ඔහුගේ අවසාන කාව්‍ය සංග්‍රහය වු  Good-Bye My Fancy රචනා කරන ලදී,1892 මැයි 21 වෙනි දින ඔහු මිය ගිය අතර මරණයෙන් පසු ඔහුගේ දේහය විට්මන්හි තැන්පත් කරන ලදී.







No comments:

Post a Comment

ඔබෙ දිය පොදත් එක් කරන්න.........