Wednesday, August 25, 2021

මධුවන්ත ... මහා පොළව සහ නොමිනිසා

 සංගීතවේදී මධුවන්ත ලියනවත්ත මහතා ගායනා කරන මහා පොලවට ... කැළලක් ගීතය ,නොසන්සිඳෙන මිනිස්  ආශාවන් නිසා භූතලය ,වායු ගෝලය සහ ජල ගෝලය දුෂණයට ලක්වී එනිසාම පරිසරය විනාශ වී යාමත් , අවසානයේ පරිසරයේම නිර්මාණයක් වූ මිනිසා විනාශවී යන ආකාරය ආකර්ශනීය ලෙස ගායනා කර සිතීමට යමක් ඉතිරි කරන , ගීතයකි.මෙහි අනික් විශේෂත්වය නම් , සංවර්ධනයේ නාමයෙන් කාර්මික විප්ලවයේ ප්‍රතිපලයක් ලෙස නිපදවූ සියලු දේ යහපතට වඩා විනාශයට යොදා ගන්න ආකාරය ගායකයාගේ පද පේලි අතරට එක්වීමයි.

මල පොළව දැදුරු කර ,අවශ්‍ය ප්‍රමාණයට වඩා  ඛනිජ සම්පත් ලබා ගැනීම සහ න්‍යෂ්ටික අත්හදා බැලීම් අද භූ කම්පන ,සුනාමි දක්වා ව්‍යාප්ත වී ඇත.ජාල ගෝලයේ වායු ගෝලයේ දුෂණය ,දහසකුත් එකක් අබාධ වලට හේතු කාරක වී ඇත.ඕසෝන් ස්තරය දැදුරු වී මිනිසාටත් සත්වයින්ටත් ,නිදහසේ ජිවත් වීමට තිබු ඉඩකඩ අහිමි වී ඇත.

ඉහවහා ගිය කාම සුඛල්ලිකානුයෝගය දිවියෙන් බැහැර කර බොහෝ ආගමික නායකයින්ගේ මානවවාදී  දහමට අනුව මධ්‍යම ප්‍රතිපදාව ජිවිතයට ලංකරගෙන ජීවත්වීමේ අරුත මෙම සරල පද පේලි අතර නිබඳවම ගලා යයි.

කාංචන ජයසිංහ මහතාගේ දෝංකාර නංවන සංගීත සංයෝජනය සිදුවන විනාශය අතීතයේ සිට අනාගතය දක්වා ගලයන ආකාරයක් ගීතයට මුසු කර ඇත.මධුවන්ත ලියනවත්ත ගයකයනනේ මධුර හඬ ගැඹුරු ස්වරයකට පරිවර්තනය වී සීමිත වචන ප්‍රමාණයකින් අසීමිත අර්ථකතනයක් ගෙන දෙයි.සමහර විටක අපට හුස්ම ගැනීමට පවා අපහසුතාවයක් දැනේ.

තවත් මෙවන් අරුත්බර අගනා නිර්මාණ රැසක් එළිදැක්වීමට ඔබට ශක්තිය සහ ධෛර්යය ලැබේවා !

https://youtu.be/KWFX0w0sz-whttps://youtu.be/KWFX0w0sz-w

3 comments:

ඔබෙ දිය පොදත් එක් කරන්න.........