Saturday, September 25, 2021

සිමා මායිම් ඔස්සේ - චරුන්යා දෙහිගම මහත්මිය -(Walking the Boundaries - Jackie French)

 


මාර්ටින් ඕස්ට්‍රේලියාවේ නගරයක ජිවත් වන කුඩා පිරිමි ළමයකු වන අතර තම පාරම්පරික ඉඩම්වල සීමාවන් නිරීක්ෂණය කිරීමට ඔහු තම ගමට පැමිණේ.ඔහුගේ සියා වන ටෙඩිගේ පොරොන්දුව වන්නේ සිමා මායිම අවසාන තෙක්ම පැමිණියහොත් මෙම ගොවිපල ඔහුට ලියා දෙන බවයි.කතාව ඇරඹුමේදී සිටින ටෙඩි ට වඩා කතාව ගලායන  අතරමැදදී ටෙඩි කෙමෙන් කෙමෙන් වෙනස් වේ.මුලදී ගොවිපල විකිනීමේ තිරණයක සිටින ඔහු පසුව එහි වටිනාකම තෙරුන් ගන්නා අතර ඔහුට තව දුරටත් තම පරම්පරාව රැකගැනීමට අවශ්‍ය වේ.

මෙම ගමන තුලදී ඔහු බොහෝ අත්දැකීම් වලට මුහුණ පාන අතරම ජිවිතයටද බෙහෙවින්ම ප්‍රයෝජනවත් දෑ ඉගෙන ගනී,.ඔහු සේම අතීතයෙන් සිමා මායිම් සොයා යන මිනිසුන් ඔහුට  හමුවේ. මුළු කෘතිය පුරවටම ප්‍රථම පුරුෂ දෘෂ්ඨි කෝණයෙන් ගලායාමක් දක්නට ලැබෙන අතර චරිත ගලාගෙන යාමේදී ඇතිවන වෙනස්වීම් මනාව මතුකර තිබීම අපුරු තාක්ෂනික ක්‍රමවේ.

මෙම කතාව මනුෂ්‍යත්වය සහ අහිංසකත්වයේ  මිශ්‍රණයකි.එමෙන්ම කාලයේ සහ සංස්කෘතිය ඉක්මවා යන කතාවකි. මෙම ප්‍රදේශය ආක්‍රමණය කල ප්‍රංශ ජාතිකයින් ස්වාදෙශිකයින්ගේ පරවේණි ඉඩම් සටන් කර ඔවුන් ගේ පාලනයට නතු කරගත් අතර ඔවුන් සහ ස්වෙදෙශිකයින් අතර ඇතිවන ඝට්ටනයන් පිලිබඳ මනා අවබෝධයක් පාඨකයාට ලබා ගත හැකිය.මෙම කතාව ඔස්සේ ඕස්ට්‍රේලියාවේ  අතීත කාලපරිච්ජෙදයත්  නාගරීකරණය වී ජනාවස වූ වත්මන් ඔස්ට්‍රේලියාව යන යන මානයන් දෙකම එක මානයකින් ඉදිරිපත් කල අපුර්වතම කතාවක් ය.මෙහි සඳහන් සමහර සංස්කෘතිකාංග තේරුම් ගැනීමට තරමක් අපහසු වුනත් ස්වදේශිකයින් සහමේම භුමිය පිලිබඳ අප සිත් තුල සුන්දර දැක්මක් ඇති වේ.,

මෙහිදී 1920 කුඩා පිරිමි දරුවෙක් , අතීතයෙන් පැමිණි ගැහැනියක් සේම යටත් විජිතකරණයට පෙර දඩයම් යුගයේ ජීවත්වූ  යුගයේ එනම් දඩයම් යුගයේ ජීවත්වූ පිරිමි ළමයකු යන ප්‍රථම පුරුෂ දෘෂ්ටි කෝණයෙන් මෙය ඉදිරිපත් කල හැකිය.මෙහිදී කායිකව සහ අධ්‍යාත්මිකව කරන්නාවූ ගමනක් වන අතර ඔහුට ඔහුගේ පවුලේ අතීතය සර පරම්පරාවෙන් ලැබුන ඉඩම රැක බලා ගැනීමේ අයිතිය පිලිබඳ ඉගෙන ගැනීම පිලිබඳ මේ කතාව ඔස්සේ විද්‍යමාන කරයි.

මාටින් විසින් මෙග් සහ වුල්ලමුදුල්ල සමගින් ඇති කර ගන්නාවූ සම්බන්දතාව ඔස්සේ අනාගත දරු පරපුර සඳහා භුමිය රැකබලාගත යුතු ආකාරය පිලිබඳ අවබෝධයක් මොහුට ලැබේ.ඒ ඔස්සේ මොහුත් සීයත් අතර ඇති අන්තර් සම්බන්ධතාව පුළුල් වේ.

මානව ඉතිහාසයේ පරිණාමය අනුව මිනිසා විවිධ විවිධ යුග වලට බෙදී  බෙදී ශිෂ්ටසම්පන්න වී ඇත.නමුත් සිමා මායිමේදී හමුවන යුග තුනකට අයිතිවූ මෙග්, චුල්ලමුදුල්ල සහ ද්‍රකියුලා යන තිදෙනා පුළුස්සා ගත සතුන්,කැලයේ ගෙඩි වර්ග ,කිසිම බේදයකින් තොරව අනුභව කරති.ශිෂ්ටාචාරය නොව මානවයාගෙන් ගිලිහි ගිය සමගිය ,සමානාත්මතාවය ,එහි රැඳී ඇත.නමුත් ඔහු සෙවූ ලොක්කය ,ටෙඩ් ,සියා විසින් පැහැදිලි කල ලෝකය එය විය.

09/25/2021

5 comments:

  1. හොඳ විචාරයක්. පස්සේ කියවන්න හිතා ගත්ත

    ReplyDelete
  2. This comment has been removed by a blog administrator.

    ReplyDelete

ඔබෙ දිය පොදත් එක් කරන්න.........