සමහර ගීත හතු පිපෙන්නාක් මෙන් කරළියට විත් ටික කලකින් අසන්නන්ගේ හදවත් තුළින් වියැකී යයි.නමුත් ..... සමහර ගීත බාළ, තරුණ මහලු කොයි කා අතරත් සදාතනික මතකයක් ලෙස තැන්පත් වී ,සෑම කාලයකදීම රසවිඳිය හැකි මට්ටමක පවති.
ලෝකයේ වසරකට වැඩිම චිත්‍රපට ප්‍රමාණයක් නිෂ්පාදනය කරන රට වන ඉන්දියාවේ තිරගත වූ හින්දි චිත්‍රපට ඇසුරෙන් දශක ගණනාවක් පසු කලත් , ප්‍රේක්ෂක හදවත් තුළ නොමියෙන චිත්‍රපට ගණනාවක් ඇත. 1969 වසරේ මැයි මස තිරගත වූ ඒක් පුල් දෝ මාලි ප්‍රේක්ෂක හද බැඳගත් එවන් ආදරණිය, සංවේදී නිර්මාණයකි.
මෙම චිත්‍රපටය තුලින් බිහිවූ " Oh Nan hese Paristhe " ගීතය, චිත්‍රපටය තිරගත වී වසර 55 කට ආසන්න කාලයක් ගත වුවත් , එදා ගීතය ඇසු අය මෙන්ම වර්තමානයේද රසිකයින්ගේ හදවත් තුලත් ,ගීත ලොව තුලත් තවමත් ජනාදරයට පත්ව ඇත. එම ගීතයේ ජවනිකාව දැකීමත් සමග ගීතය ප්‍රචාරය වන විට ප්‍රේක්ෂක සිතට කඳුලක් නංවයි.
බොහෝ විට ඉන්දියාවේ මෙන්ම වෙනත් රටවලද උපන් දින වල සාදා වලදී ද සංගීත ප්‍රසංග වලදීද මෙම ගීතය අසන්නට ලැබේ.
ඉන්දියාවේ ශ්‍රේෂ්ඨ ගායකයකු වන මොහොමඩ් රාෆි හඬ මුසු කරන මෙම ගීතයේ පද රචනය ප්‍රේම ධවාන්ගේ (Prem Dhawan) වන අතර සංගීතය M D රවී සංගීතවේදියාගෙනි.
මෙම ගීතය අඩංගු වන ගීත ජවනිකාව කුඩා දරුවකුගේ උපන් දින සාදයක් වන අතර , කුඩා දරුවන් රාශියක් සහභාගි වීම තවත් සුවිශේෂී කරුණකි. ගීතයට පාදක වූ චිත්‍රපටයේ කතා වස්තුවද ගීතයේ රසවත් බව හදවතට ලංකර ගැනීමට නම් දැනගත යුතුමය.
ප්‍රධාන චරිතය වන සංජය ඛාන් කඳු නගින්නකු වන අතර ඔහු තමාගේ ආදරවන්තිය වන , සධානා සහ විවහා වීමට මංගල උත්සවය සංවිධානය කරමින් සිටි,මේ අතර ඔහු තවත් කඳු නගින්නන් කිහිප දෙනෙකු සමග හධිසියේ අතුරුදහන් වේ.මේ වන විට සාධනා දරුවකු ලැබෙන්නට සිටි. ඉන්දියානු ජන සමාජයේ තවමත් අවිවාහක කාන්තාවක් ,දරුවකු ලැබෙන්නට සිටිනු පුවත ඉතාමත් ඛේදජනකය.එමෙන්ම පවුලට මෙන්ම පරපුරටද අපකීර්තිය අත්කර දෙන්නකි.
මේ අවස්ථාවේදී දරු ප්‍රසුතියකදී බිරිඳ මිය ගිය මහත්මයකු වූ බාල්රාජ් සහානි ඇයව විවහා කරගනී ඔහු සංජය සේවය කල කඳු නගින්නන්නට සහය වන ව්‍යාපාරය සහ පලතුරු වත්තක හිමිකරුවෙකි. මේ අතර කෙසේ හෝ දිවි ගලවා ගත් සංජය නැවත ගමට පැමිණේ.මෙම පැමිණීම පිරිමි දරුවාට වසර 4ක් පමණ වන තුරු බාල්රාජ් සහ සාධනා සතුටින් ගත කළ විවහා දිවියට ඇතිවූ අනපේක්ෂිත බාධකයකි.
දරුවාගේ සැබෑ පියා සංජය වන අතර සාධනා අසීමාන්තිකව පෙම් කල පුද්ගලයා ද ඔහුය.නමුදු සධනාගේ දරුවාගේ ජිවිත සහ ඔවුන්ගේ ගරුත්වය රැක ගැනීමට, ඔවුන්ගේ දිවියේ තීරණාත්මක මොහොතක ඉදිරිපත් වුයේ බාල් රාජ්ය. මොවුන් අතර දෝලනය වන තුන්කොන් ප්‍රේමයට සාධනා මැදි වේ.. දරුවාගේ ආදරේ බෙදාගැනීමට පියවරුන් දෙදෙනා වෙහෙසීම ප්‍රේක්ෂක දෑසට කඳුළු නංවන්නේ නිතැතිනි.
මෙම කුඩා දරුවාගේ උපන් දිනයේදී හදා වඩා ගත් පියා එක් ගීතයක් ගායනා කරන අතර සැබෑ පියා Happy Birthday to You ගීතය ගායනා කරන්නේ පියකුගේ ස්නේහයක හැඟීම් විශිෂ්ඨ ලෙස ප්‍රේක්ෂකයාගේ හදවතට දනවමිනි.
මෙහිදී අවාසනාවන්ත සිදුවීමක් සිදු වේ. සධානා අවිවාහක තරුණියක් ව සිටියදී ඇයට හිංසා කිරීමට පැමිණි මැරවරයෙක්ට බාල්රාජ් පහර දී පලවා හරි. දරුවා බේරා ගැනීමට පියවරුන් දෙදෙනා කල සටනේදී බාල්රාජ් මැරයාගේ ආයුධ ප්‍රහාරයකින් මිය යයි.සංජානා සාධනා සහ දරුවා නැවත එකතු වේ.
චිත්‍රපටයේ අන්තර්ගත කතාවට වඩා මෙහි ඇතුලත් ගීත සමුහය ඉතාමත් රසවත්ය.
.