ක්‍රිස්තු වර්ෂ 5 වන සියවසේදී කාලිදාසයන් විසින් රචිත දුෂ්‍යන්තගේ සහ සකුන්තලාගේ ප්‍රේම වෘත්තාන්තය වූ අභිඥාන සාකුන්තලය ඉන්දියාවේ වීර කාව්‍ය අතුරින් එකකි.කාලිදාසයන් විසින් අඛ්යනයේ කාව්‍යමය හා නාට්‍යමය බව වැඩි දියුණු කිරීම උදෙසා නාට්‍යමය ප්‍රයෝගයන් ඇතුලත් කර ඇති අතර ,එම අඛ්යනයන් පද්ම පුරාණයේ ද දක්නට ලැබේ, නමුදු කාලිදාසයන් මෙහිදී මහා භාරත ආකෘතියෙන් බැහැරව සිටීම විශේෂත්වයකි. අභිඥාන ශාකුන්තලම් හි ව්‍යුහාත්මක අංගයන් තුළ සාප චේතනාව සහ ප්‍රතිස්පථාන චේතනාව හැරුණු කොට දුටු සිහින, මායාවන්, මිත්‍යාවන් සහ මතකය අමතක වීම මෙන්ම නැවත අතීතය සිහිපත් වීම යන ක්‍රියාදාමයන් ගේ රටාවක් ඇති බව පෙනේ.
රොමිලා තාපර් ට අනුව
සකුන්තලයෙහි ඇතුලත් ප්‍රහසන අංග සමග ප්‍රේම වෘත්තාන්ත වල සහ සුරංගනා කතාවල දක්නට ලැබෙන , යම් සම්මිශ්‍රණයක් පවතින බව කියවේ.
දුෂ්‍යන්ත රජුගේ සහ සකුන්තලාගේ මුල් හමුවීම ලෝක දෙස්කක අන්තර් ක්‍රියාවලියක් පෙන්වන අතර මිනිසාගේ සහ සොබා දහමේ අපුර්ව සංයෝගයක් වූ මෙම ප්‍රේමයේ එකතුවීම සිහිනයක්, දේශයන් දෙකක එකතු වීමක් ගොඩනංවනු ලබයි. මෙහි සුවිශේෂිත්වය වන්නේ ස්වභාවධර්මය මිනිසාට පසුබිමක් සහ මානව නාට්‍ය පසුබිමක් ලෙස නොව ස්වකිය ජිවිතයක් සහ සංකීර්ණ ලෙස මිනිස් දිවියට බලපෑම් කරන ලක්ෂයක් හේතුවෙනි.මෙහිදී ප්‍රේමය සහ ආදරය නාට්‍යයේ හරය වේ.නාට්‍යයේ මිථ්‍යාව, පුරාවෘත්තය සහ සිහින දෘෂ්ඨිය ඉහළ චිත්‍රක සහ සංවාදාත්මක මානයන් සමඟ මුසු කර මෙම ආදර කතාවට වඩාත් ගැඹුරක් සහ බහු ස්ථර වයනයක් ලබා දීමට හැකි වී ඇත.
වනය තුලදී සිදුවන දුෂ්‍යන්තගේ සකුන්තලාගේ හමුවීම ශ්‍රී අරෝබින්දෝගේ වීර කාව්‍යයක් වූ සාවිත්‍රි හි සාවිත්‍රිගේ සහ සතයාවන් අතර සිදු වූ හමුවට සමාන වේ. පෙම්වතුන්ගේ හමුවීමට ආශීර්වාදයක් සහ ඔවුන්ගේ ප්‍රේමාන්විත භාවය වැඩි කිරීමේ සංකේතයක් ලෙස සොබාදහම මෙහිදී භාවිත කර ඇත. සකුන්තලාව සොබාදහමේ දරුවකු ලෙස සංකේතවත් කරන අතර දුෂ්‍යන්ත රජුව සොබාදහමෙන් එපිට ලොවක සිටින්නකු සේ සංකේතවත් කරයි.මෙහිදී සකුන්තලා සොබාදහමෙන් ඔබ්බට භෞතික ලෝකයට අතික්‍රමණය වන බව සංකේතවත් කරයි.
මල් සහ මී මැස්සන් ඔවුන් මත සැරිසරන ආකාරය සහ හිමාලයේ ජල උල්පත් පිළිබඳ විස්තර වලින් නිරූපණය වේ.වෘක්ෂ , මල්,පක්ෂීන්,තුලින් වර්ණ නිරුපණය සිදු කර ඇත.
උදා : නෙලුම් මල රන්වන් පැහැයෙන් යුක්ත වන අතර භාවනා කරන ස්ථානය කොළ පැහැයෙන් යුක්ත වේ.හෙම්කූට් කන්ද යනු පරිපූර්ණ ලෝකයක් නියෝජනය කරන මාරිච මුනිවරයාගේ වාසස්ථානයයි. ප්‍රබන්ධ ලෝකයට යන එහි ගවේෂණ ගමනේ පරිකල්පනය සඳහා දොරටු විවෘත කිරීමට සුදුසුම යතුර එයයි.කතාවේ කාව්‍යමය හා චිත්තවේගීය බලපෑම ඉහළ නංවන සංවේදී රූප, රූපක සහ සංකේත වලින් මෙම විස්තර පොහොසත් වේ.ශාකුන්තලම්හි මතකය හා ආදරය එකිනෙක බැඳී පවතී. The Shadow lines හි Amitav Ghosh වැනි නූතන නවකතාකරුවන් විසින් ද මතකය චේතනාවක් ලෙස භාවිතා කර ඇත. ශාකුන්තලම්හි වීරයාගේ ක්‍රියාව සාධාරණීකරණය කිරීමට මතකය සහ අමතකවීම යොදාගෙන ඇත.
සකුන්තලයේ චිත්තවෙගිය වෙනස්කම් ඉහළ නැංවීමට උත්ප්‍රස රසයද මැනවින් අන්තර්ගත කර ඇත.ආරම්භයේදී රජු ශකුන්තලාගේ සදාකාලික සුන්දරත්වයට ඇලුම් කරන අතර ඔහු ඇයව ලෞකික ලෙස භුක්ති විඳියි.
කවියා තාපසයන් සතු බලයද විස්තර කරන අතර මෙම තේමාව හින්දු පුරාණෝක්තිවල පුනරාවර්තන තේමාවක් වී ඇත. මෙහිදී කාලිදාස විසින් අපේක්ෂිත කාව්‍ය ප්‍රයෝගය සහ 'රසෝත්පත්ති' (කලාත්මක ප්‍රීතියේ අත්දැකීම) (experience of the artistic delight). ගෙන ඒම සඳහා 'මතකයේ සහ මතකයේ උපාංගය' භාවිතා කරයි. (The device of memory)
ඔහු ඇයව සොයා ගන්නා විට ඇගේ පෞරුෂයේ පරිවර්තනීය පැත්ත දැකීමට සහ අත්විඳීමට ඔහු අපොහොසත් වේ.නමුදු, නාට්‍ය පුරාවට සකුන්තලා බිරිඳක්, මවක්, කාන්තාවක් ලෙස බහුවිධ සමාජ භූමිකාවක් ඉටු කරන්නේ පරිණත කාන්තාවක් විලසිනි,
සාකුන්තල නාට්‍ය එහි විෂය කරුණු, තේමාත්මක ඉදිරිපත් කිරීම, චරිත නිරූපණය, ඡේදනය වන සංකේත සහ ස්වර සහ උද්දීපනය කරන රූප, කැපී පෙනෙන රූපක සහ එහි විවිධ වර්ණවලින් ආදරයේ තේමාව මොනවට පෙන්නුම් කරන අපුරු සාහිත්‍ය නිර්මාණයකි.
මුලාශ්‍ර :
https://www.britannica.com/biography/Kalidasa
https://www.eng-literature.com/2021/06/symbols-motifs-abhigyan-shakuntalam.html#more-3872
නිලක්ෂි බණ්ඩාර
13/04/2015.
No comments:
Post a Comment
ඔබෙ දිය පොදත් එක් කරන්න.........