Saturday, December 2, 2023

හමුවීම සිහිනයක් වූද නමුදු ප්‍රේමයෙන් පමණක්ම බැඳුණු ආත්මගත බැඳීමක නිම් නැති කතාව සියාදා.....




 ඛලීල් සියාදා ප්‍රේම වෘතාන්තය පිළිබඳව මුලින්ම සවනට වැටුනේ යොවුන් සංගීත වේදී තරිඳු දම්සර සොයුරා සංගීතය නිර්මිත, රුහුණුකෙත හිමි විසින් පද රචනය කර මනුල නිපුන් සොයුරාගේ  ගේ මියුරු හඩින් රසවිඳි සියාදා ගීතය නිසාවෙනි.ඛලීල් සියාදා ප්‍රේමය යම්තාක් දුරකට ජිවිතයට සමීප නිර්මාණයක් බැවින් මෙම ප්‍රේම වෘතාන්තය පිළිබඳව සෙවීමට සිත පෙළඹුනේ නිතැතිනි.


සිසිරයේ අමුණා එවන ලද
රෝමාන්තික පෙම්පත් ‍රක්ත පැහැ පත්‍ර බිමහැලෙන සරතැසේදිත් පෙම්වත් මදු බදුන් ගැටෙනා උත්සව රෑ සුදු වයින් තොල ගගා කයිරෝ නුවර ඔපෙරා බලන්න යමු සියාදා ග්‍රීසියේ ඉපැරැණි ම දෙවොලක ප්‍රේම පහන්සිල දල්වා ඒ එළියෙන් නෙත් විනිවිඳින නිමේෂය වියෝලාවක ස්වරය මෙන් පහන් සුව සලසාවී දිනෙක අප හමුවේවි සියාදා නුඹේ නමට ඉඟිකරන කරදහි ලිලැක් මල් සුවඳ ගල්වා ඒ සුවඳම ඉවකරන සුයාමය පබදිනා කවි අකුරු මෙන් අරුමැසිය විමසාවී හදවතේ ගැවසේවි සියාදා

May Ziadeh පලස්තීනයේ ලේඛනන් ජාතික මවකට සහා පියෙකුට දාව ඉපදුණි.May Ziadeh ඔටෝමාන් පලස්තීනයේ Nazareth හි Chahtoul පවුලෙන් Elias Zakhur Ziadeh, Chahtoul පවුලෙන් සහ Nuzha Khalil Mu'mar නම් පලස්තීන ක්‍රිස්තියානින්ගේ දියණියයි.  ඇගේ පියා ගුරුවරයෙකු වූ අතර අල් මහරුසාහි කර්තෘවරයා විය.ඇය වයස අවුරුදු 14 දී ප්‍රංශ බාලිකා කන්‍යාරාම පාසලක ද්විතීයික අධ්‍යාපනය හැදෑරීමට අයින්ටූරා වෙත යවන ලදී. Aintoura හි ඇයගේ අධ්‍යාපනය ඇයව ප්‍රංශ සහ රොමෑන්ටික සාහිත්‍යයට යොමු කල අතර ඇය සුවිශේෂී අවධානයක් සාහිත්‍යයට දුන්නාය.

.  ඛලීල් ජිබ්‍රාන් ලෙබනනයේ බෙචාරි ගම්මානයේ උපත ලැබූ අතර ඔහුගේ කලාත්මක අධ්‍යාපනය හැදෑරීමට සහ ලෝක ප්‍රකට කලාකරුවෙකු, කවියෙකු සහ ලේඛකයෙකු ලෙස ඔහුගේ වෘත්තීය ජීවිතය ගත කිරීමට එක්සත් ජනපදයට සංක්‍රමණය විය. මෙම සුවිශේෂී අරාබි අනන්‍යතා වලින් සපිරුණු යුවල  ඔවුන්ගේ ජීවිතයේ අවසානය දක්වාම පැවති අද්විතීය ප්‍රේම සම්බන්ධයක් ඇති කර ගනී. ඔවුන් තම ප්‍රේමය හුවමාරු කර ගත්තේ ලියුම් හුවමාරු කරගනිමිනි.

ජිබ්රාන්ගේ එකම නවකතාව වන ද බ්‍රෝකන් වින්ග්ස් හි සෙල්මා කරමේගේ කතාවෙන් ඇය කෙතරම් ගැඹුරට ඔවුන්ගේ ප්‍රේමය සිතන්නට පෙලඹී ඇත්දැයි පෙන්වමින් 1912 දී මැයි සියාඩා  විසින් ඛලීල් ජිබ්‍රාන්ට ලිපියක් යැවූ පළමු අවස්ථාවේදීම ඔවුන් ප්‍රේමයෙන් බැඳුණි.දිනක් දේවදාර ගසක ඉපැරණි අතු යට ඛලීල් ජිබ්රාන් සිය කවි බසින් සිය ගැඹුරු හැඟීම් ප්‍රකාශ කළේය. කාලයාගේ ඇවෑමෙන් පසුකාලීනව දෝංකාර දෙන පදවල ඔහු ආදරය ගැන කතා කළේ ආත්මයන් දෙකක සාරය රැගෙන හදවත හරහා ගලා යන සදාකාලික ගංගාව ලෙසය.

ඔවුන්ගේ ආදරය බුද්ධියේ සහ හැඟීම්වල නර්තනයක් වූ අතර, ජිබ්රාන්ගේ කාව්‍ය ප්‍රකාශනවල සහ සියදගේ කලාත්මක අර්ථකථනවල සුසංයෝගයක් විය.ඔවුන්ගේ ආදර කතාව ඛලීල් සහ සියද දෙදෙනාම ඔවුන්ගේ හැඟීම්වල වර්ණ ගැන්වූ කැන්වසය බවට පත්විය. එය මධ්‍යධරණී මුහුදෙන් එපිටින් හමා එන සුළඟින් මුමුණන ලද සහ බේරූට්හි පුරාණ බිත්තිවලින් දෝංකාර දෙන කතාවකි.

වසර ගණනාවක් ගෙවී යත්ම, ඛලීල් ජිබ්රාන් ඔහුගේ කාලානුරූපී වදන් දිගටම ලියූ අතර, සියදාගේසිතුවම්  බේරූට්හි ගැලරි අලංකාර කළේය. ඔවුන්ගේ ආදරය, මෙම ආඛ්‍යානයේ ප්‍රබන්ධයක් වුවද, ලෙබනනයේ හදවතේ නිර්මාණාත්මක ආත්මයන් දෙදෙනෙකුගේ එක්වීම දැකීමට තරම් වාසනාවන්ත වූවන්ගේ හදවත් තුළ අමරණීය විය.

සියාදා  ඛලීල් ජිබ්රාන්ගේ පොත් විවේචනය කිරීමෙන් ඇය ඔහුගේ කෘති අරාබි ලෝකය පුරා ව්‍යාප්ත කළ අතර සාහිත්‍ය විචාරකයෙකු ලෙස ඇයගේම කිර්තිය  වැඩි දියුණු කළාය. ජිබ්‍රාන් හැමවිටම ඇගේ ලිපිවලට  පිළිතුරු දුන්නේ ඉතාමත් සොඳුරු විලසිනි.ඇයව කිසිදා මුණ නොගැසුණද, ලෙබනන් ජාතික ඛලීල් ජිබ්රාන් වසර 20කට ආසන්න කාලයක් පලස්තීන ස්ත්‍රීවාදී ලේඛිකාවට  ආදරය කළේය. ඇය ඔහු සමඟ ලිපි මගින් පරමාදර්ශී ප්‍රේම සම්බන්ධතාවයක්  පවත්වාගෙන ගියාය. ඔවුන්ගේ ලිපි ඔවුන්ගේ ජීවිතයේ අවසාන දින දක්වා සාගර හරහා හුවමාරු වෙමින් ආදරණිය සහ  ගැඹුරු වූ ප්‍රේම වෘතාන්තයකට සාක්ෂි දැරුවේය.

ඛලීල් ජිබ්රාන්ගෙන් මරණෙන් පසු දැඩි මානසික අවපිඩනයකට පත්වුණා සියාදා නැවත ලේඛනනයට පැමිණි අතර ඇයට උරුම දේපල ලබා ගැනීම උදෙසා ඥාතින් විසින් ඇයව මානසික රෝහලට බාර දෙන ලදී.මෙම තීරණයෙන් කෝපයට පත් සියාදා එයින් පිට වූයේ ඇය යහපත් මානසිකත්වයකින් යුතු බවට වෛද්‍ය වාර්තා ඉදිරිපත් කරමිනි.
ඇය නැවත කයිරෝ වෙත පැමිණි අතර එහිදී ඇය 1941 ඔක්තෝබර් 17 දින මිය ගියාය

Where are you, my beloved? Do you hear my weeping
From beyond the ocean? Do you understand my need?
Do you know the greatness of my patience?

Where are you, me beloved?
Oh, how great is Love!
And how little am I!

 
*Excerpt from A LOVERS CALL

මා සබඳ  ඔබ කොහෙද?
මහා සයුරෙන් එපිට සිට ඉකිබිඳින මාගේ ඉකිබිඳුම 
ඔබට ඇසෙනවද ?
මට අවැසි දේ ඔබට දැනෙනවද 
මගේ ඉවසීමේ මහිමය ඔබට හැඟෙනවාද?

ඔබ කොහෙද මා සබඳ?
ප්‍රේමය කොතරම් ශ්‍රේෂ්ඨ ද 
මා කොතරම් කුඩාද?.....

ආදරණියකුගේ ඇමතුම.


නිලක්ෂි බණ්ඩාර.
12/02/23.

සියාදා ගිතය්යේ ලිංකුව
https://youtu.be/lea8yAsq4qE




No comments:

Post a Comment

ඔබෙ දිය පොදත් එක් කරන්න.........