"අම්මේ මගේ බඩ රිදෙනවා" අද මට ඉස්කෝලේ යන්න බෑ." ඔබේ දරුවා පාසල් යාමට අදිමදි කළොත් ,පළමු දවසේ බඩේ අමාරුවට බෙහෙත් දී ඔබ... දරුවා පාසල් යාමට අදිමදි කළොත් , පළමු දවසේ බඩේ අමාරුවට බෙහෙත් දී ඔබ... දරුවාව පාසලට යැවීමට උත්සහ කරාවි.දෙවන , තෙවන දිනවලදීත් ඔහු එසේ කළහොත් හොදින් සොයා බලන්න. සමහර විට දරුවා පන්තියේ වෙනත් දරුවකු ගේ තාඩනයකට ,පීඩනයකට ලක්වී මානසිකව හෝ කායිකව පිඩා විඳිනවා විය හැකියි.
සමහර දරුවන් නිවස තුළ ඇති දෙමව්පියන්ගේ ප්‍රශ්න නිසා පීඩාකාරී තත්වයන්ට පත්ව ඇත.ජංගම දුරකථන භාවිතා කර වීඩියෝ ක්‍රීඩා වල යෙදීමට බොහොමයක් දරුවෝ පුරුදු වී සිටිති. දරුවකු ක්‍රීඩාවක දකින දෙයක් බොහෝ දරුවකු කෙරෙහි හිංසාවක් පිඩාවක් වන සේ ක්‍රියාත්මක කළ හැකිය. පංති බාර ගුරු මහත්ම මහත්මීන් දැනුවත් කරන අතරම ඔබ දරුවාට කාරුණිකව කතා කර සත්‍ය හෙළි කර ගන්න.මෙහිදී ඔබ දරුවාට පිහිට වීමට සිටින බව දරුවාට ඔහු තුළ විශ්වාසය ඇති කරන්න.දරුවා සත්‍ය පවසන්නේ එවිටයි.
සමහර දරුවන් පංති කාමරය තුළදී යම් කිසි විෂයකට අදක්ෂ වීමෙන් ගුරුවරයාගේ දෝෂාරෝපණයට ලක්වෙනවා විය හැකිය.අනෙක් ළමුන්ගෙන් කොන් වෙනවා විය හැකිය. මෙවැනි අවස්තාවන් ද දරුවාට පාසල එපාවීමට බලපෑ හැකිය.
කුඩා දරුවන් පමණක් නොව අලුතින් පාසලකට ඇතුලත් වන ඉහළ පන්ති වල සිසුන් ද වර්තමානයේදී දක්නට ලැබෙන නවක වදය, ලිංගික හිංසා වැනි විෂම බලපෑම් වලට ලක් වේ. ඉහල විභාග ප්‍රථිපල ලබා උසස් යැයි සම්මත පාසලකට ඇතුලත් වන සමහර දරුවෝ මේ නිසා දින කිහිපයකින් පෙර සිටි පාසලටම ආපහු පැමිණෙති. දරුවා අලුත් පාසල සම්පුර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන විට දෙමවුපියන් ගේ අවධානය දැඩිව දරුවා කෙරෙහි යොමු කල යුතුය.
මෙහිදී විකල්පයක් සෙවීමට පිඩනයට ලක්වන දරුවා ශක්තිමත් නොවේ. මෙහිදී කල යුත්තේ දෙමව්පියන් සහ ගුරුවරුන් එකතු වී දරුවාගේ මානසික කැමැත්ත කෙරෙහි අවධානය යොමු කර නිවැරදි තීරණයක් ගැනීමයි.මන්ද.... දරුවාට ඉගෙනුමට ප්;පහසුකම් ලබා දීම කළ හැකි වුවත්..... ඉගෙන ගන්නේ දරුවා බැවිනි.
නිලක්ෂි බණ්ඩාර.
19/08/2024.
රේස් යන ඉගෙනීම අතරෙ දරැවො හරි අසරණයි!
ReplyDeleteඔව් අයියේ
Delete