රොබර්ට් ලුවිස් ස්ටීවන්සන් රචිත Black Arrow කෘතිය එංගලන්තයේ කැළඹිලි සහිත යුගයක් වුන රෝස යුද්ධය පැවති සමයේ ලියවුණු රෝමාන්තික ,ඓතිහාසික කෘතියකි.එය ජි බි සේනානායක මහතා විසින් කළු ඊය නමින් පරිවර්තනයට ලක් කර ඇත. ආදරය, කුතුහලය ,ත්‍රාසය කැටි වූ අපුරුව නිර්මාණයක් වුන මෙය 1888 දී මධ්‍යකාලින එංගලන්තයේ පැවති යුද්ධයට මැදිවුන තරුණයකුගේ කතාවයි.
රෝස යුද්ධය යනු එකල එංගලන්තයේ Lancaster සහ York වංශිකයින් අතර පැවති යුද්ධයයි.මෙම කතාව 6 වැනි හෙන්රි රජුගේ රාජ්‍ය සමයේ දිව යන කතා පුවතකි . කතාව ඇරැඹෙන්නේ ටන්ස්ටෝල් මෝල් හවුස් බලකොටුව අසලදී සර් ඩැනියෙල් ගේ සහචරයන්ට එල්ල වන කළු ඉතාල ප්‍රහාරයකිනි.මෙහි කතා නායකයා රිචඩ් ෂෙල්ටන් වේ.මේ අවධිය වන විට රිචඩ් සිටින්නේ තම දෙව් පියා වූ ඩැනියෙල් බ්රෑක්ලිගේ නිවන වන ටන්ස්ටෝල් මෝල් බලකොටුවේය. වංචනික නයිට් වරුන්ගේ හා සාමි වරුන්ගේ ග්‍රහණයෙන් මිදී , වනයේ වාසය කරන මැර කල්ලියක පිහිට පතන තරුණ රිචඩ් ෂෙල්ටන් තම පාරම්පරික අයිතිය වෙනුවෙන් සටන් වදියි. ඔහුගේ පියා ශ්‍රීමත් ෂෙල්ටන් වන අතර ඔහුව මරණයට පත් කරන ලද මිනීමරුවන්ගෙන් ජෝවානා සෑඩ්ලි ව බේරා ගනියි.රිචඩ්ගේ අව්‍යාජ ගමන නයිට්වරයකු දක්වා විහිදෙන ආකාරය ඔස්සේ ස්ටීවන්සන් වීරයකු පමණක්ම නිර්මාණය නොකරයි.
එකල එංගලන්තයේ පැවතුනු දේශපාලන අරගලය ඔස්සේ දේශපාලනික සහ සදාචාරයඅතර ඇතිවන අපැහැදිලිතාවයන් වන පාවා දීම්, කුමන්ත්‍රණ ,වාසි පතා පක්ෂ මාරු කිරීම් පිළිබඳව පාඨකයාව දැනුවත් කරයි.යුක්තිය පසිලඳන ආකාරය මැනවින් දක්නට ලැබෙන අතර යෞවන ප්‍රේමය ,දේශපාලන අරගලය අතර ඇතිවන ඝට්ටනය මනාව පෙන්නුම් කරන කෘතියක් ලෙස කළු ඊය හැඳින්විය හැක.
යුක්තිය සහ පලිගැනීම ඔස්සේ ගලාගෙන යන කළු ඊය කෘතියේ විශේෂත්වය වන්නේ ස්ටීවන්සන් ගේ ලිවීමේ ආකෘතියයි, එය ගද්‍යමය භාෂාවෙන් පිරිපුන් වන අතර ගම්බද පලාතක මනරම් සුන්දරත්වය අතරින් ගලායන සිදුවීම් අපුරුවට පෙන්නුම් කරයි. පොත කියවගෙන යාමේදී චිත්තරුප ජනිතවන ආකාරයට ලියා තිබීම විශේෂත්වයකි.
අසාධාරණයන්ට එරෙහිව පලිගැනිමෙහි යෙදෙන එලික් ඩාර්ක්ස්වත් ඇතුළු සහචරයන්ගේ කළු ඊය දුෂණයෙන් පිරුණු යුගයක අයුක්තියට එරෙහිව යුක්තිය බලපොරොත්තු වීම පිලිබඳ සංකේතයක් ලෙස ස්ටිව්සන් භාවිතා කරයි.
ස්ටීවන්සන් විසින් චරිත නිර්මාණය කරන කරන ආකාරය විශිෂ්ඨය. ආරම්භයේදී සිටින ඩික් ශේල්ටන් කතාව අවසානය වන විට පරිණත බැවින් උසස් චරිතයක් බවට නංවා ඇත. ජොආනා ෂෙඩ්ලි සහ ෂෙල්ටන් අතර ඇතිවන සම්බන්ධය ඔහුගේ ජිවිතයට නව අරුතක් එකතු කරයි.අන්තරාය ,සැකය , බිය, ලෙයින් තෙත්වූ සිවිල් යුද්ධය මැද ගලාගෙන යන ඔවුන්ගේ ප්‍රේම වෘත්තාන්තය ඔස්සේ කතාවට මනුෂ්‍යත්වයේ ස්පර්ශයක් ලංකරයි.
විවිධ වික්‍රමාන්විත ක්‍රියාවලින් යුක්ත වන මෙම කතාව තරුණ වැඩිහිටි සියලන්ගේම සිත් ගත් කෘතියක් ලෙස සනිටුහන් කල හැක.
අැච්චා කාලෙ කියෙව්වා වාගෙ මතකයි!
ReplyDelete+++
DeleteThis comment has been removed by the author.
ReplyDelete