ලිට්ල් හවුස් කතා මාලාවේ ආදරණීය කතුවරිය වන ලෝරා ඉන්ගල්ස් වයිල්ඩර් විසින් ඇමරිකානු දේශසීමාවේ සාරය සරලව, කරුණාවෙන් සහ හෘදයාංගම කතාන්දරයෙන් ග්‍රහණය කර ගත්තාය. ඇය ලියු වචන තුලින් ඔවුන්ගේ පවුලේ අත්මගත සබඳතාවන් පිළිබඳව සිතුවම් නිර්මාණය කලේ ඉතා අපුරු අන්දමිනි. මෙම කතා ඇගේම ජීවිත අත්දැකීම් තුළ මුල් බැස ගත්, ජීවිතයේ සරල, සුන්දර මතකයන්ගේ සුන්දරත්වය අපට මතක් කර දෙයි.
ලෝරා පෙපින් නගරයට සැතපුම් 7ක් උතුරු දිසාවෙන් පිහිටි විස්කොසින් ප්‍රාන්තයේ බිග් වුඩ්ස් හිදී 1867 පෙබරවාරි 7 වැනි දින උපත ලැබී අතර ඇයගේ දෙමවුපියන් වුයේ චාල්ස් සහ කැරොලින්. 1870 සිට 1880 දක්වා ලෝරා හැදී වැඩෙන්නේ රටේ අටහිර ප්‍රාන්ත වූ විස්කොන්සින්, කැන්සාස්, මිනෙසෝටා සහ සවුත් දකෝටා යන ප්රාන්තවලය .
1872 දී අක්කර 160ක නිදහස් භූමියක් රජය විසින් ලබා දුන්නේ ගොවිතැන් කල හැකි පුද්ගලයින්ටය.මින් සතුටට පත් චාල්ස් තම පවුලේ සාමාජිකයින් සමගින් තැනිතලාවේ පදින්චියට් ගිය අතර මොවුන්ගේ ඉඩම පිහිටියේ කැන්සාස් හි ඉන්දිපෙන්ඩන්ස් ප්‍රදේශයෙන් සැතපුම් 12ක් එපිටින් වූ ඔසාජා නම් රතු ඉන්දියානුවන්ගේ සීමාව තුලය.පසුව නැවතත් ඔවුන්හට එම ප්‍රදේශයෙන් යන්නට වුයේ රජයෙන් ගත පදිංචිකරුවන් පන්නා දැමීමේ තීරණයත් සමගිනි.මොවුන් නැවතත් බිග්වුඩ්ස් වල පදිංචි වූ අතර එහි පාසලට ලෝරා සහ මේරි ව ඇතුලත් කරන ලදී.
මෙලෙස පියාගේ උවමනාවට රටේ තැනින් තැන මොවුන් පදිංචියට යන අතර 1879 දී ඩකොටා ප්‍රාන්තයේ පියාට හමුවන දුම්රිය මාර්ගයේ කළමනාකරුවකු ලෙස හමුවන රැකියාවත් සමගින් එහි පදිංචියට යන අතර ඉන්ග්ලස් ඩී ස්මෙට් ප්‍රදේශයෙන් සැතපුම් 3ක් එපිටින් අක්කර 160ක ඉඩමක් ගෙන පදිංචි විය.
යෞවනියක වූ ලොරාට සමාජශීලි බව අඩු කුලෑටි ස්වරුපිත තරුණියක් නිසා මුලින් සමාජයේ ගැවසීම අපහසු වුවත් පාසලේදී ඉතා හොදින් ඉගෙන ගත් තරුණියක් වූ අතර ඇය වඩාත්ම දක්ෂ වුයේ ඉතිහාසය කවිය සහ ඉංග්‍රීසි විෂයන්ටය. වයස අවුරුදු 15 දී ගුරු සහතිකය ලබා ගත් ඇය පාසල් ගුරුවරියක් ලෙස පත්වීම ලබා ගත්තාය.
පසුව ඔවුන්ට හිතවත්ව උපකාර කරන පුද්ගලයකු වූ අල්මාන්සෝ සමගින් 1885 අගෝස්තු 25 වැනි දින ඇය විවහා වෙන ලද්දාය. 1894 ජුලි 17 වැනි දින මිසුරියේ ඔස්කාස් පෙදෙසේ මෑන්ස්ෆීල්ඩ් වෙන පැමිණ රොකි රිජ් ගොවිපල මිලට ගෙන එහි සෑදු නිවාස අද දක්වාම කෞතුකාගාරයක් ලෙසින් ප්‍රචලිතව ඇත.
ඒ ඉන්න සමයේදී ලෝරා Missouri Ruralist සඟරාවට සහ වෙනත් සඟරාවලට ලිවීමට පටන් ගත් අතර 1930දී Missouri Ruralist සඟරාවේ තීරු ලිපි රචිකාවියක ලෙසද ක්‍රියා කල අතර එහි කතෘ ධුරයටද පත්විය. ඇයගේ ජිවිත කතාව වූ පයනියර් ගර්ල් නම් කෘතිය රචනා කරන ලදී. ඉන් කොටසක් ලිට්ල් හවුස් ඉන් ද බිග් වුඩ්ස් (Little House in the Big Woods) නමින් ප්රකාශනයට පත් කල අතර එය ලොව පුරා වේගයෙන් සුප්‍රසිද්ධ වූ කෘතියක් විය. 1930 රටේ ආර්ථික අවපාතය බොහෝ ලෙස පවතී යුගයක ලොර ඉන්ගල්ස් වයිඩ්ලර්ගේ පුංචි නිවාස කතා පෙලේ මුල්ම කෘතිය රචනා කල අතර එවිට ඇයට අවුරුදු 60ක් විය.
ඇය මෙම කෘති පෙළපෙළ රචනා කරන ලද්දේ තමා ළමා කාලය ගත වූ සුන්දර මෙන්ම දුෂ්කර අවධීන් ඔවුන් ජිවත් වූ ප්‍රදේශ වල පවතී දේශගුණයන් ස්වභාව සුන්දරත්වය යන කරුණු කැටි කරගෙනය.ලෝරා පැවත එන්නේ පිටියුටරින් පෙළපතෙන් වන අතර ඔවුන් සමාජ අදහස් අගය කාරණා තම දියුණුව සහ ශ්‍රමය අගය කරන පිරිසක්ය.
19 වන සියවසෙහි අග භාගයේ ජිවත් වූ තරුණ ගෑනු ළමයකුගේ ජිවිතයේ ඇතිවන තොරතුරු, මුහුණ දෙන සිදුවීම් ආශ්‍රිතව ලියැවෙන මෙම කෘතීන් පෙළ ඇසුරෙන් මෙම කතා පෙළෙහි ඇති සත්‍යවාදී බව ඇමරිකානු ඉතිහාසයේ අවසන් වූ පුරෝගාමී යුගයේ ඓතිහාසික වටිනාකම් සහ සමාජ සාධක ඇසුරෙන් ගෙන මවා පෑ අපුරු කතා පෙළකි . 1943 දී වෙළුම් අටකින් යුතු මෙම කතා පෙළ ඇය අවසන් කරන අතර ඇයගේ කතාමාලාව භාෂා 40කට අධික ප්‍රමාණය කින් පරිවර්තනයට ලක් වීම සුවිශේෂී කරුණකි.
1886 දෙසැම්බර් 5 වන දින අයගේ දියණිය වූ රෝස් ඉපදුන අතර The first four years නම් කෘතිය රචනා කරනු ලැබුවේ එම අවධියේදීය.මහා තැනිතලා පෙදෙස් හෙවත් ප්‍රෙයරී වල වැවෙන ලස්සන කැලෑ රෝසමල් නිසා දියණියට රෝස් යන නම තබන්නට ඇය පෙළඹෙනවා.
The Little House in the Big Woods.
Little house on the prairie ,
On the banks of plum creek,
By the shores of Silver Lakes
The long winter,
These happy golden years
The First Four Years
ලෝරා ගේ කතන්දර පෙළ සරසල සහ අව්‍යාජ බවකින් පිරි විශිෂ්ඨ කතාන්ද පෙළකි. ජීවිතයේ ඇය දකින ,විඳින නොස්ටැල්ජික් චමත්කාරය ගැඹුරින් රසිකයා වෙත ඉදිරිපත් කරන්නේ වින්දනාත්මක ලෙසය. එම චිත්තවේග ඉතා ගැඹුරු බවකින් යුක්තව ,විචක්ෂණශීලීව පාඨක හදවත ස්පර්ශ කරයි. මෙම කතා පෙළ ජීවිතය, පවුල ,ප්‍රජාව ස්වභාවික ලෝකය සමග ඇති කරගෙන තිබෙන අන්තර් සබඳතාව පිළිබඳව මනා අවබෝධයකින් පිරුණුපොහොසත් කතාය.
ලොරා සතු වුනේ කාව්‍යමය භාෂා රටාවකි. ඒ ඔස්සේ ග්‍රාමීය ජිවිතයේ හරවත් බව පිළිඹිබු කරයි.පයට පෑගෙන හිම කැටයේ සිට නිවසේ සිතල මැඩලීමට ඔවුන් භාවිතා කරන ගිනි උදුනෙන් දැනෙන උණුහුම දක්වා දුරතිතෙකට පාඨකයින්ව ගෙන යන්නේ චිත්ත රූප මවමිනි. එදිනෙදා ජිවිතයේ ඇය ලත් අත්දැකීම් ඔස්සේ ඇය ජීවිතය ගැන අපුරුවට කියා දෙන බව දුෂ්කර සිත සමයේදී එකා හා සමගිව ජීවිතය බෙදාහදාගෙන ගෙවන ජිවිතය මෙම කතා පෙළ ඔස්සේ අපිට දැකගත හැකිය.
මෙම කතා පෙළ ඉන්ගල්ස් පවුල මුහුණ දෙන අභියෝග ,පළගැටි කුණාටුවට මුහුණ දෙන ආකාරය ,මහා කුණාටු වලට මුහුණ දුන්නත් ස්වයංපෝෂිත ජිවන රටාවක් ගෙන ගිය ආකාරය, සියළු බාධක මැඩලමින් තම ජීවිතය ගෙන ගිය ආකාරය ,නොපටුබටවිර්යය සහ මානව ප්‍රේමය පිලිබඳ අපුරු හෙළිදරව්වකි.
ඇගේ කෘතීන් ඇමරිකාවේ ගත කල දුෂ්කර ජීවිතය පිළිබඳව සියුම් ගවේෂණයකින් යුක්තව අදහස් ඉස්මතු කර ඇත්තේ යථාර්ථයත් , විඥණයත් එකට එක කරමිනි.ජීවිතය විවිධ අරගලවලින්, ඝට්ටන වලින් පිරුණත් ඒවාට නොබියව ඉදිරියට යන ලෙසට අපිට ඇය පොළඹවයි. මෙම කතා පෙළ ඇමරිකානු සාහිත්‍යයේ අද්විතීය ස්ථානයක් සනිටුහන් කර ඇත.ඒ ඔස්සේ ඇමරිකාවේ ඓතිහාසික කරුණු පිළිබඳව සේම සංස්කෘතික ලක්ෂණ, දේශ සිමා පිළිබඳව විසල් හෙළිදරව්වක් කර ඇත.
ඒ සියල්ලටම වඩා ඇයගේ අඛ්යානය තුළ නොපටබසු උත්සාහය, පවුලක ඇති බැඳීම , සිහින පසුපස හඹා යෑම, වැනි කරුණු පිළිබඳව කාලනුරුපිව සත්‍යයන් සමගින් අනුරූපී වන අයුරින් මෙම කතා නිර්මාණය කර තිබීම සුවිශේෂී ලක්ෂණයකි. ඇය පාඨක හදවතේ විශ්ව භාෂාව හඳුනා ගත් ;ලේඛිකාවක් ලෙස හඳුන්වා දිය හැකිය.ඇගේ ලේඛනයේ ඇති පාඨක හදවත් ස්පර්ශ කරන විලාසය පාඨකයා සහ ඇයගේ අත්දැකීම අතර අභ්‍යන්තර සම්බන්ධතාවයක් ගොඩනඟන අතර, ඇයගේ කතාන්දර තුළින් ඒවා කියවීමකට පමණක් නොව සජීවී අත්දැකීමක් ලබා ගැනීමටද පාඨකයන්ට ආරාධනා කරයි.
මේ සෑම ලියමනක්ම ඇමරිකානු සිහිනයේ පැවතෙන විඥානවාදයේ ලාංඡනයක් බවට පත් කරයි. ස්වදේශික ඇමරිකානුවන් පිළිබඳව පන්හිඳින් ඇය සිදු කරන චරිත සහ සිදුවීම් වල නිරූපණය, ඇගේ කාලයේ පැවති පක්ෂග්‍රාහීත්වය සහ ආකල්ප පිළිබිඹු කරයි. ඇය සරල සේම දුෂ්කර ජීවන රටාවකට හිමිකම් කියු නොස්ටැල්ජික් ලියන්නියක වන අතර ඇමරිකාවේ ස්වදේශික ඉන්දියානුවන් පිලිබඳ ඓතිහාසික වෘත්තාන්තයේ පැවතී සංකීර්ණතා , ඝට්ටනයන් පිළිබඳව පාඨකයින්ට විවේචනාත්මකව සිතීමට පොළඹවන චරිතයකි.
ලොවපුරා සිය දහස් ගණනක් වූ පාඨකයන්ට ආදරණීය මිතුරියක වූ ලෝරා ඉන්ගල්ස් වයිල්ඩර්, 1957 පෙබරවාරි 10 වනදින මෙලොවින් සමුගත්තාය.
පසුව මෙය ලාංකීය පරිවර්තිකාවන් අතර මුල් තැනක් හොබවන කතුවරියක වූ ගංගා නිරෝෂිනී සුදුවැලිකන්ද මහත්මිය විසින් මෙම කතා පෙළ සිංහලයට පරිවර්තනය කරන ලදී.
නිලක්ෂි බණ්ඩාර.
2025/02/08
ලෝරා කියන්නෙ මගෙ ළමා කාලෙන් හරි අඩක් කිව්වත් හරි!
ReplyDeleteසතුටු යි😍❤❤
Delete❤❤
Delete