Saturday, April 12, 2025

අප්‍රේල් 12 "සියල්ල අතහැර කියවන්න" D.E.A.R. දිනය.

 


අප්‍රේල් 12 වන දින D.E.A.R දිනය ලෙස හැඳින්වේ! D.E.A.R. යන්නෙහි තේරුම "සියල්ල අතහැර කියවන්න" යන්නයි.එය සෑම වයස් කාණ්ඩයකම අයකුටම , කියවීම ඔවුන්ගේ ජීවිතයේ ප්‍රමුඛතාවක් බවට පත් කල යුතු බව සිහි කර දීම සඳහා නිර්මාණය කර ඇති ජාතික කියවීමේ දිනයට සම්බන්ධ සැමරුමකි. එය ලේඛිකා බෙවර්ලි ක්ලියරිගේ උපන්දිනයයි! බෙවර්ලි ක්ලියරිගේ උපන්දිනයට ගෞරවයක් වශයෙන් අප්‍රේල් 12 වන දින රට පුරා D.E.A.R. වැඩසටහන් පවත්වනු ලැබේ.

බෙවර්ලි යනු රමොනා සහ ඇයගේ සහෝදරිය වන බීසස්ගේ චරිතවලට ජීවය දුන් කතුවරියයි.
මෙම දිනයේදී දිනයේ ඇමරිකානු ජනතාව දවසේ සියළු සෝතැවුල් සිතින් පසෙකලා D.E.A.R. දිනය සැමරීමට දවසේ වේලාවෙන් අවම වශයෙන් මිනිත්තු 30 ක වෙලාවක් වෙන් කරනු ලබයි.

"සියල්ල අතහැර කියවන්න" අපි ඔබව දිරිමත් කරමු. වැඩසටහනේ අරමුණ වන්නේ කියවීම ඔවුන්ගේ දින චර්යාවේ නිතිපතා කොටසක් බවට පත් කර ගැනීමට ජනතාව පෙළඹවීමයි... ඔවුන් තනිවම හෝ ඔවුන්ගේ පන්තියේ මිතුරන්, දෙමාපියන් හෝ මිතුරන් සමඟ එක්ව කියවනවාද යන්නයි.

ඔබට ඔබේ දරුවන්, සහෝදර සහෝදරියන් හෝ මිතුරන් සමඟ නිවසේදී හෝ පොදු ස්ථානයකදී කියවීමෙන් සංවිධානයක් ලෙස එකතු වී අප්‍රේල් මාසය තුළ " D.E.A.R. දිනය සැමරීමට හැකිය.
පොදු පුස්තකාල වල
පාසල් වල, විශ්ව විද්‍යාල වල මෙම දිනය වෙනුවෙන් ක්‍රියාකාරකම් නිර්මාණය කළ හැකිය.දිගු කාලීන ව්‍යාපෘතියක් ලෙස මෙය රටේ ව්‍යාප්ත කළ හැකිය.මෙය ඔබට නිරන්තරයෙන් පොත් කියවීමට ප්‍රිය කරන අනෙකුත් සාමාජිකයින් සමඟ පොත් කියවා සාකච්ජා වට තබමින් සාකච්ඡා කිරීමට අනගි අවස්ථාවකි.ඒ ඔස්සේ ඔබට පොත් සමාජයක සාමාජිකයෙකු වීමටද හැකිය.

නිලක්ෂි බණ්ඩාර.
2025/04/12.
/

ජාතික මහා සුළං දිනය


එක්සත් ජනපදයේ සෑම වසරකම අප්‍රේල් 12 වන දින මහා සුළං දිනය සමරනු ලැබේ.පෘථිවි පෘෂ්ඨය මත හමන ඉහළම ස්වාභාවික සුළං වේගය වීම වෙනුවෙන් මෙම දිනය සිහිපත් කරයි. 1934 අප්‍රේල් 12 වන දින දහවල් පැයට සැතපුම් 231 ක වේගයෙන් සුළං හැමුව බව මවුන්ට් වොෂින්ටන් නිරීක්ෂණාගාරය විසින් වාර්තා කරන ලදී.
ඊසානදිග එක්සත් ජනපදයේ උසම කඳු මුදුන  වොෂින්ටන් කන්ද වන  අතර එහි උස අඩි 6,288 කි.මිසිසිපි ගඟට නැගෙනහිරින් පිහිටි වොෂින්ටන් කන්ද   විශේෂයෙන් කැපී පෙනෙන කඳු මුදුනක් වේ.ඒ බව 1934 දී මවුන්ට් වොෂින්ටන් නිරීක්ෂණාගාරයෙ කාලගුණ නිරීක්ෂකයින් වන වෙන්ඩෙල් ස්ටීවන්සන්, ඇලෙක්සැන්ඩර් මැකෙන්සි සහ සැල්වඩෝර් පැග්ලියූකා විසින් නිරීක්ෂණයට ලක් කොට වාර්තා කරන ලදී.1984 දී, 50 ස් වැනි මහා සුළං දිනය සැමරීමේ උත්සවය සඳහා නිරීක්ෂකයින් නැවත නිරීක්ෂණාගාරයට පැමිණියහ.

පැයට සැතපුම් 231 ක වේගයෙන් හමන ලද මෙම වාර්තාව දශක කිහිපයක්ම එක ලෙසින් පැවතුණු අතර 1996 දී එම වාර්තාව බිඳ වැටුණේ පැයට සැතපුම් 256 ක සුළි සුළං සමඟ ඕස්ට්‍රේලියාවෙන් ඔබ්බට කුඩා දූපතකට ටයිෆූන් හානි සිදුවීම මගිනි.

නිලක්ෂි බණ්ඩාර.
12.04.2025.

Friday, April 11, 2025

සැඟවුණු උද්‍යානය




සුදු පාට ගෑ බිත්තියේ වූ ඔරලෝසුවේ මෘදු ටික් ටික් හඬ සැසියේ ආරම්භය සනිටුහන්විය.  උණුසුම් ආලෝකයක් සහිත කාමරය කුඩා පොත් රාක්කයකින් ද, සුන්දර මල් පැලයකින් ද අලංකාර කර තිබුණු අතර සංතුෂි  මනෝ  උපදේශක ගුණවර්ධන මහතා  අසල අසුන්ගෙන සිටියාය.
සන්තුෂි  සිටියේ උණුසුම් තේ කෝප්පයක අඩිය වෙත බැරෑරුම් ස්වරුපයෙන් බැල්මක් හෙලමිනි. ඇය නොසංසුන්ය. කොතනින් කතාව පටන් ගන්නද මට තේරෙන්නේ නැහැ. කියන්නේ මොකක්ද කියලා මට හිතා ගන්නත් බැහැ. හැමදෙයක්ම පැටලිලා කියලා මට දැනෙනවා  යැයි ඇය පැවසුවේ අසරණ විලාසයෙනි.

වෛද්‍ය ගුණවර්ධන මහතා  මෘදු ලෙස සිනාසුණේය. ඔබ මෙසේ හිතන්න සන්තුෂි   “ඔබේ මනස උද්‍යානයක් ලෙස . එය දැන් ඔබට පෙනෙන්නේ කෙසේද? ”
සන්තුෂි  ඇසිපිය හෙළුවාය. "වත්තක්?"
“ඔව්,” වෛද්‍ය ගුණවර්ධන මහතා  කීවේය.
"ඔබේ සිතුවිලි සහ හැඟීම් ගස් වැල්  නම්,
ඔබේ ගෙවත්ත කෙබඳු වනු ඇත්ද?"

සන්තුෂි   ඇස් පියා ගත්තාය. “ඒක ඕනිවට වඩා... වැඩී. හැමතැනම කටු වැල්, මල්, වැල් අතර හිර වෙලා සමහර තැන් වල . යන්තම් වත් ආලෝකයක් ඒ අතරින් විනිවිද යන්නේ නැ. ” තවත් ලොකු කොළ සහිත උස පඳුරු වලින් බීමට වැටෙන ආලෝකය අවහිර කරලා.අඳුරු කරලා.

වෛද්‍ය ගුණවර්ධන මහතා  ඉදිරියට නැඹුරු වී එය අමාරුයි.  එය නොසලකා හැර තිබුණත්  ඔබට එය පිළිවෙලට කරගන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා.
 එහෙම නම් ඔබ අරඹන්නේ කොතනින්ද?

සන්තුෂි   ඇගේ දෑස් විවර කළාය. “ පිරිසිදු කිරීමට අවශ්‍ය  මෙවලම්  සොයා ගන්නේ කොහෙන්ද කියලා  කියලා මම දන්නේ නැහැ.”   
වෛද්‍ය ගුණවර්ධන මහතා  සටහන් පොතක් ගෙන සන්තුෂි  වෙත දිගු කළාය. අපි ඒ ගැන හොයා බලමු . අපට  භෞතික  උපකරණ අවශ්‍ය නැහැ. නමුත් ඔබට ඔබව රැක බලා ගැනීමට අවශ්‍ය දේ මොනවාද?

සන්තුෂි  මොහොතක් සිතුවාය. 
මට ඉවසීම අවශ්‍යයි.සමහර විට මම මටම සමාව දීමත් අවශ්‍යයි.

අගනා සුන්දර තේරීම් වෛද්‍ය ගුණවර්ධන මහතා  පැවසුවේය. ඉවසීම ඔස්සේ ඔබට ඔබේ සිතේ ඇති පටලැවීම් ලිහා ගැනීම පහසු වේවි.සමාව දීමෙන් එම කටු පිරුනු මංමුලා වැල් අස්සේ සැඟවුණු සුන්දර මල් කැකුළු ඔබට දැකගත හැකි වේවි.

සන්තුෂි ගේ  මුවඟ සිනාවකින් පිරි ඇත. කටු වලට කුමක්ද කරන්නේ?ඒවා හරි වේදනාකාරියි.

අහ් ඔව් කටු.,ටිකක් වේදනාකාරී වුනත් ඒවා යම් යම් දෑ අපට සිහිපත් කරයි. අපිට සිත මෘදු කර ගත යුතු බව ඒවා අපට සිහිපත් කර දෙයි.ජීවිතයේදී සමහර බිඳෙන සුළු දෑ අප ආරක්ෂා කරගත යුතුයි.ඔබ ඒවා සමග පරික්ශාකාරිව කටයුතු කරන්නේ නම් ඒවා ආරක්ෂා කර ගත හැකිය.

කාමරය මොහොතකට නිහඬ විය.

සන්තුෂි  වෛද්‍යවරයා  කි උපමා රුපකය තෙරුන් ගත්තාය.මම හිතන්නේ මම උද්‍යානය මග හැරලා හිටියේ ඒ ගැන බලාපොරොත්තු රහිතව සිටි නිසා. මම හිතන්නේ දැනගෙන හිටියේ නැහැ කොතනින්ද පටන් ගන්න ඕනි කියලා.

වෛද්‍ය ගුණවර්ධන  හිස වැනුවා. 

"දැන් ඔයා එහෙම කරනන පටන් ගන්න.  පොඩියට පටන් ගන්න. එක වල් පැලෑටියක් ඇදලා ගලවන්න, එක මිදි වැලක් ගලවන්න. කාලයත් එක්ක ආලෝකය ආපහු උද්‍යානය  ඇතුළට එයි."

සන්තුෂි සැසියෙන් පිටවුනේ නව අරමුණක් සිතට අරගෙනය.එදින රාත්‍රියේ, ඇය දිනපොතක් රැගෙන සුවපහසුව  වාඩි වී ඇගේ උද්‍යානය  සිතියම්ගත කිරීමට පටන් ගත්තාය - වල් පැලෑටි, මල් සහ කටු වෙන් කරමින් ලේඛනගත කළාය.  එයට කාලය ගතවන  උද්‍යානයක් හරහා ඇවිද යන විට , ඇයටවෙනසක් දැනුණි.  වෙනදාට වඩා හිරු එළිය උණුසුම් විය.කතිඋ පඳුරු තිබු තැන්වල ලා පත් සහිත අතු රිකිලි දක්නට තිබුණි. ඈතින් අඩක් පිපුණු සහ සුවඳ පිරි හොදින් පිපි මල් දක්නට තිබුණි. ඇයගේ සිතේ සුවඳ  මල් පිපෙන්නට පටන් ගෙන තිබුණි.

නිලක්ෂි බණ්ඩාර 
11/04/2025.

Monday, April 7, 2025

 When one door closes, another opens, but often we look at the closed door for so long that we don't see the one that opened.


What is love


When you love, you stop being just a person, but you become a fragrance. You do not walk on the ground, but steam over it. This state of love is the main thing in life. And it doesn’t matter what you are in love with - to a woman, in work, in the world or in life ...
Love is not a joy and sadness, not a reward and not a test, but all together this journey into a fabulous and magical country, a path to the secret that has to be discovered. Love always leaves, everything has its end. But one state always shimmers into another, and this another can be a stronger feeling than love.


ඔබ ආදරය කරන විට ඔබ පුද්ගලයකු පමණක් වීම නවත්වයි. නමුත් ඔබ සුවඳක් බවට පත් වෙයි. ඔබ පොලව ස්පර්ශ නොකර එයට උඩින් හමා යයි. මෙලොවදී හෝ ජිවිතයේ ඔබ විඳින  ප්‍රේමයේ සැබෑ ස්වභාවය එයයි ඔබ පෙම් කරන රැකියාවට, ඔහුට හෝ ඇයට ....

ප්‍රේමය යනු සතුටක් හෝ දුකක් නොවේ.සම්මානයක් හෝ පරීක්ෂණයක් ද නොවේ.මේ සියල්ලම එකට එක්ව අපුරුම මායා ලෝකයකට යන ගමනකි.ආදරය සැමවිටම පිටව අවසන්ව යයි.නමුදු සෑම දෙයකටම අවසානයක් ඇත.සැමවිටම එක රාජ්‍යයක් තවත් රාජ්‍යයකට වඩා උත්කෘෂ්ටව බැබළෙනු ඇත. ශක්තිමත් වනු ඇති අතරම එම හැඟීම ප්‍රේමයට වඩා සැමවිටම බලවත්  සහ ශක්තිමත් වනු  ඇත.


නිලක්ෂි බණ්ඩාර.