සුදු පාට ගෑ බිත්තියේ වූ ඔරලෝසුවේ මෘදු ටික් ටික් හඬ සැසියේ ආරම්භය සනිටුහන්විය. උණුසුම් ආලෝකයක් සහිත කාමරය කුඩා පොත් රාක්කයකින් ද, සුන්දර මල් පැලයකින් ද අලංකාර කර තිබුණු අතර සංතුෂි මනෝ උපදේශක ගුණවර්ධන මහතා අසල අසුන්ගෙන සිටියාය.
සන්තුෂි සිටියේ උණුසුම් තේ කෝප්පයක අඩිය වෙත බැරෑරුම් ස්වරුපයෙන් බැල්මක් හෙලමිනි. ඇය නොසංසුන්ය. කොතනින් කතාව පටන් ගන්නද මට තේරෙන්නේ නැහැ. කියන්නේ මොකක්ද කියලා මට හිතා ගන්නත් බැහැ. හැමදෙයක්ම පැටලිලා කියලා මට දැනෙනවා යැයි ඇය පැවසුවේ අසරණ විලාසයෙනි.
සන්තුෂි ඇසිපිය හෙළුවාය. "වත්තක්?"
“ඔව්,” වෛද්‍ය ගුණවර්ධන මහතා කීවේය.
"ඔබේ සිතුවිලි සහ හැඟීම් ගස් වැල් නම්,
ඔබේ ගෙවත්ත කෙබඳු වනු ඇත්ද?"
“ඔව්,” වෛද්‍ය ගුණවර්ධන මහතා කීවේය.
"ඔබේ සිතුවිලි සහ හැඟීම් ගස් වැල් නම්,
ඔබේ ගෙවත්ත කෙබඳු වනු ඇත්ද?"
සන්තුෂි ඇස් පියා ගත්තාය. “ඒක ඕනිවට වඩා... වැඩී. හැමතැනම කටු වැල්, මල්, වැල් අතර හිර වෙලා සමහර තැන් වල . යන්තම් වත් ආලෝකයක් ඒ අතරින් විනිවිද යන්නේ නැ. ” තවත් ලොකු කොළ සහිත උස පඳුරු වලින් බීමට වැටෙන ආලෝකය අවහිර කරලා.අඳුරු කරලා.
වෛද්‍ය ගුණවර්ධන මහතා ඉදිරියට නැඹුරු වී එය අමාරුයි. එය නොසලකා හැර තිබුණත් ඔබට එය පිළිවෙලට කරගන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා.
එහෙම නම් ඔබ අරඹන්නේ කොතනින්ද?
සන්තුෂි ඇගේ දෑස් විවර කළාය. “ පිරිසිදු කිරීමට අවශ්‍ය මෙවලම් සොයා ගන්නේ කොහෙන්ද කියලා කියලා මම දන්නේ නැහැ.”
වෛද්‍ය ගුණවර්ධන මහතා සටහන් පොතක් ගෙන සන්තුෂි වෙත දිගු කළාය. අපි ඒ ගැන හොයා බලමු . අපට භෞතික උපකරණ අවශ්‍ය නැහැ. නමුත් ඔබට ඔබව රැක බලා ගැනීමට අවශ්‍ය දේ මොනවාද?
සන්තුෂි මොහොතක් සිතුවාය.
මට ඉවසීම අවශ්‍යයි.සමහර විට මම මටම සමාව දීමත් අවශ්‍යයි.
අගනා සුන්දර තේරීම් වෛද්‍ය ගුණවර්ධන මහතා පැවසුවේය. ඉවසීම ඔස්සේ ඔබට ඔබේ සිතේ ඇති පටලැවීම් ලිහා ගැනීම පහසු වේවි.සමාව දීමෙන් එම කටු පිරුනු මංමුලා වැල් අස්සේ සැඟවුණු සුන්දර මල් කැකුළු ඔබට දැකගත හැකි වේවි.
සන්තුෂි ගේ මුවඟ සිනාවකින් පිරි ඇත. කටු වලට කුමක්ද කරන්නේ?ඒවා හරි වේදනාකාරියි.
අහ් ඔව් කටු.,ටිකක් වේදනාකාරී වුනත් ඒවා යම් යම් දෑ අපට සිහිපත් කරයි. අපිට සිත මෘදු කර ගත යුතු බව ඒවා අපට සිහිපත් කර දෙයි.ජීවිතයේදී සමහර බිඳෙන සුළු දෑ අප ආරක්ෂා කරගත යුතුයි.ඔබ ඒවා සමග පරික්ශාකාරිව කටයුතු කරන්නේ නම් ඒවා ආරක්ෂා කර ගත හැකිය.
කාමරය මොහොතකට නිහඬ විය.
සන්තුෂි වෛද්‍යවරයා කි උපමා රුපකය තෙරුන් ගත්තාය.මම හිතන්නේ මම උද්‍යානය මග හැරලා හිටියේ ඒ ගැන බලාපොරොත්තු රහිතව සිටි නිසා. මම හිතන්නේ දැනගෙන හිටියේ නැහැ කොතනින්ද පටන් ගන්න ඕනි කියලා.
වෛද්‍ය ගුණවර්ධන හිස වැනුවා.
"දැන් ඔයා එහෙම කරනන පටන් ගන්න. පොඩියට පටන් ගන්න. එක වල් පැලෑටියක් ඇදලා ගලවන්න, එක මිදි වැලක් ගලවන්න. කාලයත් එක්ක ආලෝකය ආපහු උද්‍යානය ඇතුළට එයි."
සන්තුෂි සැසියෙන් පිටවුනේ නව අරමුණක් සිතට අරගෙනය.එදින රාත්‍රියේ, ඇය දිනපොතක් රැගෙන සුවපහසුව වාඩි වී ඇගේ උද්‍යානය සිතියම්ගත කිරීමට පටන් ගත්තාය - වල් පැලෑටි, මල් සහ කටු වෙන් කරමින් ලේඛනගත කළාය. එයට කාලය ගතවන උද්‍යානයක් හරහා ඇවිද යන විට , ඇයටවෙනසක් දැනුණි. වෙනදාට වඩා හිරු එළිය උණුසුම් විය.කතිඋ පඳුරු තිබු තැන්වල ලා පත් සහිත අතු රිකිලි දක්නට තිබුණි. ඈතින් අඩක් පිපුණු සහ සුවඳ පිරි හොදින් පිපි මල් දක්නට තිබුණි. ඇයගේ සිතේ සුවඳ මල් පිපෙන්නට පටන් ගෙන තිබුණි.
නිලක්ෂි බණ්ඩාර
11/04/2025.
මනරම් සටහනක්! මනෝවිද්‍යාත්මක කෙටිකතාවක්!
ReplyDeleteස්තුතියි
Delete