දකුණු පළාතේ මාතර දිස්ත්‍රික්කය පදනම්ව රචිත මඩොල් දුව මාර්ටින් වික්‍රමසිංහයන්ගේ නිර්මාණ අතර ප්‍රමුඛ නිර්මාණයකි. යොවුන් වියේ සිටින යෞවනයන් දෙදෙනෙකු වටා ගෙතුණු මෙම කෘතිය ත්‍රාසය වීර්ය රසය උපද්දවන අපුරු නිර්මාණයකි. ශ්‍රී ලංකාවේ මුහුදුබඩ සංස්කෘතිය මැනවින් විදහාලන්නකි.
1890 ගණන් වල ශ්‍රී ලංකාවේ පැවති සමාජීය පසුබිම මැනවින් කියවන්නාගේ මනසට චිත්තරුප මැවෙන ආකාරයෙන් ලියා ඇත. එම යුගයේ මිනිසින්ගේ ජිවන රටාව සහ ආගමික පසුබිම මෙන්ම සංස්කෘතික වෙනස්කම්ද මැනවින් මඩොල් දුව කෘතිය ඔස්සේ නිරුපණය කර ඇත.
එමෙන්ම මේ කතාව ඔස්සේ මනෝ විද්‍යාත්මක වශයෙන්ද දරුවන් සහ වැඩිහිටියන් අතර ඇතිවන ඝට්ටනයන් මනාව නිරුපණය කර ඇත. දෙමව්පියන් සහ වැඩිහිටියන් දරුවන්ගේ සිතුවිලි තෙරුන් නොගෙන ඔවුන්ට අසීමිතව දඬුවම් කිරීමෙන් දරුවන් නොමගට යාම සහ වැඩිහිටියන්ගේ බසට අකීකරු වීම වැනි ගැටළු මැනවින් දක්නට ලැබෙන නව කතාවකි.ඒ බව මාර්ටින් වික්‍රමසිංහයන් පාඨකයාට ගෙනහැර දක්වන්නේ විසල් උපහාසයකින් සහ හාස්‍යජනක අන්දමිනි.
උපාලිගේ සහ ජින්නාගේ වීරත්වය යොවුන් වයසේ සිටින තරුණයන්ට උරුමවූ දෙයකි. තමන් දකින අත්විඳින දේ පිළිබඳව කුතුහලයකින් යුතුව සොයා බලා ඒ පසුපස හඹා යාම යෞවනත්වයේ ලක්ෂණයකි.උපාලි දඟකාර තරුණයකු වුවත් පසුකාලීනව තම වගකීම් හරිහැටි තේරුම් ගනිමින් ජීවිතය පිළිබඳව වැටහීමකින් යුතුව කටයුතු කිරීම අරඹයි.
මෙම කෘතිය පසුකාලීනව දෙමළ, ඉංග්‍රීසි, ලන්දේසි, චීන, බල්ගේරියන් ඇතුළු ලොව පුරා භාෂා රාශියකට පරිවර්තනය කර ඇත. 1976 දී ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා විසින් මෙම කථාව චිත්‍රපටයකට ද නඟා ඇත.මඩොල් දුව තේමාවන් කිහිපයක් ඔස්සේ ගලාගෙන යන යොවුන් නව කතාවකි.මිත්‍රත්වය, යොවුන් වියේ ස්වාධීනත්වය , මිනිසා සහ පරිසරයේ ඇති බැඳීම ,සංස්කෘතීන්හි අනන්‍ය ලක්ෂණ සොබාදහමට එරිහිව මිනිසා අපට මේ ඔස්සේ දක්නට ලැබෙන තේමාවන් කිහිපයකි.
මාර්ටින් වික්‍රමසිංහයන් විසින් එකල ග්‍රාමීය ජිවිතයේ සංස්ථාපනය වුන සංස්කෘතික වටිනාකම් මැනවින් මෙම කෘතියට එක් කර ඇත.උපසංස්කෘතින තුල භාවිත වචන සහ ක්‍රියාකාරකම් මනාවඅතිවිඳිය හැකි නව කතාවක් ලෙස මඩොල් දුව පෙන්වා දිය හැකිය. ටීටර් නාට්‍ය වැනි සංස්කෘතික සම්ප්‍රදායයන් පිළිබඳව අපුර්ව ලෙස මෙම කතාව ඔස්සේ පාඨකයා මනසට ලංකර ඇත.
ශ්‍රී ලංකාවේ ටොම් සෝයර්" ලෙස නම් කරන ලද මඩොල් දුව 1947 සිට පිටපත් මිලියනයකට වඩා අලෙවි වී ඇත. මාක් ටිවෙන් රචිත ටොම් සෝයර් කතාවට සමාන වූ සම්භවයකින් යුක්ත උපාලිගේ සහ ජින්නාගේ මෙම වෘත්තාන්තය ,නායකත්වය, යොවුන් වියේ දඟකාරත්වය ගැබ්වුණ අපුර්ව යොවුන් නව කතාවක් ලෙස හැඳින්වීමට හැකිය.ජින්නා තුලින් උපාලි කෙරෙහි ඇති නොසැලෙන පක්ෂපාතිත්වය සංකේතවත් කරයි.
එමෙන්ම ඉන්දියාවේ ආර් කේ නරයන්ගේ ස්වාමි සහ මිතුරන්, රොබර්ට් ලුවිස් ස්ටීවන්සන් රචිත ට්‍රේෂර් අයිලන්ඩ් (නිධන් දුපත ) වැනි යොවුන් නව කතාවන්හි ගැබ්වී ඇති යොවුන් වියේ නිර්භීත බව, කුතුහලය අවධි කරගනිමින් යෙදෙන ක්‍රියාන්විතයන් මඩොල් දුව කෘතිය ඔස්සේ ද ඉතාමත් අපුර්ව ලෙස පාඨකසිත් සතන් වලට ලං කර ඇත.
ඔහුගේ ජිවිතයට කිඳා බැස තිබුණු කැරළිකාර බව සංවේදනාත්මක බවකට පසුකාලීනව හැරෙන ආකාරය තම පියාගේ අසනීප තත්වයත් සමග වෙනස් වෙන ආකරයෙන් පිළිඹිබු කරයි.
එමෙන්ම සමාජයේ වැඩිහිටියන් අතර ඇති පන්ති බේදය උපාලි විසින් කඩා විසුරුවා හරින අයුරු ජින්නා සමග පවතින මිත්‍රත්වය ඔස්සේ මැනවින් විදහලනු ලබයි.
පසුකාලීනව 1976 වසරේදී ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පිරිස් මහතා විසින් මඩොල්දුව චිත්‍රපටය ට නැගු අතර ලංකාව පුරා ප්‍රේක්ෂකයින් ගේ ජනාදරයට පත් විය.
නිලක්ෂි බණ්ඩාර
04/07/2025.
No comments:
Post a Comment
ඔබෙ දිය පොදත් එක් කරන්න.........