බොහෝ කාලයක සිට ඇමරිකා එක්සත් ජනපදයේ පදිංචිව සිටින භද්‍රජි මහතා ශ්‍රී රාවන් නා පුවත ඇසුරින් කොළඹ විශ්ව විද්‍යාලයේ රංග දැක්වූ "රාවණා නොකී පුරාවත නමින් බැලේ ඔපෙරාවක් ද පිටපත් රචනය සිදු කිරීම ලාංකීය සාහිත්‍යධරයින් ලැබූ අගනා වටිනාකමක් වේ.
slbc ගුවන් විදුලි රංගන පිටය සහ ළමා රංග පිටය වෙනුවෙන් ගුවන් විදුලි අත්පිටපත් රාශියක් නිර්මාණය කරන ලද අතර සිංහල සහ වේදිකා නාට්‍ය පිටපත්ද විසල් ප්‍රමාණයක් රචනා කළේය.මේ බොහෝ නාට්‍ය ප්‍රධාන චරිතයට හිමිකම් පෑවේ නිතැතින්මය.එලෙසින්ම මෙතුමා විසින් සංගීත සංදර්ශනයන් සඳහා සහ නාට්‍ය සඳහා පසුතිරද නිර්මාණ කළේය.එලෙසම භද්‍රජි මහතා විසින් මේ වන විට නිකුත් කළ නව කතා ප්‍රමාණයක් 111ක් වන අතර සිංහල භාෂාවෙන් සහ ඉංග්‍රීසි බසින් පරිවර්තනද සිදු කළේය.එලෙසින්ම ලංකාවේ ප්‍රධාන පුවත්පත් රැසක නවකතා අතුරින් කතා 11ක් කොටස් වශයෙන් පල කරන ලදී.
ගරු ඩී එම් විජේවර්ධන සම්මානයටද පාත්‍ර වූ අතර මොහුගේ රසවත් ලේඛන ශෛලියට සහ කළා නිර්මාණ වෙනුවෙන් සම්මාන දිනා ගත් අතර ඇමරිකාවේ ලෝක කාව්‍ය සංගමය මගින් රන් කවි සම්මනයද දිනා ගන්නා ලදී.ලාංකීය බෞද්ධ කොන්ග්‍රසය මගින් හොඳම බෞද්ධ තේමාව සහිත කෘතියට හිමි සම්මානයද මෙතුමාට පිලිගැන්වුයේ දිනෙක කුසිනාරාව, විසාල සහ ප්‍රසේන්ජිත් යන කෘතීන් තුනටයි.හොඳම වේදිකා නාට්‍යය පිටපත ට හිමි පහන් පෙළ සරච්චන්ද්‍ර සම්මානය ලබා ගන්නේ රෝස පාට පුංචි ගෙයක රචනයටයි.කඳු ශිඛරයි ගැඹුරු හෙලයි කෘතිය වෙනුවෙන් හොඳම වේදිකා නාට්‍යයට හිමි ආලෝක රංග සොභා සම්මානය දිනා ගන්නා ලදී.මහා මුහුදට එහා වෙනුවෙන් සංස්කෘතික සංගමය සම්මානයද,සර්වෝදය මගින් ජිවිතයේ එක්වතාවක් පමණක් ලැබෙන සම්මානයක්ද දිනාගැනීම විසල් භාග්‍යයක් විය.එලෙසින්ම කොලබ පුස්තකාලය මගින් කාල දීපානි සම්මානයද දිනීය.එලෙසින්ම මෙතුමා බොහෝ දස්කම් පා චිත්‍ර ශිල්පයටද අනෙක විද සම්මානයන් දිනා ගනු ලැබුවේද අනෙක්‍රපාර මාධ්‍යයන් යොදා ගැනීම හේතුවෙනි.
එතුමන් මුලින්ම කතාවක් රචනා කරන ලද්දේ වයස 17දී වන අතර බෞද්ධ සාහිත්‍ය කෘතියක් වන සුදු හංසයෝ ඉගිල ගියහ කෘතියයි.මෙහි විශේෂත්වය වන්නේ ශ්‍රිලංකාවේ ප්‍රථම බෞද්ධ නව කතාව ලෙස ගණන් ගැනෙන්නේ ද මේ කතාව හෙයිනි. දුලභ දක්ෂතාවන්ගෙන් පරිපුර්ණ වූ මෙතුමන් අවුරුදු 13දී ගීත රචනයද අවුරුදු 6දී චිත්‍ර ඇඳීමේ හිද විසල් දස්කම් පෙන්වූයේය.
මෙතුමාගේ නව කතාවල ජීවි ගුණය සැමවිටම දකින්නට ලැබෙන අතර ගලාගෙන යන රසවත් බවකින් හා කුතුහලය නංවමින් පාඨක සිත් ඇඳ බැඳ ගන්නා අයුරින් ලියා තිබීම සුවිශේෂිත්වයයි.මිනිස් ජීවිතය ඇසුරෙන් සිදුකරන ජිවිත විවරණය සෑම කතාවකින්ම අපට දැකිය හැකි ගුණාංගයකි.සැමවිටම මෙම නව කතාවල චරිතයන් නිවැරදිම ස්ථානයේ ස්ථානගත කිරීම අනිකුත් කෘතීන්ට වඩා භද්‍රජි මහතාගේ කතා වල දකින්නට ලැබෙන වෙනස්ම ලක්ෂණයයි.එලෙසම කෙටිකතාවේ ශිල්ප ක්‍රමයට වඩා වෙනස්ම ආරක් නවකතා ශිල්පයේදී දීමට සිදුවන බව මැනවින් වටහා ගත ලේඛකයකු ලෙස මෙතුමා හැඳින්විය හැක.
2013දී ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයීය ගුණ සමරු පදනම මගින් විශ්ව සූරී කළා සූරී ගෞරව නාමයට ද හිමිකම් කිවේය.1984දී මෙතුමා විසින් රචනා කර අධ්‍යක්ෂණය කරන ලද එකම රුපවාහිනී නාට්‍ය වූ ධන කුවේරයෝ ටෙලි නාට්‍ය ඇමරිකාවේදී නිෂ්පාදනය කර රුපවාහිනී නාලිකාවේ විකාශනය කරන ලදී.