දෙපා ලෙඩ කරවන අඩි උස පාවහන්
උස් සපත්තු වසර දහස් ගණනක සිට කාන්තාවගේ හොදම මිතුරකු ලෙස හැදින්විය.ඒවා පැළඳීම කාන්තාවන්ට සුන්දරත්වයක් ,විශ්වාසී බවක් සේම උස් පෙනුමක් ලබා දේ. නමුදු මෙය පසුකලකදී ඇයට වේදනාවක් වීමටද ඇති ඉඩකඩ බොහෝය.සැබවින්ම උස කාන්තාවන් වාසනාවන්තය.උස පෙනුම කාන්තාවගේ ශරීර සුන්දරත්වයද වැඩි කරයි.
විවිධ ඇඳුම් කට්ටල වලට ගැලපෙන පරිදි වර්තමානයේදී සුන්දර පාවහන් අපට දැකිය හැකිය.සල්සා නර්තයනයට ප්‍රියතාවයක් දක්වන කාන්තාවන්ට සල්සා නැටුම් සඳහා සුදුසු පරිදි stiletto පාවහන් නිමවා ඇති අතර එය ඉතා ප්‍රසංෂනිය වේ.එමෙන්ම විලාසිතා ලෝකයේදී උස පාවහන් ඉතාමත් ජනප්‍රිය අංගයක් වේ.පහත සටහන ඔස්සේ ඔබට උස පාවහන් පැළඳීමේ දී අත්වන වාසි සහ අවාසි හඳුනා ගත හැක.
විවිධ ඇඳුම් කට්ටල වලට ගැලපෙන පරිදි වර්තමානයේදී සුන්දර පාවහන් අපට දැකිය හැකිය.සල්සා නර්තයනයට ප්‍රියතාවයක් දක්වන කාන්තාවන්ට සල්සා නැටුම් සඳහා සුදුසු පරිදි stiletto පාවහන් නිමවා ඇති අතර එය ඉතා ප්‍රසංෂනිය වේ.එමෙන්ම විලාසිතා ලෝකයේදී උස පාවහන් ඉතාමත් ජනප්‍රිය අංගයක් වේ.පහත සටහන ඔස්සේ ඔබට උස පාවහන් පැළඳීමේ දී අත්වන වාසි සහ අවාසි හඳුනා ගත හැක.
අපි දැන් උස් සපත්තු පැලදීමේ වාසි ගැන බලමු.
උස පෙනුම
උස සපත්තු පැළඳීම මගින් කාන්තාවකගේ උස, සිටිනවාට වඩා අඟල් 5-6ක් අතර උසකින් මතු කර දක්වයි.මෙම තත්වය උස පෙනුමකට කැමත්ත දක්වන කාන්තාවන්ට බොහෝ සේ උපකාරී වේ.බොහෝ කාන්තාවන් තමන්ගේ උස පෙනුමක් දකින්නට ප්‍රියතාවයක් දක්වන අතර එයට හේතුව වන්නේ බොහෝ අයගේ ආකර්ෂණය උසින් වැඩි කාන්තාවන් වෙත ලැබීමයි.මේ මගින් කාන්තාවන්ට සිත් ඇඳගන්නා සුළු හැඩයක් ලැබීමද එක විශේෂත්වයකි/
මෝස්තරය
කාන්තාවන්ගේ බාහිර පෙනුමට, විවිධත්වයක් උස් පාවහන් මගින් ලබා දේ.අඟල් දෙකක පමණ උසක් ඇති සෙරෙප්පු යුගලයක් රැලි සහිත සයකට ගැලපේ.එය ආකර්ෂණයට වඩා ලාලිත්යක් කාන්තාවකට ගෙන දෙයි..එමෙන්ම ඇවිදින විටද ඔබට ලාලිත්‍ය ක්ද ලබා දෙයි.
යහපත් ශරීර පිහිටීම
උස් සෙරෙප්පු පැලදීමෙන් පසු කාන්තාවට තමන් සිටින ඉරියව්වේ පහසුවෙන් සිටිය හැකි වීම විශේෂත්වයකි.මෙම උස අඩි පැලදීමෙන් හිසට සහ ශරීරයට ආකර්ශනීය බවක් ලැබේ.ඇවිදීමේදී ඇය පිළිබඳවම විශ්වාසයක් ඇතිවේ.උස අඩි සහිත පාවහන් පැලදීමෙන් වළකින්නේ ඉතාමත් කලාතුරකින් කාන්තාවකි.පළමු වර උස පාවහන් පැලදීමේ දී සමහර කාන්තාවන් ඉතාමත් දුෂ්කර අවස්ථාවන්ට මුහුණ දේ.ඔබ උස අඩි පාවහන් යුගලක් මිලට ගතහොත් එය පැළඳ නිවසේදී ඇවිද පුරුදුවිම ඔබගේ සෞඛ්‍ය සම්පන්න බවට ගුණාත්මක වේ.එය ඔබ එම පාවහන් පැළඳ ඇවිදීමේදී ඇතිවෙන අපහසුතාවයන් මගහැරීමට උපකාරී වේ.
ප්‍රියමනාප දෙපා යුගලක් ලබා ගැනීම
උස පාවහන් ඔබේ දෙපා වලට සුන්දර පෙනුමක් ලබා දීමට සමත් වෙන අතර කෙටි සායවල් ඇඳීමට කැමති කාන්තාවන්ට ඔවුන්ගේ දෙපා වලට සහ ශරීරයේ හැඩයට උසස් පෙනුමක් ලබාදීමට මින් හැකියාවක් ලැබේ.
ඒ මගින් කකුලේ දිගු බවක් පෙන්නුම් කරයි.
උස පාවහන් පැළඳීමේ අවාසි
උස සහ වේදනාව එකම කාසියේ දෙපැත්ත වේ.නමුදු කාන්තාවන්ට සුන්දර පෙනුමක් ලබා දෙන අතරම ඔවුන්ට බොහෝ අතුරු ආබාධ වලට ලක්වීමට මේ හරහා සිදුවේ.උස පාවහන් පැළඳීමෙන් සිදුවන අතුරු අබධයන් සහ අනතුරු පහතින් ඔබට දැකගත හැකිය/දිගු කලක් උස පාවහන් පාවිච්චි කිරිම්දී කොන්දේ, වලලුකරේ සහ දනිස්වල අබාධ ඇති වීමේ ප්‍රවනතාවයක් වැඩි බව වෛද්‍යවරුන්ගේ මතයයි.
කකුලේ හැඩය වෙනස්වීම
පාවහන් තෝරා ගැනීමේදී ඔබ ඔබගේ පාද වල හැඩය පිලිබඳ සැලකිලිමත් විය යුතු වේ .අපේ සිරුරට ගැලපෙන විදියේ පාද හැමදෙනාටම ලැබි තිබේ.උස අඩි සහිත සපත්තු පැළඳිමේදී විලුඹ ,පාදයේ අනෙක් කොටස් වලට වඩා උසින් පිහිටනඅතර ශරීරයේ බර පාදයේ ඉදිරිපසට හා ඇගිලිවලට ගමන් කරයි. මෙය ශරීරයේ සමතුලිත තාවය බිදී සිරුර ඉදිරිපසට ඇලවීමට හේතුවේ. පාදයේ පතුල වක්‍රාකාර වන අතර එය අප ඇවිදීමේදී හිට ගැනීමේදී අපව සමබරව තැබීමට උපකාරී වේ.සමතුලිත නැති පෘෂ්ටයක් මත ගමන් කිරීමේදී මෙම වක්‍ර හැඩය එහා මෙහා වෙන අපගේ සිරුරේ සමබරතාවය රැක ගනී.එවැනි අවස්තාවලදී සිරුරේ ඇතිවන කම්පන අවශෝෂණය වලක්වා ගැනීමට ද ,සිරුර රැක ගැනීමට ද, උපකාරී වේ.
කකුල් ඇදුම් කෑම
බොහෝ කාන්තාවන් උස පාවහන් ගැලවීමෙන් පසු මෙම කකුල් ඇදුම් කෑමට ලක් වේ.මන්ද උස සපත්තු පැළද ඇවිදීමේදී මුළු ශරීරයේම බර දෙපා මතට පැමිණේ.මෙය දිගු කලක් තිස්සේ සිදු වුවහොත්, පාද ආබාද සහ තුනටියේ කැක්කුම් ඇති වීමට හේතු සාධකයක් විය හැකිය.
ඇවිදීමේදී දැනෙන අපහසුව
සමාජයේදී සමහර කාන්තාවන්ට උස පාවහන් භාවිතා කිරීමේ අපහසුතාවයක් අපට දකින්නට ලැබේ.මෙවැනි පාවහන් පැළඳ ගෙන බොහෝ දුරක් ඇවිදීම අත්හදා බැලිමේදීත් මෙවැනි අපහසුතාවයන්ට මුහුණ දීමට සිදුවේ.එහි ප්‍රතිපලය වන්නේ බොහෝ කලක් උස පාවහන් පැළඳ සිටීමේදී හෝ දමාගෙන ඇවිදීමේදී පාදයේ අභාධ වලට ලක් වීමයි,සමහර විට එවැනි කාන්තාවන් ඇවිදීමේදී බලෙන් ඇවිද්දවිමක් සේ අපිට දකින්නට ලැබේ.අපසුවෙන් ඇවිදීම තමාගේ සමබරතාවය අහිමිවීමට ද , බිම පතිත වීමටද ඉඩ සලස්වයි.
කොඳු නාරටියේ වේදනා සහ අපහසුතා
උස පාවහන් පැලදීම කොඳුනාරටිය ට අනවශ්‍ය බරක් පැටවීම සහ තෙරපීම හේතුකොටගෙන තුනටියේ අමාරු, කොන්දේ අමාරු වැනි ලෙඩ රෝග වලට ඔබ ට මුහුණ පාන්නට සිදුවේ.
කෙසේ වුවත් ඇවිදීම. යෝග සහ ව්‍යායාම් කිරීම මගින් මෙම අපහසුතාවයන් මග හැරීමට සුදුසු බව ඔබට හැකිවන බව වෛද්‍යවරුන්ගේ මතයයි.
කසායනය සහා විරූපී පෙනුම
පාද යුගලයට දරාගත හැකි බර ප්‍රමාණයට වඩා වැඩි බර ප්‍රමාණයක් දරාගෙන සිටීමේදී කාන්තාවන්ගේ විලුඹේ තද සහ රළු ගතියක් මෙන්ම කහ පාට ලප වැනි දෙයක් හට ගැනීමට ඉඩ තිබේ.එයට ඔබගේ දෙපා වලට විරුපී පෙනුමක් ලබා දීමට හැකියාවක් තිබේ.මෙය වලක්වා ගැනීමට නම් ඔබ නිතරම පාද වල සුමුදු බව රැක ගැනීමට තෙල් අලෙපනයක් හෝ, පාද සුරක්ෂණ ආලේපයක් හොද ගලවා සම්භානය කල යුතුය.
පාද ඇමට්ටිය
වයස්ගත කාන්තාවන්ට උස පාවහන් පැළඳීම හේතුවෙන් නිතර ඇතිවන රෝගයකි කකුල් ඇමට්ටිය එය උස් පාවහන් නොපළඳින කාන්තාවන්ට ද වැළදිය හැකිය.එම නිසා උස පාවහන් පැළඳ ඇවිදින විටදී කල්පනාවෙන් සහ වැඩි පරිස්සමින් ගමන් කිරීම වඩාත් සුදුසු වේ.එම නිසා මෙම උස පාවහන් පැළඳීම කලාතුරකින් සිදු කිරීම කාන්තාවන්ගේ යහපත් සෞඛ්‍ය තත්වයට හේතුවේ.සමහර කතුන් උස පාවහන් තම වේදනාව තිබෙද්දිත් පළඳ සිටි.
රුධිර සංසරණයට බාධා ඇති වීම.
කෙණ්ඩ ප්‍රදේශයේ ඇති මාංශ පේශි රුධිර සංසරණයට ඉතාමත් වැදගත් වේ.මාංශ පේශි බොහෝ වෙලාවක් සංකෝචනය වීම හේතු කොට ගෙන රුධිර ගමනාගමනයට බාධා එල්ල වේ.මේ නිසා කාන්තාවන්ට නහර ගැටගහීමේ රෝගය වැළඳීමට ඇති ඉඩකඩ බොහෝය.තවද සිරුරේ බර පාදයේ ඉදිරි කොටසට වැඩියෙන් ව්‍යාප්තවීම නිසා පාද වේදනාව හා ස්නායු තෙරපීමෙන් හිර ගතියක් ඇතිවීමට ඉඩකඩ තිබේ.එලෙසම මහපට ඇඟිල්ලට ඇතිවෙන දැඩි පීඩනය නිසා වේදනාකාරී අවස්ථාවකට මුහුණ දීමට ද සිදුවේ.
උස අඩි පැළදීම නියපොතු වර්ධනයට සිදු කරන විසල් හානියකි. නියපොතු වල තෙරපීම හේතු කොට ගෙන , බැක්ටීරියා ආසත්මිකා නිර්මාණය වීමක් සිදුවේ.
සැකසුම නිලක්ෂි බණ්ඩාර
No comments:
Post a Comment
ඔබෙ දිය පොදත් එක් කරන්න.........