වසන්ත තිළිණය ආයෙත්
"ඇයට ඕනෑම තැනක යාමේ මාවත විවෘතව තිබිණි.ඕනෑම දෙයක් කිරීමේ ඉඩ හසර සැලසී තිබිණි .ඇගෙන් ප්‍රශ්න කිරීමට කිසිවකුත් ඉතිරිව හිටියේ නැත.ඇය ගැන වග වීමට සිටියේ ඈ පමණි.බන්ධනයකට තිබුනේ කුස තුළ මෝරා වැඩෙන දරු පැටියා පමණි. ගැබිනියක බවට පත්වී තෙමසක් සහ තවත් අඩ මසක් පමණක් ගෙවී ගොස් තිබුනත්, ඈ ගැබිණියක බව පිටතට නොපෙනුණත් සිරුර තුළ සිදුවන වෙනස්කම් සියල්ල ඇයට දැනෙමින් තිබිණි .කොහේ සිට පැමිණියේදැයි මිනිසුන් අසන පැනයට දිය යුතු පිළිතුර කුමක්දැයි ඈ බොහෝදුරට සිතා බැලුවාය ".
මෙම ආරම්භය ඩැනියෙල් ස්ටීල් ගේ අතින් නිර්මාණය වුන නිර්මාණ අතරින් විචිත්‍ර සහ අත්භුතජ්නක 33වෙනි වෘතන්තයයි.මෙය 1994දී ලියවුන කෘතියකි.මෙය බලය සහ අද්භූත ක්රියාකාරිත්වයන් හා මුසුවූ රසවත් සම්මිශ්ශරණයක් වන අතර මෙය ගැඹුරු ප්‍රේමය , හද පත්ලෙන් නැගුණු ජිවිතයේ වේදනාව පිලිබඳ අතික්‍රමණය කල කතාවකි. ඩැනියෙල් විසින් රචිත කෘති ඔස්සේ එම චරිතයන්ගේ චිත්තවේගිය සාධකයන් රසිකයා වෙත ලඟා කෙරේ.මෙම ආදරණිය වෘතාන්තය සිංහලයට පරිවර්තනය කරමින් අප වෙත ලඟා කරන්නේ දිල්හානි වික්‍රමරත්න රචිකාවියයි ඇය පරිවර්තන, ධනාත්මක චින්තන සහ ළමා කෘතීන් 50ක් පමණ සිංහල සාහිත්‍යට දායාද කල කතුවරියකි.
එම වේදනාව තුළින් ඔවුනට දායාදයක් හෙවත් වටිනා ත්‍යාගයක් ද හිමිවිය.එය නොසිතු දෙයකි.ඔවුන් බලාපොරොත්තු නොවූ ත්‍යාගය කැඩී බිඳී යාමට ආසන්නව තිබු ඔවුන්ගේ ආදරණිය කුටුම්භය සුවපත් කිරීමට ,ජිවිත සැලසුම් සහගත ලෙස සකස් කිරීමට කෙටි කලක් තුල සිදුවූ ආශීර්වාදයක් විය.
ඩැනියෙල් ස්ටිල් විසින් රචිත බොහෝ කෘතීන් ජිවිතයේ අවධානමක් ගන්නා අවස්ථාවන්ට මුහුණ දෙන චරිතයන්ගෙන් හෙබි නව කතාවේ. මෙම නව කතාව වටා ප්‍රේම වෘතාන්තයන් කිහිපයක්ම ඇති අතර පාඨකයාට අමතක නොවන චරිත කිහිපයක් පාඨක හදවත ඇඳ බැඳ ගන්නා ජාලයක් ලෙස නිර්මිතය. එම චරිත තුළ සිනහව මෙන්ම කඳුළද මුසුවූ ඇත.
ඔවුන්ට ජිවිතබෝධය ලැබීමට හේතුවූ මෙම ත්‍යාගය අඳුරට ශාප කරමින් සිටින ජිවිත වලට කදිම පාඩමකි.මෙම නව කතාව දරුවකු පිලිබඳ සිහිනය අතහැර ජිවත් වූ එළිසබත් විටෙකර්ගේ පවුලේ කතාවෙන් ආරම්භ වේ.ඈන් විටේකර්, ටොමී විටේකර් ජෝන් විටේකර් සහ ලීස් විටේකර් මෙම කුඩා පවුලේ ආදරණිය සාමාජිකයින් වුහ.එක්තරා නත්තල් රැයකදී සතුටින් උන් මෙම ආදරණිය පවුල ඇනී ගේ සහාසික අහම්බයක් වූ මරණයෙන් දෙදරා ගියේය.
ඒ අතරම ප්‍රේමය සහ ලිංගිකත්වය මැද අතරමන්වුන මැරිබත් නම් තරුණියගේ දුක්බර කතාවත් මෙම කතාව අතරතුරදී අපිට රසවිඳින්නට හැකියාව ලැබේ.මැරිබත් උසස් අධ්‍යාපනය ලබන තරුණියක් වූ අතර ක්‍රිස්තියානු දැඩි මතදාරී පවුලක දියණියක විය.පාසලේම ජනප්‍රිය පාපන්දු ක්‍රීඩා තරුවක් වූ පෝල් බ්රෞනි සැන්දෑ සාදයකදී මැරිබත් හා නර්තනයේ යෙදෙමින් විනෝද වේ.විනෝදකාමී චරිතයක් වූ පෝල් ගේ විරහා සිතට මැරිබත් අහම්බෙන් පැමිණි සහනලේපයක් විය.අවසානයේදී ගැබිණියක් බවට පත්වෙන ඇයව පියා විසින් කන්යාරමයක්ට පිටුවහල් කරයි.පොල් උපාධිය රැගෙන නැවතත් ඩෙබී හා විවාහපත් වේ.නමුදු කන්‍යාරාමයේ විසීමට අකමැතිවූ මැරිබත් එතනින් පිට වී ජුනි මස එක්දිනයකදී චිකාගෝ හි මිඩ් වෙස්ටන් නගරයට පිටත් වේ. ගමනන්තයේදී හමුවන අවන්හලක මැය රැකියාවකට බැඳේ.
මෙතැන් සිට කතාව රසවිඳීමට ඔබට ඉඩ හරිමින් නැවතත් විවරණය වෙත එළඹෙමි.විටේකර් පවුල වෙත හදිස්සියෙන් පැමිණෙන ආගන්තුකයා නිසා කඩා වැඩීමට ලංව තිබුණු මොවුන්ගේ පවුලට සොඳුරු වෙනසක් එකතු වේ.මෙම තරුණිය විසින් මොවුන්ගේ පවුල වෙත ලබා දෙන සොඳුරු ත්‍යාගය හේතුකොටගෙන බලාපොරොත්තු ගොන්නකින් නැවත පිරි ඉතිරි ගොස් සතුට පිරි ඉතිරි දොරේ ගලාගෙන යයි.
මෙම කතාව ප්‍රථම පුරුෂ දෘෂ්ටි කෝණයෙන් ගලාගෙන යන අතර පුරුෂාධිපත්‍ය හේතුවෙන් මැරිබත්ගේ සිහින බිඳ වැටෙන ආකාරය ,තම පවුලෙන් සිදුවන අසාධාරනකම් කතුවරිය විසින් ඉතාමත් අපුරුවට පාඨකයා වෙත ලං කර ඇත.ඩැනියෙල් ස්ටීල් ගේ රසවත් ලේඛන ශෛලිය මෙම කතාව පුරාම පාඨකයාගේ සිත් ඇඳ බැඳ ගන්නා අයුරින් ගලාගෙන යනු අපිට දැකිය හැකිය.මෙම රචනා ශෛලිය ඩැනියෙල්\ගේ අනික් කෘතීන් වල දක්නට ලැබෙන රචනා ශෛලියට වඩා වෙනස්ය.එය කුමන ආකාරයේ රචනා ශෛලියක්ද යන්න පාඨකයාට කුතුහලය නංවයි.
මෙහි දැක්වෙන තවත් සුවිශේෂී ලක්ෂණයක් වන්නේ කතාව මධ්‍යයේදී චරිත සහ අන්තර්ගත දර්ශන වෙනස්වීමයි.මෙහිදී එක් පරිච්චේදයක පළමු භාගයේදී ටොමීගේ සිතුවිලි වලට ප්‍රවණතාවය ලබා දෙන අතර ඊළඟ භාගයේදී මැරිබත්ගේ සිතුවිලි වලට ඉඩකඩ ලබා දීම එක් උදාහරණයකට ගත හැකිය.මෙහිදී අවසාන ප්‍රතිපලය කුතුහලය දනවන ව්‍යාකුල භාවයක් ගන්නා අතර අනුගමනය කිරීමට අපහසු දෙයක් වේ.මෙම කතාව මගින් මෙම පවුල් දෙක පිළිබඳව අනාවැකියක් පල කරන අතර කතාව පිළිබඳව අශ්චර්යමත් බවක් ගොඩ නංවන්නේ නැතේ. මෙම කතාව කියවගෙන යාමේදී පාඨකයාට ටෝමිගේ නිවසට යන මැරිබත් ට සහ දරුවාට සිදුවන දේ සාරාංශ ගත කර ගත හැකිය . මෙම කෘතිය මගින් ඩැනියෙල් ගේ කෘතීන් වෙත තවත් වර්ණයක් එක් කරන ලදී.මෙම කතාවේ පළමු භාගය ඉතාමත් වේගවත්ව ගලාගෙන යන අතර පසු කොටස තරමක අක්රියබවකින් යුතුව ගලාගෙන යන බවක් දක්නට ලැබෙන දුර්වලතාවයකි.
No comments:
Post a Comment
ඔබෙ දිය පොදත් එක් කරන්න.........