කන්දක් සේමා යනු සුමිත්‍රා රාහුබද්දයන්ගේ 2010 වසරේදී හොඳම රාජ්‍ය සම්මානයට පාත්‍ර වූ නව කතාවයි.මෙයට රාජ්‍ය සම්මාන සේම විද්‍යෝදය ,ගොඩගේ සහ පුස්තක සම්මානයද හිමිවිය.
මෙය 70 දශකයේ සමාජ ය උඩු යටිකුරු කල සංසිද්ධීන් ස්පර්ශ කරමින් එලි දක්නා ලද කෘතියකි.මෙහිදී එලි දක්වන සමාජීය ලක්ෂණයක් ලෙස එහි නිරූපිත ප්‍රේමය පෙන්වාදිය හැකිය.ප්‍රේමය මෙලොව සැමදෙනාටම පොදුවූ ධර්මතාවයකි.එය සමාජීය සත්වයාගේ උපතේ සිටම මෙලොව ආරම්භවූ දෙයකි.නමුදු ප්‍රේමය විදින තැනැත්තාගේ සිතේ ස්වභාවය , ප්‍රේමය දෙනු ලබන සහ ප්‍රේමය ලබන තැනැත්තා අනුව වෙනස් වන අතර සෑම යුවලකම පරමාදර්ශී චරිතයක් දක්නට ලැබේ.
කන්දක් සේමා නව කතාවේදී ප්‍රධාන චරිතයන් යුගලයක් දකින්නට ලැබෙන අතර .යථෝක්ත චරිතයක් හරහා ප්‍රේමය සහ යථාර්තය අතර දෝලනය වන ඉච්චභන්ගත්වය ,කතුවරිය විසින් ඉතාමත් අපුරුවට පාඨක මනස වෙත ගලාගෙන යාමට ඉඩ සලස්වයි.
නුපා යනු ලාංකීය පහල පන්තික ජන කොට්ටාශයක දිළිඳු පවුලක ඉපිද හැදී වැඩෙන 1990 දශකයට අයත් තරුණියක් වන අතර සියලු දුක් දෝමනස්සයන් ඉවසා දරා ගෙන, ජිවිතයට මුහුණ දෙන ධෛර්යමත් කාන්තාවකි.වියපත් ජපන් ජාතිකයකු වූ මසයා සං හා විවහා වී ජපානයේ නිගතා නුවර සන්ජෝ නගරයට වාසයට යයි. මෙම විවාහයට හේතු වන්නේ 15 වන වියේදී වසරක් 10ක් වැඩිමහල් තරුණයකු නිසා ඇය ගැබ් ගෙන ඇතිවෙන ගැටලුවයි.
නිගතාවේ වයසක පිරිමින් හා ජීවත්වීමට එහි කාන්තාවන් කැමති වුයේ නැත.මන්ද .... ෂිනනෝ ගංගාව පිටාර ගැලීම වැලක්වීමට එහි තිබු කන්ද කපා දැමීමට ගැහැණුන්ට සහ පිරිමින්ට සිදුවූ අතර ඉන් අත්මිදීමට එහි කාන්තාවන් ටෝකියෝ නගරයට සංක්‍රමණය වීමයි.
.මෙම කරුණු හේතු කොටගෙන ශ්‍රීලංකාව , පිලිපීනය වැනි රටවලින් කාන්තාවන් විවහා කරගෙන ජපානයට රැගෙන යාම මෙම විවහයට පාදක වූ කරුණකි. ආසියාතික කාන්තාවන් මුහුණ පාන දුක් කම්කටොලු, සමාජ සම්මතයන් අභිබවා යාමට තැත් කිරීමේදී කාන්තාවන් මුණ දෙන ගැටළු , අපවාද, පුරුෂ මුලික සමාජයේදී අත්විඳින්නට වන සංසිදුවීම් මෙම කෘතියට හේතු පාදක වූ තවත් කරුණකි.
විදේශයන්ගේ සේවයට යන ශ්‍රී ලාංකිකයන් දෙස මෙරට ජිවත් වන්නන්ගේ දෘෂ්ටිකෝණය ඉතාමත් අපුරුවට අන්තර්ගත කර ඇති අතර පිටරට සේවයට යාමේදී මුහුණ දෙන ගැටළු, නන්නාදුනනා රටකදී භාෂාව නොදත්කම , නුහුරු නුපුරුදු සමාජයක් , සංස්කෘතියක් ඔස්සේ මොවුන්අතරමං වන ආකාරය අපට මෙම කෘතිය ඔස්සේ අත්විඳින්නට ලැබෙන කටුක අත්දැකීමක් වේ.
විවහා වූ දෙදෙනාගේ දුරස්ථ බව මෙම වැකියෙන් සනාථ වේ.
පිටු අංක 56 ඇති
" මසයා සං වැඩට යනවා.එනවා කොහෙද වැඩට යන්නේ කියලා කියන්න ගැලපෙන ඉංග්‍රීසි වචන එයා දැනගෙන හිටියේ නැහැ.කොහෙද වැඩට යන්නේ කියලා අහන්න ජපන් වචන මම දැන ගෙන හිටියේ නැහැ " යන වැකි පෙලෙන් ඉතා ගැඹුරින් තිව්‍ර වේ.
අන්තර්වර්ගික විවාහයක් වන මෙහි නොගැලපෙන බව, කතුතුමිය විසින් පරිසරය උපයෝගී කර ගෙන සරල භාෂාවකින් සිතුවම් කරයි.
"පිටු 193 දී
දක්නට ලැබෙන "ගේ වටේ තියෙන සකුරා ගස් පේලියේ මල් පිපිලා.පිච් ගහෙත් මල් පිපිලා . මුළු සන්ජෝ නගරයේම මල් පිපිලා.කුරුල්ලොත් නොනවත්වා ගායනා කරනවා.සන්ජෝ නගරය චිත්‍රයක් නම් ,කුරුල්ලෝයි, ගහකොළ මල් වැල ඒ චිත්‍රයට දර්ශනීය ජීවයක් දෙනවා.මේ දර්ශනීය ජිවය හිත උමුතු කරනවා.ඔය අහසේ පාවෙවී ඉන්නේ නැතුව පොලවට බහින්න පෙම්බරා "
ප්‍රේමය සෙනෙහස ,ගබ්සාව , දේශපාලනික ක්‍රියාදාමය අතර දෝලනය වෙමින් තාරුණ්‍ය මුහුණ දෙන විවිධ සමාජ ගැටළු ගලාගෙන යන මෙම නව කතාව , දරිද්‍රතාවය කෙතෙක් දුරට ප්‍රශ්න වලට ට විසඳුම් ලබා දෙන්නේද?අනාගතය තීරණය කරන්නේද ? යන්න සිතා බැලීමට පාඨකයාට ආරාධනා කරයි.