Tuesday, September 17, 2019

කෝච්චියෙ ළමයි - චන්ද්‍ර අනගිරත්න මහතා - The Railway Children - E. Nesbit

" පොළව දෙදරවමින් ගොරහඬ දීගෙන කෝච්චිය වේගයෙන් ඇදී ගියේය.දරුවෝ තිදෙනා ඔවුනොවුන් මුහුණ බැලුහ.සමහර මගීහු අත වැනුහ.
 අපේ තාත්තට අපේ ආදරේ කියන්න...."

තාත්තා නැවතත් දරු සෙනෙහස සොයා ආපහු ආවේද ?

මෙම සිද්ධිය අපට දකින්නට ලැබෙන්නේ ඉංග්‍රීසි ජාතික ගත් කතුවරියක වූ එඩිත් නෙස්බිට්  (E .Nesbit ) විසින් 1906 දී රචනා කරන ලද The Railway Children නමැති නව කතාව ඇසුරිනි. ශ්‍රී ලංකික පරිවර්තන කලාවට මහඟු සේවයක් ඉටු කළ චන්ද්‍ර අනගිරත්න මහතා විසින් 1999 වසරේදී කෝච්චියේ ළමයි යනුවෙන් මේ කතාව පරිවර්තනයට ලක් කරන ලදී.මෙම කතාව තරුණ වික්‍රමාන්විත (Adventure ) කතා ඝනයට අයත් වේ.

තරුණ වියේදී එංගලන්තයේ කෙන්ට් ප්‍රාන්තයේ දුම්රිය ස්ථානයක් අසල නිවසක ජිවත් වූ ඇයගේ අත්දැකීම්  මෙම කෘතියට පාදක වූ අතර දුම්රිය දෙපාර්තමේන්තුවේ ස්ථානාධිපතිවරයකු වූ සිය පියා නිසා කෝච්චියේ ළමයකු ලෙස ගෙවූ සාමය චන්ද්‍ර  අනගිරත්න මහතාටද මෙම පොත පරිවර්තනය කිරීමෙහිලා මහඟු අත්දැකීමක් විය.

"ඔවුන්ගේ පියා උතුම් ගුණ ඇති සෘජු සාධාරණ පුද්ගලයෙකි."
මව වල්පල් දොඩමින් කාලය නාස්ති නොකලාය.නිවසේ රැඳී සිට දරුවන් සමග සෙල්ලම් කලාය.ඔවුන්ට පාඩම්කියා දුන්නාය.ඔවුන් පාසල් ගිය කල ඔවුන්ට කියවීම සඳහා කතන්දර කවි ලීවාය."

පොතේ පළමු පරිච්ජේදයෙන් කතුවරිය තම කතාවට අදාල පවුල ගැන කෙටියෙන් කරන ලද විස්තරය කතාව ගලාගෙන යාමටත් චරිත සහ අභියෝග වලට මුහුණ දෙන ආකාරයත් .කතාවේ අවසානය තීරණය කිරීමට මහඟු පිටිවහලක් සිදු කර ඇත. ලේඛන කලාවට ප්‍රිය කරන ඇය , එය ජිවන චර්යාවක් ලෙසද යොදා ගනී. 20 වන සියවසේ මුල් දශකයේ ලියන ලද මෙම යොවුන් නව කතාවේ චරිතවල සුවිශේෂී ගුණ අද ජිවත් වන සමාජයේ සාර්ථක පවුල් ජීවිතයකට කෙතරම් පිටුවහලක් වන්නේද?

රොබටා හෙවත් බොබී , පීටර්, ෆීළිස්  යන දරුවන්ගෙන් සමන්විත මෙම වාසනාවන්ත පවුල පිටර්ගේ දසවන උපන්දිනය දා පියාගෙන් ලැබුණු සෙල්ලම් කෝච්චියක් විය.එය බිත්තියේ වැඩි කැඩී බිඳී යාම , පියාගේ රැකියාව අහිමිවී ඔත්තුකරුවකු ලෙස සලකා සිරබාරයට ගැනීම ත් සමගින් පවුල මහා ව්‍යසනයකට පත්වීමේ පෙරනිමිත්තක් ලෙස කතුවරිය යොදාගෙන ඇත.

"පැමිණි දුක් පැණි රසයි යන කියමන සනාථ කරමින් එඩිතර ගැහැනියක් ලෙස අභියෝග වලට මුහුණ දෙන අම්මගේ භූමිකාව ඉතාමත් ආකර්ශනීය ලෙස කතුවරිය විසින් නිර්මාණය කර තිබේ. ලන්ඩන් නගරයේ සිට ගම්බද නිවසර පැමිණ අභියෝග වලින් පිරුණ  කාලයක් ගත කරමින් එම පරිසරයට අනුගත වී පාසල් අධ්‍යාපනය පවා අහිමි වී ළමුන් මුහුණදෙන අත්දැකීම් වලින් පාඨක සිත කෝච්චියේ ළමයි කතාවට ඇඳ බැඳ  තබා ගැනීමට ලේඛිකාව සමත්වී ඇත.

"දේව දුතයකු බිහි වන්නේ සුර ලොවක මිස අපයකින් නොවේ "දෙමවුපියන්ගේ යහපත් හැසිරීම් රටාව දරුවන්ට කොතෙක් දුරට බලපායිද?මෙම ධර්මතාවය පෙරට වඩා වත්මන් සංකීර්ණ සමාජයට ගැලපේ. අලුතින් පැමිණි ගැමි පරිසරයේද විවිධ ක්‍රියාකාරකම් වලට සහ පරිසරය රසවිඳිමින් සංචාරය කිරීමට , ගැමියන්ට උදව් උපකාර කිරීමට මෙම දරුවන් තිදෙනා පෙළඹේ.ඔවුන් තරමක් දඟකාර වුවද එම පරිසරය ආලෝකමත් කරන චරිතයන් බවට පත් වේ.

දිරිය මවගේ ආදරණිය බව සහ දරුවන්ගේ පරෝපකාරී ගතිගුණ හරහා ඔවුනට මාපිය සෙනෙහස , වැඩිහිටියන්ගේ සමාජයේ යුතුකම් ,ඔවුනට එදිනෙදා ජීවිතයේදී හමුවන විවිධ මිනිසුන් වුන්ගේ ජිවිත ප්‍රීතිමත් කිරීමට හේතු සාධක වේ.

කඳුකර පෙදෙසක ගැඹුරු නිම්න, බිංගෙවල් මැදින් දිව යන කෝච්චිය පරිසරයේ තුරුලතා පාඨකයා අමන්දානන්දනිය ලොවකට ගෙන යන්නේ මනසේ චිත්තරූප මවමිනි.එමෙන්ම වයසට වඩා දැනුමක් පරිසරය ඔස්සේ ලබා ගන්නා මෙම දරුවන්ගේ වීර ක්‍රියා සිත් ඇදගන්නා සුළුය.

ළමයින් සමග මිතුරුවන කෝච්චියේ මහත්මයා මානව දයාවෙන් යුතු සුවිශේෂී චරිතයක් ලෙස නවකතාවට ආලෝකයක් ගෙන එයි.

අතරමං වූ විදේශීය ලේඛකයකුට උදව් කිරීම, දුම්රිය උමගේදී අනතුරකට ලක්වූ ජිමිව සුවපත් කිරීම , ඟේ නවතා තිබු පාරුවක නිදා සිටි කුඩා බිලිඳකු ගින්නකින් බේරා ගැනීම වැනි බොහෝ යහපත් ක්‍රියාවන් මොවුන් අතින් මෙම ගම්මානයේ ගත කල සමයේදී සිදුවිය.

කෝච්චියේ ළමයි කෘතිය ළමා , යොවුන් , වැඩිහිටි යන සීයළුම පාඨක පිරිස් වෙත එකසේ කියවා රසවිඳිය හැකි නවකතාවකි.























No comments:

Post a Comment

ඔබෙ දිය පොදත් එක් කරන්න.........