Saturday, September 14, 2019

සන්සරසිඳු ගේ සැබෑ වූ හීනය "ගායා "

 මුහුණු පොතේ පොත් සමුහයන් තුළ ක්‍රියාකාරී සාමාජිකයකු ලෙස හඳුනා ගත් සන්සරිඳු සොයුරා තම උසස් පෙළ විභාගයෙන් පසු කැමිලස් පුවත්පතේ ක්‍රියාකාරී මාධ්‍යවේදියෙක් ලෙස කටයුතු කල අතර මොහුගේ ලේඛන ජීවිතය ආරම්භ වනුයේ මීට වසර ගණනාවකට පෙර එනම් 1998 වසරේදීය.

7 වසරේදී විජය සඟරාවේ 21 වැනි සියවසේ දරුවෝ  අතිරේකයෙහි  පළ වූ මැවුම්කරුවා විද්‍යා ප්‍රබන්ධ කෙටි කතාව මොහුගේ ලේඛන කලාවට තැබූ මුල පුරණයක් විය.ඉන්පසු  9 වසරේදී එනම් 1998 වසරේදී යුනෙස්කෝ අනුබද්ධ ව්‍යාපෘතියක් වූ කොළඹ ළමා පොත් සංගමය විසින් 14 වැනි වරට පැවැත්වූ වසන්ත ළමා සාහිත්‍ය කඳවුරෙහි සමස්ත ලංකා දෙවන ස්ථානය හිමි කර ගත් අතර ආඩම්බරකාර සිංහයා නමින් ළමා කෘතියක් සන්සරසිඳු සොයුරා විසින් රචනයට පාත්‍ර  කරන ලදී.

ඉන්පසු තම ලේඛන කලාව දියුණු කර ගනිමින් විද්‍යා ප්‍රබන්ධ රචනයෙහි යෙදෙන සඳුන්සොයුරා
මොහු බ්ලොග් ලොව සන්සරනිදු යන නාමයෙන් කෙටි කතා එකතුවක් රචනා කරන ලද අතර එම කෙටි කතා සියල්ලම 2004 වසරේදී විදුසර පත්තරේ පළවූ වුහ. එම කෙටි කතා සමුච්චය ගායා නමින් 2019 සැප්තැම්බර් 8 වැනි දින පාඨක සිත් සතන් අභියසට එළිදක්වන ලදී.

ගායා කියවීමට ගත් මොහොතේ පටන් මා ඈත අහසේ තරු මණ්දාකිණි අතර සැරි සරන්නට ගත්තේ මනසින් වුවත් එම අතරමන් වීම සැබෑ ජීවිතයේදී පැය කිහිපයක් පුරාවට මා දෑස තරු ලොවින් මුදවා නොගෙන ඉර හඳ තාරකා අතර සැරිසැරුවේ පොතින් දෑස ඉවත් කරගැනීමට සිතක් නොමැතිවය .

ගායා කෙටි කතා සංග්‍රහය දෘඩ  විද්‍යා ප්‍රබන්ධයට අයත් නොවන අතර ෆැන්ටසි විද්‍යා ප්‍රබන්ධ ශානරයට අයත් අයත් කෘතියකි.මෙය පාඨකයාට කිසිඳු ආයාසයකින් තොරව රසවිඳිය හැකි සැබෑ රසයකින් යුතු විද්‍යා ප්‍රබන්ධයකත් ෆැන්ටසියකත්  ලක්ෂණ ද්විත්වයම අන්තර්ගත වූ අපුරුම කතා පෙළකි.සඳුන් සොයුරා විසින් මෙහිදී භාවිත කරන ලද සරල භාෂා හැසිරවීම පාඨක සිත් ඇඳ බැඳ ගන්නා සුළුය.එම වචන ඔස්සේ රසවිඳින්නාගෙ සිතේ චිත්තරූප මවනා අතර සැහැල්ලු සුමග ගලායාමකි .

මෙම සෑම කතාවකම අන්තර්ගත වුන විද්‍යාත්මක කරුණු මනා පරිකල්පනික ශක්තියකින් එළිදක්වා තිබීම මෙම කතා සංග්‍රහයේ සුවිශේෂීම කරුණ ලෙස මට හැඟුණි. එමෙන්ම මෙම කතා ඔස්සේ සඳුන් සොයුරාගේ සිතෙහි ඇතුලාන්තය විහිදී ඇත්තේ පෙරදිග විද්‍යා ප්‍රබන්ධ කලාවටය, අධි මානසික ශක්තිය, බ්‍රහ්ම  ලොව සහ මිනිසුන්ගේ භාවනාමය ශක්තිය , වර්තමාන ලෝකයේ බොහෝ දෙනෙක් පර්යේෂණ වලට පවා ලක් කරන පුනර්භවය වැනි පෙරදිග විද්‍යාත්මක අදහස් බටහිර විද්‍යා ප්‍රබන්ධ අදහස් සමග අවියෝජනීය බැඳීමකින් යුතුව මෙහෙයවීම අපට දකින්නට රසවිඳින්නට ලැබෙන ලක්ෂණයකි.

සාහිත්‍යයේ ඇසු පිරු තැන් ස්පර්ෂ කරමින්  අපුරු රසවින්දනයකින් සපිරූ ලේඛකයෙකු ලෙස සඳුන් සොයුරාව අපට හැඳින්විය හැක.මෙම ලේඛකයා විසින්  ලියන ලද මෙම කතා එකතුව චිත්‍රපටියක් රසවිඳින්නාක් මෙන් රසවිදිය හැකිවීමද සුවිශේෂී ලක්ෂණයකි.මෙහිදී ප්ලේටෝ සින්ද්‍රමය  මා සිත් ගත් කතාව වන අතර විද්‍යාවත් ප්‍රේමයත් එකට එක් කල විරහව ප්‍රේමය වෛරය එක්තැන් වූ අපුරුම කතාවකි.

" තමා කාලෙක පණ මෙන් ආදරය කළ යුවතිය කෙරෙහි දැන් ඔහුගේ සිතෙහි නලියන්නේ තදබල වෛරයකි.ඒ ඇය විසින් ශේෂ කර යන්නට යෙදුනු විප්‍රයෝගයේ වේදනාවේ අවසන් ස්වරූපයයි.ඇය ඔහුට කළ දේ සම්බන්ධයෙන් ඔහු කිසිදිනෙක ඇයට සමාවක් නම් නොදෙනු ඇත. "

මෙම සෑම කතාවක්ම වෙනස් වුද රසවත් කතා සමුච්චයක් වන අතර චිත්ත වෛරයස කතාවෙන් ඉස්මතුවන යථාර්තය අද වන විට ලොව සිටින මිනිසුන්ට අත්විඳින්නට ලැබීම ද ඉතාමත් කණගාටුදායක සිදුවීමකි.ඇත්ත වශයෙන්ම සාමාන්‍ය කතාවක් ලියනවාට වඩා  විද්‍යා ප්‍රබන්ධයක් ගැන සිතන එක සේම ලියන එකද  ඉතාමත් අසීරු කාර්යභාරයක් වේ.මන්ද එය ප්‍රබන්ධයක් සේම ලොව භෞතික තත්වයේ සත්‍ය එලි කරන ගවේෂණය ක් ද විය යුතුයි.භෞතික විද්‍යාවට ඉඳුරාම පටහැනි දෙයක් ලියුවහොත් එය ප්‍රතික්ෂේප වන අතර එය අද්භූත සංසිදුවීම් වලින්ද සපිරුණු නිර්මාණයක් විය යුතුයි. නමුදු මෙම සියලු අභියෝග සඳුන් සොයුරා ජයගෙන ඇති බව පැවසීම ඔහුව මුදුන් අත්තක තැබීමක් නොව මාගේ අවන්කවම සිතට දැනුනු හැඟීම බව පැවසිය යුතුය.

තමන්ටම අනන්‍යවූ ලේඛන ශෛලියක් හිමි සඳුන් සොයුරා මෙහිදී එක් කරන ලද ප්‍රහාරය නමැති කතාවේ අභ්‍යවකාශයේ පාවූ  දුවිලි පටලයක් පිපිරී යාමෙන් සෞරග්‍රහ මණ්ඩලය නිර්මාණය වූ ආකාරය සහ වල්ගා තරුවක වල්ගා කොටසෙහි ඇති විෂ සහිත දූලි අංශු වැනි කරුණු ප්‍රයෝජනයට ගෙන කතාව විද්‍යාත්මක ලක්ෂණ වලින් වර්ණවත් කර ඇත.

ඈත එපිට තරුවකින් ආ පණිවිඩයෙන් කියවුනේ ඔවුන්ගේ ලොවට ඔබව සාදරයෙන් පිළිගන්නා බවයි.ඔවු ... දයාබර සොයුර ඈත එපිට තරුවලින් ග්‍රහලෝක වලින් ඔබට තව තවත් පණිවිඩ ඒවි. එම පණිවිඩ රසවත් ආකාරයෙන් විද්‍යා ප්‍රබන්ධ ලෙස පාඨක අපවෙත ගෙනහැර පෑමට තව තවත් ශක්තිය ලැබේවායි හදවතින්ම ප්‍රර්ථනා කරමි.




No comments:

Post a Comment

ඔබෙ දිය පොදත් එක් කරන්න.........