
අප්‍රිකානු කාන්තාරයේ හිංසාකාරී ජිවිතයෙන් ගැලවීම සඳහා හිරිමල් වියේදීම පලා යන විට වාරිස් ට උරුමවී තිබුනේ දිළිඳු කමේ සංකේතයක් වන ඇඟ දැවටුණු සාළු කඩමාල්ල සහ නුගත්කම පමණි.අද ඇය නිව්යෝර්ක් නුවර සුපිරි පෙලේ මෝස්තර නිරූපිකාවක් වන අතර අප්‍රිකානු රටවල කාන්තාවන් අත්විඳින ජනේන්ද්‍ර කොටස් සුන්නත් කිරීමේ ම්ලේජත්වයට මුහුණ දී ඊට එරෙහිව, එක්සත් ජාතීන්ගේ ජනගහණ අරමුදලේ තානාපතිවරියක ලෙස කටයුතු කරන්නීය..ලොව පුරා කාන්තාවන්ගේ අතිශය ගෞරවාදරයට පත්වූ මෙම කෘතිය සිංහලට පරිවර්තනය කිරීමේ ගෞරවය රන්ජිත් කුරුප්පු මහතාට හිමි වන අතර, මෙහි මුල් කෘතිය "Deseret Flower " නමින් 1999 වසරේ දී අන්තර්ජාතික අලෙවි වාර්තාවක් තබන ලදී.. 2002 වසරේදී "වාරිස් ඩයරි පදනම විසින් චිත්‍රපටයට නගන ලද ඇගේ කතාව 2010දී පීටර් හර්මන් විසින් නැවත ඉදිරිපත් කරයි.
පියා විසින් ඔටුවන් පස් දෙනෙකු ලබා ගැනීමට ඒ සඳහා හැටපස් හැවිරිදි මහලු පුද්ගලයකුට ඇය විවහා කරදීමට පොරොන්දු වෙයි.මේ නිසා විෂගොර සර්පයින් සිංහයින් ගහන කාන්තාරය මැදින් පුංචි වාරිස් සිය පුංචි අම්මා ජිවත් වන මොගඩිෂු කරා පලා යන්නීය.ඉන්පසු ලන්ඩන් නගරයටත්, නිව්යෝර්ක් නගරයටත් අනේකවිධ බාධක ,පිරිමින්ගේ අතවර, ඇඳිවත පමණක්ව පැමිණෙන ආකාරය ලොමු දැහැගන්වන සුළුය.ස්ත්‍රිත්වයේ ගරුත්වය රැකගෙන ජිවත් වන ඇය මුදල් සඳහා කුමන හෝ පහත් ක්‍රියාවක් කිරීමට පෙළඹෙන , ඉන් පාතාලයට ඇදවැටෙන කාන්තාවන්ට කදිම පාඩමක් කියා දෙයි.
නවාතැන් ගත් නෑදා නිවෙස්වලදී වහල් සේවයේ යෙදෙමින් ඉතා අසීරුවෙන් අධ්‍යාපනය ලබන ඇය ලේඛිකාවක් ලෙස තම දේශයේ කුරිරු ස්ත්‍රී වදහිංසාව ලෝකය හමුවේ තබනුයේ අපේ කාලයේ වීරවරියක් ලෙසිනි.
"මගේ සිරුර දුටු මිතුරියගේ මුහුණේ ඇතිවූ බියකරු පෙනුම මට කිසි දිනෙක අමතක නොවේ.ඇයගේ දෙනෙතින් උතුරා ගිය කඳුළු දෙකොපුල් මත රුරා හැලෙනු මම දුටුවෙමි.
... මේක මොනතරම් කෘර වැඩක්ද ? වාරිස් ..මට විශ්වාස කරන්නත් බෑ.හිත්පිත් ඇති කෙනෙක් මෙහෙම දෙයක් ඔයාට කරයි කියලා. චර්මජේදනයෙන් පසු ඇතිවන දැඩි ශාරීරික අපහසුතා නිසා ඇය පසුකලෙකදී ශල්‍යකර්මයකින් වේදනාව සමනය කර ගනී.
එවිට වෛද්‍ය මැක්රේ පවසන්නේ ඔහු මෙවැනි ශල්‍යකර්ම රාශියක් සුඩාන් , සෝමාලියා ,ඊජිප්තු වැනි රටවලින් පැමිණි කාන්තාවන්ට කර ඇති අතර සමහරුන් දරු ප්‍රසුතියට පවා ලංව සිටි ය බවයි.දරු ප්‍රසුතියේදී දරුවන් හුස්ම හිරවී මිය යාම පවා මේ නිසා සිදුවිය හැකිය.
සෑම සමාජ ක්‍රමයක්ම ඊට ආවේණික වූ සංස්කෘතියකින් යුක්ත වන අතර මේ බොහෝ සංස්කෘතීන් පුරුෂාධිපත්‍යට යටත්වූ පුරුෂාධිපති පාලනයකට අනුබද්ධිත සමාජ වේ.එයට කැමැත්තෙන් හෝ අකමැත්තෙන් ස්ත්‍රියට එකඟ වීමට සිදු වේ.
පුරුෂයින් පවා අභිබවා යමින් පැමිණෙන අභියෝගයන්ට අප්‍රතිහත ධෛර්යකින් යුතුව මුහුණ දෙමින් ඉදිරියට ගමන් කරන ඇය කාන්තාවන්ගේ ජීවිතය නවමු මාවතකට පෙරලීමට උත්සහ කරයි .නිවසකට සීමාවී සැමියාගේ සහ දරුවන්ගේ නියමයන්ට යටත්විය යුතුයි යන සම්මතය බිඳ හෙලමින් සංස්කෘතික රාමුවෙන් එලියට පැමිණීම කාන්තාවන් ලැබූ ජයග්‍රහණයක් ලෙස අපට දැකිය හැකිය.එමෙන්ම තම සිතැඟි ලොවට බියෙන් සඟවා ගෙන නොයිඳ ඒවා හෙලිකිරීම මෙහි ඇති සුවිශේෂීත්වයයි.
"චර්මජේදනය නොකළ ස්ත්‍රියකට විවහා වීමට කිසිසේත්ම ඉඩක් නොමැති බව දැනසිටි පියා මා වින්ද වේදනාව තඹ දොයිතුවකටවත් නොසලකා සිටියේ එබැවිනි.එමෙන්ම ස්ත්‍රිය වනාහි කාමයෙන් රත්ව සිටින සතකු නොවන බවද අප දනිමු.ඔවුන්ගේ ආදරය අප ලබා ගත යුතුව ඇත්තේ විශ්වාසය සහ කරුණාවෙන් මිස ම්ලේච්ජ සම්ප්‍රධායන් මගින් නම් නොවේ."
සර්වබලධාරී දෙවියන් වහන්සේ අංග සම්පුර්ණ ගැහැනියක් ලෙස මා මෙලොවට කැඳවා ගෙන ඇතැයි මම හඟිමි.එතෙකුදු අධම මිනිසුන් මගේ ශක්තිය විනාශ කර දමා මා බෙලහිනයකු කර ඇත,ඔවුන් මගේ ස්ත්‍රී භාවය සොරාගෙන ඇත.
කිසිම ගැහැනියකට මෙම වේදනාව විඳින්නට සිදු නොවන දිනක් උදාවේවායි මම යාඥා කරමි.
ඒ වාරිස්ගේ පරම පැතුමයි.
දයාබර වාරිස් ඩයරි ... ඔබේ පැතුම අපගේද පැතුමයි.
.
සටහනට ස්තූතියි...
ReplyDelete:)
Deleteමට හිතුනේ "වාරි ගේ දින පොත" කියලයි. ගොඩක් ස්තූතියි නිවැරදි කළාට.
ReplyDeleteඅනික් පැත්තට බැලුවොත්, මැද පෙරදිග හා අප්‍රිකානු කළාපයේ කාන්තා හිංසනය සහ මානව හිමිකම් ගැන ලොකු මාකට් එකක් බටහිර ලෝකයේ තියෙනවා. ඒක ලෝක දේශපාලනයේදී ආයුධයක් ලෙස භාවිත වෙනවා. ඒත් බටහිරත් අසමානාත්මතාව සහ හිංසනය අඩුවක් නෑ.
ස්තුතියි ද්රකි අයියේ මේ පැත්තට ආවාට.කාන්තා හිංසනය,ළමා අපචාර දේශපාලනික ආයුධයක් කර ගන්න එක මෝස්තරයක් වෙලා දැන්. එකයි ඇත්ත.
Delete