ප්‍රශ්න ගැටුම් මැද්දේ වුනත් පොඩ්ඩිලා සතුටින් ජිවත් වෙන්න දරන වෑයම මේ කතාව ඇතුලේ ගොඩක් වෙලාවට දකින්න ලැබෙන දෙයක්. ඒ වෑයම ලොකු අයියගේ කල් ක්‍රියාවන් එක්ක වියකුනත් සමහර අවස්ථා වලදී ඔවුන් ලොකු අයියට වෛර කලේ නැහැ කිසිම අවස්ථාවකදී. කියවන හැම වචනේකම ගැමි බවේ සංවේදීකම මේ කතාව අස්සේ හැංගිලා තියෙන එකත් හීන මායිමේ තියෙන සුවිශේෂී බවක්,ඒ සංවේදීකම ඇතුලේ හැමතැනකදිම ගැඹුරු කතාවක් ගැඹුරු ධර්මතාවයක් කතාවට ඇතුලත් කරන්න අමිල සහෝදරයා අමතක කරලා නැහැ.
කොතරම් තද හිතක් තිබුනත් මිනිසුන් සමහර අවස්තා වලදි කොතරම් සංවේදි වෙනවාද යන්න ඇක්මන් අයියාගේ චරිතය ඔස්සෙ අපිට දැක ගැනීමට හැකිය. මන්ද සාමන්‍ය මිනිසෙකුට සිදු කල නොහැකි දේහයක් වැළලීමට, කෙනෙකුගේ හිතක් කෙතරම් ගල් හිතක් විය යුතුද යන්න පාඨකයාට වැටහෙන කාරණයකි.
මෙම ගැමියාගේ හිතේ වූ සංවේදී කම ඉස්මතු වෙන අවස්තාවක් නම්
" ඔව් මම මිනී වැළලුවා.වළලපු මිනී අයේත් ගොඩ දැම්මා.
ඒක මම කැමැත්තෙන් කරපු රස්සාවක් නෙමෙයි.ඒත් අපිට ජීවිතේ දැනෙන්න ගත්තහම ,ජීවත් වෙන්න ඕනෙ කියලා දැනෙන්න ගත්තහම අපි කැමති හුගක් දේවල් අතාරින්න වෙනවා.කැමති දේවල් වෙනුවට ජීවත් වෙන්න අකමැති දේවල් කරන්න සිද්ධ වෙනවා ". යන ජේදයෙනි
තරුණ වැඩිහිටි හැම පාඨකයෙකුටම කියවීමට රුචිකත්වයක් හිතට ඇති වෙන විදියට සරල තේරුම්ගත හැකි භාෂාවකින් මෙම කෘතිය රචනා කර තිබීමත් විශේෂත්වයක්.සරල වාක්‍ය රටාවක් සහ ලේඛණ ශෛලියක් මෙම කතාව පුරාම අපිට දකින්නට පුළුවන්.
කතාව පුරාම දකින්න ලැබෙන තවත් විශේෂත්වයක් නම් මිනිස් සිතේ ඇතිවන හැගීම් සොබා දහමත් සමගින් එකතු කරමින් සිදුවීම් දිග හැරුමයි.
"හැමදාමත් එළිය දෙන හඬ අද අඳුරට වෙලා තනිවෙලා, අඳුරු වලාකුළු අතර සැඟවීලා ගිහිල්ලා .තරු එළියක් පෙනෙන තෙක් මානයක වත් නැහැ.ළාවට පොළව සිප ගන්න පොඩි වැස්සටත් කුරුල්ලෝ බයවෙලා.හිරිකඩ අඩවන් වුණ ජනෙල් පියන් අතරින් ඇතුලට එනවා. විදුලි කොටනකොට ඒ එළිය හඳ එළියටත් වඩා හිතට දැනෙනවා.එත් ඒකත් ඒනවා. යනවා.ජිවිත වලට එන සතුටත් දුකත් මේ විදුලි කොටනකොට එන ඒ එළිය වගේ. එනවා.යනවා.අකුනකට නම් මේ ඔක්කොම පුච්චලා, අළු කරලා දාන්නත් පුළුවන්. "
මේ අකුණු එළිය මැද්දෙන් පොඩ්ඩි ලගේ ජීවිතවල ඇතුලාන්තය හරිම අපුරුවට මතුකරලා තියෙන බව පොත කියවන පාඨකයාට හොදින්ම අත්විදින්න පුළුවන් දෙයක්.
ජීවිතයේදී විවිධ හැලහැප්පීම් බාධක වලට මුහුණ දෙන මිනිසුන් ඒ පිලිබඳ නොසිතා තමන්ගේ ඉලක්ක වෙත ගමන් කරන ආකාරය චමරිගේ දුප්පත්කම සමගින් එන බාධක නොසලකා හරිමින් ඉගෙනුමෙන් ඉහලට ගොස් ජිවිතේ ගොඩනගා ගන්නා අයුරු ඉතාමත් අපුරුවට මෙහි ගොඩනංවා තිබෙන ආකාරය සිත්ගන්නා සුළුය.
දෙමාපියන් දරුවන්ගේ ජිවිත ඇතුලට සියුම්ව ඇතුල් වෙලා ඔවුන් ගැන විමසිල්ලෙන් සිටිය යුතු බවත් ඔවුන්ට ආදරය සෙනෙහස දැක්විය යුතු බවත් සුදුවාගේ චරිතය ඔස්සේ අපිට හිතන්නට යමක් ඉතුරු කල යථාර්තයක්. පවුලේ අයත් ,සමාජයත් ඔහු පිළිබඳව අවබෝධ කරගෙන සිටි ආකාරයට වඩා වෙනස් ඇතුලන්තයක් ඔහු තුල තිබුන බව හෙළිදරව් වන විට ඔහු මෙලොවින් සමුගෙන අවසන්.එය ඔහුගේ වරදක්ද?සමාජයේ වරදක්ද යන්න තෝරා ගැනීම පාඨකයාට අයත් කාර්යයකි.
ඒ බව හොදින්ම
" උඹලා පන්සල ඇතුලට යනකම් ඉදලා ටිකක් වෙලා ගියාට පස්සේ උඹලා රේවත හාමුදුරුවන්ගෙන් අකුරු ඉගෙන ගන්න හැටි හොරෙන් බලන් හිටියා.උඹලා පන්සලෙන් එලියට එන්න කලින් මන් ආයෙත් ගියා.එත් එක දවසක් මම එහෙම බලන් ඉන්නවා සියදෝරිස් උන්දෑ දැක්කා.එදා ඉදන් මම කවදාවත් එහෙම හැංගිලා බලන් ඉන්නවත් පන්සල පැත්තේ ආවේ නෑ.මම උඹලට කවදාවත් ඉරිසියා කලේ නෑ.උබලා එක්ක තරහක් ඇති උනේ නැහැ.එත් මට මන් ගැනම තරහක් ඇති උනා." මම ඉබාගාතේ ගියා ,කිසිම අරමුණක් නැතිව,කිසිම හීනයක් නැතිව ජිවත් වුන මිනිහෙක් වුනා.එහෙම මිනිහෙක්ගේ ජීවිතෙත් ඉබාගාතේ යනවා.මිනිහෙක්ට ජිවත් වෙන්න අරමුණක් ඕනි
යන්නෙන් හොදින් විද්‍යමාන වන කරුණකි.
මෙයින් හැමදෙනාටම හිතන්න බොහෝ දේ ඇති අතර ජීවිතය ගොඩනඟා ගැනීමට අරමුණක් ඇතුව තම ඉදිරි මාර්ගය පිළිබඳව නිසි අවබෝධයකින් යුතුව තම ගමන ආරම්භ කිරීමට අධිටන් කරගත යුතු බවට හොඳ නිදර්ශනයකි.
විවිධ පැතිකඩ ගණනකට සිත යොමු කරවන මෙම කෘතිය සැමදෙනාටම කියවීමට සුදුසු ජිවිතයේ යථාර්තය මතුකොට දක්වන ගුණාත්මක කෘතියක් බව මට දැනෙන කරුණයි.
නිර්මාණකරණයේ මුල් අත්පොත මෙලෙසින් තැබූ ඔබට වඩ වඩාත් ගුණාත්මක නිර්මාණ රැසක් බිහිකිරීමට ශක්තිය ලැබේවායි හදවතින්ම සුබ පතනවා!
ඔබේ කවියක් සවන කවි මිනි ආරෙන් ප්‍රචාරය වුණා. කරුණාකර ඔබට හැකිනම් අහස් ගව්වෙන් එහා ලෝකය මුහුණු පොත හා එකතු වෙන්න.
ReplyDeleteස්තුතියි අයියේ පණිවිඩයට .මම එම සමුහයට එකතු වන්නම්
Deleteස්තුති මල්ලි
ReplyDeleteThis comment has been removed by a blog administrator.
ReplyDelete