Friday, July 9, 2021

මට යන්න දෙන්න - ලක්ෂ්මි බෝම්බුවල මහත්මිය -Let Me Go - Helga Schneider


 "මට යන්න දෙන්න " යනු දෙවන ලෝක සංග්‍රාම අවධිය පිලිබඳ තවත් මතක සටහනකි.හෙලන්  ස්ටේන්බ්ර්ග් වල වියානාවේ උපත ලද දැරියක් වන අතර 1914 දී හෙල්ගා ශ්නයිඩර්ගේ මව පියාවත් , ඇයවත් බාල සොහොයුරාවත් අතහැර යයි.දෙවන ලෝක යුද්දයෙන් වසර 60 කට පසුව වියානාහි පිහිටි වැඩිහිටි නිවාසෙක සිටින ඇයගේ මවගේත් හෙල්ගා ගේත් අවසන් හමුවිම පිලිබඳ කතා පුවතින් මට යන්න දෙන්න කෘතිය ඇරඹේ.

ඇයගේ මව අවුෂ්ටිෂස් ඇතුළු නාසි  වද කඳවුරු වල නාසි එස් එස්  ආරක්ෂක භටයෙක් වශයෙන් සිටියදී ගත කල ජීවිතය, සිදු කල කුරිරු ක්‍රියාවන්, යුදෙව්වන්ට දුන් වදහිංසා ආදිය පිළිබඳව කිසිදු පසුතැවීමක් නැතුව හෙල්ගා ඉදිරියේ පාපොච්චාරණය කරන්නේ එවන් අතීතයක් තමන්ට හිමි නොවූ ගානටය.හෙල්ගා මෙම සංවාදය සිහිපත් කරන්නේ මව යන හැගීමත් මව විසින් සිදු කරන ලද බියකරු ක්‍රියාවන් පිළිබඳව සිතේ ඇති වන ත්‍රාසය මුසු හැගීමත් අතර අසරණ වෙමිනි. 

ඇය වසර 6ක සිර දඬුවමකට යටත් ව සිටි අතර යුද්දෙව්වන් ඝාතනය සේම ගණිකා නිවාස වලට තරුණ සිරකාරියන් තෝරා යැවීම, දරුණු අත්හදා බැලීම් වලට සිරකරුවන් සේම කුඩා දරුවන්ද යොදා ගැනීම වැනි කුරිරු ක්‍රියාවන්  වලට දඩුවම් ලැබිය.

වසර 30ක කාලයක් තම මව වෙනුවෙන් බලා සිටි හෙල්ගා තම කුඩා පුතු වූ වියානා සමග මව බැලීමට ගිය විටදී ඇය ඇගේ එස් එස් නිළ ඇඳුම ආඩම්බරයෙන් පෙන්වයි.එමෙන්ම අවුෂ්ටිෂස් සහ බර්කෙනෝහි සිදුකල සමුහ ඝාතනයන්ට සහය වූ ආකාරය පිළිබඳව විස්තර කරයි. මෙම සෑම තැනකදීම හෙල්ගාගේ සීත පිඩාවට පත්වන අතර මේ කතාව ඔස්සේ පාඨක මනසට හෙල්ගා සහ මව වූ ට්‍රොඩි ගේ චිත්ත අභ්‍යන්තරයේ ඇතිවන ඝට්ටනය පිලිබඳ මනා හෙළි දරව්වක් සිදු කරනු ලබයි. රවුන්ඩ්ස්බ්‍ර්ක් හිදී ඇය වෛද්‍යවරයකුගේ සහයිකාව විදියට කටයුතු කර ඇත ඇත.එහිදී සිරකරුවන්ට මාංශ පේශි සහ අස්ථි  බද්ධ කිරීම සිදු කා ඇත.පසුව ඇය බර්කොනිහි හි වැඩ කිරීම සඳහා මානුෂියකරණය පිලිබඳ පුහුණුවක්ද ලබාගෙන ඇත.

හෙල්ගා විසින් නව සොයා ගොස් සොයා ගන්නා කරුණු ඔස්සේ ඇගේ ළමා විය,යොවුන් විය, තරුණ විය පිලිබඳ ගවේෂණාත්මක හෙළිදරව්වක් ඉදිරිපත් කරන්නේ ඇයගේ මනසේ ඇතිවන චිත්ත වේගය මනාව ඉස්මතු කරමිනි.නාසි පාලන සමයේදී ජර්මනියේ පැවති තත්වය පිලිබඳ පුළුල් අවබෝධයක් ලබා ගැනීමට මෙම කෘතිය ඔස්සේ අවස්තාව පාඨකයාට ලැබේ,මේ හා සබැඳි වැඩි විස්තර මෙම පොත් ආශ්‍රයෙන් නිමවුණු ජුලියට් ස්ටීවන්සන් රඟපෑ චිත්‍රපටය නැරඹීමෙන් දැන ගත හැකිය.

මට යන්න දෙන්න කෘතිය වසර ගණනක නාසි පාලනයෙන් පසුවත් තමා සිදු කල කුරිරු ක්‍රියාකාරකම් පිළිබඳව පසුතැවිලි නොවන යුදෙව්වන්ගේ වෛරයට සහ ක්‍රෝධයට පාත්‍ර වූ මවක් පිලිබඳ දියනිය විසින් සිතුවම් කරන ලද චිත්‍රයයි.මෙය හැඟීම් අභිප්‍රේරණය ,බැඳීම් ,සබඳතා,හර්ද ශක්තිය,පාපොච්චාරණය සහ ස්වයං අවදානය පිලිබඳ විසල් පාපොච්චාරණයකි.



Wednesday, July 7, 2021

හිරු මිය යයි කල්පිත විද්‍යා ප්‍රබන්ධය - අජන්ත ධර්මසිරි මහතා

 


ආචාර්ය අජන්ත ධර්මසිරි මහතා ඇමරිකා එක්සත් ජනපදයේ ,ඔක්ලහෝමා සරසවියා අනුබද්ධිත ප්‍රයිස් ව්‍යාපාරික පිඨයේ ජාත්‍යන්තර මානව සම්පත් කළමනාකරණය පිලිබඳ බාහිර කථිකාචාර්යවරයකු ලෙස කටයුතු කරයි.එලෙසම ආසියාව සහ මැද පෙරදිග රටවල් දහතුනකට අධික සංඛ්‍යාවක පුහුණු හා උපදේශන ව්‍යාපෘති පවත්වා ඇති අතර පර්යේෂකයකු සහ විවිධ අධ්‍යන විශේෂඥයකු ලෙස පර්යේෂණ සිදු කරමින් සිටි.විද්‍යා ප්‍රබන්ධ කෙටි කතා සංග්‍රහයන් දෙකක් රචනා කර ඇති ඔහු  තරු නැති අහස තුළින් විද්‍යාවේ දියුණුවත් සමගින් වියකෙන මිනිසත් බව යන යථාර්තවාදී සත්‍ය ඉස්මතු කර ඇත.ජිවිතයක් යනු හුදෙක් රසායනික ක්‍රියාවලියක් පමණක් බව සිතන සිත්පිත් නැති මිනිසුන් කොටසක් වර්තමානය වන විට මෙලොව බිහිවෙමින් සිටිති.ජිවිතයේ සැබෑ අරුත පසක් කර ගැනීමට තරම් අවබෝධයක් ඔවුන්ට නැත.සියලුම පාඨකයින්ට තෙරුන් ගත හැකි පරිද්දෙන් සරල බස් වහරක් යොදාගෙන විද්‍යාත්මක  කල්පිතයන් ඉතාමත් සරලව මෙම කතා පෙළට එක් කර තිබීම අගනේය.ගැබුරු රචනා ශෛලියක් සහ අර්ථ නිරුපනයන් යොදා නොගෙන නොනවත්වා රසවිඳිය හැකි කෙටි කතා සංග්‍රහයක් ලෙස හිරු මිය යයි කල්පිත විද්‍යා ප්‍රබන්ධය නම් කල හැක.

හිරු මිය යයි - -All Summer in a Day - Ray Bradberry -රේ බ්‍රැඩ්බරි

1954 දී රේ  බ්‍රැඩ්බරි විසින් ෆැන්ටසි සහ විද්‍යා ප්‍රබන්ධ සඟරාවට රචනා කරන ලද මෙම කතාවෙහි තේමාව වනුයේ  පරිණාමයේ ප්‍රතිපලයක් ලෙස ග්‍රහලෝක අතර ගමන් කිරීමට ඉඩ ලැබෙන අනාගත පරම්පරාවක සන්ධර්බගත කතාවයි.

සිකුරු ග්‍රහයා මත ඇද හැලෙන වැසි සහිත කාලගුණයට පමණක්ම මුහුණ දෙන දරුවන් අනපේක්ෂිතව අසන ලද හිරුගේ ආගමනය පිලිබඳ ඇසීමෙන් දරුවන් නොසන්සුන්ව කැළඹීමකට පත්වේ.මන්ද පෘතුවියට වඩා වෙනස්ම වූ රළු වාසයට නුසුදුසු පාරිසරික වාතාවරණයක ජිවත් වන මොවුන්ට පෘතුවිය යනු මැජික් එකක් වැන්නකි.මන්ද සිකුරු ග්‍රහයාට හිරු උදාවෙන්නේ වසර 7 කට වරකි.විද්‍යාඥයින්ට අනුව ඒ අද දිනයි.එයද පැයක් වැනි සුළු වෙලවකටය.පංති කාමරයෙන් පිටත ලෝකය නිතර උදම් රළ වලින් ගහණ වර්ධනය වෙමින් කඩා වැටෙන වනාන්තරයකි.මොවුන්ගේ ළදරු සමය පෘතුවියේ ගතවුණ අතර ඊට පෙර පරම්පරාව පෘතුවියේ සිට සිකුරු ලොව විජිතයට එවන ලදී.

නමුදු මිහිරානි වයස අවුරුදු 9ක් වුවත් හිරුගේ පහස ස්වභාවික පරිසරයේ උණුසුම විඳි දැරියකි.නමුදු ඇයට අනික් දරුවන්ට එම මිහිර මතක නැත්තේ ඇයිද යන්න විසල් පැනයකි.අනික් දරුවන් හිරු එළිය දකින්නට නොයිවසිල්ලෙන් සිටිද්දී ඇය ඇයගේම මනෝ ලෝකයක එල්බ හිඳී.ඒ නිසාම අනික් දරුවන් ඇයව කොන් කිරීමක් දක්නට ලැබේ.එමෙන්ම ඇය පිලිබඳ ඉරිසියාවකින් සිටිති.එයට හොඳම නිදසුන ඇය ලැබූ අත්දැකීම් ඇසුරින් හිරු පිළිබඳව නිසදැසක් සැදු විට එය බොරුවක් යයි චෝදනා කිරීමය.මන්ද එම අත්දැකීම් ඔවුන් කිසිදිනෙක ලබා නොමැති හෙයිනි.

අවසානයේදී ඔවුන් සුර්යාගේ උණුසුම් සුව විඳීමේ භාග්‍යවන්තයෝ වෙති.එම චිත්තවෙගයත් සමගින් මිහිරානිගේ මානසිකත්වය පිලිබඳ මොවුන්ට අවබෝධයක් ලැබෙන අතර ඔවුන් කල ක්‍රියාවන් පිලිබඳ වරදකාරී සිතුවිල්ලකින් ඔවුන්ගේ සිත් පෙලනු ලබයි.

ඉස්සර ඉස්කෝලේ - The Fun They Had- Issacs Asimov

The Fun They Had අයිසැක් අයිමොව් විසින් ඔහුගේ කුඩා කලදී ලද විනෝදජනක අත්දැකීම් ඇසුරෙන් අනාගත ජීවිතය පිලිබඳ ලියන ලද අපුරු කෙටි කතාවකි.අයිසැක් අයිමොව් හඳුන්වන්නේ විද්‍යා ප්‍රබන්ධ සාහිත්‍යයේ ශ්‍රේෂ්ඨ ශාත්රුවරයකු ලෙසින්ය.

මේ 2155 වසරයි.ප්‍රධාන චරිතය වන මාජි වයස අවුරුදු 11ක දැරියකි ඇයගේ හොඳම මිතුරා ටෝම්ය. මොවුන්ගේ අධ්‍යයන කටයුතු පිලිබඳ සොයාබැලීමට සිටින්නේ රොබෝ ගුරුවරයෙකුය. නමුදුරු මාජි ඔහු හා සහයෝගයෙන් කටයුතු කිරීමට අදිමදි කරන අතර දිනෙන් දින අධ්‍යයන කටයුතු බිඳ වැටේ.ඒකාකාරී දිවියක් ගත කරන මොවුන්ගේ දින චරියාව එක්වරම වෙනස් වන්නේ ටොම්ගේ නිවසෙ අට්ටලයේ  තිබී හමුවන පැරණි පොතක් නිසාය.එය ඩිජිටල් තිරයක් නොවේ.කඩදාසි සහ සැබෑ පිටු සහිත මුද්‍රණය කරන ලද පොතකි.මෙම පොතේ සඳහන් වී තිබුනේ අතීතයේ පාසල් පිළිබඳවයි.ඒවායේ ඉගැන්වූ සැබෑ ගුරුවරුන් පිළිබඳව සහ ඔවුන්ගේ ක්‍රියාකාරකම් පිළිබඳවයි.

1951 දී මෙම කතාව රචනා කර ඇති අතර පුද්ගලික පරිඝනක නිර්මාණය පෙර අවධිය බව අප සැලකිල්ලට ගත යුතු කරුණකි.අයිසැක් විසින් ඉදිරි අනාගතය පිළිබඳව පුරෝකථනය කර ඇති ආකරය ඉතාමත් විශ්මය ජනකය.2155 වන විට අප ජිවතුන් අතර නොසිටියත් එදින ජිවත් වන දරුවන් මෙලෙස රොබෝ ආරක්ෂකයින් හෝ ගුරුවරුන් සමගින් තම එදිනෙදා කාර්යයන් සිදු කරනු ඇත. අයිසැක් අපට අනාගතය සහ තාක්ෂනය පිලිබඳව රතු එළියක් දැල්වූවා වීමටද හැකි බව සිතේ.මන්ද  අප අධික ලෙස තාක්ෂණයට යොමු වුවහොත් ඒ ඔස්සේ අපගේ සෞඛ්‍ය පිලිබඳ ගැටළු මතුවීමට හේතු විය හැකිය,එලෙසින්ම තාක්ෂනය නිසාවෙන්ම අධ්‍යයන කටයුතු වලදී වැඩි වැඩියෙන් සෙවුම් ජාල ඔස්සේ ගවේෂණය කරමින් අපේ දැනුම මුවහත් කර ගැනීමට හැකියාව ලැබීමයි.නමුදු පංති කාමරයක් තුලදී දරුවන් සහ ගුරුවරයා අතර මෙන්ම දරුවන්  සහ දරුවන් අතරද අන්තර් සම්බන්ධතාවය වැඩි දියුණු වේ.එකිනෙකා අතර සහයෝගී බව,එකමුතුබව ,ක්‍රියාකාරී බව වැඩි දියුණු වේ. නමුදු තාක්ෂනය හේතුවෙන් මෙම සංකල්ප සියල්ලම බිඳ වැටි රොබෝ කෙනෙක් වැනි දරුවකු බිහිවීමේ ප්‍රවණතාවය වැඩිය. 

මරණයේ හෝරාව - Zero Hour - Ray Bradberry 

1950 දී x miners one ගුවන් විදුලියේ පටිගත කරන ලද මෙම කෙටි කතාව විශිෂ්ඨ ඝනයේ විද්‍යා ප්‍රබන්ධයකි.රට පුරාම දරුවන් අක්‍රමණය නමින් නව ක්‍රීඩාවක් ආරම්භ කර ඇති අතර ඉන් සිදුවීමට යන් අ අනතුරක් පිළිබඳව සෑම වැඩිහිටියෙකුගේම සිතෙහි බියක් ඇතිවේ.මෙහිදී වැඩිහිටියන්ට එරෙහිව දරුවනුත් දරුවන්ට එරෙහිව වැඩිහිටියනුත් අතර ඝට්ටනයක් ඇති වන්නේ පිටසක්වල අක්‍රමණය යන්න යථාර්තයක් නොවන බව පැහැදිලි කිරීමට ගොසින්ය.

Robot's Dream - Issacs Asimov

රොබෝ සිහිනය යනු අයිසැක් අයිමොව් විසින් 1986 දී රචිත විද්‍යා ප්‍රබන්ධ කතා21 ක එකතුවකි.මේ ඔස්සේ තාක්ෂණයේ අනාගතය පමණක් නොව මානව වර්ගයාගේ අනාගතය,පරිණාමය ,පරිනතභාවය මෙන්ම අනාගතයේ වර්ධනය පිළිබඳවද ගවේෂණය කරයි.මෙය රොබෝ මනෝ විද්‍යා සුසාන් කැල්වින්ගේ කතාවයි.

සුසාන්  කැල්වින් මොහුගේ විද්‍යා ප්‍රබන්ධ වල කෙටි කතා වල නිතර දක්නට ලැබෙන්නාව ප්‍රධාන චරිතයකි.ඇය විසින් සිහින දකින රෝබෝවරයකු සොයා ගන්නා අතර මෙය යන්ත්‍ර වහල් ශ්‍රමය සඳහා යොදාගැනීමේ අනිටු ප්‍රතිපලයකි.මෙම පර්යේෂණාත්මක රොබෝ මිනිසකු මෙන් සිහින දැකීමේ හැකියාවන් වර්ධනය කරයි.අනික් සියලුම රොබෝවරුන් වහල් භාවයෙන් මුදවන ලෙස ඉල්ලීම් කරන රොබෝවකු දුටූ බව කිවූ විට සුසාන් තැති ගනී.

අයිසැක් විසින් සැබෑ ලෝකයේ ජිවන මාතෘකා සහ මහා පැවැත්මේ ඝට්ටනයන් පිළිබඳව ඔහු රචනා කරන ලද සෑම ප්‍රබන්ධයක්ම ඒකාබද්ධ කරන අකාරය විශ්මයජනකය.ඔහුගේ තේමාව වනුයේ මිනිසත්බව සුරැකිය හැක්කේ යමෙක් මනුෂ්‍යයෙක් නම් පමණක් බවයි.මන්ද මෙම කැරැල්ල රොබෝවරුන් විසින් මිනිසුන්ට එරෙහිව කරන්නාවූ කැරැල්ලක් නිසාත් එහි නායකත්වය ගන්නා රොබෝ එල්වෙක්ස් වීමයි.

The Nine Billion Names of God p-Arthur C. Clarke දෙවියන්ගේ නම් ලැයිස්තුව 

1953 දී රචිත මෙහි තේමාව වනුයේ දෙවියන්ගේ නම් බිලියනයක් ලිවීමට අවශ්‍ය තාක්ෂණික සහය ඇමරිකාවේ විද්‍යාඥයින් පිරිසකගෙන් ඉල්ලා සිටින ටිබෙටයේ ලාමාවරුන් පිරිසක් පිලිබඳවය.මොවුන් මෙයට සාමාන්‍ය හෝඩිය භාවිත නොකරන අතර ඔවුන්ගේ ශුද්ධ ග්‍රන්ථ වල ලියා ඇති නව අක්ෂර හෝඩියයි.ශතවර්ෂ තුනකට අධික කාලයක් තිස්සේ යතුරු ලියනය කරමින් පැමිණ ඇති මෙය විශේෂ  පරිඝනකයක් වන Mark Vමිලට ගනී. 

 ඔවුන් පවසන්නේ මෙය විශ්වයේ කාර්යයක් බවත්.ඔවුන් නම් බිලියනය අන්තර්ගත කල පසු දෙවියන් ඔහුගේ අවසන් විනිශ්චය  දෙන බවයි.

පේරු රාජ්‍යයේ මනාලි ඇල්ල


පේරු රාජ්ය යනු අරුම පුදුම ස්වභාවික වස්තුන්ගෙන් සපිරි රාජ්‍යයකි.සුන්දරත්වයෙන් පිරි දියඇලි රැසකට උරුමකම් කියන අතර එම සොබාදමේ බව ආකර්ශනීය සුන්දරත්වය නරඹන්නන්ට ලඟා කර දේ.
එම  රාජ්‍යයේ පිහිටි  මනාලි ඇල්ල මනාලියක හැඩයකින් ගලා හැලෙන දුර්ලභ ගණයේ දිය ඇල්ලකි.මෙය කැසකඩා ලා නොවියා යන නමින්ද හඳුන්වනැ අතර මෙය කජමර්කා හෙවත් පේරු නගරයේ පිහිටා තිබේ.

කජමර්කා නගරයේ සිට පේරු නගරයට පිවිසීමට මිනිත්තු 30 ක කාලයක් ගත වෙන අතර දිය ඇල්ල වෙත යෑමට පැය 2ක කාලයක් ගත වේ.පුරාණ පුරාවෘත වලට අනුව තම පෙම්වතා අහිමිවූ මනමාලියකගෙන් මෙම දිය ඇල්ල නිර්මාණය වූ බවයි.එම පුරාවෘතය නම් 

තම පවුල් වල එදිරිවාදිකම් පිළිබඳව නොතකා පෙම් කල පෙම්වතුන් දෙදෙනෙකු විවහා වීමට තීරණය කල අතර ඔවුන් දෙදෙනාගේ විවහා මංගල්‍යය දිනයේදී මනමාලියගේ පියා පැමිණ මනමාලයාට රයිෆලයකින් වෙඩි තබා මරා දමා ඇත.මෙම ක්‍රියාවෙන් කලකිරීමට සහ ශෝකයට පත්වූ මනමාලිය තම සුන්දරවූ මගුල් ඇඳුමෙන් කඳු මුදුනට ගොස් හඬා වැලපෙමින් සිටියදී අපු සහ පච මාමා විසින් ඇයව දිය ඇල්ලක් බවට පත් කල අතර එහි සුන්දරත්වය සදාකාලිකව අගය කිරීමට ලෝ වැසියන්ට අවස්තාවක් දුන් බවයි.

Tuesday, July 6, 2021

මරණයෙන් පසු සංක්‍රමණය වන දෙවියන්ගේ අඩවිය හවායි දූපත්


ඇමරිකා එක්සත් ජනපදයට අයත්  හවායි දුපත් දාමයේ පිහිටි විශාලතම දුපත හවායි වන අතර උතුරු ෆැසිෆික් සාගරයේ ගිනිකඳු දූපත් සමුහයටද අයත් වේ.එක්සත් ජනපදයට ගිනිකොණ දෙසින් පිහිටා ඇති මෙම දුපත් දාමය වර්ග කිලෝමීටර් 10430ක ප්‍රමාණයකින් යුක්ත වේ.එමෙන්ම නවසීලන්තයේ ප්‍රධාන දුපත් දෙකට පිටුපසින් පිහිටි පොලිසිනියාවේ විශාලතම තුන්වෙනි දුපතයි.

හවායි දුපතට නම ලැබුන සැටි ගැන විවිධ මතයන්  අසන්නට ලැබේ, මේවා අතුරින් සත්‍ය යයි සිතිය හැකි  මතය වන්නේ  ජේම්ස් කුක් හා සබැඳි කතාවයි.

පොලිනිසියානු නම් නාවිකයා විසින් පලමුව සොයාගත් හවායි දුපත මුලින් හැඳින්වුයේ හවායිසිලොවා යන නමිනි .තවත් සමහරකුට අනුව පුරාවෘතයක් ඔස්සේ හවායිකි රාජධානියට අයත්වූ නිසා හවායි යන නම ලද බව කියවේ. මෙම නමෙහි අර්ථය වන්නේ මරණින් පසු ඔවුන් සංක්‍රමණය වන දේවතාවන්ගේ අඩවිය ,පෙදෙස යන්නයි.

හවායි දුපත්වලට පැමිණි  පළමු යුරෝපිය ගවේෂණ කපිතාන්වරයා වූයේ ජේම්ස් කුක් ය.පසුවඔහුගේ  අනුග්‍රාහකයා වූ සැන්ඩ්විච් කුක්ට උපහාරයක් පිණිස හුවාවී භාශාවෙන්  "ඕ වයි හි"  යන තේරුම එන සැන්ඩ්විච් දුපත්  ලෙස හඳුන්වනු ලැබිය .

එමෙන්ම  හවායි දුපත යනු පයිසියා කමහමෙහා උපන් රාජ්‍යයි..එම නිසා එම දුපත මහා කමහෙමා  ලෙසද හඳුන්වා ඇත.ඔහු විසින් 1795 දී මෙම දුපත් සමුහයම එක්සේසත් කළේය.

හාවයි දුපත ගිනි කඳු 5ක එකතුවකින් ගොඩනැගී ඇති අතර  
ඒවා නම් 
Kohola
Mauna Kia
Hualālai
Mauna Loa
Kilauea වේ.

භූවිද්‍යාත්මක සාක්ෂි වලට අනුව මෞනාලුආ වලට දකුණු පසින් සහ වම් පසින් නිනොලේ සහ කුලානි නමින් ගිනි කඳු දෙකක් පිහිටා ඇත. භුවිද්‍යඥයින්ට අනුව මෙයද මෞනාලුආ වලම කොටසක් ලෙස සැලකේ.මෞනාලුනා සහ කලාවිය හවායි දුපතේ ක්‍රියාකාරිව වර්ධනය වෙන ගිනි කඳු දෙකකි.

1983 ජනවාරි සිට 2002 සැප්තැම්බර් කාලය අතරතුර වර්ග හෙක්ටයාර් 200ක් පුරාවට වරින් වර ගිනි කඳු පුපුරා යමින් ලාවා ගලා ගියේය.1960දි  කපහොවා  සහ 1990 දී කලපනා සහ කයිමා ඇතුළු නගර කිහිපයක්ම කෛලවෙන් ගලා ආ ලාවා හේතුවෙන් විනාශයට පත්වුණි. 


මෙම ගලා ආ ලාවා හේතුවෙන්කලපාන ප්‍රදේශයේ 1987 දී Queens Bath නමින්මිරිදිය තටාකයක් ලාවා වලින් නිමයනු ලැබිය..තවත් භුවිද්‍යඥයින්ට අනුව මෙහුකෝනා සහ ලිලි යන සබ්මැරින් ගිනි කඳු ඇතුළුව මෙම  දුපත් සමුහය ගිනි කඳු 7 කින් නිර්මාණය වී ඇති බව කියවේ.

කෞ දුපතේ දක්නට ලැබෙන මහා ඉරිතැලිම දිවයිනේ මීටර් 13,000ක් පුරාවට විහිදී ඇත.මෙය කබොල විස්ථාරනය වීමෙන් ඇති වූ ප්‍රතිපලයකි.

හවායි දුපතේ ප්‍රධාන නගරය "හිලෝ (Hilo) වන අතර මෙය මුහුදු බොක්කක් මගින් වටවී ඇත. මෙම නගරය මෞනාලාඕ නමැති සක්‍රිය තත්වයේ පවතින ගිනි කන්දත් මෞනා කියා නමැති උදාසීන ගිනි කන්දත් මත පිහිටා ඇත.ලාවා විදාරණය නිසා තවමත් අනතුරුදායක තත්වයක පවතින අතර , ජනාවාස බොහොමයක් ගිනිකඳු හෙල්වල පිහිටා ඇත.


රටේ ප්‍රධාන විශ්ව විද්‍යාලය වූ හවායි ,හිලෝ ජාත්‍යන්තර ගුවන් තොටුපල සහ කෞතුකාගාරය මෙහි පිහිටි වැදගත් ස්ථාන වේ.ක්‍රිස්තුවර්ෂ 1100 දී මෙම ප්‍රදේශය ප්‍රථමයෙන් ජනාවාස වූ බව කියවුණත් ,ඊට පෙරද ජනාවාස පවතී බව පුරාවෘත වල සඳහන් වේ.මෙහි උතුර දකුණ වශයෙන් දිස්ත්‍රික්ක දෙකකි.

19වන  සියවසේ උක් වගාව ව්‍යප්තවූ අතර, වගා කටයුතු සඳහාත් උක් කර්මාන්ත ශාලාවල සේවය සඳහාත් චීනය ඇතුළු ආසියාතික රටවලින් කම්කරුවෝ මෙහි පැමිණියහ.

 විසල් සුන්දරත්වයකින් හෙබි හවායි දුපත සතුව ඇති කොළ,කළු සහ සුදු වර්ණයන්ගෙන් හෙබි වැලි තලා සහිත වෙරළ තීරය ලොව පුරා සිටින සංචාරකයින්ගේ ආකර්ෂණය දින ගැනීමට සමත්ව ඇත.මේ අතර   මෞන්හා සහ  පුනලු වෙරල තිරයන් විශේෂ ස්ථානයක් ගනී.

 පුනලු හිදී කැස්බෑවන් දක්නට ලැබීමත් අපුරු අත්දැකීමකි.එමෙන්ම 
 පවතින නිවර්තන දේශගුණය නිසාවෙන් විවිධ මත්ස්‍ය වර්ග සහ ජීවින් රැසකට හිමිකම් කීම තවත් විශේෂත්වයකි.

ලෝකයේ දේශගුණික කලාප 13න් 8ක් පුරා විහිදෙන හවායි දුපතේ දී ඔබට අත්විඳින්නට ලැබෙන ක්‍රියාකාරකම් විවිධ වේ.ඔබට මෙම ගල්පර අසල කිමිදුම් ක්‍රීඩා වල යෙදිය හැකි අතරම,කඳු නැගීම , කඳු මුදුනේදී හිම ක්‍රීඩා කිරීමටත්, රාත්‍රී කාලයේදී අහසේ තරු බැලීමටද හැකියාව ලැබෙන අතර මෞනකියා කඳුමුදුනේදී සුන්දර හිරු බැසයමක් ද නරඹන්නට හැකියාව  ලැබේ.

නිවාර්තන වැසි වනාන්තර සහිත දේශගුණයකට හිමිකම් කියන සෙල්සියස් අංශක 21 - 25 දක්වා පැතිරුණු සාමාන්‍ය උෂ්ණත්වයකින් හා අඟල් 30 -200 අතර පැතිරුණු වර්ෂාපතනයක් මෙහි දක්නට ඇත.කඳුකර [ප්‍රදේශ වලට වැඩි වර්ෂාපතනයක් ලැබෙන අතර සමහර කාල වලදී සුළිසුලන් වර්ෂාව බල පවත්වයි.

දේශීය අහාර 

හවායි දුපත් වලට අවේනික වූ විවිධ අහාර වර්ග ඇති අතර Maladas නම් සිනි සහිත බැදපු පිටි ගුලියකින් නිම කරන ලද ආහාරය ඉතාමත් රසවත්ය.
 කෛලුආ දුපත කෝනා කෝපි වල 
 නිජබිම වන අතර එම කෝපි සහ රසකැවිලි සංචාරකයින් අතර ඉතාමත් ජනප්‍රිය වේ.
 කෝනා කොපි ලෝකයේ රසවත්ම බිමක් ලෙස 
 ශ්‍රේණිගත වීම සුවිශේෂිය.මෙම දුපතේ කෝපි ගොවිබිම් 650කට වඩා දක්නට ලැබේ.එම සංචාරය ඇතුලතදී කොපි ඇටයක් කඩා ගැනීමේ සිට කුඩු කර කෝපි සාදාගන්නා ක්‍රියාදාමය තෙක්ම අත්දැකීම ඔබට අත්විඳිය හැකියාව ලැබේ.
පෙබරවාරු මාර්තු මාස වලදී කෝනා කෝපි මල් පිපි එම ගොවි බිම් පෙනෙන්නේ  හිමෙන් වැසුණු බිමක් පරිද්දෙන්ය.එම නිසාම මෙම දේශය කෝනා හිම යනුවෙන්ද ප්‍රසිද්ධය. වාර්ෂිකව පවත්වන හිලෝ ඕකිඩ් මල් ප්‍රදර්ශනයද ,හිලෝ නගරයේ ඇති අකාෂ වස්තු නිරීක්ෂනාගාරය සංචාරකයින් ඇද ගන්නා තවත් සුවිශේෂී කරුණුය.












බොහිමියන් වනය


බොහෝමියානු මැසිෆ්හි නිරිත දිග උස බිම් වනාන්තර තීරය ජර්මානු චෙක් ජන රාජ්‍යයේ මායිම වන අතර වයඹ දෙසින් ඕර් ගංගාවේ ඉහල නිම්නයේ සිට දැනියුබ්  ගඟේ කොටසක් දක්වා විහිදේ.කේතුධර හා පතනශීලි වනාන්තර පරාසයෙන් තුනෙන් එකකට වඩා ආවරණය වන අතර විවිධ ඛනිජ සහ පාෂාණ වර්ගවලට හිමිකම් කියන පරිසරයක් මෙහි දක්නට ලැබේ.රෙජන් සහ ඉහල්ස් යන ගංගාද බොහිමියානු වනාන්තරය හරහා ගලාගෙන යයි. භූගෝලීය වශයෙන් ගත් කල ,දකුණු බොහොමියාවේ සිට උතුරින් සැක්සානි සහ ලුසැටියාව ඊසාන දෙසින් සිලිසියාව, නැගෙනහිරින් මොරවියාව   ඔස්ට්‍රියාව සහ ජර්මනියේ බැවෙරියාව දක්වා විහිදෙන අතර කිලෝමීටර් 50ක් පළල මැසිෆ්හි බොහිමියාවේ උසම කඳු මුදුන වේ. ජර්මානු භාෂාවෙන් බුමර්වෝල්ඩ් ලෙස හඳුන්වන මෙම කඳු පන්තිය මධ්‍ය යුරෝපයේ පහත් කඳු පන්තියකි.

ක්‍රිස්තු පුර්ව 400- 8 දක්වා කාලය තුල මෙම රාජධානිය ව්‍යාප්ත වූ අතර බෝයි ජනයා යුරෝපය පුරා ව්‍යාප්ත විය.බෝයි යනු පැරණි කෙල්ටික් ගෝත්‍ර තුනක රෝම නාමය වන අතර ට්‍රාන්ස්පයින් ගෝල්(ප්‍රංශය ) ,සිසල්පයින් ගෝල් (උතුරු ඉතාලිය ) ,සහ බොහිමියාව, මොරවියාව, සහ බටහිර ස්ලෝවැකියාව යන රටවල මෙම මිනිසුන් වාසය කරති.මධ්‍යතන යුගයේදී වෙළඳ මාර්ග මෙම වනාන්තර හරහා වැටි තිබුන අතර කුඩා ගොවිපලවල් ,ආරාම,කෘෂිකර්මාන්ත සහ වීදුරු නිෂ්පාදන කර්මාන්ත ආදිය ව්‍යාප්තව පැවතුනි.තැනින් තැන දක්නට ලැබෙන කුඩා බලකොටු,මාලිගා සහ නගර වල නටඹුන් මෙහි තිබෙන්නට ඇතයි සැලකෙන පුළුල් වාණිජ ක්‍රියාකාරකම් වලට නිදර්ශන සපයන අතර රාජකීයයන් සහ වංශිකයින් අතර ඇතිවූ ඝට්ටනයන් වසර 37කට පසු අවසන් විය.


ජර්මානු පෙදෙසේ නිරිත දෙසින් බැවෙරියානු වනාන්තරයේ සමාන්තර සහ පහල පරාසයන් පිහිටා ඇත.බොහිමියානු වනාන්තරයේ විශේෂත්වයක් වන්නේ එය වීදුරු කර්මාන්තය සහ දැව ඇඹරීමේ කර්මාන්තය සඳහා උසුලන ප්‍රසිද්ධත්වයයි.මෙම වනාන්තර ප්‍රදේශය 1963 දෙසැම්බර් 27 වන දින ආරක්‍ෂිත පෙදෙසක් බවට පත් කල අතර 1990දි ජෛවගෝල රක්ෂිතයක් බවට පත් කරන ලදී.මෙම භුමි ප්‍රදේශය ඇතුලත ස්වභාවික රක්ෂිත 88ක් ද මල් සහ ආම්ලික වනාන්තර, කඳුකර ස්ප්‍රුස් වනාන්තර ප්‍රදේශයෙන් 88%ක් ආවරණය වේ.මුහුදු මට්ටමේ සිට උන්නතාංශය අඩි 3200 කි.

කළු මුහුදේ සහ උතුරු මුහුදේ දිය ඇලි අතර බෙදීම් පරාසය , බොහිමියානු වනය වන අතර සෞන්දර්යය වටිනාකමින් අනුන වේ.වසර මිලියන 300 කට වඩා පැරණි අතීතයක් ඇතයි විශ්වාස කරන බොහිමියානු වනාන්තරයේ ඇති කඳුකරය ඇල්ප්ස් සහ හිමාලය කඳු  මුදුන් වලට වඩා පැරණි බව විශ්වාසයයි.මෙය බැවෙරියානු, සුමාවා යන නමින්ද හඳුන්වනු ලැබේ.මෙම ප්‍රදේශයේ අධික වර්ෂාපතනයක් දක්නට ලැබෙන අතර එමගින් පිට්බෝග් සහ ලිප්නෝ වේලි පිරි ඉතිරි යයි.ඒ ඔස්සේ උමාවා ප්‍රදේශය මධ්‍යම යුරෝපයේ ජල පෝෂක ප්‍රදේශයක් බව වැටහේ.ඉල්වා ඇල මාර්ගය ඔස්සේ දැව ප්‍රවාහනය සඳහා ශ්වසේන්බ්ර්ග් නැව් ඇළ මාර්ගය යොදා ගැනේ.එය වල්ටාවා සහ දැනියුබ් යන දියඇලි භාවිත කරමින් නිර්මාණය කර ඇත.


ජෝසේෆ් රෝසේනොවර්  විසින්  1879 අප්‍රේල් 29 සෙස්කේ ක්‍රොම්වෙල් දිස්ත්‍රික්කයේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කරන ලද අතර 1791 අප්‍රේල් 12වෙනිදා පළමු මුහුදු ගමන ආරම්භ විය. 19 වන ශත වර්ෂයේදී ඇළ මාර්ගය කිලෝමීටර් 52 ක් දුර ට විහිදුන අතර කිලෝමීටර් 37ක් චෙක් රාජ්‍ය හරහා පැතිරුණු අතර ගංගා 27කින් ප්ලිනේ විලෙන් සහ රෝසේනෝවර්,ජෙලානේ සහ අජිටා ජලාශ වලින් ජලය ලබා දෙන ලදී. 

කෙල්ටික් ජනාවාසයක පුජනිය  නටඹුන් යයි කිව හැකි මාලිගාවක කොටසක් උමා ප්‍රදේශය තුල දක්නට ලැබෙන අතර අඩි 3215ක උන්නතන්ශයකින් පිහිටා ඇත,අභිරහස් වලින් පිරි ස්ථානයක් වන මෙහි බිත්ති අතරින් විවිධ දේ වරින් වර හමුවීම මෙම බලකොටුවෙහි ඇති සුවිශේෂිත්වයයි.ප්‍රදේශවාසීන් අතර පවතින පුරාවෘත්තයකට අනුව මෙහි කලකට බිත්ති අතරින් අඳුරෙ බිත්ති අතරින් එලියට එන අඩි 10ක පමණ දිගැති අස්ථියක් ඇති බව කියවේ.එමෙන්ම මෙම අස්ථි සැමවිටම දිදුලන බවද කියවේ. තවත් පුරාවෘත්තයකට අනුව මෙම අස්ථිය අසල ගඟක පාලමක් ලෙසද භාවිතා කල බව කියවේ.එමෙන්ම කෙල්ට් යනුවෙන් යෝධයින් සමුහයක්ද මෙම පෙදෙසේ සිටි බව කියවේ.

මෙහිදී ප්‍රධාන වෘක්ෂලතා කලාප තුනක් දක්නට ලැබෙන අතර බිච් වනාන්තර ,ආම්ලික මෝන්ටෙන්බීච් වනාන්තර,උච්චතම ස්ප්‍රුස් වනාන්තර වේ. කඳු නගින්නන්ට සුදුසුම ගමනාන්තයක් වන බොහිමියානු වනාන්තරය සුන්දර නිවාඩු නිකෙතනයක්ද වේ.කිලෝමීටර් 500කට වඩා දිව යන සිත්ගන්නා සුළු ස්වභාවික මංපෙත් ගිම්හාන මණ්ඩප ,සංචාරක නවාතැන්, මෙහි දක්නට ලැබේ.

යුරෝපයේ හරිත වහල යන අන්වරත නාමයෙන් හඳුන්වන බොහිමියානු පෙදෙස සීත සමයේදී අස්ච්ර්යමත් සුන්දරත්වයකින් යුතු ප්‍රදේශයක් වේ.හිම ක්‍රීඩා කිරීමට ප්‍රිය කරන අයට ඉතාමත් සුදුසු දේශගුණයක් සහ පරිසරයක් මෙහි නිර්මාණය වේ.සුන්දර ග්ලැසියර් විල් ,හිම පතිත ගැඹුරු වනාන්තර,සුන්දර නිම්න ,මෙම ප්‍රදේශයට සොඳුරු බවක් එක් කරයි. එමෙන්ම මෙම උද්‍යානයෙ චිත්‍රපට නිෂ්පාදකයින් සඳහාද වෙනම කොටසක් සුන්දර දර්ශන සහ පසුබිම් තල සහිතව නිර්මාණය කර තිබීමද විශේෂත්වයකි.

















Saturday, July 3, 2021

අරාබියේ අමෘතය හෙවත් කෝපි පානයේ උත්පත්ති කතාව


 සිතත් ගතත් පණ ගන්වන කෝපි කෝප්පයේ රස අපට අමුත්තක් නොවුනත් එහි මුල් කතාව බොහෝ දෙනෙක් නොදන්නා බව අපිට නොරහසකි.කොප්පෙයා අරාබිකා යන  උද්හිද නාමයෙන් හඳුන්වන මෙහි ශරීරය ප්‍රාණවත් කරන කැෆෙන් නම් රසායනිකය අඩංගු වේ.ඝර්මකලාපික රටවල වැවෙන කෝපි  වල උපත ඇබිනිසියාව නමින් අතීතයේ පතල වූ වර්තමානයේ ඉතියෝපියාව නම් ලද පෙදෙසේ සිටි කෆා නම් පුජකයෙකු විසින් සොයාගත් බව කියවේ.

ඇබිනිසියාවේ කෆා නම් කඳුකර පෙදෙසේ ආරාමයක සිටි මේ පුජකතුමාට තම සිසු පුජකවරුන් තරමක අලස බවකින් යුතුව අධ්‍යන කටයුතු වල යෙදෙන බවක් දක්නට ලැබුණහ.පාඩම් කරන අතරතුර ගස් යටට වී නිදන අතර දේවස්ථානයේ එළු රංචුව පේන්නට නොසිටියහ,උන් ඒ අසල වූ පඳුරු වල ගෙඩි කොළ කමින් ක්‍රියාශීලිව සිතිනි මෙම පුජකතුමාට දක්නට ලැබුණි.ඒ දුටු පුජකතුමා එම ගෙඩි කඩාගෙන විත් උණු වතුරට දමා තම්බා සිසු පිරිසට බොන්නට දුන්නේය,ඉන්පසු කෙමෙන් අලස ගතිය අඩුව ගොස් ක්‍රියාශීලි බව ඇතිවූ බව දුටු පසු ක්‍රමවත්ව කෝපි පානය සිදු කරන ලදී.කෆා ප්‍රදේශය නිජබිම බැවින් කොෆි යන නාමය මෙයට ලබා දුන්  බව කියවේ.කෆායා යන්න තර්කි වචනයක් බවත් සිංහලෙන් කෝපි ලෙසත් කියවේ..

ප්‍රධාන වශයෙන් කෝපි වල ප්‍රබේධ 2ක් වේ.එනම් Arabica සහ Robusta ලෙසිනි.මෙය බිම වර්ගයක්ම නොවන අතර අප්‍රිකානුවන් සත්ව මේදය එකතු කොට මෙය ආහාරයක් ලෙසද අරන් ඇති අතර ඉතිහාසඥයින්ට අනුව මෙය ලොව ප්‍රථම ශක්තිජනක ආහාරය වන්නට ඇතැයි කියාද පැවසේ.

1652 ලොව පළමු කෝපි අවන්හල එංගලන්තයේදී ආරම්භ වූ අතර අරාබියේද සාර්ථකව පැතිර ගියහ.මේ සමගම ජැමෙයිකාව , වෙනිසියුලාව,දකුණු ඇමරිකාව ,ඉක්වදෝරය,අයිවරි කෝස්ට් ,  ශ්‍රීලංකාව ඇතුළු බොහෝ රටවල කෙමෙන් කෙමෙන් කෝපි වගාව පැතිර ගියහ.

ශ්‍රී ලංකවෙ මුල්ම කෝපි වත්ත ආරම්භ කරන ලද්දේ ක්‍රි වා : `1823 ගම්පොල සිංහ පිටියේ දී සර් එඩ්වර්ඩ් බාන්ස් ආණ්ඩුකාර වරයා විසිනි.එකලදී මෙහි ප්‍රධාන ආර්ථික බෝගය වුයේ කෝපිය.ලොව වැඩිම කෝපි ප්‍රමාණයක්  නිපදවන රට වන්නේ බ්‍රසීලයයි.දෙවෙනි රට කොලොම්බියාවයි.ඊට අමතරව අප්‍රිකාව, ආසියාව ,සහ ඇමරිකානු රටවල් කීපයක් මුල් තැන ගනී.ලොපි ලෝකය පුර ප්‍රචලිතව ඇත්තේ අරාබියේ අමුර්ථය ලෙසය.වැඩිපුරම කෝපි බොන්නේ ස්කෑවේඩිනේයානු ජනයාය.

නමුදු ජෝන් හොප්කින්සන් විද්‍යා විද්‍යාලයේ වෛද්‍ය විශේසඥයින්ට අනුව වැඩිපුර කෝපි බොන්නන්ට හර්ද රෝග සෑදීමේ ප්‍රවණතාවයක් ඇත.කෝපි කෝප්ප 5ක් දවසට බොනවා නම් එම පුද්ගලයාට හදවත් රෝග සෑදීමේ ප්‍රවනතාවය වැඩිය.කෝපිවල අඩංගු කැෆෙන් නම් එන්සයිමය ලේ තුල අන්තර්ගත සේරටෝනින් නම් රසායනිකයේ සාන්ද්‍රතාවය ඉහල නංවයි.එය මොලයේ වාහිනී චලන වේගය උත්සන්න කරයි.කෝපි බිව් විට දැනෙන ප්‍රාණවත් බවට හේතුව එයයි.ඒ සමගම හදවතේ සන්කෙචනය වැඩිවන අතර රුධිර පීඩනය වැඩි කරයි.