Tuesday, July 6, 2021

මරණයෙන් පසු සංක්‍රමණය වන දෙවියන්ගේ අඩවිය හවායි දූපත්


ඇමරිකා එක්සත් ජනපදයට අයත්  හවායි දුපත් දාමයේ පිහිටි විශාලතම දුපත හවායි වන අතර උතුරු ෆැසිෆික් සාගරයේ ගිනිකඳු දූපත් සමුහයටද අයත් වේ.එක්සත් ජනපදයට ගිනිකොණ දෙසින් පිහිටා ඇති මෙම දුපත් දාමය වර්ග කිලෝමීටර් 10430ක ප්‍රමාණයකින් යුක්ත වේ.එමෙන්ම නවසීලන්තයේ ප්‍රධාන දුපත් දෙකට පිටුපසින් පිහිටි පොලිසිනියාවේ විශාලතම තුන්වෙනි දුපතයි.

හවායි දුපතට නම ලැබුන සැටි ගැන විවිධ මතයන්  අසන්නට ලැබේ, මේවා අතුරින් සත්‍ය යයි සිතිය හැකි  මතය වන්නේ  ජේම්ස් කුක් හා සබැඳි කතාවයි.

පොලිනිසියානු නම් නාවිකයා විසින් පලමුව සොයාගත් හවායි දුපත මුලින් හැඳින්වුයේ හවායිසිලොවා යන නමිනි .තවත් සමහරකුට අනුව පුරාවෘතයක් ඔස්සේ හවායිකි රාජධානියට අයත්වූ නිසා හවායි යන නම ලද බව කියවේ. මෙම නමෙහි අර්ථය වන්නේ මරණින් පසු ඔවුන් සංක්‍රමණය වන දේවතාවන්ගේ අඩවිය ,පෙදෙස යන්නයි.

හවායි දුපත්වලට පැමිණි  පළමු යුරෝපිය ගවේෂණ කපිතාන්වරයා වූයේ ජේම්ස් කුක් ය.පසුවඔහුගේ  අනුග්‍රාහකයා වූ සැන්ඩ්විච් කුක්ට උපහාරයක් පිණිස හුවාවී භාශාවෙන්  "ඕ වයි හි"  යන තේරුම එන සැන්ඩ්විච් දුපත්  ලෙස හඳුන්වනු ලැබිය .

එමෙන්ම  හවායි දුපත යනු පයිසියා කමහමෙහා උපන් රාජ්‍යයි..එම නිසා එම දුපත මහා කමහෙමා  ලෙසද හඳුන්වා ඇත.ඔහු විසින් 1795 දී මෙම දුපත් සමුහයම එක්සේසත් කළේය.

හාවයි දුපත ගිනි කඳු 5ක එකතුවකින් ගොඩනැගී ඇති අතර  
ඒවා නම් 
Kohola
Mauna Kia
Hualālai
Mauna Loa
Kilauea වේ.

භූවිද්‍යාත්මක සාක්ෂි වලට අනුව මෞනාලුආ වලට දකුණු පසින් සහ වම් පසින් නිනොලේ සහ කුලානි නමින් ගිනි කඳු දෙකක් පිහිටා ඇත. භුවිද්‍යඥයින්ට අනුව මෙයද මෞනාලුආ වලම කොටසක් ලෙස සැලකේ.මෞනාලුනා සහ කලාවිය හවායි දුපතේ ක්‍රියාකාරිව වර්ධනය වෙන ගිනි කඳු දෙකකි.

1983 ජනවාරි සිට 2002 සැප්තැම්බර් කාලය අතරතුර වර්ග හෙක්ටයාර් 200ක් පුරාවට වරින් වර ගිනි කඳු පුපුරා යමින් ලාවා ගලා ගියේය.1960දි  කපහොවා  සහ 1990 දී කලපනා සහ කයිමා ඇතුළු නගර කිහිපයක්ම කෛලවෙන් ගලා ආ ලාවා හේතුවෙන් විනාශයට පත්වුණි. 


මෙම ගලා ආ ලාවා හේතුවෙන්කලපාන ප්‍රදේශයේ 1987 දී Queens Bath නමින්මිරිදිය තටාකයක් ලාවා වලින් නිමයනු ලැබිය..තවත් භුවිද්‍යඥයින්ට අනුව මෙහුකෝනා සහ ලිලි යන සබ්මැරින් ගිනි කඳු ඇතුළුව මෙම  දුපත් සමුහය ගිනි කඳු 7 කින් නිර්මාණය වී ඇති බව කියවේ.

කෞ දුපතේ දක්නට ලැබෙන මහා ඉරිතැලිම දිවයිනේ මීටර් 13,000ක් පුරාවට විහිදී ඇත.මෙය කබොල විස්ථාරනය වීමෙන් ඇති වූ ප්‍රතිපලයකි.

හවායි දුපතේ ප්‍රධාන නගරය "හිලෝ (Hilo) වන අතර මෙය මුහුදු බොක්කක් මගින් වටවී ඇත. මෙම නගරය මෞනාලාඕ නමැති සක්‍රිය තත්වයේ පවතින ගිනි කන්දත් මෞනා කියා නමැති උදාසීන ගිනි කන්දත් මත පිහිටා ඇත.ලාවා විදාරණය නිසා තවමත් අනතුරුදායක තත්වයක පවතින අතර , ජනාවාස බොහොමයක් ගිනිකඳු හෙල්වල පිහිටා ඇත.


රටේ ප්‍රධාන විශ්ව විද්‍යාලය වූ හවායි ,හිලෝ ජාත්‍යන්තර ගුවන් තොටුපල සහ කෞතුකාගාරය මෙහි පිහිටි වැදගත් ස්ථාන වේ.ක්‍රිස්තුවර්ෂ 1100 දී මෙම ප්‍රදේශය ප්‍රථමයෙන් ජනාවාස වූ බව කියවුණත් ,ඊට පෙරද ජනාවාස පවතී බව පුරාවෘත වල සඳහන් වේ.මෙහි උතුර දකුණ වශයෙන් දිස්ත්‍රික්ක දෙකකි.

19වන  සියවසේ උක් වගාව ව්‍යප්තවූ අතර, වගා කටයුතු සඳහාත් උක් කර්මාන්ත ශාලාවල සේවය සඳහාත් චීනය ඇතුළු ආසියාතික රටවලින් කම්කරුවෝ මෙහි පැමිණියහ.

 විසල් සුන්දරත්වයකින් හෙබි හවායි දුපත සතුව ඇති කොළ,කළු සහ සුදු වර්ණයන්ගෙන් හෙබි වැලි තලා සහිත වෙරළ තීරය ලොව පුරා සිටින සංචාරකයින්ගේ ආකර්ෂණය දින ගැනීමට සමත්ව ඇත.මේ අතර   මෞන්හා සහ  පුනලු වෙරල තිරයන් විශේෂ ස්ථානයක් ගනී.

 පුනලු හිදී කැස්බෑවන් දක්නට ලැබීමත් අපුරු අත්දැකීමකි.එමෙන්ම 
 පවතින නිවර්තන දේශගුණය නිසාවෙන් විවිධ මත්ස්‍ය වර්ග සහ ජීවින් රැසකට හිමිකම් කීම තවත් විශේෂත්වයකි.

ලෝකයේ දේශගුණික කලාප 13න් 8ක් පුරා විහිදෙන හවායි දුපතේ දී ඔබට අත්විඳින්නට ලැබෙන ක්‍රියාකාරකම් විවිධ වේ.ඔබට මෙම ගල්පර අසල කිමිදුම් ක්‍රීඩා වල යෙදිය හැකි අතරම,කඳු නැගීම , කඳු මුදුනේදී හිම ක්‍රීඩා කිරීමටත්, රාත්‍රී කාලයේදී අහසේ තරු බැලීමටද හැකියාව ලැබෙන අතර මෞනකියා කඳුමුදුනේදී සුන්දර හිරු බැසයමක් ද නරඹන්නට හැකියාව  ලැබේ.

නිවාර්තන වැසි වනාන්තර සහිත දේශගුණයකට හිමිකම් කියන සෙල්සියස් අංශක 21 - 25 දක්වා පැතිරුණු සාමාන්‍ය උෂ්ණත්වයකින් හා අඟල් 30 -200 අතර පැතිරුණු වර්ෂාපතනයක් මෙහි දක්නට ඇත.කඳුකර [ප්‍රදේශ වලට වැඩි වර්ෂාපතනයක් ලැබෙන අතර සමහර කාල වලදී සුළිසුලන් වර්ෂාව බල පවත්වයි.

දේශීය අහාර 

හවායි දුපත් වලට අවේනික වූ විවිධ අහාර වර්ග ඇති අතර Maladas නම් සිනි සහිත බැදපු පිටි ගුලියකින් නිම කරන ලද ආහාරය ඉතාමත් රසවත්ය.
 කෛලුආ දුපත කෝනා කෝපි වල 
 නිජබිම වන අතර එම කෝපි සහ රසකැවිලි සංචාරකයින් අතර ඉතාමත් ජනප්‍රිය වේ.
 කෝනා කොපි ලෝකයේ රසවත්ම බිමක් ලෙස 
 ශ්‍රේණිගත වීම සුවිශේෂිය.මෙම දුපතේ කෝපි ගොවිබිම් 650කට වඩා දක්නට ලැබේ.එම සංචාරය ඇතුලතදී කොපි ඇටයක් කඩා ගැනීමේ සිට කුඩු කර කෝපි සාදාගන්නා ක්‍රියාදාමය තෙක්ම අත්දැකීම ඔබට අත්විඳිය හැකියාව ලැබේ.
පෙබරවාරු මාර්තු මාස වලදී කෝනා කෝපි මල් පිපි එම ගොවි බිම් පෙනෙන්නේ  හිමෙන් වැසුණු බිමක් පරිද්දෙන්ය.එම නිසාම මෙම දේශය කෝනා හිම යනුවෙන්ද ප්‍රසිද්ධය. වාර්ෂිකව පවත්වන හිලෝ ඕකිඩ් මල් ප්‍රදර්ශනයද ,හිලෝ නගරයේ ඇති අකාෂ වස්තු නිරීක්ෂනාගාරය සංචාරකයින් ඇද ගන්නා තවත් සුවිශේෂී කරුණුය.












No comments:

Post a Comment

ඔබෙ දිය පොදත් එක් කරන්න.........