Wednesday, July 7, 2021

හිරු මිය යයි කල්පිත විද්‍යා ප්‍රබන්ධය - අජන්ත ධර්මසිරි මහතා

 


ආචාර්ය අජන්ත ධර්මසිරි මහතා ඇමරිකා එක්සත් ජනපදයේ ,ඔක්ලහෝමා සරසවියා අනුබද්ධිත ප්‍රයිස් ව්‍යාපාරික පිඨයේ ජාත්‍යන්තර මානව සම්පත් කළමනාකරණය පිලිබඳ බාහිර කථිකාචාර්යවරයකු ලෙස කටයුතු කරයි.එලෙසම ආසියාව සහ මැද පෙරදිග රටවල් දහතුනකට අධික සංඛ්‍යාවක පුහුණු හා උපදේශන ව්‍යාපෘති පවත්වා ඇති අතර පර්යේෂකයකු සහ විවිධ අධ්‍යන විශේෂඥයකු ලෙස පර්යේෂණ සිදු කරමින් සිටි.විද්‍යා ප්‍රබන්ධ කෙටි කතා සංග්‍රහයන් දෙකක් රචනා කර ඇති ඔහු  තරු නැති අහස තුළින් විද්‍යාවේ දියුණුවත් සමගින් වියකෙන මිනිසත් බව යන යථාර්තවාදී සත්‍ය ඉස්මතු කර ඇත.ජිවිතයක් යනු හුදෙක් රසායනික ක්‍රියාවලියක් පමණක් බව සිතන සිත්පිත් නැති මිනිසුන් කොටසක් වර්තමානය වන විට මෙලොව බිහිවෙමින් සිටිති.ජිවිතයේ සැබෑ අරුත පසක් කර ගැනීමට තරම් අවබෝධයක් ඔවුන්ට නැත.සියලුම පාඨකයින්ට තෙරුන් ගත හැකි පරිද්දෙන් සරල බස් වහරක් යොදාගෙන විද්‍යාත්මක  කල්පිතයන් ඉතාමත් සරලව මෙම කතා පෙළට එක් කර තිබීම අගනේය.ගැබුරු රචනා ශෛලියක් සහ අර්ථ නිරුපනයන් යොදා නොගෙන නොනවත්වා රසවිඳිය හැකි කෙටි කතා සංග්‍රහයක් ලෙස හිරු මිය යයි කල්පිත විද්‍යා ප්‍රබන්ධය නම් කල හැක.

හිරු මිය යයි - -All Summer in a Day - Ray Bradberry -රේ බ්‍රැඩ්බරි

1954 දී රේ  බ්‍රැඩ්බරි විසින් ෆැන්ටසි සහ විද්‍යා ප්‍රබන්ධ සඟරාවට රචනා කරන ලද මෙම කතාවෙහි තේමාව වනුයේ  පරිණාමයේ ප්‍රතිපලයක් ලෙස ග්‍රහලෝක අතර ගමන් කිරීමට ඉඩ ලැබෙන අනාගත පරම්පරාවක සන්ධර්බගත කතාවයි.

සිකුරු ග්‍රහයා මත ඇද හැලෙන වැසි සහිත කාලගුණයට පමණක්ම මුහුණ දෙන දරුවන් අනපේක්ෂිතව අසන ලද හිරුගේ ආගමනය පිලිබඳ ඇසීමෙන් දරුවන් නොසන්සුන්ව කැළඹීමකට පත්වේ.මන්ද පෘතුවියට වඩා වෙනස්ම වූ රළු වාසයට නුසුදුසු පාරිසරික වාතාවරණයක ජිවත් වන මොවුන්ට පෘතුවිය යනු මැජික් එකක් වැන්නකි.මන්ද සිකුරු ග්‍රහයාට හිරු උදාවෙන්නේ වසර 7 කට වරකි.විද්‍යාඥයින්ට අනුව ඒ අද දිනයි.එයද පැයක් වැනි සුළු වෙලවකටය.පංති කාමරයෙන් පිටත ලෝකය නිතර උදම් රළ වලින් ගහණ වර්ධනය වෙමින් කඩා වැටෙන වනාන්තරයකි.මොවුන්ගේ ළදරු සමය පෘතුවියේ ගතවුණ අතර ඊට පෙර පරම්පරාව පෘතුවියේ සිට සිකුරු ලොව විජිතයට එවන ලදී.

නමුදු මිහිරානි වයස අවුරුදු 9ක් වුවත් හිරුගේ පහස ස්වභාවික පරිසරයේ උණුසුම විඳි දැරියකි.නමුදු ඇයට අනික් දරුවන්ට එම මිහිර මතක නැත්තේ ඇයිද යන්න විසල් පැනයකි.අනික් දරුවන් හිරු එළිය දකින්නට නොයිවසිල්ලෙන් සිටිද්දී ඇය ඇයගේම මනෝ ලෝකයක එල්බ හිඳී.ඒ නිසාම අනික් දරුවන් ඇයව කොන් කිරීමක් දක්නට ලැබේ.එමෙන්ම ඇය පිලිබඳ ඉරිසියාවකින් සිටිති.එයට හොඳම නිදසුන ඇය ලැබූ අත්දැකීම් ඇසුරින් හිරු පිළිබඳව නිසදැසක් සැදු විට එය බොරුවක් යයි චෝදනා කිරීමය.මන්ද එම අත්දැකීම් ඔවුන් කිසිදිනෙක ලබා නොමැති හෙයිනි.

අවසානයේදී ඔවුන් සුර්යාගේ උණුසුම් සුව විඳීමේ භාග්‍යවන්තයෝ වෙති.එම චිත්තවෙගයත් සමගින් මිහිරානිගේ මානසිකත්වය පිලිබඳ මොවුන්ට අවබෝධයක් ලැබෙන අතර ඔවුන් කල ක්‍රියාවන් පිලිබඳ වරදකාරී සිතුවිල්ලකින් ඔවුන්ගේ සිත් පෙලනු ලබයි.

ඉස්සර ඉස්කෝලේ - The Fun They Had- Issacs Asimov

The Fun They Had අයිසැක් අයිමොව් විසින් ඔහුගේ කුඩා කලදී ලද විනෝදජනක අත්දැකීම් ඇසුරෙන් අනාගත ජීවිතය පිලිබඳ ලියන ලද අපුරු කෙටි කතාවකි.අයිසැක් අයිමොව් හඳුන්වන්නේ විද්‍යා ප්‍රබන්ධ සාහිත්‍යයේ ශ්‍රේෂ්ඨ ශාත්රුවරයකු ලෙසින්ය.

මේ 2155 වසරයි.ප්‍රධාන චරිතය වන මාජි වයස අවුරුදු 11ක දැරියකි ඇයගේ හොඳම මිතුරා ටෝම්ය. මොවුන්ගේ අධ්‍යයන කටයුතු පිලිබඳ සොයාබැලීමට සිටින්නේ රොබෝ ගුරුවරයෙකුය. නමුදුරු මාජි ඔහු හා සහයෝගයෙන් කටයුතු කිරීමට අදිමදි කරන අතර දිනෙන් දින අධ්‍යයන කටයුතු බිඳ වැටේ.ඒකාකාරී දිවියක් ගත කරන මොවුන්ගේ දින චරියාව එක්වරම වෙනස් වන්නේ ටොම්ගේ නිවසෙ අට්ටලයේ  තිබී හමුවන පැරණි පොතක් නිසාය.එය ඩිජිටල් තිරයක් නොවේ.කඩදාසි සහ සැබෑ පිටු සහිත මුද්‍රණය කරන ලද පොතකි.මෙම පොතේ සඳහන් වී තිබුනේ අතීතයේ පාසල් පිළිබඳවයි.ඒවායේ ඉගැන්වූ සැබෑ ගුරුවරුන් පිළිබඳව සහ ඔවුන්ගේ ක්‍රියාකාරකම් පිළිබඳවයි.

1951 දී මෙම කතාව රචනා කර ඇති අතර පුද්ගලික පරිඝනක නිර්මාණය පෙර අවධිය බව අප සැලකිල්ලට ගත යුතු කරුණකි.අයිසැක් විසින් ඉදිරි අනාගතය පිළිබඳව පුරෝකථනය කර ඇති ආකරය ඉතාමත් විශ්මය ජනකය.2155 වන විට අප ජිවතුන් අතර නොසිටියත් එදින ජිවත් වන දරුවන් මෙලෙස රොබෝ ආරක්ෂකයින් හෝ ගුරුවරුන් සමගින් තම එදිනෙදා කාර්යයන් සිදු කරනු ඇත. අයිසැක් අපට අනාගතය සහ තාක්ෂනය පිලිබඳව රතු එළියක් දැල්වූවා වීමටද හැකි බව සිතේ.මන්ද  අප අධික ලෙස තාක්ෂණයට යොමු වුවහොත් ඒ ඔස්සේ අපගේ සෞඛ්‍ය පිලිබඳ ගැටළු මතුවීමට හේතු විය හැකිය,එලෙසින්ම තාක්ෂනය නිසාවෙන්ම අධ්‍යයන කටයුතු වලදී වැඩි වැඩියෙන් සෙවුම් ජාල ඔස්සේ ගවේෂණය කරමින් අපේ දැනුම මුවහත් කර ගැනීමට හැකියාව ලැබීමයි.නමුදු පංති කාමරයක් තුලදී දරුවන් සහ ගුරුවරයා අතර මෙන්ම දරුවන්  සහ දරුවන් අතරද අන්තර් සම්බන්ධතාවය වැඩි දියුණු වේ.එකිනෙකා අතර සහයෝගී බව,එකමුතුබව ,ක්‍රියාකාරී බව වැඩි දියුණු වේ. නමුදු තාක්ෂනය හේතුවෙන් මෙම සංකල්ප සියල්ලම බිඳ වැටි රොබෝ කෙනෙක් වැනි දරුවකු බිහිවීමේ ප්‍රවණතාවය වැඩිය. 

මරණයේ හෝරාව - Zero Hour - Ray Bradberry 

1950 දී x miners one ගුවන් විදුලියේ පටිගත කරන ලද මෙම කෙටි කතාව විශිෂ්ඨ ඝනයේ විද්‍යා ප්‍රබන්ධයකි.රට පුරාම දරුවන් අක්‍රමණය නමින් නව ක්‍රීඩාවක් ආරම්භ කර ඇති අතර ඉන් සිදුවීමට යන් අ අනතුරක් පිළිබඳව සෑම වැඩිහිටියෙකුගේම සිතෙහි බියක් ඇතිවේ.මෙහිදී වැඩිහිටියන්ට එරෙහිව දරුවනුත් දරුවන්ට එරෙහිව වැඩිහිටියනුත් අතර ඝට්ටනයක් ඇති වන්නේ පිටසක්වල අක්‍රමණය යන්න යථාර්තයක් නොවන බව පැහැදිලි කිරීමට ගොසින්ය.

Robot's Dream - Issacs Asimov

රොබෝ සිහිනය යනු අයිසැක් අයිමොව් විසින් 1986 දී රචිත විද්‍යා ප්‍රබන්ධ කතා21 ක එකතුවකි.මේ ඔස්සේ තාක්ෂණයේ අනාගතය පමණක් නොව මානව වර්ගයාගේ අනාගතය,පරිණාමය ,පරිනතභාවය මෙන්ම අනාගතයේ වර්ධනය පිළිබඳවද ගවේෂණය කරයි.මෙය රොබෝ මනෝ විද්‍යා සුසාන් කැල්වින්ගේ කතාවයි.

සුසාන්  කැල්වින් මොහුගේ විද්‍යා ප්‍රබන්ධ වල කෙටි කතා වල නිතර දක්නට ලැබෙන්නාව ප්‍රධාන චරිතයකි.ඇය විසින් සිහින දකින රෝබෝවරයකු සොයා ගන්නා අතර මෙය යන්ත්‍ර වහල් ශ්‍රමය සඳහා යොදාගැනීමේ අනිටු ප්‍රතිපලයකි.මෙම පර්යේෂණාත්මක රොබෝ මිනිසකු මෙන් සිහින දැකීමේ හැකියාවන් වර්ධනය කරයි.අනික් සියලුම රොබෝවරුන් වහල් භාවයෙන් මුදවන ලෙස ඉල්ලීම් කරන රොබෝවකු දුටූ බව කිවූ විට සුසාන් තැති ගනී.

අයිසැක් විසින් සැබෑ ලෝකයේ ජිවන මාතෘකා සහ මහා පැවැත්මේ ඝට්ටනයන් පිළිබඳව ඔහු රචනා කරන ලද සෑම ප්‍රබන්ධයක්ම ඒකාබද්ධ කරන අකාරය විශ්මයජනකය.ඔහුගේ තේමාව වනුයේ මිනිසත්බව සුරැකිය හැක්කේ යමෙක් මනුෂ්‍යයෙක් නම් පමණක් බවයි.මන්ද මෙම කැරැල්ල රොබෝවරුන් විසින් මිනිසුන්ට එරෙහිව කරන්නාවූ කැරැල්ලක් නිසාත් එහි නායකත්වය ගන්නා රොබෝ එල්වෙක්ස් වීමයි.

The Nine Billion Names of God p-Arthur C. Clarke දෙවියන්ගේ නම් ලැයිස්තුව 

1953 දී රචිත මෙහි තේමාව වනුයේ දෙවියන්ගේ නම් බිලියනයක් ලිවීමට අවශ්‍ය තාක්ෂණික සහය ඇමරිකාවේ විද්‍යාඥයින් පිරිසකගෙන් ඉල්ලා සිටින ටිබෙටයේ ලාමාවරුන් පිරිසක් පිලිබඳවය.මොවුන් මෙයට සාමාන්‍ය හෝඩිය භාවිත නොකරන අතර ඔවුන්ගේ ශුද්ධ ග්‍රන්ථ වල ලියා ඇති නව අක්ෂර හෝඩියයි.ශතවර්ෂ තුනකට අධික කාලයක් තිස්සේ යතුරු ලියනය කරමින් පැමිණ ඇති මෙය විශේෂ  පරිඝනකයක් වන Mark Vමිලට ගනී. 

 ඔවුන් පවසන්නේ මෙය විශ්වයේ කාර්යයක් බවත්.ඔවුන් නම් බිලියනය අන්තර්ගත කල පසු දෙවියන් ඔහුගේ අවසන් විනිශ්චය  දෙන බවයි.

No comments:

Post a Comment

ඔබෙ දිය පොදත් එක් කරන්න.........