Thursday, August 26, 2021

Alita Battles of Angel Movie review

 


ඇලිටා බැට්ල් ඔෆ් එන්ජල් චිත්‍රපටය විද්යා ප්‍රබන්ධ චිත්‍රපටයක් වන අතර ,Robert rod rigs විසින් නිෂ්පාදනය කරන ලදී .  ග්‍රැෆික් නවකතාවක් වන "යුකිටෝ කුෂිරෝගේ නවකතා මාලාවක් ඇසුරින් නිෂ්පාදනය කල  " මැන්ගා ගුනනම් " චිත්‍රපටයේ අනුවර්තනයක් වන අතර   මෙය ජේම්ස්   කැමරන්ගේ ව්‍යාපෘතියක් වේ. මෙය ඇවටාර් චිත්‍රපට පෙලින් වසර ගණනකට පසු කරන ලද නිර්මාණයකි,ඇලිටා නොහොත් රෝසා සලසාර් වසර ගණනක් සිනමාවෙන් ඈත්ව හිඳ පසුවආචාර්ය ඉඩෝ (ක්‍රිස්ටෝෆ් වොල්ට්ස් විසින් නැවතත් පණ දෙනු ලැබුවේය.තමන්  සතු කෘතීම ළමා චරිතය, රුප සොබාව ඇයව කාගේ කවුද කොහේ උන්නද යන සියල්ල අමතක ඇයට අමතක වුවත්,පසුව නගරයේ මුඩුක්කු අතරින් ගෙවෙන ජීවිතයේදී හමුවන කෘතීම බුද්ධි චලකයන් සමග ජිවත් වෙද්දී කෙමෙන් කෙමෙන් ඇයගේ මතකය ගොඩ නැගේ,අඳුරුවූ නරුම ලොවක තම ජිවන අරගලය ගෙනියමින් නැගිටීමට සහ තම අනන්‍යතාවය තහවුරු කර ගැනීමට  ඇය තැත් කරද්දී ,ආචාර්ය අයිඩෝ සමග ඇති බැඳීම සේම හියුගෝ නම් මිතුරා ඇයගේ ජීවිතය නව මානයකට පෙරලීමට හේතුවක් වන්නට පටන් ගත්තේය.එම බැඳීම ඇයව කෘතීම ලෝකයෙන් මිත්‍රශීලි මනුෂ්‍ය බැඳීම් කෙරෙහි ලන්කරවිමට සමත් වුහ.

බැට්ල් එන්ජල් චිත්‍රපටය rod rigs නිෂ්පාදනය කල සියලුම චිත්‍රපට වලට වඩා 20 ගුණයකින් කැපී පෙනුනේය,කතාව තුළ ඇලිටා විරවරියක වන්නේ නිතැතිනි.ඇයගේත් හියුගෝ ගේත් ප්‍රේමය දළුලා වැඩෙනාතර ,ඔවුන් රෝල බෝලර් ක්‍රීඩාව කෙරෙහි නැඹුරු වේ.මෙය නරඹද්දී නිතැතින්ම ටර්මිනේටර් , එලියන්ස්, ද ඇබිස් , රෝබෝකොප් යන චිත්‍රපට සිහිවේ,බොහෝ විදයා ප්‍රබන්ධ වලට පොදු ගුණාංග රැසක් එකතුවෙන් මෙය බිහිවී ඇත.සමහර  අවස්ථාවන් වලදී නාට්‍යමය  වශයෙන් ප්‍රමාණය ඉක්මවා ඉස්මතු වන බවක් පෙනුනත්,දෘශ්‍යමය වශයෙන් සාර්ථකය.

සංගීත නිෂ්පාදනය ගතහොත් ,Florian Zsigmondy විසින් අධ්‍යක්ෂණය කරන ලද  නිල ගීතය 2019 ජනවාරි 24 වැනි දින නිකුත් කරන ලදී.මෙහි දෘශ්‍ය ප්‍රයෝග Weta Digital, DEngs යටතේ Jo Letary ,Erich Sandon , Nik Epstein, Remand Chain , Nigel, Denton Hos විසින් සිදු කරන ලදී.එම දෘශ්‍ය ප්‍රයෝග ඉතා විශිෂ්ඨ අන්දමින් නිර්මාණයට නංවා ඇති අතර ම එහි ඇතුලත් ක්‍රියාදාම දසුන් ඇදහිය නොහැකි සුපිරි ඝනයට අයත්ය.ඒවා ගතිකය,උද්යෝගිමත්ය.චිත්‍රපටයේ සැකසුම් සහ චරිතයන්ගේ සැකසුම ඉතාමත් සුන්දරය.දෘශ්‍යමය වශයෙන් නිර්මාණශීලි බැවින් අනුනවූ ඇලිටා සාර්ථක චිත්‍රපටයක් බව සඳහන් කල හැකිය.සත්‍ය වශයෙන්ම මෙම චිත්‍රපටය ජේම්ස් කැමරන්ගේ නිර්මාණශීලි බව තාක්ෂණික වශයෙන් උසස් කලාත්මක ස්පර්ශයක් ලද චිත්‍රපටයකි.ඇලිටා චිත්‍රපටය ප්‍රේමය, ක්‍රියාදාමය, වෛරය විද්‍යාව යන සියලු අංග වලින් මිශ්‍රිත වූ චිත්‍රපටයකි.

මෙම චිත්‍රපටයේ ආත්මය සහ සහ හදවත වන්නේ ඇලිටා හෙවත් සලාසර්ගේ සියුම් අභිරුපනයයි.


2 comments:

  1. ඔව්. මරු ෆිල්ම් එක. එක ම අවුල, කතාවෙ හරි හමං අවසානයක් නැතුව, නිකං තවත් කතාවකට ආරම්භයක් විතරක් ලබා දීම...

    ReplyDelete
    Replies
    1. ඔව් ද්‍රකි අයියේ.මාරම ලස්සනයි.එතනින් අවසන් කළා නම් හොදයි කියන දේ නම් මටත් දැනුනා.ස්තුති අයියේ

      Delete

ඔබෙ දිය පොදත් එක් කරන්න.........