Tuesday, April 5, 2022

මාරි ඇන්ටනට් බිසව



ප්‍රංශ විප්ලවය යුරෝපයේ රාජ්‍යත්වය පාලනය කරමින් සිහසුන දරා සිටි සමය වන අතර එකල වැඩවසම් සමාජය සහ ධනවාදී ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයන් අතර ඇති වුයේ මර්ධනය කල නොහැකි දේශපාලනික ගැටුම්ය.මේ ඔස්සේ දේශපාලනික ,ආර්ථික ,සමාජයීය මෙන්ම ආගමික  බලපෑම්ද හේතු කොටගෙන ප්‍රංශ විප්ලවය ඇතිවීමට හේතු ඇතිවිය.පාරම්පරිකව පැවත ගෙන ආ  රාජ්‍ය පරිපාලන ක්‍රම මේ සමය වන විට 16 වන ලුවී රජුද අනුගමනය කිරීමට පටන් ගත්තේ සමාජ ක්‍රමය වෙනස් වී ඇති බව පිලිනොගෙනය.පැරණි ක්‍රමෝපාය අනුව රාජ්‍ය පාලනය කරන්නයි ඔහුට උපදෙස් දුන්නේ මනෝ ලෝකයේ සිටි රැජිණිය නමින් පතල වූ මාරි ඇන්ටනට් බිසව විසිනි.

මාරි ඇන්ටනට් බිසව 1755 නොවැම්බර් 2 වෙනිදා ඔස්ට්‍රියාවේ වියානා නුවරදී උපත ලැබූ අතර හැම්ස්බර්ග් හි උපත ලැබිය.උසස් ඝනයේ රාජ්‍ය පරිපාලිකාවක් වූ මාරි තෙරේසා බිසවගේත් 1වෙනි ෆ්‍රැන්සිස් රජුගේත් දියණිය වූ මාරි ඇන්ටනට් දරුවන් 15 දෙනෙකුගේ පවුලේ ලාබාලතමයා විය. ඇයගේ බෞතිස්මයේදී දෙව් මව්පියවරුන් ලෙස පෘතුගාලයේ රජ සහ බිසව නියම කරගෙන සිටියත් මේ උපත වූ දිනයේදී පෘතුගාලයේ ලිස්බන් නුවර ඇතිවූ භූ කම්පනයකින් 40000ක් ඉක්මවූ මරණ සංඛ්‍යාවක් ඇති විය.

ඉගෙනුමට දුර්වල වූ ඇය සංගීතයට හා  නර්තනයට පමණක් යොමු වූ විනෝදකාමී තරුණියකි. පසුකාලීනව මවගේ දේශපාලන උපාය මාර්ගයක් ලෙස මාරි කුමරියට ප්‍රංශ ඔටුන්න හිමි කුමරු වූ වූ ලුවී ඔගස්ටස් හා 1770 මැයි 16 වැනි දින විවහා වීමට සිදු විය.නමුදු අනාගත ප්‍රංශයේ අවසානය පෙන්වන අසුබ සලකුණක් ලෙස දැක්වීමක් පෙන්වන සිදුවීම් වලට ඔවුන්ට මුහුණ දීමට සිදුවිය.එනම් විවාහයේදී අත්සන් යොදන පොතේ තීන්ත බොඳ වීමෙන් විශාල පැල්ලම් මතුවීමත්,විවහා උළෙල සැමරීමට පැවැත්වූ ගිනි කෙලි සංදර්ශනයේදී ගිනි පුපුරු පිපිරී ඇතිවුන ඛේදවාචකයෙන් 800ක් පිරිස මිය යාමයි.මෙම දේශපාලන විවාහය රටම අවාසනාවන්ත සිදුවීම් රැසකට බඳුන් වීමට හේතුවක් වීම කණගාටුදායකය.

15 වැනි ලුවී රජු රාජ්‍ය පාලනයට  සහ නායකත්වයට දුර්වල වුවත් ලෞකික සැපසම්පත් වලට සහ කාමභෝගී ජීවිතයකට ලොල් වුන පුද්ගලයකු විය.ඔහුගේ මරණයෙන් පසු 16 වැනි ලුවී රජු ලෙස ලුවිස් ඔගස්ටස් කුමරු පත්වූ අතර මාරි ඇන්ටන්ට් කුමරිය ප්‍රංශයේ රාජ්‍ය අනුප්‍රාප්තිකයා විය.රජුගේ විනෝදය පිණිස ගොඩනංවා තිබු ට්‍රයලන් මාලිගය බිසවට තෑගී දුන් අතර බිසවගේ රුචිකත්වයට අනුව ලොව පුරා ඇති සියලු දැකුම්කලු මල් උයන්වල සුන්දරත්වය එකතුකර නෙත්කළු අන්දමින් සකසා තිබුණි.රාජ්‍ය පාලනය අමතක කර කෑම සුඛල්ලක්හානු ජිවිතයක් ගත කල බිසව 1789 ජුලි 14 වෙනි දින බැස්ටිලයට පහර දී ප්‍රංශ විප්ලවය ඇරඹුණු මොහොතේද සිටියේ මෙම උද්‍යානයේය.

අවසානයේදී 1792 අප්‍රේල් 20 වැනි දින රජු විසින් යුද්ධ ප්‍රකාශ කලත් අගෝස්තු 10 වන විට රජ පවුලම සිර භාරයට ගෙන , චුලරිස් නම් ඉපැරණි සිරගෙයට ගෙන යන ලැදි.පසුව 1793 ජනවාරි 20 වැනි දින රජු ගිලටීනයට කැප කර මරණයට පත් කල පසු 1793 අගෝස්තු 1 වෙනිදා බිසව කරසිංගර් සිපිරි ගෙට යවන ලැදි.අවසානයේදී මරණයට කැපවූ ඇය කොතරම් නින්දා අපහසයන්ට ලක්වුවත් මරණයේදී ධෛර්යෙන් සහ අභිතවූ සුවිශේෂී කාන්තාවකි.





8 comments:

  1. අගනා සටහනක්. හැකියාවක් ලැබුණොත් Marie Antoinette බලන්න.https://en.wikipedia.org/wiki/Marie_Antoinette_(2006_film) ඔබ සටහන් කල තොතුරු වලට තවත් බොහෝ දේ එකතු කරන ගමන්ම සමහර ගැටළු වලට පිලිතුරු සපයාවි. පහතින් ඇති යූ ටියුබ් දිගු සමහර විට ඔබ බලන්නට් ඈති .https://www.youtube.com/watch?v=BWYIgqMEE2o https://www.youtube.com/watch?v=xbXijrb0qPc&t=1115s

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අයියේ .මන් බලන්නම්

      Delete
  2. අපේ සමහර මහතැන් වගේ ඇත්තියක්. පාන්මිල හා කෙක් මිල දැනන් හිටියෙ නෑ නෙව..... මැරෙනකම්ම

    ReplyDelete
    Replies
    1. එදත් අද වගේම පාලකයෝ ඉදලා තියෙනවා. :/

      Delete
  3. ලොකු ලොක්කො ඔක්කොමල
    දන්නෙ නෑ හුඟක් දේ
    උන් දන්න එකම දේ
    ගසා කන එක තමයි!

    ReplyDelete

ඔබෙ දිය පොදත් එක් කරන්න.........