Monday, June 17, 2024

ඇසල මාවත අද්දර" - කතු-අරුණ අහස් රත්නායක


"ඇසල මාවත අද්දර" නමැති කෘතිය රචක අරුණ අහස් රත්නායක විසින් රචනා කරන ලද සුවිශේෂී කතාවකි. මෙම කතාවේ ප්‍රධාන තේමාව විවිධ සමාජ කේන්ද්‍රාණ්විත හා මානවීය ක්‍රියාකාරකම්  වලින් සමන්විත වේ.  
 
 ශ්‍රී ලාංකීය ජීවිතයේ සංකීර්ණතා සරලව විකාශනය කරන ප්‍රබෝධමත් නවකතාවකි. සංස්කෘතික හා සමාජීය සූක්ෂ්මතාවයන්ගෙන් පොහොසත් ආඛ්‍යානය, කතන්දරකරුවෙකු ලෙස අහස්ගේ දක්ෂතාවය සහ මිනිස් සම්බන්ධතා පිළිබඳ ගැඹුරු අවබෝධය මේ ඔස්සේ දක්නට ලැබෙන ලක්ෂණයකි.

 "ඇසළ මාවත" (ඇසළ වීදිය) යනු භෞතික පිහිටීමක් පමණක් නොව චරිත අත්විඳිමින් යන ගමනේ සහ සංක්‍රාන්ති සංකේතයකි.

කතාව ඇරඹෙන්නේ සාරධා තෙරණියගේ අතීතාවලෝකනයක් ඔස්සේය. 
මෙහි කතා නායිකාව වන්නේ සුධාරිය. ඔවුන් නව නිවසට පැමිණීමත් සමග අසල්වැසි නිවසින් ගෙනන ආරාධනය ඔස්සේ කතාව ගලා යයි.

නිවසේ සහ පාරිසරික ලක්ෂණ ඔස්සේ කතෘ විසින් සුධාරිගේ හැඟීම් එළිදක්වා ඇති අන්දම අපුරුය.

" පිටු අංක 13- 
පෙනෙන තෙක් මානයේ ගෙවත්තේ හැමතැනම පලතුරු ගස් වවා තිබුණි.කෙසෙල් අඹ ,පේර ජම්බු : ඇය හඳුනාගත් ගස්වලින් කිහිපයක් පමණි.ඒ සුන්දර වූ සශ්‍රිකභාවය ඇගේ සිත කුල්මත් කරන්නක් විය."

ඇයගේ ජීවිතය සාරවත් වූ නව සිතුවිලි වලින් ප්‍රබෝධමත් වෙන බවට ඉඟියක් මේ ඔස්සේ පාඨක මනස තුලට ලබා දේ.

අහස් විසින් විවිධ තල වල සිටින චරිත සමූහයක් නිර්මාණය කර ඇත.කතාවෙහි එන සෑම චරිතයක්ම ඉතා සූක්ෂම ලෙස වර්ධනය වී ඇති අතර, පාඨකයින්ට ඔවුන්ගේ සිතුවිලි සමඟ ගැඹුරින්ට සංසන්ධනය සිදු කිරීමට ඉඩ සලසයි.

"ඇසළ මාවත අද්දර" කියවමින් යන විට තේමා කිහිපයක් දක්නට ලැබුණි. නවකතාව පැරණි සිරිත් විරිත් අතර ඇති ඝර්ෂණය සහ නවීන සාරධර්ම සහ භාවිතයන් නොවැළැක්විය හැකි බැඳෙන බව පෙන්වයි.
 ඒ බව අවුරුදු දින සුධිරගේ මව නවීන පන්නයේ ආහාර සහ නිර්මාල්ගේ මවා සම්ප්‍රධායික අහාර පිසීමත් , කිසිදු ආකාරයක මත ගැටීමකින් තොරව පවුල් දෙකේම පිරිස සතුටින් එදින ගත කරන ආකාරයත් උදාහරණයකි.

පුද්ගලානුබද්ධව ඔවුන් සතු වගකීම් සහ ඔවුන්ගේ පුද්ගල ආශාවන් අතර සමතුලිතතාවය පිළිබඳව අවධානය යොමු කරයි.

ඔවුන්ගේ භූමිකාවන් තුලදී ඔවුන් මුහුණ දෙන අභියෝග මනාව පෙන්වා දී ඇත.

නිර්මාල් යනු ආගම  දහමට ලැදි කියවීමට හුරු වූ ජීවිතය පිළිබඳව යථාවබෝධෙන් කටයුතු කරන පාසල් ගුරුවරයෙකි.
සුධාරි යනු උසස් අධ්‍යාපනයේ යෙදෙන කෙළිලොල් තරුණියකි.

එකිනෙකට හාත්පසින් වෙනස් වූ මොවුන් අතර ඇතිවන මිතුදම පුළුල් වන්නේ ඔවුන් දෙදෙනාම කියවීමට දක්වන මහත් ලැදිකමයි.

ජිවිතයේ අප ප්‍රාර්ථනා කරන හැමදෙයක්ම ඉෂ්ට නොවේ. ගලා යන ජිවිත ගමනේදී අප නොසිතු විරූ ඉරණම් වලට මුහුණ දීමට  ලැබෙන්නේ අපේ දෛවය පරික්ෂා කිරීමට මෙනි. එමෙන්ම ඒ සඳහා අපට ආගම තුලින් ලැබෙන යථාවබෝධයද උපකාර වේ. මෙලොව වෙනස් නොවන එකම දේ වෙනස් වීමයි. අප සිත පිලි නොගන්න කටුක වූ තිත්ත ඇත්තත් මෙයයි.

විටෙක අප ජිවිතයේ කිසිදු දිනක නොවේයැයි සිතන අභාග්‍යසම්පන්න සිදුවීම් සිදුවන්නේද තත්පරයක පමණ නිමේශයෙනි. සුදිරාගේ අසනීප තත්වයද එවැන්නකි.නමුත් තම සිත ශක්තිමත් කර ගනිමින් පවුලේ සහ නිර්මාල්ගේ පවුලේ අයගේද ආදරය, සෙනෙහස දිරිගැන්වීම් නිසාවෙන් සුදිරා තම ජීවිතය දරාගෙන ඉවසීමෙන් කටයුතු කරයි.

ජිවිතයේ සිදුවන වෙනස්වීම් හමුවේ මානව ජිවිතයේ ඔරොත්තු දීමේ හැකියාව , අනුවර්තනය වීමේ හැකියාව පිළිබඳව අවධාරණය කරයි.  ජීවිතයේ සුන්දරත්වය සහ ඒ තුළ ඇති සංකීරණත්වය ඉතා සරලව රචනයට ලක් කර තිබීම මෙහි විශේෂත්වයයි.  ඔහුගේ සංවාදය චරිතවල කථන රටා සහ සංස්කෘතික සන්දර්භයන් අව්‍යාජ ලෙස පිළිබිඹු කරයි.

ප්‍රේම කතාවක් වුවත් යථාර්තයවාදී ලෙස ජිවිතයට ගලපමින් ජීවිතය පිලිබඳ ගැඹුරු අවබෝධයක් ඉතාමත් සරලව ලගන්නාසුළු අන්දමින් ඉදිරිපත් කිරීමම මෙහි සාර්ථකත්වයට තුඩු දෙන හේතුව වෙන බව මනාව දක්නට ලැබෙන කරුණකි.

සුධාරි ගේ ජිවිත ගමනේදී ඇය මුහුණ දෙන  අද්විතීය අභියෝග සහ ජයග්‍රහණ පිළිබඳ සංවේදී මෙන්ම විශ්වීය කතාවක් බවට පත් කරයි. නමුදු ඒ හැම අවස්තාවකම යම් තාක් දුරකට වෙනස් කිරීමට අපගේ  සිතුවිලි වල ඇති ශක්තිය හෝ දුර්වලතාවය මතය.

"ඇසළ මාවත අද්දර" කෘතියෙහි දැක ඇති පොහොසත් චරිත නිරූපණය මෙම නවකතාව සිත් ඇදගන්නාසුළු කියවීමක් බවට පත් කරයි. එය සම්ප්‍රදාය, වෙනස්වීම පිළිබඳ හෘදයාංගම ගවේෂණයක් ලෙස දැක්විය හැකිය.


ඇසල මල් සුවඳ හමනා  ගොම්මනේ..
හමන සුළඟ කොඳුරන්නේ 
දුකක් සැඟවුණු ප්‍රේමයක 
නිම්නැති  කතාවයි.

සිහින පිබිදෙන හිස් අහසේ
තරු වියන යට 
කැළැල් මතුවූ ප්‍රේමයක 
නටඹුන්  ඉකිගසයි.

ඇසල මල් සුවඳ මුසු රැයේ 
ඔවුනොවුන්ගේ ප්‍රේමයේ හඬ 
මඳ සුළගේ පාව යන්නේ 
සඳ එළියටත් රහසෙනි.

අකාරුණික දෛවයයේ පරීක්ෂාවන් මැද 
ආත්මයන් රිදුනත් , 
 නොබිඳුණු ඔවුන් 
ප්‍රතිඥාවන් රකිමින් 
නිම්නැති ප්‍රේමයේ 
ආත්මය හා  බැඳේ .

නිලක්ෂි බණ්ඩාර.
2024/06/17.

2 comments:

ඔබෙ දිය පොදත් එක් කරන්න.........