උල ලේනි අම්මා
සීතල කීරි ගැසෙන
මැදියම් රෑ කඳු අතරේ
මහා දෝංකරයකි
හඬ තලන නුඹේ හඬ .
ගමට නපුරක් ගෙනෙන
බව කියති ගමේ අය
දරු දුකින් ඉකි ගසන
ලොව , තවත් මවකි ඔබ .
නුඹේ රකුසු හඬ අසා
අතින් දෙසවන් වසා
නොදනිද ලෝ දනන්
වැළපෙනා මවක් බව,
දකුණු දිග මායිමේ
උතුරු දිග මායිමේ
දරු දුකින් නුඹ හඬයි
එළිපත්ත මායිමේ .
හෙට පුතුන් එන තුරා ......
ඉතා හෙදෙයි
ReplyDeleteස්තුතියි අටම්පහුර අයියේ
Delete