Sunday, January 14, 2018

මින්නේරිය වැව පිලිබඳ වෘතාන්ත




මින්නේරිය වැව නිර්මාණය කිරීම පිළිබඳව ජනප්‍රවාදයෙන් පැවැත එන විවිධ පුරාවෘත සඳහන් වේ.ඒ අතර හිඟුරක්ගොඩ කුමාරයා ගේ කතාවද මුලික ස්ථානයක් ගනී, සත්වසරක් තිස්සේ වෙහෙස වී වැඩ කලත් මින්නේරි වැවේ වැව් බැම්ම ඉදිකර අවසන් කිරීමට නොහැකි වූ බව කියවේ.
සෑම වසරකම බැම්ම  නිමකිරීමට තිබෙද්දී කොතරම් හොදින් ගොඩ නැගුවත් බැම්ම ගිලා බැස ඇත.මෙසේ සිදුවීමට හේතුව එම ප්‍රදේශයේ සිටි යක්ෂයින් බිල්ලක් ඉල්ලන බවත්, එය රාජකීය කුමාරයකු විය යුතු බවත් , එම බිල්ල දෙන තෙක් මෙම වැව් බැම්ම සදා නිම නොකළ හැකි බවත්
සිහිනයෙන්  කියා තිබේ. මේ බව දන ගත් ඇමතිවරුන් මෙම බිල්ල දීමට කටයුතු සැකසු අතර , රජු විදින් කණගාටුවෙන් වුවත් බිල්ල උදෙසා කුමාරයකු දෙන ලෙසට අග බිසවගෙන් ඉල්ලීම කළේය.ඉන් කෝපයට පත් බිසව මට ඔය වැවෙන් වැඩක් නැහැ.ඒ නිසා බිල්ලට දෙන්න මා ළඟ කුමරුවරුන් නැතැයි පැවසිය.

මෙසේ කලක් ගතවූ පසුව මහසෙන් රජු රාජකීය පෙරහරින් තම සොයුරිය වෙත ගොස් මෙම තත්වය පැහැදිලි කොට කුමරකු ඇයද සිටියේය. අවසානයේදී ඇය තම පුතුව ස්වර්ණාභරණයෙන් සරසව රජුට බාර දුන්නාය.අධිකාරම මේ කුමරුට බොහෝ ප්‍රිය කල අතර බිලි පුජාව සම්පාදනය වෙන අතරතුර
මොහුගේ දිවිය බේරා ගැනීම උදෙසා වැඩ පිළිවෙලක් සැකසිය.කුමරුවා වනයේ සඟවා වළසකු මරා දෙනාට ඒ සතාගේ ලේ ඉස පෙට්ටිය රැගෙන ආ විට බිලි පුජාව නැරඹීමට පැමිණිවුන් සිතුවේ මේ කුමරු කියලයි.කම්කරුවන් වහා එය කිඳා බහින ස්ථානයේ තබා පස් දමා බැම්ම පිරවුහ.රජුගේ සිහිනය අනුව බිලි පුජාව මෙලෙස
කෙරුණු අතර බැම්ම කිඳා බැසීම අවසන් වී පසුකාලීනව මෙම ජලාශයේ ජලයෙන් අමුණු අටදාහක් අස්වද්දනු ලැබිය.

කෙසේවුවද බිලි පුජාවෙන් පසු මහසෙන් රජු සිටියේ බොහෝ කළකිරීමෙනි.මෙයට හේතුව අධිකාරම් ඇසු විට බිලිපුජාව උදෙසා තම ආදරණියම බෑණාවුන්ව  බිල්ලට දීම පිළිබඳව කණස්සල්ලෙන් සිටින බව පැවසුවේය.එවිට අධිකාරම් රාජ අණ කඩකිරීම පිළිබඳව උදහස් නොවන්නේ නම් කණස්සල්ල දුරුකළ හැකි බව
පැවසුවේය. එසේ නොකරන බව රජු පැවසු පසු තම ප්‍රයෝගය හෙළි කොට කුමරුන් ඈත ගම් පියසක දුප්පත් කොලුවකු ලෙස වෙස් වලාගෙන ජිවත් වන බව පැවසුවේය.ඉන් මහත් සතුටට පත් රජු විසින් ඔහුව කැඳවා ගෙන බොහෝ සම්මාන පිරිනැමිණි.ඒ අතර වත්මන් හිඟුරක්ගොඩ නමින් හදුන්වන
හිඟුරක්දමන ප්‍රදේශය මොහුට තෑගී ලෙස  දුන්හ.

කලුදායිකඩ කුමාර නම් දෙවි කෙනෙකු ඉන්දියාවේ සිට යාපනය හරහා මින්නේරියට පැමිණි බවට බ්‍රිතාන්‍ය කටුගෙයි ඇති පුස්තකාල පොතක සටහන් වී ඇත.මින්නේරිය අවට ජනයා මෙම දෙවියා හිඟුරක් කුමාරයා ලෙස හැඳින් වන අතර ඔහු හිඟුරක්ගොඩ ජනාවාසයට අරක් ගත දේවතාව ලෙස නම් කළහ.
සිතල රාත්‍රියේ ,සඳ එළියෙන් මහා වනාන්තරය නැහැවී යද්දී රැහැයියන්ගේ හඬ හාත්පස පැතිරෙද්දී ඔබ ප්‍රකෘති සිහියෙන් සිටි නම් පිම්මේ දුවන අසකුගේ කුර හඬ ඇසෙනු ඇති බව මතයකි. ඒ තම අසු අරා යන හිඟුරක් කුමරුන් බව ගම්මුන්ගේ මතයයි. 

No comments:

Post a Comment

ඔබෙ දිය පොදත් එක් කරන්න.........