Thursday, February 22, 2018

පැතුම

වඩින තුරු ඔබ බලා හිඳිනෙමි
නැකත විත් පතිනි වරම් ලබනට
සෙනෙහසේ දොරඟුලු අරින්නට
දෙනෙත් නොපියා බලා ඉන්නෙමි
ජීවිතේ මල් සුවද විඳිනට
සිහින අතරේ පියාඹන්නෙමි
නුඹේ අත ගෙන සොඳුරු ගමනක්
යන්න හෙට දින පැතුම් පතනෙමි

Saturday, February 17, 2018

Oh Dear Lord!

Oh Dear Lord!


Came to the majestic Shrine
On the bank of Manik Ganga
Oh ! Lord look at poor us 
and listening to our grievances.

No water to cultivate our lands
Not a drop of rain for a long period
Our harvest is destroying
Nature punishes the man

Superiors are behaving like blinds and deaf mutes. 
Give a bit of sense to them 
To think about the country
We were born and living .

No Compassion or kindness 
In the hearts of citizens
Roads are full of protest marchers
unrest is developed in all the hearts .

Look at us with six faces  
people are waiting to get your wish
Be a light to the people in dark
Beg your pardon for our faults .

Monday, February 12, 2018

ලාංකීය සංස්කෘතිය හා සබැඳි පක්ෂීන්

පැරණි සංදේශයන් හි එහි අන්තර්ගත කරුණු වලට ආදාල වු තත්කලින සමාජය එහි සංඛේතය වූ  පක්ෂියා සහ අදාල පුද්ගලයින් පිළිබඳව බොහෝ විස්තර ඇතුලත් කර ඇත.අදටත් මිනිසුන් කුරුල්ලන් දේවත්වයෙන් පුදන අවස්ථා දක්නට ලැබේ.මන්ද ඔවුන් අතීතයේදී දෙවිවරුන් තම ගමනා ගමනයට යොදා ගත් බවට ඇති ජනප්‍රවාදයේ සහ මුලාශ්‍ර වල දක්නට ලැබීමත් මිනිසුන් තුල පාරම්පරිකව ඇති විශ්වාසය නිසාත්ය.සිතා දෙවියව පැහැරගෙන යාම සඳහා රාවණා රජු ඉන්දියාවට ගමන් කලේද පක්ෂියකුගේ හැඩේ ගත් දඬු මොණරය නම් යන්ත්‍රය උපයෝගී කරගෙනය.

මංගල උත්සහ වලදී අතපැන් වත් කිරීමට භාවිතා කරන කෙණ්ඩිය ද පක්ෂියකුගේ හැඩය බව දක්නට ලැබෙන සිදුවීමකි,ලාංකීය පැරණි ධජ වලද පක්ෂි රූපයන් සංඛේත ලෙස අන්තර්ගත කර ඇත.  නුවර දළදා මාලිගයේ ධජයේ හංසයින් චිත්‍රණය කර ඇත.එලෙසම ගංගාරාමයේ , නුවර කුණ්ඩසාලයේ සැවුල් ධජය ,සෙංකඩගල  පහන පර්වතයේ කුරුළු කැටයම් ආදියෙන් මෙම විශ්වාසය තහවුරු වේ.

යස අබරණ තම මයුරට දීලා

දොස විලිවැද ඉන්නේ හැංගීලා

බස පෙර ඇත මේ ලෙසට කියාලා

කුස රතු අවිතෝ වප් මස අඬලා

මෙම ජන කවිය තුළ ගැබ්ව ඇත්තේ අවිච්චියා නමැති කුරුල්ලෙකු පිළිබඳ කතාවයි. "අවිච්චියං මාත් කියම් මාත් කියම්" යනුවෙන් අවිච්චියාගේ නාදයට හේතුව ජනයා අතර ශ්‍රැතියක්‌ නිර්මාණය වී තිබේ. මොනරා විසින් අවිච්චියාගේ පිල් කළඹ ණයට ගෙන යළි නොදී තමා සන්තකයේ තබා ගැනීම නිසා අසාධාරණයට ලක්‌වූ අවිච්චියා මෙතේ බුදුන් හමුවේ එම අවනඩුව කියන බව එම නාදයෙන් කියවෙන්නේය යනු එම ජන ශ්‍රැතියයි. මෙකී අවනඩුව පිළිබඳ ශ්‍රැතිය මිනිසා විසින් ස්‌වකීය වින්දනය උදෙසා නිර්මාණාත්මකව ගලපා ඇති ආකාරය උක්‌ත කවියෙන් පැහැදිලි වේ
.

Friday, February 9, 2018

වෙරෝනාවේ පිහිටි ජුලියට්ගේ මන්දිරය

මේ උසුලා ගත නොහැකි ග්‍රීෂ්ම සෘතුවයි සිරුර කෙමෙන් කෙමෙන් රුහිරෙන් තෙත් වී සිසිලසක් සොයාගෙන යන්නට සංචාරකයින්ට සිතෙන බව නම් නො අනුමානයි, නමුත් අමරණිය වූ පෙම්කතාවකට තුඩු දුන් සොඳුරු කඳු යායකින් වටවූ සුන්දර වෙරෝනාව අතහැර යාමට නම් එම නගරයට ඇතුළු වන සංචාරකයාට කිසිවිටෙක වත් සිත් නොදේ.

රෝමියෝ ජුලියට් ප්‍රේම වෘතාන්තය පිලිබඳ නොඇසූ කෙනෙක් ලොව නැති තරම්,. විලියම් ශේක්ෂ්පියර් නමැති මහා සාහිත්‍යධරයාගේ නාට්‍යයක් වූ රෝමියෝ ජුලියට් කතාව පිළිබඳව මුලින් අපි සිතා බලමු.මේ දෙදෙනාම පාරම්පරිකව පැවතෙන Capulet's සහ Montiugo යන වංශවත් සිටු පවුල් දෙකක පුරුක් යුගලයක් වන අතරම මේ දෙදෙනා අතරම නොබිඳිය හැකි ශක්තිමත් ආදරයක් ඇති විය.මොවුන් ලොවට හොරා ජුලියට්ගේ මන්දිරයේ තිබුන සොල්දරයක  ප්‍රේම සල්ලාපයේ යෙදුනු අතර සඳළුතලයේ සිට පහලට එල්ලා වැටුණු මල් වැලක ආධාරයෙන් මොහු හැම දිනකම  රාත්‍රියේදී ජුලියට් හමුවීමට පැමිණියේය.
අනාගතයේදී සිදුවෙන ප්‍රශ්න පිළිබඳව දන්නා නිසාම මොවුන් ලෝරන්ස් නම් පියතුමා ඉදිරියේදී විවහා ගිවිස ගත්හ.

නමුදු අවාසනාවකට මෙන්, මෙම  පවුල් දෙක  අතරේ පරම්පරා ගණනාවක සිට පවතින වෛරයක් තිබුණි.
එම නිසා මෙම සම්බන්ධයට පවුල් දෙකම විරුද්ධ වුහ.මොවුන්ගේ ප්‍රේමය පිළිබඳව ජුලියට්ගේ පවුලේ සාමාජිකයකු වන මර්සිවාසියෝ නමැති  පුද්ගලය විසින් ජුලියට්ගේ දෙමවුපියන්ට පවසන ලදී.

පසුව ඇතිවන ගැටුමකදී රෝමියෝ අතින් මොහු මිය ගොස් රෝමියෝට මරණ දඩුවම නියම විය ..ඒ අවස්ථාවේදී රෝමියෝ සැමටම  හොරෙන් නගරයන් පිටවී යන අතරම , ජුලියට්ව ඇයගේ පියා විසින් වෙනත් පුද්ගලයකුට විවාහා කිරීමට යෝජනා කළේය.ඒ අතරේ  ලෝරන්ස් පියතුමා විසින්ඇයට නිදි බෙහෙතක් දී දිගු ව්‍යාජ  නින්දකට පත් කර  සොහොනක තබා  සිදුවූ  සිද්ධිය පිළිබඳව, රෝමියෝ හට පණිවිඩයක් යැවුවත්අවාසනාවකට ඔහුට සත්‍ය  සිද්ධිය පිළිබඳව තොරතුර නොලැබුණි.

මේ අතර ජුලියට්ගේ සිහි නොමැතිවීම , මරණයක් ලෙස පැතිර ගොස් තිබුණු අතර ,එය  ආරංචි වූ සැණින් පැමිණෙන රෝමියෝ වස පානය කර මිය ගියේය.ඊට  ස්වල්ප මොහොතකින්  පියවි සිහියට පැමිණි ජුලියට් රෝමියෝගේ  මළ සිරුර දැක වේදනාවෙන් මුසපත්ව  අසල තිබුණු කිනිස්සකින් ඇණගෙන සිය දිවි හානි කර ගත්තාය.




ඉතින් අද අපි ලෝක  උරුමයක් වූ වෙරෝනා නගරයේ පිහිටි ආදරණිය රෝමියෝ ජුලියට් ප්‍රේම වෘතාන්තයෙහි එන ජුලියට්ගේ මන්දිරයට සෙමින් සෙමින් පිය මනිමු. වෙරෝනා නගරය පිහිටා තිබෙන්නේ මුහුදු මට්ටමේ සිට කිලෝමීටර් 59  උසකින් වන අතර මෙහි ජිවත් වන මිනිසුන්ව හඳුන් වන්නේ Veronist යන නමින්. ක්‍රිස්තු පුර්ව 3න් වන සියවසේදී රෝම අධිරාජ්‍යයේ මුලස්ථානය වුයේ වෙරෝනා නගරයයි .ඉතාලියේ වයින් නිෂ්පාදනයේ මුලිකම ස්ථානයක් ගැනෙන්නේ මෙම වෙරෝනා නගරය වීමත් ඉතාමත් සුවිශේෂී කරුණකි.


වෙරෝනාවේ සුන්දරත්වය 


පුරාණ සටන් බිම ඇරිනාව




මෙම ඇරීනාවේ සුවිශේෂත්වය වන්නේ අතීත රෝම වංශිකයින් තම වහලුන් හා සිරකරුවන් මෙය තුලට ගෙන්වා මොවුන්ව සටන් වලට යොමු කිරීමයි.මෙම සටන් මාරක සටන් වූ අතර ඒ සටනින් ජයග්‍රහණය ලබන තැනැත්තා වහල් බවින් මිදී ස්වාධින තැනැත්තකු බවට පත්වීමයි. එලෙසම පසුකාලීනව මෙය විශාල වශයෙන් රඟහලක් ලෙසටත් භාවිතා කර තිබේ.



ජුලියට්ගේ  මන්දිරය වෙත යන සංචාරකයින්ට ඇතුළුවන ස්ථානයේ තාප්ප යුගලයේ දක්නට ලැබෙන දෙයක් නම් මෙහි නැරඹීමට පැමිණෙන පෙම්වතුන් ඔවුන්ගේ නම් කෙටිමයි. ඒ ඉදිරිපස ජුලියට්ගේ පිළිරුව දක්නට ලැබේ.මේ අසල සිට ජයාරූප ගැනීමට සෑම නරඹන්නෙකුම ප්‍රියතාවයක් දක්වයි.ඉතාලියේ සංචාරයට පැමිණෙන මොවුන් ලබන වටිනාම සමරුව මෙය ලෙසයි ඔවුන් සිහිපත් කරන්නේ.

ඊට ඉහලින් මෙම මන්දිරයේ ජුලියට්ගේ පිළිරුවට ඉහළින් පිහිටා ඇති මොවුන් හමුවූ සඳළුතලයේද නටඹුන් අදටත් දක්නට ලැබේ.


මෙහි සුන්දරත්වය නැරඹීමට පැමිණෙන පෙම්වතුන් ඊළඟට යන්නේ ජුලියට්ගේ සොහොන් බිම වෙතටයි. මෙහි එක ස්ථානයක ආදර දොරගුළු දක්නට ලැබේ.ඒ නම් විවධ වර්ණයන්ගෙන් යුතු ඉබ්බන් ගෙන එක ස්ථානයක එල්ලා තැබීමට ඔවුන් උත්සුක වන්නේ කිසිදු බාධකයකින් තොරව තම ප්‍රේමය ජය ගැනීමට ලැබෙවා යන ආදරණිය චේතනාවෙනි. එලෙසම තම පෙම්වතාගේ හෝ පෙම්වතියගේ නම සටහන් කරන ලද රතු රෝස මල් සහ සිහිවටන මිලදී ගැනීමට සාප්පුවක්ද ඒ අසල තිබේ.නම ඒ මොහොතේම ගෙත්තම් කර මසා දීමට එතැන සිටින මසන්නියන් උත්සුක වේ.ප්‍රේමය යන තාරුණ්‍යයට මෙම කළාපය ආදරණිය ම තෝතැන්නක් වේ.

         








Wednesday, February 7, 2018

පියාපත

නිමක් නැති නුබ ගැබට 
නෙතු යොමා සිටියදී 
උයන් කොණ කෙලවර 
බංකුව අසලදී දුටිමි 
බිම පතිත මෘදු පියාපත 
සුළං රැල්ලත් සමග 
මදෙසට පැමිණි 
නමුදු 
සුළඟ සැගවුනි රහස දැනගෙන 


Sunday, February 4, 2018

මතකයන්

පෝය සඳ අද්දර හිඳන්
ඔබ දෑසින් පෑ ඉඟි
පෑවා නෙක සොඳුරු සිත්තම්
හදේ රඳවා සිසිලසක්

හැමූ මද නල පවා වැතිරුවේ
නුඹේ සුවඳ දෙනෙත මත
කුංකුම අංජන විලස
සිසිල තවරා මුදුව

සෑ රදුන් අසබඩ හිඳන්
නෙතට එබෙමින් සෙමින්
ලගින් හිඳ පෑ සෙනේ
සදාකාලික මතකයක්

මන්දස්මිත දෙතොලගින්
පුබුදුවා නිල්නෙලුම්
දෝතින්ම පෑ අයුරු
හදේ රැඳී සෙනෙහසින්
පැතුමන් පතන්නට
බැඳී සෙනෙහෙ රකින්නට

දෙතැන හිටියත් එපුරවර
නුඹේ සෙනෙහෙ ගුණදම්
දැනුණි හද ගැඹුරටම
කඳුළු නංවා නෙතු අගට

Saturday, February 3, 2018

ගීතය

" ගීත යන සංස්කෘත සහ පාලි පදද අද්‍යතන අරුතින් හාවිතා වේ. එහිදී ගාතා,ගේය ආදී වශයෙන් පර්යාය වදන් වලින් හැඳින්වෙන ගීත යන සංස්කෘත පදයෙහි අර්ථය "ගායනා " යන්නයි. ශ්‍රී ජයදෙවගේ ගීත ගොවින්දය හා පාලි භාෂාවේ ගිතතාත්මක රචනාවක් වූ නරසිංහ ගාථා කාව්‍ය රචනාවකට වඩා ගේය පද ස්වරුපයක් උසුලන බව ඩබ් . ඒ අබේසිංහ මහතා පවසයි.බුද්ධගෝෂ අටුවාචාරීන් වහන්සේ සුත්ත නිපාතයට සැපයු පරමත්ථජෝතිකා  නම් විස්තර වර්ණනාවේ සිංහල ගෙවිලියන් ගැයූ ගීතයක් අසා එහි අර්ථය සිහිපත් කොට භික්ෂුන් 60 නමක් රහත් වූ බව කියවේ,


ගීතය සින්දු ලෙස හැඳින්වෙන අතර සින්දු යනු දෙමල වචනයකි. දෙමල බෂාවෙන් පාට්ටු ලෙස ගීතය හඳුන්වන අතර මෙම පදය සින්හල  බසට එකතු වුයේ ගම්පල යුගයේදීය.

ගීතය යන්නට බටහිර භාවිතා කරන්නේ Song යන්නයි.වෙබ්ස්ටර් විශ්වකෝෂයේ මෙය sing-an ලේඅස හඳුන්වා තිබේ,.එහි අර්ථය ගායනා කිරීමයි. මෙහි විශේෂත්වය වන්නේ කෙනෙකූගෙ කටහඩට අනුව නිර්මිත වීමයි.ගීතය යනු සාමුහික මාධ්‍යයකි.එයට පද මාලාව ,තනුව හා ගායනය යන අංග ඇතුලත් වේ.නමුදු  අපරදිග භාවිතයේදී මිට වඩා සංස්කෘතිකමය වශයෙන්වෙනස්වූ සංකල්පයන් ගීතය පිළිබඳව හැදැරීමේදී දක්නට ලැබේ. Sonnet යන්න එවැනි එක ගීත ඛණ්ඩයකි. මෙය කුඩා ගීත ලෙසද නම් වේ. පේලි දහහතරකින් මෙය සමන්විත වේ. එඩ්මන් ස්පෙන්සර් ,විලියම් ශේක්ස්පියර් ,විලියම් වර්ඩ්ස්වර්ත් ,බෝඩ්ලෙයාර්සොනට් ප්‍රබන්ධ කල විශිෂ්ට  නිර්මාපකයින් වේ.

වර්තමානයේ ගීතය හඳුන්වන සරලම ක්‍රමය වන්නේ  මිහිරු සුගයමය ගැයිමකට උචිත වන නිර්මාණයක් ලෙසය. සංගීතයේ ඇති මිහිරිම රසවත්ම ඵලය ගීතයයි.පුද්ගලයකුගේ දිවිය සංගීත ර්සසයෙන් මිහිරෙන් රසාලිප්ත කිරීමට ගීතයකට ඇති හැකියාව විසල්ය.

ගීතයක් රසාලිප්ත වීමට පළමුව බලපාන්නේ එහි ගීතමය පද මාලාවයි.එය Lyric හෙවත් Lyrical poetry ලෙස අපරදිග දී භාවිතා වේ. Lyrics යන්න ප්‍රබවය වන්නේ Lyre යන ග්‍රීක වචනයෙනි. ලයර් යනු විණාවකට සමාන ප්‍රථමික සංගීත භාණ්ඩයකි. මේ භාණ්ඩයට අනුව ගායනයට සකස් කරන්නාවූ යන අරුත ධ්වනිතර්තවත් කරයි. එනම් නිර්මාපකයාගේ පෞද්ගලික සංවේදනාවන් ප්‍රකාශ කරන යනුවෙනි.

පරිකල්පනය නිර්මාණාත්මක රචකයාගේ ශක්තියක් සේම නිර්මාණකරනයේද මුලික ගුණාංගයක් වේ. ඒ,එම ශක්තිය පුද්ගල මනොභාවයේ පුළුල් වීමට උපකාරී වේ. රසවින්දන මනෝ භාවය විකසිත වීම යනු නිර්මාපකයාගේ අධිටන සපල වීමකි. මෙලෙසීන් ගත කල ගීතයක නිර්මාණාත්මක පද රචනය ,තනු සහ ස්වර නිර්මාණය,ගායනය සේම රුප රචනයද විශිෂ්ට ගණයේ භාව ප්‍රකශාත්මක ගීතයක් නිර්මාණය වීමට හේතු පාදක වේ,

Friday, February 2, 2018

මයිකල් ෆැරඩේ

විද්‍යුත් මොටරයේ සහ විද්‍යුත් ජනකයේ පියා මයිකල් ෆැරඩේ විය. , මොහුගේ නාමය , විද්‍යුතය මැනීම සඳහා යොදා ගනු ලබන අතර ෆැරඩේ යන මිනුම් ඒකකය හේතුවෙන් විද්‍යා ලෝකයේ අමරණිය නමක් දිනාගෙන ඇත.

මයිකල් 1791 සැප්තැම්බර් 22 ලන්ඩනයට ආසන්නයේ උපත ලද අතර  පියා කම්මල්කරුවකු විය. මොහු අංක ගණිතය ලිවිම සහ කියවීම සුළු වශයෙන් ඉගෙන ගත අතර වයස 13 දී පාසලෙන් අස් කර පොත් වෙළෙන්දෙකු යටතේ සේවයට පත් කලේය. මෙය මයිකල්ගේ අනාගත දියුණුව උදෙසා මුල පිරීමක් විය. එකල පවතී ආධුනිකත්ව ක්‍රමයට අනුකුලව මයිකල් තම සේවා දායකයා සමගින් වෙසෙන්නට විය. ඒ  අතර හැකි තරම් පොත පත් පරිශීලනය කල අතර.  ස්වෝත්සාහයෙන් ඉගෙන ගන්නා ලදී.


 පසුකාලින ව මොහු තමන් කියවූ බ්‍රිටනිකා විශ්ව කෝෂය විද්‍යුතය පිලිබඳ ප්‍රථම හැඟීම මට ලබා දුනි ලෙසත් ජේන් මාසෙට් විසින් රචිත : රසායන විද්‍යාව පිලිබඳ සාකච්චාව නමැති ග්‍රන්ථය රසායන විද්‍යාව විෂය ඉගෙනීම උදෙසා බෙහෙවින් උපකාරී වූ බව කියා ඇත. 18010 දී  ස්වභාවික දර්ශනය පිළිබඳව මොහු සහබහි වූ දේශනයක සම්පුර්ණයෙන්ම සටහන් කර ගෙන එම සටහන් කලාප කිපයක් ලෙස පොත් ලෙසින් එකතු කරට ගත්තේය.


රාජකීය ආයතනයේ ප්‍රධානි ශ්‍රීමත් හම්පි ඩේවිඩ් වෙත මොහු අයදුම් පත්‍රයක් යැවූ අතර  තමාට රසායනික සහ විද්‍යුත් රසායනික පරීක්ෂණ කර හැකි බවට ඔප්පු කරන ලදී. ඉන් ප්‍රසාදයට පත් ප්‍රධානින් මොහුව  පරීක්ෂණාගාර  සහකරුවකු ලෙස නිර්දේශ කරන ලදී.ඒ  අනුව ඔහු ඩේවිඩ් ගේ දේශනා වලට සහය දුන් අතර නිතරම තත්කාලීන විද්‍යාඥන් ආශ්‍රය කරන ලදී.පසුකාලීනව ඩේවිඩ්ගෙන් පසු  හම්ප්‍රි පරීක්ෂණාගාර අධ්‍යක්ෂක බවට පත්විය, මොහු රසායනා විද්‍යාව , විද්‍යුත් රසායනය සහ ලෝහ විද්‍යාව පිළිබඳවද  පර්යේෂණ කල අතර  ආරක්ෂක ලාම්පුවද තවත් දියුණු කරන ලදී..


විද්‍යුත් රසායනය සම්බන්ධව පැවැත්වූ පර්යේෂණ ප්‍රතිපල ලෙස  ඔහුට විද්‍යුත් ව්ච්ජේදනය පිලිබඳ නියම සොයා ගැනීමට හැකිවිය., මෙය පැරඩේ ගේ නියම ලෙඩ හඳුන්වනු ලබයි.විද්‍යුත් ව්ච්ජේදනය යානු   විද්‍යුතය තුලින් ගමන් කිරීමේ ක්‍රියාවලියයි. ජලය හයිඩ්‍රජන් හා ඔක්සිජන් වලට වෙන් කිරීමට හෙවත් වියෝජනය කිරීමට විදුලියට හැකි බව  විද්‍යාඥයින් සොයාගෙන තිබුණු අතර  ෆැරඩේ  මනේ සම්බන්ධව බොහෝ නිරීක්ෂණ පරීක්ෂණ කරන ලදී,ම ඒ නියමය නිසාම වාණිජ විද්‍යුත් මාන සැදීමේ හැකියාව ලැබිණි.


1821 දී ඔහු විවාහ වූ අතර  දිනක් පරික්ෂණාගාරයට  ඔහු හා ගිය අතර  ඇයට දක්නට ලැබුනේ සමස්ත විශ්වවාසින්ටම  පිළියෙළ කළ පරිත්‍යාගයයි. එනම් ප්‍රථමවරට විද්‍යුත් ධාරාවක ක්‍රියාව මගින්  සංතත යන්ත්‍රනික චලනයක් ඉපදිවිමයි. එදා සිට මේ වනතෙක් ක්‍රියා කරන සෑම විද්‍යුත් මොටරයක්ම ක්‍රියා කරන්නේ  එදින මයිකල් ෆැරඩේ මගින් අනාවරණය කර ගත මෙම සිද්ධාන්තය මතය.


මෙම සොයා ගැනීමෙන්  වසර ගණනක් ඔහු රසායන විද්‍යාත්මක පර්යේෂණ වල නිරත විය. 1882 දී තම සටහන් පොතේ ලිවූ " චුම්භකත්වය විද්යුතයට හරවනු යන සටහන ඔහු තම සිතේ සැමවිටම රඳවා තබා ගත්තේය.
 1831 ඔක්තෝම්බර් 17 වැනි දින මොහු චුම්භකත්වය විද්යුතයට හරවන විද්‍යුත් පේරණ මුලධර්මය සොයා ගත්තේය. සන්නායකය හා චුම්භකය අතර ඇති වන සාපේක්ෂ චලනයෙන්  චුම්භකත්වය විද්‍යුතය හරවන මෙම සිද්ධාන්තය පදනම් කරගෙන මොහු විසින් විද්‍යුත් ජෙනරේටරය නිපදවූ අතර එය වර්තමාන ඩයිනමොවේ පුර්වාකෘතිය විය.


 ප්‍රේරිත චුම්භක බලය එක එක තත්පරයකදී කම්බිය මගින් කැපෙන චුම්භක බලරේකා සංඛ්‍යාව මත රඳා පවතින්නේ යන ෆැරඩේ ගේ  නියමය මේ දක්වාම විද්යුත්වාදයට හා භාවිතයට පදනම්වූ මුලික සිද්ධාන්තයකි.
1831 පටන් ඔහුගේ අභාවය දක්වාම විද්‍යාත්මක අධ්‍යනවල යෙදිනි. නමුත් වසර කිහිපයක් රසදිය  විෂවීමෙන් හට ගත ආබාධයක් හේතු කොටගෙන අසනීප ව පසු වූ ඔහු පසුව ආලෝකය ස්වභාවයෙන්ම විද්‍යුත් චුම්භකයක් යයි ධ්‍රැවනය කරන ලද ආලෝකය චුම්භාකයකින් උත්ක්‍රමණය කිරීමෙන් ස්පුට කළේය.