Friday, February 2, 2018

මයිකල් ෆැරඩේ

විද්‍යුත් මොටරයේ සහ විද්‍යුත් ජනකයේ පියා මයිකල් ෆැරඩේ විය. , මොහුගේ නාමය , විද්‍යුතය මැනීම සඳහා යොදා ගනු ලබන අතර ෆැරඩේ යන මිනුම් ඒකකය හේතුවෙන් විද්‍යා ලෝකයේ අමරණිය නමක් දිනාගෙන ඇත.

මයිකල් 1791 සැප්තැම්බර් 22 ලන්ඩනයට ආසන්නයේ උපත ලද අතර  පියා කම්මල්කරුවකු විය. මොහු අංක ගණිතය ලිවිම සහ කියවීම සුළු වශයෙන් ඉගෙන ගත අතර වයස 13 දී පාසලෙන් අස් කර පොත් වෙළෙන්දෙකු යටතේ සේවයට පත් කලේය. මෙය මයිකල්ගේ අනාගත දියුණුව උදෙසා මුල පිරීමක් විය. එකල පවතී ආධුනිකත්ව ක්‍රමයට අනුකුලව මයිකල් තම සේවා දායකයා සමගින් වෙසෙන්නට විය. ඒ  අතර හැකි තරම් පොත පත් පරිශීලනය කල අතර.  ස්වෝත්සාහයෙන් ඉගෙන ගන්නා ලදී.


 පසුකාලින ව මොහු තමන් කියවූ බ්‍රිටනිකා විශ්ව කෝෂය විද්‍යුතය පිලිබඳ ප්‍රථම හැඟීම මට ලබා දුනි ලෙසත් ජේන් මාසෙට් විසින් රචිත : රසායන විද්‍යාව පිලිබඳ සාකච්චාව නමැති ග්‍රන්ථය රසායන විද්‍යාව විෂය ඉගෙනීම උදෙසා බෙහෙවින් උපකාරී වූ බව කියා ඇත. 18010 දී  ස්වභාවික දර්ශනය පිළිබඳව මොහු සහබහි වූ දේශනයක සම්පුර්ණයෙන්ම සටහන් කර ගෙන එම සටහන් කලාප කිපයක් ලෙස පොත් ලෙසින් එකතු කරට ගත්තේය.


රාජකීය ආයතනයේ ප්‍රධානි ශ්‍රීමත් හම්පි ඩේවිඩ් වෙත මොහු අයදුම් පත්‍රයක් යැවූ අතර  තමාට රසායනික සහ විද්‍යුත් රසායනික පරීක්ෂණ කර හැකි බවට ඔප්පු කරන ලදී. ඉන් ප්‍රසාදයට පත් ප්‍රධානින් මොහුව  පරීක්ෂණාගාර  සහකරුවකු ලෙස නිර්දේශ කරන ලදී.ඒ  අනුව ඔහු ඩේවිඩ් ගේ දේශනා වලට සහය දුන් අතර නිතරම තත්කාලීන විද්‍යාඥන් ආශ්‍රය කරන ලදී.පසුකාලීනව ඩේවිඩ්ගෙන් පසු  හම්ප්‍රි පරීක්ෂණාගාර අධ්‍යක්ෂක බවට පත්විය, මොහු රසායනා විද්‍යාව , විද්‍යුත් රසායනය සහ ලෝහ විද්‍යාව පිළිබඳවද  පර්යේෂණ කල අතර  ආරක්ෂක ලාම්පුවද තවත් දියුණු කරන ලදී..


විද්‍යුත් රසායනය සම්බන්ධව පැවැත්වූ පර්යේෂණ ප්‍රතිපල ලෙස  ඔහුට විද්‍යුත් ව්ච්ජේදනය පිලිබඳ නියම සොයා ගැනීමට හැකිවිය., මෙය පැරඩේ ගේ නියම ලෙඩ හඳුන්වනු ලබයි.විද්‍යුත් ව්ච්ජේදනය යානු   විද්‍යුතය තුලින් ගමන් කිරීමේ ක්‍රියාවලියයි. ජලය හයිඩ්‍රජන් හා ඔක්සිජන් වලට වෙන් කිරීමට හෙවත් වියෝජනය කිරීමට විදුලියට හැකි බව  විද්‍යාඥයින් සොයාගෙන තිබුණු අතර  ෆැරඩේ  මනේ සම්බන්ධව බොහෝ නිරීක්ෂණ පරීක්ෂණ කරන ලදී,ම ඒ නියමය නිසාම වාණිජ විද්‍යුත් මාන සැදීමේ හැකියාව ලැබිණි.


1821 දී ඔහු විවාහ වූ අතර  දිනක් පරික්ෂණාගාරයට  ඔහු හා ගිය අතර  ඇයට දක්නට ලැබුනේ සමස්ත විශ්වවාසින්ටම  පිළියෙළ කළ පරිත්‍යාගයයි. එනම් ප්‍රථමවරට විද්‍යුත් ධාරාවක ක්‍රියාව මගින්  සංතත යන්ත්‍රනික චලනයක් ඉපදිවිමයි. එදා සිට මේ වනතෙක් ක්‍රියා කරන සෑම විද්‍යුත් මොටරයක්ම ක්‍රියා කරන්නේ  එදින මයිකල් ෆැරඩේ මගින් අනාවරණය කර ගත මෙම සිද්ධාන්තය මතය.


මෙම සොයා ගැනීමෙන්  වසර ගණනක් ඔහු රසායන විද්‍යාත්මක පර්යේෂණ වල නිරත විය. 1882 දී තම සටහන් පොතේ ලිවූ " චුම්භකත්වය විද්යුතයට හරවනු යන සටහන ඔහු තම සිතේ සැමවිටම රඳවා තබා ගත්තේය.
 1831 ඔක්තෝම්බර් 17 වැනි දින මොහු චුම්භකත්වය විද්යුතයට හරවන විද්‍යුත් පේරණ මුලධර්මය සොයා ගත්තේය. සන්නායකය හා චුම්භකය අතර ඇති වන සාපේක්ෂ චලනයෙන්  චුම්භකත්වය විද්‍යුතය හරවන මෙම සිද්ධාන්තය පදනම් කරගෙන මොහු විසින් විද්‍යුත් ජෙනරේටරය නිපදවූ අතර එය වර්තමාන ඩයිනමොවේ පුර්වාකෘතිය විය.


 ප්‍රේරිත චුම්භක බලය එක එක තත්පරයකදී කම්බිය මගින් කැපෙන චුම්භක බලරේකා සංඛ්‍යාව මත රඳා පවතින්නේ යන ෆැරඩේ ගේ  නියමය මේ දක්වාම විද්යුත්වාදයට හා භාවිතයට පදනම්වූ මුලික සිද්ධාන්තයකි.
1831 පටන් ඔහුගේ අභාවය දක්වාම විද්‍යාත්මක අධ්‍යනවල යෙදිනි. නමුත් වසර කිහිපයක් රසදිය  විෂවීමෙන් හට ගත ආබාධයක් හේතු කොටගෙන අසනීප ව පසු වූ ඔහු පසුව ආලෝකය ස්වභාවයෙන්ම විද්‍යුත් චුම්භකයක් යයි ධ්‍රැවනය කරන ලද ආලෝකය චුම්භාකයකින් උත්ක්‍රමණය කිරීමෙන් ස්පුට කළේය.




                                     

No comments:

Post a Comment

ඔබෙ දිය පොදත් එක් කරන්න.........