පැරණි සංදේශයන් හි එහි අන්තර්ගත කරුණු වලට ආදාල වු තත්කලින සමාජය එහි සංඛේතය වූ පක්ෂියා සහ අදාල පුද්ගලයින් පිළිබඳව බොහෝ විස්තර ඇතුලත් කර ඇත.අදටත් මිනිසුන් කුරුල්ලන් දේවත්වයෙන් පුදන අවස්ථා දක්නට ලැබේ.මන්ද ඔවුන් අතීතයේදී දෙවිවරුන් තම ගමනා ගමනයට යොදා ගත් බවට ඇති ජනප්‍රවාදයේ සහ මුලාශ්‍ර වල දක්නට ලැබීමත් මිනිසුන් තුල පාරම්පරිකව ඇති විශ්වාසය නිසාත්ය.සිතා දෙවියව පැහැරගෙන යාම සඳහා රාවණා රජු ඉන්දියාවට ගමන් කලේද පක්ෂියකුගේ හැඩේ ගත් දඬු මොණරය නම් යන්ත්‍රය උපයෝගී කරගෙනය.
මංගල උත්සහ වලදී අතපැන් වත් කිරීමට භාවිතා කරන කෙණ්ඩිය ද පක්ෂියකුගේ හැඩය බව දක්නට ලැබෙන සිදුවීමකි,ලාංකීය පැරණි ධජ වලද පක්ෂි රූපයන් සංඛේත ලෙස අන්තර්ගත කර ඇත. නුවර දළදා මාලිගයේ ධජයේ හංසයින් චිත්‍රණය කර ඇත.එලෙසම ගංගාරාමයේ , නුවර කුණ්ඩසාලයේ සැවුල් ධජය ,සෙංකඩගල පහන පර්වතයේ කුරුළු කැටයම් ආදියෙන් මෙම විශ්වාසය තහවුරු වේ.
යස අබරණ තම මයුරට දීලා
දොස විලිවැද ඉන්නේ හැංගීලා
බස පෙර ඇත මේ ලෙසට කියාලා
කුස රතු අවිතෝ වප් මස අඬලා
මෙම ජන කවිය තුළ ගැබ්ව ඇත්තේ අවිච්චියා නමැති කුරුල්ලෙකු පිළිබඳ කතාවයි. "අවිච්චියං මාත් කියම් මාත් කියම්" යනුවෙන් අවිච්චියාගේ නාදයට හේතුව ජනයා අතර ශ්‍රැතියක් නිර්මාණය වී තිබේ. මොනරා විසින් අවිච්චියාගේ පිල් කළඹ ණයට ගෙන යළි නොදී තමා සන්තකයේ තබා ගැනීම නිසා අසාධාරණයට ලක්‌වූ අවිච්චියා මෙතේ බුදුන් හමුවේ එම අවනඩුව කියන බව එම නාදයෙන් කියවෙන්නේය යනු එම ජන ශ්‍රැතියයි. මෙකී අවනඩුව පිළිබඳ ශ්‍රැතිය මිනිසා විසින් ස්‌වකීය වින්දනය උදෙසා නිර්මාණාත්මකව ගලපා ඇති ආකාරය උක්‌ත කවියෙන් පැහැදිලි වේ.

No comments:
Post a Comment
ඔබෙ දිය පොදත් එක් කරන්න.........