වඩින තුරු ඔබ බලා හිඳිනෙමි
නැකත විත් පතිනි වරම් ලබනට
සෙනෙහසේ දොරඟුලු අරින්නට
දෙනෙත් නොපියා බලා ඉන්නෙමි
ජීවිතේ මල් සුවද විඳිනට
සිහින අතරේ පියාඹන්නෙමි
නුඹේ අත ගෙන සොඳුරු ගමනක්
යන්න හෙට දින පැතුම් පතනෙමි
නැකත විත් පතිනි වරම් ලබනට
සෙනෙහසේ දොරඟුලු අරින්නට
දෙනෙත් නොපියා බලා ඉන්නෙමි
ජීවිතේ මල් සුවද විඳිනට
සිහින අතරේ පියාඹන්නෙමි
නුඹේ අත ගෙන සොඳුරු ගමනක්
යන්න හෙට දින පැතුම් පතනෙමි
No comments:
Post a Comment
ඔබෙ දිය පොදත් එක් කරන්න.........